බූත ප්‍රේත ලෙඩ සදහා උදවිවක් ඕනැ....

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    බූත ප්‍රේත ලෙඩ සදහා උදවිවක් ඕනැ....

    මා හට උදවුවක් කළ හැකිද.....?

    මාගේ ඇග හිටිගමන් කෙටිටු වෙන්න ගත්තා...කැම අරුචිය ..බඩේ රිදිල්ල..ඔලුවේ කැක්කුම..වාගේ පෙර නොවු ලෙඩ රෝග ඇති වෙන්න ගත්තා...

    ඉංග්‍රීසි හා සිංහල බෙහෙත් කළත් පළක් උනේනැ... මා ඇවිදින ඇටසැකිල්ලක් බවට පත් වුනා.. රෝගය නිශ්චය කිරිමට බැරි නිසා මානසික බෙහෙත් වසර 15 බ්වුවා..

    පසුව මාගේ හමේ බිබිලි හා කුෂ්ට හැදුනා.. මේ අතර පුවක්පිටියේ ලය විරේක කරන ස්ථානයක් ගැන අසන්නට ලැබුනා..ඒ ස්ථානයට ගොස්
    ලය විරේක කරා..

    ඉන් පසුව
    මාගේ හමේ බිබිලි හා කුෂ්ට නිකම්ම සුවවුවා ..බඩේ රිදිල්ල..ඔලුවේ කැක්කුම යම් කිසි ප්‍රමාණයකට අඩු වුනා..

    නමුත් අසාමාන්‍ය ලෙස නින්දෙන් අවදිවිම..අමතකවිම..කරන කියන වැඩ අසාර්ථක විම..

    තවද විශේෂයෙන් මාගේ මුලු ඇගම රෙද්දකින් වසා සිටින ආකාරයක් දැනේ...

    මස් මාලු හා බැදුම් ආහාරයට ගත හොත් මාගේ රෝග ලක්ෂණ වැඩ් වේ...

    මාගේ වස විෂ ඉවත්වුවත් යම් කිසි බුත බලපැමක් ඇති බව මාගේ මිත්‍ර ගමේ ස්වාමින් වහන්සේගේද මතයයි..

    බෝධ් පුජා කල විගස යම් අඩුවක් තිබුනත් මෙම බලපැම නැවත ඇතිවේ..

    මෙම දෝෂය එක් වරම ඉවත්කර ගැනිම සදහා බොරු නොකරන අත්දැකිමෙන් දන්න ගුරෙක් සොයා දෙන්න..


    ඔබ සැම නිරෝගි වේවා.....

    මේ ගැන මාගේ පරන නුල් ...http://www.elakiri.com/forum/showthread.php?t=1815202

    http://www.elakiri.com/forum/showthread.php?t=1668326







     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හේතුඵල දහමට අනුව තමන්ම කරගත් යම් දෙයක ප්‍රතිඵලයක් තමයි ඔය ගෙවන්නෙ.ඒක නිසා ක්ෂනික විසඳුම් බලාපොරොත්තු නොවී ධර්මානුකූලව ඔය ණය ගණුදෙනුව විසඳගන්න උත්සාහ කරන්න.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    uba koheda machan


    මම ඉන්නේ නුවර...කලින් මම පුවක්පිටියේ ගිහිල්ලා විෂ වමනය කලා...

    මෙන්න තැන..
    http://www.elakiri.com/forum/showthread.php?t=1815202&page=10

    වැඩි විස්තර
    http://www.elakiri.com/forum/showthread.php?t=1534224

    මා සැහෙන්ඩ හොදවුනා හැබැයිි මොනවත් ආරකෂාවක් කලේ නැ. විෂ වමනය කරාට පස්සේ ආරකෂාවක් කරන්න ඔිනැලු නේද..

    ඒවා කිසිවක් කරේ නැ දන්නැති නිසා..පසුව මේ ලෙඩ අමතක කරලා කොළඔ රක්ෂාවක් කලා.

    පිට ඉද්දි කැමබිමෙන් ආරකෂා විමට අමාරු වුනා...මස් මාලු බැදුම් මස් කොත්තු හැම ජරාවක්ම කැවා.. පසුව මම ආයෙ ලෙඩ උනා..

    ඒනිසා මට කරපු බණ්දනය ආයේ බලපාන්න ගත්තා...

    මම බෞද්ධ ක්‍රමයට කරන්න හැකි සියල්ල කලා...නමුත් ලෙඩ ඉවරයක් නැ... යාලු..

    අනේ මන්ද...මා මිත්‍ර හාමුදුරුවෝ නම් කියන්නේ බන්දනයක් තියෙන කොට කරන පුජාවල වන්දනාවල 100% ක් ප්‍රතිථල නැ කියලා..:eek::eek:

    මට මේ බුත බන්ධනය හරියට කපා ඉවත් කරගන්න ඔනැ..

    යාලුවනේ හොද සාදාරනව පිහිටවන ගුරෙක් ගැන දන්නවා නම් මට උදව් කරන්න ........

    මෙහෙම ජිවත් වන්න මට අමාරුයි....:(:(:(:(



     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ara paththare yanawa neda ban ohoma thanak! guptha widya gaweshana madyasthanaya kiyala.! anna ethanata palayan.! mama hithanne ethanin ubata ona de labewi. koheda tiyenne kiyala danne naha. paththare dakke. aye dakkoth kiyannam.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    bump mchn..uba kiyanne eththak nam, ubata ikman suwaya prarthana karanawa..good luck mchn..

    අනේ මම ඇත්ත කියන්නේ..මේ කේස් ඇතිවුනාම කවුරුත් පිළිිගන්නෙත් නැ..මුනට කියලා උදවු ඉල්ලන්නත් බැ..ඒක නිසා තමයි එළකිරියෙන් උදවු ඉල්ලන්නේ...:baffled:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සමහර විට උබට උපතින් ආව ලෙඩක්ද දන්නෑ බං.
    උබ ඉතින් දැන් කොහොමත් හිතාගෙන ඉන්නේ ඕක අමුනුෂ්‍ය බලපෑමක් කියලනේ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේව මිත්‍යා විශ්වාස​. උබත් ඕව විස්වාස කරනකල් දුක් විදින්න වෙයි. පව් බන් උබ​. අපේ රටේ ගොදක් උන් මේවගේ මනස්ගාත නිසා මානසිකව වැටීලා දුක්විදිනවා. ඇත්ත තේරුනදාක උබට තේරෙයි
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    go to this place

    ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය (Paranormal Research Center)

    Address :

    33/1 , Dharmapala Mawatha ,

    Madiwela ,

    Kotte

    General : 0113 069 749

    Hotline : 0718 836221

    Spiritual Healer & Buddhist Counselor (Master Spiritual Healer , Kasun Thisara Nagodavithana) :

    0715 221273

    Administrative Officer (Paranormal Research Center) :

    0717 657617 (Mr. Jayarathna)

    Asst. Administrative Officer (Paranormal Research Center) :

    0717 657617 (Mrs.Rohini)

    Treatment Appointments (Every Tuesday from 9 a.m. to 4 p.m.) :

    0112 882834

    Head of Community (Vishwaprani Foundation) :

    0713 111144 (Mr. Waruna Udawatta)
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    උඹ ඔය දාල තියන විස්තරේ උඹ පෙර කරපු කර්ම විපාකයක් නිසා හෝ අමනුෂ්‍ය බලපෑමක් නිසා හෝ උඹට තියන මානසික ලෙඩක් නිසා කියන කාරණා තුනම නිසා වෙන්න පුලුවන් මට තේරෙන හැටියට.

    ඒ වගේම මට තේරෙන තව දෙයක් තමයි උඹ මේක හොඳ කරගන්න උත්සාහ කරන්නෙ ගුරුකම් වගේ දේවල් වලින් කියලා. දැන් උඹ මේකෙ කියලා තියනවා එක හාමුදුරු කෙනෙක් කිව්වලු උඹට බන්ධනය තියන කල් බුද්ධධර්මයෙන් මේකට පිළියමක් ගන්න බැහැ කියලා. එහෙම කියපු හාමුදුරුවො නම් හරි හාමුදුරු කෙනෙකුට වඩා හාමුදුරු වේශයෙන් ඉන්න කට්ටඩියෙක් කියලයි මට හිතෙන්නේ. මොකද බුදු දහමට එහා දෙයක් නැහැ.

    උඹ දැන් බුදු දහමෙන් කරා කිව්වනේ. උඹ ඒ කරා කිව්වෙ ඔය වගේ දේවල් වලට බේත් හේත් කරන තැන් වලට ගිහිං පිරිත් කියවලා, බෝධි පූජා කරලා, බෝ්‍ධියේ කොඩි ගැටගහලා වගේ දේවල් කරලා නේද ? එහෙම නැතිව උඹ ප්‍රතිපත්තිමය වශයෙන් නියම බෞද්ධයෙක් උනාද ? නෑනේ නේද ?

    මම උඹට කියන්නම් ක්‍රමයක්.. ඒක පිළිපදින එක නැති එක උඹට අදාල කාර්යක්.

    1) නාල පිරිසිදු වෙලා ඉස්සරවෙලාම තෙරුවන් සරණ ගිහින් පන්සිල් ගනින්. හැබැයි හරියට. උඹ පන්සිල් කටින් කියද්දි උඹේ හිතේ තියෙන්න ඕනෙත් ඒ පන්සිල් පදේ මිසක් වෙන වෙන දේවල් නෙමෙයි. ඉතිපිසෝ ගාථාව කියලා බුදු ගුණ, ධර්ම ගුණ, සඟ ගුණ මෙනෙහි කරපං. කායේන වාචා ගාථාව කියලා තෙරුවන් සමා කරගනින්. ඊට පස්සේ කෙටි වෙලාවක් බුද්ධානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාව කරපං හරියට. හිතේ වෙන වෙන දේවල් හිතන්නෙ නැතිව හරියට කරපං.

    2) මුලින්ම රුවන්මැලි සෑය ගාවට ගිහිං මේ දේ පටන්ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. නැතත් කමක් නෑ. ගෙදර බුදු කුටිය හරි එහෙම දෙයක් නැතිනම් හිතේ තමන් ඉස්සරහ බුදුරජාණන්වහන්සේ වැඩ හිඳිනවා කියලා හිතාගන හරි ඔය විදිහට කරපං මුලින්ම. මල් පූජා කරන්න පුලුවන් නම් තවත් හොඳයි. ඔය ටික ඉවරවෙලා දෙවියන්ට පින්දීපං.
    ඊට පස්සේ හිතපං “මම මේ මොහොතේ පටන් තිසරණයට අනුව ජීවත් වෙනවා මොනවයින් මොනව උනත්“ කියලා “තිසරණයේ ආනුභාවයෙන් මට මේ ඇති වෙලා තිබෙන පීඩාවෙන් මාව මිදේවා“ කියලා හිතාගන අවසන් කරන්න.

    3) දිගටම ඕක කරන්න. මුල් දවස්වල ගොඩක් වෙලාවට ඔයාට තියන ප්‍රශ්නෙ වැඩිවෙයි. අමාරුකම් වැඩිවෙයි. නමුත් අතඅරින්න එපා.

    4) විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒක හරියටම කරන්න. මොකද මෛත්‍රී භාවනාව නිසා පින් රැස්වෙනවා වගේම අමනුශ්‍යන්ට මෛත්‍රී භාවනාව නිසි ලෙස කරන ආර්ය ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න බැහැ. අමනුශ්‍යෙයන් මෛත්‍රී භාවනාව නිසි ආකාරයට වඩන ශ්‍රාවකයෙකුට හරිහැර කරන්න ආවොත් ඒකෙන් පීඩාවට පත්වෙන්නේ ඒ අමනුශ්‍යාමයි කියලා තමයි සඳහන් වෙන්නේ.

    4) පන්සිල් ගත්තට මදි. පන්සිල් රකින්නත් ඕන. නැත්නම් බෑ.

    5) ටික ටික භාවනා කරන කාලය වැඩිකරන්න. දවස පුරාම මෛත්‍රී සහගත සිතිවිල වලින් වාසය කරන්න. ඒ එක්කම ටික ටික පිරිත් අහන්න ගන්න. තමන්ට පිරිත් කියන්න පුලුවන් නම් තවත් හොඳයි. ආටානාටී සූත්‍රය කියන්න් හොඳ ආරක්ෂක පිරිතක්. ඒකෙ කියවෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට අමනුශ්‍යෙයෝ හරි හැර කලොත් ඒ අමනුශ්‍යයාට වෛශ්‍රවණ දිව්‍යා රාජයාගෙන් විඳින්න වෙන දඬුවම් ගැන. මීට අමතරව කරණීයමෙත්ත සූත්‍රය , රතන සූත්‍රය වගේ පිරිත් අහන්න සහ කියන්න.....

    ඕක දිගටම කරගන යන්න. ඔයා සුවපත් වෙයි. හැබැයි මතක තියාගන්න. හරියට.. අවංකව.. මුලු හදවතින්ම ...
    ඒ එක්කම ඔයා සුවපත් වෙනවා කියන දැඩි විශ්වාසයත් හිතේ තියෙන්න ඕන. ඒක වැදගත් චිත්ත නියාමයෙන් ඔයාට වැඩක් ගන්න.

    මේක මම දැම්මෙ වාද කරන අයත් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කැමතිනම් පිළිපදින්න පමණයි. මොකද බුද්ධ ධර්මය කියන්නෙ තම තම නැන පමණින් දැනගත යුතු තමන් විසින්ම අත්විඳ අවබෝධ කරගත යුතු දෙයක් නිසා. වාද විවාද කර පලක් නැහැ.