බුලත සමග වෛර බදින්නේ ඇයි
බුලත සමග වෛර බදින්නේ ඇයි
මෑතක සිට යලිත් බුලත් සැපීම පිලිකා කාරකයයි කියමින් බටහිර ඌරුවට අධ්‍යාපනය ලද්දන් විසින් ගෙනයන මතය සමහරක් ආයුර්වේද වෙදැදුරන් විසින්ද ඒ අයුරින්ම පතුරවමින් තිබේ. මෑත අතීතයේ පවා බත බුලතින් ආඩ්‍යය වීම යනු එම පුද්ගලයාගේ වත් පොහොසත්කම් පෙන්වන මූලික ලක්ෂණයක් ලෙස ගැමියන් දැනහැදින සිටි අතර එය සෞභාග්‍යයේ ලක්ෂණයක්ද විය. වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීමට, ගුරු දෙගුරුන්ට ආචාර කිරීමට, සමාව ඉල්ලීමට, සමාව දීමට බුලත් හුරුල්ලක් දීම ප්‍රධාන වේ.සිංහල සිරිත් විරිත් වලදී බුලත් හුරුල්ල තරම් මුල්වන වෙනත් කිසිවක් නැත්තේමය. සිංහළ අවුරුද්දට බුලත් දී ගුරුන් දෙගුරුන් නැමැදීම එදා පටන්ම පැවැතුණු සිරිතකි. පින්කමට භික්ෂූන්වහන්සේට ආරාධනා කිරීමට පෙරටු කොට ගන්නේද බුලත්අතයි. මඟුල්තුලා වලට,මරනයට, ගෙට ගෙවැදීමට, ආරාධනා කිරීමට උපයෝගී කරගත්තේද බුලත් අතයි.
සිංහල සමාජය හා සංස්කෘතිය සමග මෙතරම් ලගින් සැබැදුන බුලත මෙතරම් භයානක වෛරී අයිත්මක් වූයේ කෙසේද?සැබැවින්ම බුලත් සැපීම පිලිකා කාරකද? එසේනම් පොරනේ ඉසිවරුන් පැවසූ දෙය වැරදිද? අපගේ මුතුන් මිත්තනට නොසෑදුන පිලිකා දැන් සෑදෙන්නේ කෙලෙසද? බුලත්වල ගුනාගුණ, බුලත් සැපීම සදහා ගන්නා මූලික ද්‍රව්‍යයන් මොනවාද. එහි ඇති ගුණාගුන කුමක්ද යන්න සොයාබැලීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.
බුලත් යනු කුමක්ද?
බුලත් ඇත්තේ නාගලොවේත් මනු ලොවේත් පමනක් බව ජනැසෘතිය පවසයි.බුලත් උපත ගැන මෙසේ සදහන් වේ
මල් පිපුනා දැක මහබඹු සන්තොසිනා
පුල්මතිනා දෙවියෝ ගුවනින් වඩිනා
මුල් බැඳුනා නා උයනේ දළු ගැනුනා
වැල් උපනා දළු මුර පවසමි හොඳිනා
නා ලොව උයනේ එම පැල පැලවී තොසිනා
පුරුක් ඇදී මුල් මතු වී කොළ දී හැදුනා
නා ලොව භුපතියන නම කඳට ඇති වුනා
නාගවල්ලි කියන නමින් එවැල පැළ වුනා
නා ලොව හට ගත් බුලත මිනිස් ලොවට ආ හැටි මෙසේය,
මහා සම්මත රජුගේ මැණික්පාලි බිසවට ඇති වූ දොළදුකක් සංසිඳවීමට නා රජු විසින් බුලත මිනිස් ලොවට ගෙන එන ලදී. නා රජු බුලත් කොළය දෙකොනින් අල්ලා ගෙන පැමිනි නිසා,එහි රැදුන විශ ඉවත් කිරීමට බුලත් කොළයේ දෙකොන කඩා කෑමට ගැනීම සම්ප්‍රදායයි. අදටත් බුලත් විට කෑමට පෙර දෙකොන කඩා කෑමට මිනිසුන් අමතක නොකරයි. පුරාවෘත්තය එසේ වුවත්, දෙකොන කඩා දැමීමෙන් කොළයේ රැඳී ඇති අපවිත්‍ර දෑ ඉවත් වෙයි.
මහාවංශයට අනුවද සිංහල ආහාර රටාවේ අමතක කල නොහැකි අංගයක් වනුයේ බුලත් සැපීමයි.පෙර පටන් පැවති චාරිත්‍රයක් වු බුලත් සැපීම රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වාම ප්‍රචලිත වුවකි.රජුට බුලත් වැඩීමට වෙනම නිලධාරියෙකු පවා සිට ඇත.වැඩෙහි යෙදෙන අතර මෙන්ම විවේකීව සිටින විටෙක සිංහලයා ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව බුලත් සපාඇත. වැඩිහිටියන්ගේ බුලත් සැපීමෙ සිරිත එවක පරපුරෙන් පරපුරට මෙරට තුළ පැවති ඇත. ආහාර අනුභවයෙන් පසුව බුලත්, පුවක්, හුණු, සමඟ සරක්කු වර්ග ද එකතුකර සැපිමට පුරුදුව වි ඇත. නමුත් මහියංගනය බිම් තැන්න වැනි දුෂ්කර වියළි කළාපීය ප්‍රදේශවල ජනතාව බුලත් කෑමට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතාව නිසා බුලත් කොළ වෙනුවට රට හිගුරු කොළද, තලාකොලද, පුවක් වෙනුවට කහට/මයිල පොතුද ඊට අමතරව පන්නන් නැටි ගිනි හැලි දෙමට ගෙඩි යනාදි යත් භාවිතා කර තිබෙ.
මනුෂ්‍යයා ගේ ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලිය සාර්ථකව සිදු වීමට නම් ආහාරය මුඛයේ පටන්ම ක්‍රමානුකූලව කොටස්‌වලට කැඩී පැසවීම ආරම්භ කළ යුතු ය. නූතන දැනුමට අනුව මුඛයේ තිබෙන එන්සයිම මඟින් මේ ක්‍රියාවලිය ආරම්භ කරන අතර එසේ වීමට භාෂ්මික මාධ්‍යයක්ද අවශ්‍ය වේ. ආමාශයට මේ ආහාර කොටස් යන තුරුම මේ මාධ්‍යය ක්‍රියා නො කළ හොත් ජීරණය නිසියාකාරව සිදු නො වේ. බුලත් විටට ගැනෙන ප්‍රධාන ද්‍රව්‍යයන් වන පුවක් සහ හුණු මඟින් මුඛයේ භාෂ්මික මාධ්‍යයක් ඇති කිරීමට සහාය ලබා දේ.එය නිසි ජීර්නක්‍රියාවලියකට පිටිවහලක්ද වේ.
බුලත් සැපිය යුත්තේ කෙසේද
දේශීය වෛද්‍යක්‍රමයේ බුලත් සැපිය යුත්තේ කෙලෙසද, කුමන වේලාවටද යන්න පවා පැහැදිලිව දක්වා ඇත.චරකය පවසන අන්දමටද බුලත් සැපීමට වේලාවල් සදහන් කර ඇත
එනම්,
බුලත් විට සැපිය යුත්තේ අලුයම , ආහාර අනුභවයෙන් පසුව,රාජසභාවේදී, ස්ත්‍රී සමාගමයෙහිද බුලත් පරිහරණයට උපදෙස් ලබා දී තිබේ. බුලත් සැපීමේදී උදය වරුවේ පුවක් වැඩියෙන් ද, දහවල් කයිප්පු වැඩි කොටසක් සමගද, පස්‌වරුවේ බුලත් වැඩියෙන් ද, රාත්‍රියේ දී හුණු වැඩියෙන් ද ගෙන බුලත් සැපිය යුතු බවට භාව ප්‍රකාශනයේදක්‌වා තිබෙන්නේ පෙර කී ආහාර ජීරණ ක්‍රියාවලියට විට සැපීමෙන් ඉටු වන මහඟු සහාය නිසාවෙනි. එසේ ම විට සැපීමෙන් පසුව ඇති වන මඳ දහදිය දැමීම මඟින් ශරීරයේ ඇති වන ඉක්‌මන් ක්‍රියාකාරීත්වය ද ආහාර ජීරණයට හිතකරවන්නේමය. විටසැපීමේදී පලමු වාර තුනේදී කෙල ගැසිය යුතු බවද, ඉන්පසුව කෙල ගිලිය යුතු බවද චරක පෙන්වයි.අනවශ්‍යය අහිතකර සංඝඨක මෙම ක්‍රමය හරහා ඉවත්කිරීම මෙහි අරමුනයි.
සාදික්‌කා තකුල් ද මේ
සිහනෙනසල් අරළු ද මේ
පූග පල ද පස් වග මේ
පස් පළ වත වේ නියමේ
යෝග රත්නකාරයේ සඳහන් වන පරිදි බුලතට එක්වූ පස් පලවන මෙසේය. සාදික්කා, කපුකිනිස්ස,හීන් එනසාල්, අරළු, සහ පුවක්ය.
රොබට් නොක්ස් බුලත් සහ සිංහළයා අතර ඇති බැදියාව මෙසේ හඳුන්වයි. "අන් සැම දෙයකටම වඩා ඔවුහූ බුලත් සැපීමට ආශා ඇත්තෝය. නින්දට යන විට බුලත් විටකින් කට පුරවාගන්නා ඔවුහූ අවදි වන විටත් එහි හපය සුරැකිව මුව තුළ ඇත්දැයි පරික්ෂාකාරීව බලති. නොකා නොහැඳ සිටියත් බුලත් විටක් නොකා නම් සිටින්නට නොහැකිය යනු ඔවුන්ගේ කතාවකි."
සුදුසු වේලාවට බුලත් විටක් සැපීමෙන් ඇති වන මුඛ සෞඛ්‍යය මෙන්ම දේහ ශක්‌තිය පිළිබඳව ද සෘශි භාෂිතයේ පැවැති ව්‍යවහාරයන් අපට කිසිසේත් ම අමතක කළ නොහැකි ය. රාජ නිඝණ්‌ඩුවේ එය සඳහන් කර ඇත්තේ මෙසේ ය.
බුලත් නො කෑමෙන් - සෙම් පිත් වා වැඩෙයි
දත් දුබල වෙයි - හිස කෙස් වැටීමෙන්
ගිනි මඳ වීමෙන් - සිරුර බල හානි වෙයි
බුලත් සැපීමට ගන්නා දෑ,
බුලත්: වර්ග කිහිපයක් ඇතිඅතර ඒවානම්,
නාගවල්ලී
මහ මානේරු (කහ මානේරු)
රටදළු බුලත් (රට බුලත්)
ගල්දළු බුලත්
වැල් බුලත්
මැටි පලා බුලත්
කහ කීරිය බුලත්
ගැට කෝටු බුලත්
ගස් බුලත් (ගස් දළු බුලත්)
ගැරඬි මානේරු ය.
පොදුවේ ගුණය අති එක හා සමාන වන බුලත් ආයුර්වේදය අනුව පහත ගුණ පෙනවයි
රසයෙන් කටු, තික්ත සහ කෂාය වන අතර ගුණයෙන් ලඝූ හා තීක්ෂ්ණය. කටු විපාකයක් සහිතය. වීර්යෙන් උෂ්ණය. බුලත් වල රස ගුණ සහ විපාකය අනූව කඵ දෝෂයද, විර්ය නිසා වාත දෝෂයද සමනය කෙරේ. බුලත් වාත හා කඵ සමන කාරක ඖෂධයක් ලෙස ආයුර්වේදයේ පිළිගෙන ඇති බැවින් ආයුර්වේදයට අනූව බුලත් කෑම කඵ සහ වාත දෝෂ වල වෘද්ධියක් ඇතිවන රෝග සඳහා ඖෂධීය කාර්යයක් ලෙස යොදා ගත හැක. පණු දොස්ද , මුඛ දුර්ගන්ධයද නැති කරයි. මුඛයට ආභරණයෙකි.මල සුද්ධ කෙරෙයි.කාමාග්නිය දල්වයි. දියවැඩියාවට එරෙහිව බුලත් යුෂ යොදාකරන ලද පරීක්ෂණ ඉතාමත් සාර්ථක බව විද්‍යාභිවර්දන සංගමයේ 60 වන සැසියට ඉදිරිපත් කල ඇරැව්වාවල 2004 වාර්ථාවෙන් පෙන්වා ඇත.
බොහෝ දෙනෙකු නොදන්නවාට බුලත් හෘදයේ බලකාරක ශක්තිය ඇතිකරයි. හෘදඋඒ-හතිය සහ රුධිර පිඩනය අඩු කිරිමේ හැකියාව සහිතයි. එසේම ලිංගික අප්‍රාණිකත්වය සදහාද බුලත් සැපීම ගුණදායක වන බව දක්වා ඇත.එනම් බුලත් වාජිකරණ ගුණයෙන්ද යුක්තය. බුලත් කොළ යුෂයේ ආහාර රුචිය වර්ධණය කිරීමේ හැකියාවඇත. එසේම සිරුර සිසිල් කිරිමේ හැකියාවද ඇත. කැස්ස ඇතිවිට බුලත් කොළ යුෂ පානයෙන් කැස්ස තත්ත්වය අඩුකර ගත හැක. මුඛයේ දුඟද නැති කර ගැනීමට බුලත් කැම ප්‍රශස්තය. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට බුලත් කොළ යුෂ අමු ඉඟුරු යුෂ හා මදුරුතලා පත්‍ර යුෂ මී පැණියෙන් මිශ්‍ර කොට පානය කිරීම නිර්දේශිතය. විශේෂයෙන් වාත ආබාධ ඇති විට දිනපතා බුලත් පත්‍රයක් හැපිමට මඟින් වාත සමනය සිදුකිරීමට උපකාරිවේ. ස්නායු දුර්වලතා, මුත්‍ර ධාරණයට ,ආහාර අජීර්ණය සඳහා බුලත් යුෂ ගුණදායක බව දක්වා තිබේ. බුලත් කොළ යුෂ උගුරේ සෙම බැදීම වලක්වන අතරම අක්මාවේ අසාමාන්‍යතා සුවපත් කිරීමටත් යොදා ගැනේ. ඒ අනූව පෙනී යන්නේ පැරැන්නෝ බුලත් කෑම සිදු කර ඇත්තේ එමඟින් තමන්ගේ සිරුරට ලැබෙන්නා වූ අමතර පෝෂණිය හා ඖෂධීය ගුණාංගයන් හේතුවෙන් බවයි. ඒ සඳහා බුලත් වලට අමතරව සාදික්කා, වසාවාසි, හිඟුරුපියළි, කරදමුංගු, කරාබුනැටි වැනි අමතර ඖෂධීය ද්‍රව්‍යද එකතු කරගෙන ඇත.
අභ්‍යන්තර ඖෂධයක් වන්නා සේම බාහිර ඖෂධීය සත්කාරයකයක් වශයෙන් බුලත් පත්‍ර යොදා ගෙන ඇත. ග්‍රන්ථි ශෝථ, ස්ථන ශෝථ, සන්ධි ශෝථ හා සන්ධි ශුල අවස්ථා සඳහා බුලත් පත්‍ර රත් කර තැවීමෙන් සහ රත්කර බැදීමෙන් ශෝථ සහ ශුලයන් සුවපත් වන බව සදහන්ව ඇත. බුලත් පත්‍ර රත්කර පයෝධරයන්හී තබා බැදීමෙන් කිරි නවතින බවද ශෝථය සුවපත් වන බවද ආයුර්වේදයේ සඳහන්ය. කැපීම් තුවාල සඳහා තලන ලද බුලත් කොළ යෙදීමෙන් තුවාල සුවපත් වන බව දේශිය අත්බෙහෙත් අතර දක්වා ඇත. ගෙඩි වෙදකමෙහි ගෙඩි මත බුලත් කොළ විලේපයක් මෙන් සාදා තබන බව දක්වා ඇත. ශීර්ෂ ශූලයන්ගෙන් පීඩා විදින්නන්ට බුලත් කොළ යුෂ නාස් පුඬුවට දමා විවේකීව සිටීමට සැලැස්වීමෙන් සුවයක් ලැබෙන බව දක්වා ඇත. එසේම බුලත් කොළය යාන්තම් රත්කොට නළල මත එළීමෙන් හිසරදයට සහනයක් ලැබේ. කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අයට බුලත් කොළ මත අබ තෙල් ස්වල්පයක් අතුරා උණුසුම් කොට උණූසුම්ව තිබියදීම පපුව මත තබා පිරිමැදීම ගුණදායක සදහන්ව ඇත.
බුලත් පත්‍ර නිස්සාරක මීයන් තුල මුඛගත කිරීමෙන් පිළිකා ඇතිවීම සිදු නොවූ බව පර්යේෂණ කණ්ඩායම් පෙන්වා දී ඇත(Bhide et al 1979; Shirname et al 1983). .
පුවක්
පොදුවේ කසට රසයෙන් යුතු පුවක් මදය මත් කාරකය.මූකල පුවක් නැතහොත් රබ්බඩ පුවක් මගින් මුඛයේ පණු දොස් නසන අතර සෙම හා වාතය සමනය කරයි. මුඛයේ විරස ගතිය නැති කරලීමට ද එය උපකාරී වේ. දන්තාබාධයන් නැසීමට ද පුවක් වල කසට ගතිය උපකාරී වේ. ගොලෑ පුවක් වෙසෙසින්ම උණ හා පිපාසාව සංසිඳවන ඖෂධයකි. පුවක් භාවිතයේ දී පැරණි ගැමියන් පුවක් මදය සූරා ඉවත් කලේ එහි මත් ගතිය ඇති කරන විසක් ඇති හෙයිනි. එසේම කුරුට්ට ද ඉවත් කිරීමට යෙදුනි.දේශීය ඖෂධ අතර පුවක් ඉහළින්ම සැලකෙන අතර දන්ත රෝග නැසීමට කෙරෙන මුඛ ශෝධන ක‍්‍රියා වලියේ දී පුවක් සහ පුවක් මුල් යන දෙවර්ගයම යොදා ගනී.
පුවක් වර්ග
සිංහල/කිරි පුවක් ,රට පුවක් ,හම්බන් පුවක්
පුවක් වල අඩංගු ප‍්‍රධාන රසායනික සංඝටකය ටැනින්වේ. ගැලික් අම්ල සහ තිරවූ තෛලමය මැලියම්, ටර්පිනෝල් සුළු ප‍්‍රමානයක්, ලිග්නීන්, විවධ ලවණ සහිත සංඝටක හා එරිකොලීන්, කෝලින්, සහ ගුවානොලින් නමින් ඇල්කලොයිඩ තුනක් ප‍්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි බව නූතන පරීක්ෂණ සනාථ කරයි. එරිකොලීන් තුල වටපනුවන් සහ පටපනුවන් නාශක ගුණය ඇත. එනම් පුවක් බලගතු ඖෂධයක් බවට නූතන පර්යේෂකයින් විසින්ද තහවුරු කර ඇත.දේශිය වෙදකමේ පුවක් අරුචි ,ප්‍රවාහික,කෘමි,බහුමූත්‍ර, රක්තපික්ත,ශුක්‍රමේහ නාශක බවද මුදු විරේචන ගුනැති බවද උදරයේ නාඩි උත්තේජනය කරන බවද සදහන්ය.
සැබැවින්ම පුවක් භාවිතය මඟින් මුඛ සෞඛ්‍යය පිරිහෙන බවට දක්‌වා ඇති නූතන ප්‍රකාශවල වලංගුතාව දේශීය පාරම්පරික දැනුමට සහ නූතන විද්‍යාවේ සොයාගැනීම් වලට සාපේක්‌ෂව සලකන කලද ප්‍රශ්නකාරී බව සඳහන් කළ යුතු ය.
හුණු
අද පවතින හුණු භාවිතය නවීනයන්ද ප්‍රතික්‌ෂේප කරන අතර අපේ ගැමියන් ප්‍රධාන වශයෙන් හුණු ලෙස භාවිත කලේ කුඹුක් ශාකය දවා ලබාගත් අළු ජලයේ දියකර, කහ දමා විෂ මරා ගැනීමෙන් බව මතක් කළ යුතු ය. ඊට අමතරව හුණු ගල්/මිරිදිය බෙල්ලන් විශේෂවලින් තනා ගන්නා හුණු ද බුලත් සැපීමට යෝග්‍ය බව පුරාණයෝ දැන සිටිය හ. හුණු භාවිතයෙන් ආහාර ජීරණ පද්ධතිය උත්තේජනය වන අතර මුඛයේ භාෂ්මිකතාව ද වර්ධනය කරයි. එසේ ම පණු රෝග නැසීමේ හැකියාවක් ද ඊට ඇත. එය මඟින් වාතය නසන අතර රුජා ග්‍රහණි ආදී රෝගයන් සමනයට ද උපකාරී වේ.
සරක්කු
හිගුරුපියලි: කප වාත ශාමකයි. මුඛරෝග නාශකයි.අග්නිදීපක හා රුචිකාරකයි. කුශ්ඨ, අර්ශස්,ව්‍ර්න, කාස ස්වාස ගුල්ම හා ක්‍රිමි නාශකයි.
එනසාල් : රසයෙන් කටුක හා මධුර වන අතර විපාකයෙන්ද මදුර වේ. ශීත වීර්‍යය ඇති එනසාල ත්‍රිදෝශ නාශකයි. කාස ස්වාස වාත නාශකයි.මූත්‍ර කාරකයි, මුඛරෝග නාශාකයි. වකුගඩු සදහා හිතයි.
කරාබුනැටි : රසයෙන් කටුක හා තික්ත වන අතර ගුනයෙන් ලඝු ,ස්නිග්ධ හා තීකෂණ වේ. වීර්‍යයෙන් ශීත වන අතර කප පිත්ත ශාමකයි. කාශ ස්වාස හික්ක රෝග නාශක ගුණැති අතර හෘදයට හිතයි. වකුගඩු හා අක්මාව උත්තේජනය කරයි.
සාදික්කා : අග්නිය දීපනය කරන අතරම ස්වර ප්‍රසාදනය කරන මල සංඝ්‍රාහක ගුනැතිය.ස්වාශ කාස ශෝථ පීනස හා හෘදරුජා සදහා ගුණයි.
අරත්ත මල්:
වසාවාසි:
කපුකිනිස්ස:රසයෙන් තික්ත හා මධුරද, ශුක්‍ර වර්ධක ,ශීත වීර්යය වන අතර පිත්තා නාශකවේ, මුඛ රෝග නාශකයි, ජ්වර, ශ්වාස මුත්‍ර අක්ෂි රෝග සදහා යොදනුලබන ඔසුවකි.
අරළු :මුඛරෝග, කට ගඳ ගැසීම, විදුරුමස් දියවීම වැලැක්වීමටද කටහඬ මිහිරි වන බැව්ද ,ඇසට හිතැති ද්‍රව්‍යයක් ලෙසද පිළිගැනේ. එසේම ශුක්‍ර ධාතුව වඩන ශරීර සොබාව වැඩි දියුණු කරණ ද්‍රව්‍යයක් ලෙසද දක්වා ඇත.
වැල්මී :මුවේ ඇති දුර්ගන්ධය ඉවත් කර ගැනීමටත් කටහඩේ ගොරෝසු බව දුරුකිරීමටත් උපකාරීවේ.
කයිප්පු: රත්කීරිය කශාය කිරීමෙන් ඉස්තරම් කයිප්පු සාදාගන්න අතර, පුවක් කශාය කිරීමෙන්ද ඊට අඩුගුණැති කයිප්පු සාදාගත හැක.
මැවැනි දෑ එකක් හෝ කීපයක් සමග සිදු කරන බුලත් සැපීමෙන් සිරුරට සුළු වශයෙන් හෝ එකතු වන ඖෂධිය ගුණය නිරතුරුව සිරුරට ලැබීමෙන් එදා මිනිසුන්ගේ ශරීර සුවතාව වර්ධනයවීමක්ම වූ අතර එය මනා පැවත්මට පිටි වහලක්ම විය. එය එසේ නමුදු, අද බුලත් සැපීමට පුරුදුව සිටින්නන්ගෙන් මේවා තම බුලත් විටට එකතු කර ගන්නේ කීයෙන් කීදෙනාද?
දුම්කොළ:
මේ අතරින් දුම්කොළ භාවිතය බුලත් අතට එක් වූයේ යුරෝපීය යටත්විජිත සමයෙන් පසුව වන අතර දුම්කොළය සැපීම ද දුම්කොළ වගාව ද මනුෂ්‍යයාට හා පරිසරයට හිතකර නො වන බවද තේරුම්ගෙන ඇත. අතිශය භයානක පිලිකාකාරකය වන්නේ දුම්කොළයයි. දුම්කොළ සෘජුව පිලිකා සදහා දායක වෙයි.