'බුල් ඩෝග්' ගෙන් තවත් 'බලූ කතාවක්'----
ශ්‍රේෂ්ඨාධිකරණ
තීන්දුව අනුව ඉසෙඩ් අගයන් යළි
වෙනස් වීමත් සමග දැනට
සරසවියට තේරී පත්වී ඇති දරුවෙකු
නව ගණනය කිරීම් අනුව සරසවියෙන් හැලී ගියහොත් එහි වගකීම
ශ්‍රේෂ්ඨාධිකරණයම දැරිය යුතු
යැයි ද තමන් එහි වගකීම
නොගන්නා බවද අධ්‍යාපන ඇමැති
බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ ඊයේ පැවැති
ප්රවෘත්ති සාකච්ඡාවකදී
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට
පිළිතුරු දෙමිනි. මුළු මහත් රටක්ම
ඇමැතිවරයා වැරදි යයි ද ඇමැති
තනතුරෙන් ඉල්ලා අස්වන්න යැයි කියන බවද මාධ්‍යවේදීන් කී විට
බන්ධුල ඇමැති
වරයා කීවේ ශ්‍රේෂ්ඨාධිකරණ
තීන්දුවේ එවැන්නක් නැති බවත්
තමා අස්වන්නේ තමා වරදක් කර
ඇතිනම් පමණයි යනුවෙනි. මාධ්‍යවේදීන්ගේ දැඩි ප්‍රහාරයට
ලක්වූ බන්ධුල
ඇමැතිවරයා ප්රවෘත්ති
සාකච්ඡාව පුරාම
හැසිරුනේ අතිශය තක්කඩියෙකු
විලසිනි. අධිකරණයට යෑම වරදක්
සේ හුවා දක්වමින් කතා කළ
ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන්
ඇසුවේ වරදකරුවන් සිසුන් ද?
කියා ය. මේ අතර ඇමැතිවරුන්
දෙදෙනා ඉල්ලා අස්විය යුතු යැයි
පසුගියදා පැවැති මාධ්‍ය
හමුවකදී එක්සත් ජාතික පක්ෂ
මහලේකම් වරයාද තහවුරු කළේය. වත්මන් ආණ්ඩුවේ සහායක පක්ෂයක්
වන ජාතික නිදහස් පෙරමුණ ද
ඊයේ මාධ්‍ය සාකච්ඡාවක්
පවත්වා ඇමැතිවරුන්ට දෙහි
කපමින් කීවේ ඔවුන් ඉල්ලා අස්විය
යුතු බවය. එම පක්ෂයේ පියසිරි විෙජ්නායක මහතා මෙසේ කීය.
"අපේ රටේ මේ අධ්‍යාපන
ඇමැතිවරු දෙන්න තමන්ට එල්ල වන
විවේචනයට කන් නොදී
අත්තනෝමතිකව කටයුතු කළ
නිසා දරුවන්ට අධිකරණයට යන්න සිදුවුනා මොවුන් රටේ ජනතාව
රැවැට්ටුව. දරුවන්ව රැවැට්ටුව.
ඒ විතරක්
නොවේ රටේ ජනාධිපතිවත්
රැවැට්ටුව. ඒ
නිසා රටේ ජනාධිපති නායකයා හැටියට වැරදි
කරුවන්ට විරුද්ධව විනයානුකූලව
කටයුතු කළ යුතුයි." රටේ වාඩි හදාගෙන දින හතක්
පමණක් එක තැනක රැෙඳන ජන
කොටසක් රටේ සිටින බව කී
විෙජ්නායක මහතා ඔවුන්
එසේ සතියකින් යන්නේ එම
ස්ථානයේ කුණු පණුවෝ ගැසූ විට බව කීය. එසේ නම් අධ්‍යාපන
ඇමැතිවරු දෙබානටම දැන් කුණු
පනුවෝ ගසා ඇති බවත් කරුණාකර
වාඩිය අත්හැර දමා යන්නැයි ද
විෙජ්නායක මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ
තීන්දුව අනුව ඉසෙඩ් අගයන් යළි
වෙනස් වීමත් සමග දැනට
සරසවියට තේරී පත්වී ඇති දරුවෙකු
නව ගණනය කිරීම් අනුව සරසවියෙන් හැලී ගියහොත් එහි වගකීම
ශ්‍රේෂ්ඨාධිකරණයම දැරිය යුතු
යැයි ද තමන් එහි වගකීම
නොගන්නා බවද අධ්‍යාපන ඇමැති
බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ ඊයේ පැවැති
ප්රවෘත්ති සාකච්ඡාවකදී
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට
පිළිතුරු දෙමිනි. මුළු මහත් රටක්ම
ඇමැතිවරයා වැරදි යයි ද ඇමැති
තනතුරෙන් ඉල්ලා අස්වන්න යැයි කියන බවද මාධ්‍යවේදීන් කී විට
බන්ධුල ඇමැති
වරයා කීවේ ශ්‍රේෂ්ඨාධිකරණ
තීන්දුවේ එවැන්නක් නැති බවත්
තමා අස්වන්නේ තමා වරදක් කර
ඇතිනම් පමණයි යනුවෙනි. මාධ්‍යවේදීන්ගේ දැඩි ප්‍රහාරයට
ලක්වූ බන්ධුල
ඇමැතිවරයා ප්රවෘත්ති
සාකච්ඡාව පුරාම
හැසිරුනේ අතිශය තක්කඩියෙකු
විලසිනි. අධිකරණයට යෑම වරදක්
සේ හුවා දක්වමින් කතා කළ
ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන්
ඇසුවේ වරදකරුවන් සිසුන් ද?
කියා ය. මේ අතර ඇමැතිවරුන්
දෙදෙනා ඉල්ලා අස්විය යුතු යැයි
පසුගියදා පැවැති මාධ්‍ය
හමුවකදී එක්සත් ජාතික පක්ෂ
මහලේකම් වරයාද තහවුරු කළේය. වත්මන් ආණ්ඩුවේ සහායක පක්ෂයක්
වන ජාතික නිදහස් පෙරමුණ ද
ඊයේ මාධ්‍ය සාකච්ඡාවක්
පවත්වා ඇමැතිවරුන්ට දෙහි
කපමින් කීවේ ඔවුන් ඉල්ලා අස්විය
යුතු බවය. එම පක්ෂයේ පියසිරි විෙජ්නායක මහතා මෙසේ කීය.
"අපේ රටේ මේ අධ්‍යාපන
ඇමැතිවරු දෙන්න තමන්ට එල්ල වන
විවේචනයට කන් නොදී
අත්තනෝමතිකව කටයුතු කළ
නිසා දරුවන්ට අධිකරණයට යන්න සිදුවුනා මොවුන් රටේ ජනතාව
රැවැට්ටුව. දරුවන්ව රැවැට්ටුව.
ඒ විතරක්
නොවේ රටේ ජනාධිපතිවත්
රැවැට්ටුව. ඒ
නිසා රටේ ජනාධිපති නායකයා හැටියට වැරදි
කරුවන්ට විරුද්ධව විනයානුකූලව
කටයුතු කළ යුතුයි." රටේ වාඩි හදාගෙන දින හතක්
පමණක් එක තැනක රැෙඳන ජන
කොටසක් රටේ සිටින බව කී
විෙජ්නායක මහතා ඔවුන්
එසේ සතියකින් යන්නේ එම
ස්ථානයේ කුණු පණුවෝ ගැසූ විට බව කීය. එසේ නම් අධ්‍යාපන
ඇමැතිවරු දෙබානටම දැන් කුණු
පනුවෝ ගසා ඇති බවත් කරුණාකර
වාඩිය අත්හැර දමා යන්නැයි ද
විෙජ්නායක මහතා පැවසීය.