බුවනෙක ගෝඨාගේ පෙත්සම් විභාගයෙන් ඉවත්වෙය

chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    බුවනෙක ගෝඨාගේ පෙත්සම් විභාගයෙන් ඉවත්වෙය

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එරෙහිව ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයෙන් බුවනෙක අළුවිහාරේ මහතා ඉවත් වී තිබෙනවා.

    අදාල විනිසුරු මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන්නේ ඊවා වනසුන්දර සහ සිසිර ද ආබෲ යන මහත්ම මහත්මීන්. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීති විරෝධි ආකාරයෙන් ස්ථාපිත කර ඇතැයි සිය පෙත්සමෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබුණා.

    මේ අතර කොළඹ ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවක දී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පැවසුවේ අදාල පොලිස් කොට්ඨාශය දේශපාලන උවමනාවක් අනුව පිහිටුවා ඇති බවයි. කොළඹ ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවක දී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

    අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේක පළවෙනි වතාවට කරන දෙයක් නෙවෙයි මත්ද්‍රවය කාර්යාංශය, ළමා හා කාන්තා කාර්යාංශය වාගේ ආයතන මිට කලිනුත් හදලා තියෙනවා. ඒ ආයතන මහජනයාට විවෘතයි. ඒවා සෘජුව කැබිනට් අනුකමිටුවකින් මෙහෙයවන ඒවා නොවෙයි.

    මම දැක්කාපොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සම්බන්ධයෙන් වන මෙම චෝදනාවලට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු ලබා දුන්නා. ඒ කොළඹ ඊයේ පැවැත්වු තවත් මාධ්‍ය හමුවකදියි.

    ලබන 20 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කැඳවීමක් ලැබී තිබෙනවා. ඒ වෙනුවට වෙනත් දිනයක් ලබා දෙන්නැයි තමන් ඉල්ලීමක් කළ බවයි ඒ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අද දිනයේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි ද තමන් වෙත කැඳවීමක් ලැබී තිබුණු බවයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. කෙසේවෙතත් එම කැඳවීම පසුව අවලංගු කෙරුණු බවයි ඔහු කියා සිටියේ.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ද විමර්ශනයක් ක්‍රියාත්මකයි. ඊට අදාලව හෙට දිනයේ එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි ඒ මහතාට කැඳවීමක් ලැබී තිබුණා. කෙසේවෙතත් හෙට දිනයේ නොව ලබන 25 වැනිදා පැමිණෙන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තමන් වෙත පසුව දැනුම් දුන් බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    - See more at: http://www.lkwalpal.party/2015/05/buwaneka-out-gotabayas-case.html#sthash.44Q6TIZf.dpuf
     
    Last edited: