නේපාලයේ උද්ඝෝෂණ උත්සන්න වෙයි: කත්මණ්ඩු හිල්ටන් හෝටලය ගිනිබත් කෙරේ
වසර අටක් පුරා ඉදි කරමින් තිබූ කත්මණ්ඩු හිල්ටන් හෝටලය, නේපාලයේ පවතින උද්ඝෝෂණ මාලාවක් අතරතුර Z පරම්පරාවට අයත් තරුණයින් විසින් පෙරේදා ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. නේපාල රුපියල් බිලියන 8ක දැවැන්ත ආයෝජනයකින් ඉදි කරන ලද මෙම හෝටලය, එරට උසම හෝටලය ලෙස සැලකිණි.
කාමර 176කින්, භෝජනාගාර 5කින් සහ තවත් ඇති නවීන පහසුකම් රැසකින් සමන්විත වූ මෙම හෝටලය මහජනයා සඳහා ප්‍රථම වරට විවෘත කරනු ලැබුවේ 2024 ජූලි මාසයේදීය.
හෝටලය ගිනි තැබීමෙන් නොනැවතුණු උද්ඝෝෂකයින්, එහි නවාතැන් ගෙන සිටි සංචාරකයින්ට පහරදීම් ද සිදු කර තිබේ. පසුගිය දින කිහිපය තුළ නේපාලයේ සිදු වූ මෙම සිදුවීම්, දේශපාලඥයින්ගේ පමණක් නොව, ධනවතුන්ගේ දේපළ ඉලක්ක කරගත් පුළුල් විනාශකාරී ක්‍රියාවලියක කොටසක් බව නිරීක්ෂණය වේ.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නේපාල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, ලක්ෂයකට අධික පිරිසකට සිය රැකියා සහ ආදායම් මාර්ග අහිමි වී ඇත. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙමගින් සිදු වූ විනාශයෙන් ගොඩ ඒමට නේපාලයට අවම වශයෙන් වසර දහයක්වත් ගතවනු ඇති බවයි.
2008 වසරේ සිට නේපාලය පාලනය කරනු ලැබුවේ නේපාල කොංග්‍රසය සහ මාක්ස්වාදී දේශපාලන පක්ෂ විසිනි. අවසන් වරට පැවති ආණ්ඩුව ද නේපාල කොංග්‍රසය, මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ සමාජවාදී පක්ෂවල සන්ධානයක් විය.
රටේ තත්ත්වය පාලනය කිරීම සඳහා පෙරේදා (9) රාත්‍රියේ සිට නේපාල හමුදාව මැදිහත් වී පාලන බලය සියතට ගෙන තිබේ. නේපාලය ආර්ථික වශයෙන් දුප්පත් රටක් වුවද, මෙම සිදුවීම් වන විට එරට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 17.63ක් වැනි ඉහළ අගයක පැවතිණි.