බූදුදහම හා නුතන විද්‍යාව

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    නොදකිං තෝ නං.. උඹට මෙච්චර වෙලා කියලත් තාම කියන දේ තේරුම් ගන්න බැරුව ගියා.. උඹේ වයස කීයද ? ඉස්සෙල්ල හැම මඟුලටම තණකොලයි රිදෙන ඒවයි ගාවන්නැතුව ලියපු දේ කියවල ඉඳපං එතකොට තේරෙයි කව්ද සයන්ටිස්ට්ස් ල කියපු දේවල් ඉස්මුදුනින් පිළිඅරං තියෙන්නෙ කියල.. සයන්ටිස්ට්ස්ල කියපු දේවල් අවුලක් නැත්තෙ උඹම හුරේ දාපු, උඹම පෙනී ඉඳපු හෙළයට... මට නෙමේ.. බලය විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබ්බෙ මටද උටද ? මං කිව්වද බලය විද්‍යාත්මක සත්‍යයක් කියල ? කාටද ඝර්ශණය විද්‍යාත්මක සත්‍යයක් කියල ඔප්පු වෙලා තිබ්බෙ ? කව්ද සරල රේඛා කියන්නෙ සත්‍යය කියල පිළිගත්තෙ ? මේකටත් පුළුවන්නම් තණකොල ටිකක් අල්ලගනිං.. උඹල එච්චරනෙ කරන්න දන්නෙ.. නිව්ටන් කියපු දේවල් ඉස්මුදුනින් සත්‍යය කියල පීලිඅරං බුද්ධාගමට ආදේශ කල්ල විකාර නැටුවෙ මන්ද ? නිව්ටන්ගෙ නියම පරම සත්‍යයි කියල පිළිගත්තෙ මන්ද ? තුන්වෙනි නියමෙ අහෝසි කර්ම වලට ගැලපෙන්නෙ නෑ කියල පෙන්නල තියෙද්දි, "නොසැලකිය හැකි තරම් කුඩාවීම" සහ "අහෝසි වීම" කියන්නෙ එකක් නෙමේ දෙකක් කියල තේරුම් ගන්න බැරුව නිව්ටන් නියම වලිං කර්මය පැහැදිලි කරන්න ගියෙ මන්ද ? උඹල පෙනී හිටපු, උඹත් එක්ක එකට මට දෙන්න තණකොල හොයපු උන්.. සයන්ටිස්ට්ස් ල කියන දේවල් වලට ශ්‍රද්ධාවෙන් එහෙයි කියල ඔළුව නමන උන් කියන එව්වට එහෙයි කියල, දැන් මට කියනව සයන්ටිස්ට්ස් ල කිව්වොත් ප්‍රශ්න නෑ ඕනෙ එකක් පිළිගන්නව කියල... උඹට තාම facts කියන්නෙ මොනාද කියලවත් හරියට තේරුණාද ? concepts, theories, facts, paradigms කියන්නෙ එකක් නෙමේ කියලවත් තේරුම් ගත්තද කියපං ඉස්සෙල්ල ? උඹලට ඒක තේරුම් ගන්න බැරිවුනාම, ඒව පැහැදිලි කලාම මතක් වෙන්නෙ තණකොල නම් කාගෙද වැරැද්ද ? ඉස්සෙල්ල වයස කියන ඉලක්කම ලොකු වුනා කියල අපේ ඇඟ පුරාම මොලේ, ඒ ඉලක්කම පොඩි උන්ගෙ මොලේ බාගෙට කියල ඔලුව පුරෝගෙන තියෙන මාන්නෙ අතෑරපං... යලට මහට වයසට ගියාට වැඩක් නෑ සංකල්පෙකයි, පරිසිද්ධියකයි වෙනස තේරුම් ගන්න බැරිනං... සංකල්පයි ප්‍රවාදයි කියන්නෙ අං තට්ටුයි තණකොලයි නෙමේ..

    අනේ හරකෝ උබ මොකටද බන් මට අදාල නැති, වෙන එඋන් උබට කියපු දේවල් මට කියන්නේ... හරක් පැටියා!!! මම කියපු වැරදි දෙයක් තියෙනවනම් කියපන්... නැත්තම් උම්බෑ නොකියා හිටපං...
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    kingkong619 සහෝදරයාට සහ markhaloce සහෝදරයාට ලියමි. බැලු බැල්මට ඔබ දෙදෙනාම හරි යැයි සිතෙයි. මේ පිළිබඳව යමක් පැවසීමට මාහට දැනුම මදි යැයි සිතේ. සැමවිටම අපි නොදන්නවා කියා දැනගැනීම හොඳ යැයි සිතමි. දුක යනු අපි කරනා තර්කයන් හරිදැයි වැරදි දැයි විමසා ගැනීමට බුදුන් වැන්නෙකු මිහිපිට නොමැති වීමයි. ඔබ දෙදෙනාටම ස්තුති!!! ජය !!!
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    තව දෙයක් එළකිරියේ කීප දෙනෙක් සිටිනවා හැම වෙලේම තර්ක කර කර පොර වෙන්න හදන සහ බුද්ධ දේශනාවේ සමහර තැන් පිළිගන්න බෑ කියල තර්ක කරකර එකම දේ කියවන කට්ටිය ඒ යටත් මම පිළිතුරක් දෙන්නම්..

    පැහැදිලි කිරීමට ස්තුති සහෝදරයානි !!! ඔබ ඉහතින් සඳහන් කල පුද්ගලයෙකු නොවෙමි මා. නොදන්නා නිසා දැනගැනීම සඳහා ඇසුවෙමි. ඔබට ස්තුති !!

    නෑ නෑ... ඒ ටික ඔයාට නෙවෙයි!!!!:) :) :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ හරකෝ උබ මොකටද බන් මට අදාල නැති, වෙන එඋන් උබට කියපු දේවල් මට කියන්නේ... හරක් පැටියා!!! මම කියපු වැරදි දෙයක් තියෙනවනම් කියපන්... නැත්තම් උම්බෑ නොකියා හිටපං...

    වෙන උන් කියපුව ? ඇයි උඹ දැක්කෙ නැද්ද මම උඹ කියපුව quote කල්ල මේ ත්‍රෙඩ් එකේම දාල තියෙනව ? ලස්සනට පාට කර කර වෙන් කරන්න ගියෙ නෑ.. උඹට එහෙම ඕන්නං පේන්නම දාන්නං..

    :/ උඹ සිරාවටම අසරණයි බං.. අසරණ කමත් එක්ක වයස ගැන විශාල මාන්නෙකුත් තියෙනව.. ඝර්ෂණේ ගැන තාමත් උඹේ හිතේ තියෙන්නෙ 9 වසරෙ 10 වසරෙ ලමයෙක් හිතන අදහස් බං.. උඹේ මාන්නය නම් අඩුවෙයි කියල හිතන්නෑ.. මං පැහැදිලි කරල දෙන්න හදපු දේම ඔබතුමාට වඩා වයසින් මුහුකුරා ගිය කෙනෙක් පැහැදිලි කරල දේවා කියල ප්‍රාර්ථනා කරනව.. නැත්තං ඔය ඔබතුමා හිතං ඉන්න දේවල් නිසා ඉස්සරහට මොනා හිතෙයිද දන්නෙ නෑ.. වයස ගැන මාන්නයක් නැති එක බෞද්ධයෙක් හරි ඉඳියි කියල භාගෙට කොටපු පෝස්ට් එකකින් කොටසක් උපුටා දක්වන්නං ඝර්ෂණය ගැන හෙළය හිතන විදිහට හිතන්න ගිහිං අසරණ වෙලා ඉන්න අහිංසකයින් වෙනුවෙන්..

    බලය කියන එක තේරුම් ගන්න ඕනෙ.. අකුරු කියෝපු දවසෙ ඉඳන් මුළු පාසල් ජීවිත කාලෙදිම කියා දෙන දේවල් සුවච කීකරු සිසුන් විදිහට ගුරුවරයා කෙරෙහි සහ නිව්ටන් කෙරෙහි ඇතිව තිබෙන ශ්‍රද්ධාවෙන් පිළිගැනීම නිසා බලය කියන සංකල්පය තේරුම් ගන්නෙ තනිකරම වැරදි විදිහට.. මුලින්ම හිතල බලන්න "බලයක්" කිව්වාම හිතේ ඇඳෙන්නෙ මොකක්ද ? "කීබෝඩ්" එකක් කිව්වාම බට්න් ගොඩක් තියෙන ලෑලි කෑල්ලක් වගේ දෙයක් හිතේ මැවෙනව.. ඒ වගේ "බලයක්" කිව්වාම මොකක්ද මැවෙන්නෙ ? අධික ලෙස මොලේ කිඳාබැහැල තියෙන ශ්‍රද්ධාව කියන ඒ විසය නිසා බොහෝ දෙනෙකුට බලයක් කිව්වගමං හිතේ මැවෙන්නෙ ගහල එල්ලිලා තියෙන ගෙඩියක්, එහෙම නැත්තං තරාදියක එල්ලල තියෙන මොකක් හරි වස්තුවක් නිසා තරාදියෙ වෙනස් වෙලා තියෙන පාඨාංකෙ, එහෙම නැත්තං එන්න එන්න වේගය වෙනස් වෙමින් (ත්වරණය වෙමින්) චලනය වෙන මොකක් හරි දෙයක්.. ඔන්න ඕවට කියන්නෙ සංයුක්ත සංකල්ප.. ගහකින් ගෙඩියක් බිමට වැටෙනව කියන්නෙ සංයුක්ත සංකල්පයක්.. බර කියන බලය නිසා තරාදියෙ පාඨාංකය බිංදුවෙන් එහාට ගිහිං තියෙනව කියන්නෙ සංයුක්ත සංකල්පයක්.. බස් එකක් ත්වරණය වෙනව කියන්නෙ සංයුක්ත සංකල්පයක්.. බලය කියන්නෙ සංයුක්ත සංකල්පයක් නෙමේ... බලය කියන්නෙ වියුක්ත සංකල්පයක්..

    ගහකින් ගෙඩියක් වැටෙනව කියන එක විද්‍යාත්මක සත්‍යයක්.. ඒක විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙන්නෙ.. තරාදියක වීගෝණියක් වගේ දෙයක් එල්ලුවාම පාඨාංකය වෙනස් වෙනව කියන්නෙ විද්‍යාත්මක සත්‍යයක්.. ඒක විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙන්නෙ... ඕව පරිසිද්ධීන්.. එහෙම නැත්තං facts.. සිඞ්හලෙන් කිව්වොත් ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යයක්ෂ.. අපි වැඩිහරියක් හිතන්නෙ ඔන්න ඔය සංයුක්ත (හිතෙන් මවාගන්න පුළුවන්) දේවල් වලිං..

    නමුත් මෙතන බලය විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනව කියල කියපු හෙළයට හෝ, නිව්ටන්ව අදහන වෙනත් නිවුද්ධයෙක්ට හරි බලය හිතෙන් මවාගත්තෑකිද ? ඇපල් ගහක ඇපල් ගෙඩියක් එල්ලිලා තියෙනව.. නිව්ටන්ගෙ නියම වලට අනුව ඔය ඇපල් ගෙඩියේ සිට පොළොව දෙසට බලයක් ක්‍රියාත්මක වෙනව.. ඔය බලේ කාටද හිතෙන් මවාගන්න පුළුවන් ? ඒ බලයට සමාන හා දිශාවෙන් ප්‍රතිවුරුද්ධ බලයක් ගෙඩියේ නැට්ටේ සිය ඉහලට ක්‍රියාත්මක වෙනව.. ඒ බලය කාටද හිතෙන් මවාගන්න පුළුවන් ? හිතෙන් මවාගන්න පුළුවන්, හරි මවාගත්ත කියල නිව්ටන්ව අදහන බෞද්ධයො මවාගන්නෙ නිකංම ඇපල් ගෙඩියෙ ඉඳන් බිමට ඇඳපු ඉරිකෑල්ලකුයි, ඊ හිසකුයි විතරයි... ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලේ කියල මවාගන්නෙත් ඇපල් ගෙඩියෙ නැට්ටෙ ඉඳන් උඩට ඇඳපු ඊතලයක් විතරයි.. ඔය හිතෙන් මවාගෙන තියෙන්නෙ බලය නෙමේ. ඊතල දෙකක් විතරයි... ඕකට තමා වියුක්ත සංකල්ප කියන්නෙ.. බලය කියන්නෙ වියුක්ත සංකල්පයක්.. හිතෙන් මවාගන්නවත් බෑ... ගහේ එල්ලෙන "ඇපල් ගෙඩියක්" සංයුක්ත සංකල්පයක්.. හිතේ මවාගන්න පුළුවන්.. නිව්ටන් කලේ ඔය ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යයක්ශයක් වන, කෙටියෙන් කිව්වොත් පරිසිද්ධියක් වන ඇපල් ගෙඩිය බිමට වැටීම, සහ නොවැටී නැට්ටෙන් එල්ලී තිබීම පැහැදිලි කරන්න, හිතෙන්වත් මවාගන්න බැරි බලය කියල වියුක්ත සංකල්පයක් ගොඩනඟපු එක... නිව්ටන් කෙරෙහි තියෙන අචල ශ්‍රද්ධාව ටිකක් හරි අඩුවුන ඕනෙම කෙනෙක්ට දැන් තේරෙන්න ඕනෙ ඇපල් ගෙඩියක් බිමට වැටෙන එකෙන් හෝ බිමට නොවැටී නැට්ටෙන් එල්ලී තිබීමෙන් බලයක් තියෙනව කියල ඔප්පු වෙන්නෙ නෑ කියල.. බලය කියන්නෙ එහෙම වෙන්නෙ ඇයි කියල පැහැදිලි වෙන්න ගොතපු කතන්දරයක් විතරයි..

    මේක තව ටිකක් පැහැදිලි මොනිටරෙන් එන එලිය ඇස් දෙකට පේනව.. ස්පීකරෙන් එන සද්දෙ කණට ඇහෙනව.. කීබෝඩ් එකේ කීස් ඔබද්දි ඒක ඇඟිලි වලට (කයට) දැනෙනව.. ඔය අතරෙ අම්ම හදල දීපු තේ එක බොද්දි ඒකෙ රසය දිවට දැනෙනව.. ඒකෙ සුවඳ නහයට දැනෙනව.. ඒ වගේම ඇපල් ගහේ එල්ලිලා තියෙන ඇපල් ගෙඩිය අපේ ඇස් දෙකට පේනව.. ඇස් දෙකෙන් ඇපල් ගෙඩියක් එල්ලෙනව කියල ගෝචර කරගන්නව.. ඒත් ඔය ඇපල් ගෙඩිය දිගේ පහලට තියෙන බලය හරි, නැට්ට දිගේ ඉහලට තියෙන ප්‍රතිවිරුද්ධ බලය හරි බලය හොයාගත්ත කියල කියන නිවුද්ධයන්ට දැනුනෙ පෙනුනෙ මොන ඉන්ද්‍රියයටද ? බලය කියන්නෙ හොයාගන්න තිබ්බ දෙයක් නෙමේ.. බලය කියන්නෙ තනිකරම අලුතෙන්ම ගොඩ නඟපු අලුත්ම සංකල්පයක්.. නිව්ටන් තමන්ට ඕනෙ දේවල් පැහැදිලි කරන්න ගොඩනඟපු සංකල්පයක් මොන ඉන්ද්‍රියයට ගෝචර වෙන්නද ? විද්‍යාවෙන් කොහෙ හොයාගන්නද ? හොයාගන්න බලය කොහෙද තියෙන්නෙ ? හිතෙන්වත් මවාගන්න බැරි සංකල්පයක් විද්‍යාවෙන් කොහොමද හොයාගන්නෙ ? එහෙම හොයාගත්ත නං ඒ බලය ග්‍රහණය කරගන්න පාවිච්චි කරපු තාක්ශණේ මොකක්ද ? මේක අහද්දි හැමෝටම හිතෙන සරළම පිළිතුර තමා තරාදිය.. ඇපල් ගෙඩිය තරාදියෙ එල්ලුවාම අන්න පාඨාංකෙ වෙනස් වෙනව.. ඒ කියන්නෙ බලය ඇත්තක්.. බලය විද්‍යාවෙන් හොයාගත්ත.. මේකත් තනිකරම වැරදි සිතුවිල්ලක්...

    දුනු තරාදියක් ගමු.. ඕකෙ එල්ලනව ඇපල් ගෙඩිය.. දුනු තරාදියෙ පාඨාංකය වෙනස් වෙනව.. ඒත් අපි ගෝචර කරගත්තේ, සහ විද්‍යාවෙන් සොයාගත්තේ, ඇපල් ගෙඩියක් එල්ලූ විට දුනු තරාදියේ පාඨාංකය වෙනස් වෙනවා කියල විතරයි.. එතනදි වෙන්නෙ දුනු තරාදියේ පාඨාංකය වෙනස් වෙන්න ඇපල් ගෙඩියේ ගුරුත්වාකර්ශණය නිසා පොලොව දෙසට ඇති බලයෙන් කියල හිතාගත්තු එක විතරයි..

    හෙළය නම් මේක කියවන්නෙත් බයිට් කරගන්න පොටක් හොයාගන්නෙ කොතනිංද කියන අදහසින් විතරයි.. එහෙම පොටක් ඇති.. උත්සාහ කරන්න.. ඔබතුමාට හොයාගන්න පුළුවන් වෙයි..

    උබ කොච්චර උම්බෑ කිව්ව්වත් උබට දෙන්නේ තණකොළ විතරයි

    මුලින් ඒලෙවල් කරල හිටපන් මල්ලි උබලට බලය, සරල රේඛාව, ලක්ෂ‍ය, එකයි එකයි දෙක වෙන හැටි තේරුම් ගන්න බැරි උනාට කැම්පස් ගිහින් ඒ ගැන වැඩි දුර ඉගෙන ගත්ත උන්ට ඔව්ව ටොම්පච නෙවෙයි. ඔය ඔක්කොම ඔප්පු කරල පෙන්නනව.ඒලෙවල් කරන උන්ට ඕවත් කියල දෙන්න ගියොත් එහෙම එකෙක්වත් ඒලෙවල් කරන කරන එකක් නෑ.
    උබලගෙ මොළේ තරමට තමා සිලබස් එක හදල තියෙන්නෙ.

    අනිත්‍ය හේතු ඵල දහම හරියට තේරුම් ගන්න පටන් ගත්ත මනුස්සයට අනික් මොකවත් වැඩක් නෑ ඒ ඔක්කොම ඕකට යටයි කියල දන්නව.

    උබෙ දන්නෙ තාම අබ ඇටයක් වගේ දෙයක් නොදන්න දේවල් සාගරයක් වගේ.

    මට කියන්න වෙන වචනයක් නෑ කලේ අනික් අත හරවල වතුර පුරවන්න හදල උබ ගොඩාක් වතුර අපතේ යවා ගන්නව.

    ඒකටනම් ගොඩක් රිදෙයි...

    මේව එතකොට ලිව්වෙ වෙන එකෙක්ද ? කියන දේ තේරුම් ගන්න බැරුව බහුබූත ලියල මොන්ටිසෝරි ලමයි වගේ මම නෙමේ අරය කලේ කියන්නෙ.. මොකක්ද බං උඹලගෙ ඔය අවබෝධයෙන් හෙබි ශ්‍රද්ධාව ?

    මට විද්‍යාඥයො කියන ඒව ඉස්මුදුනින් පිළිගන්නව කිය කිය උඹ මේ දැන් ටිකකට කලින් නැවත ඉපදීම ගැන කිව්වෙ මොකක්ද ?


    පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා මද? වෙනත් කෙනෙක් ද? කියන ප්‍රශ්නයට දෙයට බුදුදහම දෙන පිළිතුර ඔහුත් නොවේ.වෙනත් කෙනෙක් ද නොවේ යන්න කියලා කියන්න හේතුව... මොකද මමය මගේය කියන දේ නිවනට බධාවක් එකනිසයි මේ විදිහට පිළිතුරක් දීල තියෙන්නේ....

    මොනාද බං මේ ලැජ්ජ නැති වැඩ ? වෙන උන්ට විද්‍යාඥයො කියන ඒව ප්‍රශ්න නැතුව ඉස්මුදුනින් පිළිගන්නව කිය කිය බුදු හාමුදුරුවො චතුස්කෝටික චින්තනයෙන් දේශනා කරපුව ඇරිස්ටෝටල්ගෙ අනුගාමිකයො වගේ ද්වීකෝටික ආදේශ කල්ල එහෙම කිව්වොත් බාධාවක් වෙන නිසයි මෙහෙම කිව්වෙ කියන්නෙ.. අනුන්ගෙ ඇහේ ඉරටු හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ අයිං කරගනිං.. ද්වීකෝටික චින්තනෙන් හිත හිත මමත් නොවෙයි වෙනකෙනෙකුත් නෙමෙයි එහෙම කියල තියෙන්නෙ බාධාවක් වෙන නිසා කිය කිය බහුබූත දොඩවනව..ඇත්තම උඹේ වයස කීයද ? කැම්පසුත් ගිහිංද ඉන්නෙ ?
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    වෙන උන් කියපුව ? ඇයි උඹ දැක්කෙ නැද්ද මම උඹ කියපුව quote කල්ල මේ ත්‍රෙඩ් එකේම දාල තියෙනව ? ලස්සනට පාට කර කර වෙන් කරන්න ගියෙ නෑ.. උඹට එහෙම ඕන්නං පේන්නම දාන්නං..

    මොනාද බං මේ ලැජ්ජ නැති වැඩ ? වෙන උන්ට විද්‍යාඥයො කියන ඒව ප්‍රශ්න නැතුව ඉස්මුදුනින් පිළිගන්නව කිය කිය බුදු හාමුදුරුවො චතුස්කෝටික චින්තනයෙන් දේශනා කරපුව ඇරිස්ටෝටල්ගෙ අනුගාමිකයො වගේ ද්වීකෝටික ආදේශ කල්ල එහෙම කිව්වොත් බාධාවක් වෙන නිසයි මෙහෙම කිව්වෙ කියන්නෙ.. අනුන්ගෙ ඇහේ ඉරටු හොයන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ අයිං කරගනිං.. ද්වීකෝටික චින්තනෙන් හිත හිත මමත් නොවෙයි වෙනකෙනෙකුත් නෙමෙයි එහෙම කියල තියෙන්නෙ බාධාවක් වෙන නිසා කිය කිය බහුබූත දොඩවනව..ඇත්තම උඹේ වයස කීයද ? කැම්පසුත් ගිහිංද ඉන්නෙ ?

    දැන් උබට මම රිදෙයි කිව්වම උඹට රිදුනද???? රිදිච්ච නිසාද මෙච්චර කෙදිරිගාන්නේ???? අනුන්ගේ ඇහේ ඉරටු නෙවෙයි හරකෝ අනුන්ගේ ඇහේ පොල් කෙන්ද :rofl: :rofl: :rofl: :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් උබට මම රිදෙයි කිව්වම උඹට රිදුනද???? රිදිච්ච නිසාද මෙච්චර කෙදිරිගාන්නේ???? අනුන්ගේ ඇහේ ඉරටු නෙවෙයි හරකෝ අනුන්ගේ ඇහේ පොල් කෙන්ද

    උඹට පුළුවන් ඔච්චර තමා.. රිදිල්ලයි, තණකොලයි විතරයි.. ෆැක්ට් කන්සෙප්ට් වෙන් කල්ල තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට වඩා පහත් සත්තුන්ගෙන් පරිණාමය වෙච්චි මොලේ නැති කඳ පිරිච්චි මන්ද බුද්ධිකයො.. ඇරිස්ටෝටල්ගෙත් පිළිමයක් හොයාගෙන වැඳපං.. එතකොට උඹට ද්වීකෝටිකයෙන් හිතන එක මදිවට ද්වීකෝටිකය අදහන්නත් ඇහැකි.. ඊට පස්සෙ උඹේ නොදියුණු මොලේට තේරුම් ගන්න බැරි දෙයක් හම්බවෙන හැමවෙලාවෙම කමෙන්ට් කරපං රිදෙන එක ගැනයි තණකොල ගැනයි.. එතකොට හරි.. සත්‍යය අවබෝධ වෙයි... පුදුමයි උඹට පොල් පරාලෙ ඉරට්ටෙ ආක්තෝපදේශෙවත් තෙරුම් ගන්න පුළුවන් වුනු එකම ඇති තියෙන නොදියුණු මොලේ හැටියට.. උඹලෑ පැත්තෙ පොල් කෙන්ද කියල පාවිච්චි කරන නිසා වෙන්ටැ මං ඉරට්ටෙ පාවිච්චි කරපු එක වැරදි.. උඹල වගේ කොල කෑලි වල අඳින්නෙ විද්‍යාව කියල හිතං ඉන්න ගොන්නු හින්ද තමා කවද හරි දෙයියො හැදිල තියෙන්නෙ අඳුරු පදාර්ථ වලිං කියල කියන්නෙත්.. කඳ බඩ මෝරල වයසෙ ඉලක්කම ලොකු වුනා කියන්නෙ හෙන බුද්ධිමතා කියල හිතං ඉන්න ගොන්නු..
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    උඹට පුළුවන් ඔච්චර තමා.. රිදිල්ලයි, තණකොලයි විතරයි.. ෆැක්ට් කන්සෙප්ට් වෙන් කල්ල තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට වඩා පහත් සත්තුන්ගෙන් පරිණාමය වෙච්චි මොලේ නැති කඳ පිරිච්චි මන්ද බුද්ධිකයො.. ඇරිස්ටෝටල්ගෙත් පිළිමයක් හොයාගෙන වැඳපං.. එතකොට උඹට ද්වීකෝටිකයෙන් හිතන එක මදිවට ද්වීකෝටිකය අදහන්නත් ඇහැකි.. ඊට පස්සෙ උඹේ නොදියුණු මොලේට තේරුම් ගන්න බැරි දෙයක් හම්බවෙන හැමවෙලාවෙම කමෙන්ට් කරපං රිදෙන එක ගැනයි තණකොල ගැනයි.. එතකොට හරි.. සත්‍යය අවබෝධ වෙයි... පුදුමයි උඹට පොල් පරාලෙ ඉරට්ටෙ ආක්තෝපදේශෙවත් තෙරුම් ගන්න පුළුවන් වුනු එකම ඇති තියෙන නොදියුණු මොලේ හැටියට.. උඹලෑ පැත්තෙ පොල් කෙන්ද කියල පාවිච්චි කරන නිසා වෙන්ටැ මං ඉරට්ටෙ පාවිච්චි කරපු එක වැරදි.. උඹල වගේ කොල කෑලි වල අඳින්නෙ විද්‍යාව කියල හිතං ඉන්න ගොන්නු හින්ද තමා කවද හරි දෙයියො හැදිල තියෙන්නෙ අඳුරු පදාර්ථ වලිං කියල කියන්නෙත්.. කඳ බඩ මෝරල වයසෙ ඉලක්කම ලොකු වුනා කියන්නෙ හෙන බුද්ධිමතා කියල හිතං ඉන්න ගොන්නු..

    හරි බන් මම අයිත් උඹට හරකා කියල කියන්නේ නෑ... මේකත් හිතපන්,,, උබ තවම දන්නේ අන්වීක්ෂයෙන් බලන්න පුළුවන් කුඩාම වස්තුවේ ඉදන් හබල් දුරේක්ෂයෙන් බලන්න පුළුවන් උපරිමය දක්වා පමණයි... හැබැයි අපි හැමෝම දන්නවනේ බන් ඉන් එහාට ගිය දෙයක් තියෙනවා කියලා... මිට අවු 2500 කට කලින් බුදුන් දේශනා කරපුව දැන් ටික ටික විද්‍යාවේ දියුනුවත් එක්ක ඔප්පු වෙමින් පවතිනවා.. තව අවු 50ක් විතර යද්දී තව ගොඩක් දේවල් ඔප්පු වෙයි... එතකල් උබට මොනවා කිව්වත් වැඩක් නෑ... උඹ බලන්නේ අර මම කියපු විදිහට.. එකයි මම අර කිව්වේ..., :)

    මෙතන ඉන්න සමහර හරක් තේරුම් ගන්නේ මෙහෙම... :love:

    ''කවුරු හරි කිව්වොත් ළමයෙක් බෝලයක් ගිලලා මැරිලා කියලා.... ''

    ඔන්න අවාසනාවකට හරකා ඉපදුනා දවසේ ඉදලා දැකල අහලා තියෙන්නේ ෆුට් බෝලේ ගැන විතරයි.... ඔන්න ටික වෙලාවකින් ත්‍රෙඩ් එකට ප්‍රතිචාර දක්වනවා උම්බෑ කියාගෙනම... ඔන්න ඒවගේ හරක් කියන කතා.... සහ කරන තර්ක...

    *** කොහොමද යකෝ බෝලයක් ළමය ගිලින්නේ?????

    ඔන්න මේ හරකාගේ ප්‍රශ්නෙට කවුරු හරි කෙනෙක් උත්තර දීල තේරුම් කරාම හරකා අයිත් උම්බෑ කියනවා...:lol: ඒ පාර මොකද... ඔන්න හරකා අයිත් මෙහෙම කියනවා...:rofl:

    ''***කටේ දත් 32ක් තියෙනවා... දිව තියෙනවා... තොල් 2ක් තියෙනවා... කොහොමද බොලේ කට ඇතුලට දාගත්තේ??? '' :oo:කියල අයිත් අහනවා... :rolleyes:

    ඊටපස්සේ ඉතින් මේ හරකා උම්බෑ කියනවා ඇහිලා කවුරු හරි මේ හරකට තේරුම් කරලා දෙනවා මෙන්න මේ විදිහට....

    ''හරකෝ උබ දැකලා තියෙන්නේ ෆුට් බොල විතරයි.. මේ ලෝකේ තව බෝල වර්ග තියෙනවා ඒකනිසා උබ පොඩ්ඩක් වැඩි දුර අධ්‍යාපනය ලබලා වරෙන්''
    කියලා.....
    :(

    ඉතින් කොහොම හරි හරකා අන්තිමට මස් වෙනවා..ඒත් අපි නම් හරක් මස් කන්නේ නෑ.. :lol::lol: :lol: :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරි බන් මම අයිත් උඹට හරකා කියල කියන්නේ නෑ... මේකත් හිතපන්,,, උබ තවම දන්නේ අන්වීක්ෂයෙන් බලන්න පුළුවන් කුඩාම වස්තුවේ ඉදන් හබල් දුරේක්ෂයෙන් බලන්න පුළුවන් උපරිමය දක්වා පමණයි... හැබැයි අපි හැමෝම දන්නවනේ බන් ඉන් එහාට ගිය දෙයක් තියෙනවා කියලා... මිට අවු 2500 කට කලින් බුදුන් දේශනා කරපුව දැන් ටික ටික විද්‍යාවේ දියුනුවත් එක්ක ඔප්පු වෙමින් පවතිනවා.. තව අවු 50ක් විතර යද්දී තව ගොඩක් දේවල් ඔප්පු වෙයි... එතකල් උබට මොනවා කිව්වත් වැඩක් නෑ... උඹ බලන්නේ අර මම කියපු විදිහට.. එකයි මම අර කිව්වේ...,

    මං හරක කියන වචනෙ අහගන්න අකමැත්තෙ නෙමේ මේව කිව්වෙ.. මේව කියන්න ගිහිං හරකට වඩා හොඳ වචන අහගෙන තියෙනව.. දැන් මං කිව්වද අන්වීක්ශෙන් බලන්න පුළුවන් සිමාවෙයි හබල් එකෙන් බලන්න පුළුවන් සීමාවෙයි අතර තියෙන දේවල් විතරයි සත්‍යය කියල ? මං කිව්වද විද්‍යාත්මකව ඔප්පු කල්ල නැති නිසා දිව්‍යලෝක බොරු කියල ? කියල ඇති නමය දහය වසරවල් වල ඉන්නකොට.. මේ ත්‍රෙඩ් එකේවත් අනික් ත්‍රෙඩ් එකේවත් එහෙම කිසිම දෙයක් කියල නෑ.. මං ප්‍රශ්න කලේ අවුරුදු අසංඛ්‍යයක් ජීවත් වුනු මිනිස්සුන්ගෙ සාක්ශි නැත්තෙ ඇයි කියල.. ඒකට උත්තරයක් හම්බවුනා, බුදු හාමුදුරුවො අන්තඃකල්පය කියල දෙයක් ගැන දේශනා කල්ල නෑ කියල.. ඒ ප්‍රශ්නෙ විසඳුනානෙ ? දැන් මොකක්ද තියෙන ප්‍රශ්නෙ ? නිව්ටන් ගෙ නියම බුද්ධාගමට ගැලපෙන්නෙ නෑ කියල කියල කියපුවනෙ ? ඒක තේරුම් ගත්තෙ විද්‍යාවට බුදු දහම පෑහෙන්නෙ නෑ, බුද්ධාගම කෙප්ප කියනව වගේනෙ ?

    ඉස්සෙල්ල තේරුම් ගන්න බුද්ධාගම ඔප්පු වෙන්නෙ විද්‍යාවෙන් නෙමේ.. විද්‍යාව කියන්නෙ බෞද්ධයො හිතං ඉන්න විදිහෙ තමුන්ගෙ ආගම ඔප්පු වෙන ජාතියෙ සුන්දර දෙයක් නෙමේ.. විද්‍යාවෙ තියෙනව facts කියල දෙයක්.. බුද්ධාගමේ කියපුව සත්‍යය වෙන්නෙ විද්‍යාවෙන් හොයාගන්න ඔය කියන ෆැක්ට්ස් වලිං විතරයි.. ෆැක්ට්ස් කියන්නෙ පරිසිද්ධි.. ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යයක්ෂ වලට.. පොලොව ගෝලාකාරයි කියන එක ෆැක්ට් එකක්.. පොලොව වටේ හඳ කැරකෙනව කියන එක ෆැක්ට් එකක්.. හැබැයි හඳ හැදුනෙ පොලොවෙන් කෑල්ලක් කැඩිල ගිහිං කියන එක ෆැක්ට් එකක් නෙමේ.. විද්‍යාවෙ ෆැක්ට්ස් වලිං බුද්ධාගමේ කියපුව හොයාගනිද්දි, විද්‍යාවෙ තියරි වල යන්නෙ බුද්ධාගමට එහෙම් පිටිංම විරුද්ධ දිහාවක.. ගුරුත්වාකර්ශණය කියන්නෙ ෆැක්ට් එකක් නෙමේ.. කිසිම මනුස්සයෙක්ට ගුරුත්වාකර්ශණය ගෝචර වෙන්නෙ නෑ.. බලය කියන්නෙත් ෆැක්ට් එකක් නෙමේ.. කිසිම මනුස්සයෙක්ට බලයක් ගෝචර වෙන්නෙත් නෑ.. සරල රේඛාවත් ෆැක්ට් එකක් නෙමේ.. සරල රේඛාවක් දැකපු අහපු මොනම ඉන්ද්‍රියයකට හරි සරල රේඛාවක් ගෝචර වුනු මිනිහෙක් ගැන අහල තියෙනවද ? සරල රේඛාවක් කියන්නෙ ගුරුවරු කියා දෙන ජාතියෙ ලස්සනට කොල කෑල්ලක ඇඳපු තනි කෙලින් පෑන් ඉරක් නෙමේ.. කලින් ත්‍රෙඩ් එකේදි වුනේ ඕක තමා.. එතන ඉඳපු මිනිස්සු බහුතරය හිටං ඉන්නෙ සරල රේඛාවක් කියන්නෙ කොල කෑල්ලක ඇඳපු ඉරිකෑල්ලක් කියල.. උන් එතනිං එහාට හිතන්නෙත් නෑ.. උන්ට වඩා මගෙ වයස කියන ඉලක්කම අගයෙන් අඩු නිසා මං කියන දෙයක් පිළිගන්නෙත් නෑ.. රිදෙන එකයි තණකොලයි මතක් කරන එක විතරයි කරන්නෙ.. සරල රේඛාව කියන්නෙ දිගක් විතරක් තියෙන උසක්වත් ගැඹුරක්වත් නැති දෙයක්.. කොලේ අඳින සරල රේඛාවටත් උසක් තියෙනව.. මයික්‍රොමීටරයක හරි උසක් තියෙනව.. හැබෑ ලෝකෙ කොහෙදිවත් අපි දිගක් විතරක් තියෙන දේවල් දකින්නෙ නෑ.. දිගක් විතරක් තියෙන සරල රේඛාව ප්‍රශ්න විසඳන්න මිනිසා විසින් හදාගත්තු වියුක්ත සංකල්පයක් විතරයි.. abstract concepts කිව්වෙ ඕව.. වියුක්ත කියන්නෙ හිතෙන්වත් මවාගන්න බැරි දේකට.. මලක් හිතෙන් මවාගත්තෑකි.. ඒත් දිගක් විතරක්ම තියෙන සරල රේඛාවක් හිතෙන්වත් මවාගන්න බෑ.. පෑන් ඉරේම හීණි වර්ශන් එකක් මැවෙනව විතරයි..

    බුද්ධාගමේ ඔහොම ප්‍රශ්න විසඳන්න බුදු හාමුදුරුවො හිතෙන්වත් මවාගන්න බැරි බලය, ලක්ෂ්‍යය සරල රේඛා වගේ දේවල් ගෙතුවෙ නෑ.. බුදු හාමුදුරුවො කිව්වෙ බුදු හාමුදුරුවො අවබෝධ කරගත්තු දේ විතරයි.. බුදු හාමුදුරුවන්ගේ ඉන්ද්‍රියයන්ට අවබෝධ වුනු දේවල් විතරයි..

    ඉතිං හිතෙන් මවාගන්නවත් බැරි වියුක්තයන්ගෙන් ප්‍රශ්න විසඳන විද්‍යාව, අවබෝධ කරගැනීමෙන්, ප්‍රත්‍යක්ෂ කරගැනීමෙන් පමණක් ප්‍රශ්න විසඳන බුද්ධාගම සනාථ කරන්නෙ කොහොමද ? ඒක කවදාවත් වෙන්නෙ නෑ.. නිරීක්ෂණයන් කියන්නෙ විද්‍යාව නෙමේ.. තවත් එක් සුළු කොටසක් විතරයි.. ඔය නිරීක්ෂණයන් එක්ක විතරයි බුද්ධාගම ගැලපෙන්නෙ.. නිරීක්ෂණයන් තියෙන්නෙත් යම් සීමාවක විතරයි.. විද්‍යාවෙන් ගන්න සමහර නිගමන කිසිම නිරීක්ෂණයක් නැතුව ගන්නව..

    හිතෙන්වත් මවාගන්න බැරි සංකල්ප වලින්, කිසිම නිරීක්ෂණයක් නොගර නිගමන ගන්න විද්‍යාවෙන් කොහොමද අවබෝධය පමණක් තියෙන, ප්‍රත්‍යයක්ෂය පමණක් තියෙන බුද්ධාගම ඔප්පු වෙන්නෙ ?

    ඕක තේරුම් ගන්න බැරුව කී දෙනෙක් තණකොල මතක් කරන්න ඇද්ද ?

    පොසිල කියන්නෙ ෆැක්ට් එකක්.. පොසිලයේ නිර්ණය කරන කාලය ෆැක්ට් එකක්.. ඒත් කාල නිර්ණය කරන්න යොදාගන්න කාබන්14 පරීක්ෂණේදි හදාගන්න කාබන් පරමාණුව සංකල්පයක්..

    පොල් ගෙඩිය වැටෙන එක ෆැක්ට් එකක්, ගුරුත්වාකර්ශණය තියරියක් වෙනව වගේමයි ඒකත්..

    විද්‍යාවෙ (ක්වොන්ටම් භෞතිකේ හැර) බලය යොදන්නේත් නැති, නොයොදන්නේත් නැති අවස්ථා නෑ.. එක්කො බලය යොදනව.. එක්කො බලය යොදන්නෙ නෑ..
    බුද්ධාගමේ මාත් නොවෙන, වෙන කෙනෙකුත් නොවෙන අවස්ථා තියෙනව.. එයත් නොවන වෙන කෙනෙකුත් නොවන අවස්ථා තියෙනව..

    යොදන්නෙත් නැති නොයොදන්නේත් නැති අවස්ථා හම්බනොවෙන ද්වීකෝටික චින්තනයෙන් ගොඩනඟපු නොඩනැඟුනු විද්‍යාවෙන්, මාත්නොවෙන, වෙනකෙනෙකුත් නොවන ද්වීකෝටිකයට එහා ගිය චතුස්කෝටික චින්තනයක් තියෙන බුද්ධාගම කොහොමද ඔප්පු වෙන්නෙ ?
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි


    ඉස්සෙල්ල තේරුම් ගන්න බුද්ධාගම ඔප්පු වෙන්නෙ විද්‍යාවෙන් නෙමේ.. විද්‍යාව කියන්නෙ බෞද්ධයො හිතං ඉන්න විදිහෙ තමුන්ගෙ ආගම ඔප්පු වෙන ජාතියෙ සුන්දර දෙයක් නෙමේ..

    ඉස්සෙල්ලම ඔබතුමා තේරුම් ගන්න මම මෙතන බුද්ධාගම ඔප්පු කරන්න ගියේ නෑ...බුද්ධාගම වෙනත් ආගම් එක්ක සමාන කරලා අනිත් ආගම් යට ගහන්න ගියේ නෑ... මෙතන මම පෙන්නන්න හැදුවේ තථාගතයන් වහන්සේ තුල තිබු නුවණ... එහෙමත් නැත්තම් ඥාණය කෙතරම් පුලුල්ද කියල පෙන්නන්නයි උන්වහන්සේ විශ්වය පිළිබඳව කල දේශනා ගෙන හැර දැක්වුයේ... මෙතන ආගමික සංකල්ප නෙවෙයි ඔප්පු කරන්න ගියේ... මෙතන මම කිව්වේ සියලු සත්වයන්ටම වැඩ ඉහල බුද්ධියක් තිබුණු උසස් හැකියාවන් තිබුණු කෙනෙක් ප්‍රකාශ කරපු දේවල් මොනවද ඒ දේවල් අද වන විට සතයක් වෙලා තියෙනවා කියන දෙයි.. පටලව ගන්න එපා!!! :) :) :)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    විද්‍යාවෙ තියෙනව facts කියල දෙයක්.. බුද්ධාගමේ කියපුව සත්‍යය වෙන්නෙ විද්‍යාවෙන් හොයාගන්න ඔය කියන ෆැක්ට්ස් වලිං විතරයි..

    ඔව් ඔයාම මේ දේ කියපු එක හොදයි... ඔය ඔබතුම කියන ඔය facts වලින්නම් බුදුන් කියපුව සත්‍යයක් වෙන්නේ... එහෙනම් ඔබතුම ඔය කියන විද්‍යාවෙන්ම බුදුන් කියපු දේවල් බොහොමයක් දැනට සත්‍ය වෙලා තියෙනවා කියල පිළිගන්න වෙනවා.. දැනට කියල කිව්වේ ඉස්සරහට තව දේවල් සත්‍ය වෙයි...:)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    විද්‍යාවෙ ෆැක්ට්ස් වලිං බුද්ධාගමේ කියපුව හොයාගනිද්දි, විද්‍යාවෙ තියරි වල යන්නෙ බුද්ධාගමට එහෙම් පිටිංම විරුද්ධ දිහාවක..

    විද්‍යාව කියන්නේ එක්තරා විදිහක සත්‍ය සොයා යමක්..... මෙතැනදී බුදු ඇසින් දැකපු විදියත් විදු ඇසින් දැකපු විදියත් දෙකක්... බුද ඇසින් හේතු හා පල මුල්කරගෙන සත්‍ය සොයනවා...විදු ඇසින් කල්පිත හා නිගමන ක්‍රමයකට සත්‍යසොයනවා...බුද්ධදේශනාව එහෙම පිටින්ම විරුද්ධ වෙන්නේ නෑ... ටිකක් වෙනස් වෙනවා...බුදුන් දේශනා කරේ විද්‍යාව සොයන සත්‍ය කවදාවත් හොයල නිම කරන්නබැරි සත්‍යයක්...බුදුහාමුදුරුවෝ ඒක බැහැර කරා...මොකද ඇතිවෙන ඇතිවෙන නැති වෙන දේවල් හොයල වැඩක් නැති නිසා කවදාවත් වෙනස් නොවෙන ඇති වෙන්නේ නැතිවෙන්නේ නැති ස්ථිර වන සතයක් සොයාගෙනයි බුදුහාමුදුරුවෝ ගියේ... ඒ නිවනයි...උතුම් නිර්වාණයයි.... :)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    බුදු හාමුදුරුවො කිව්වෙ බුදු හාමුදුරුවො අවබෝධ කරගත්තු දේ විතරයි.. බුදු හාමුදුරුවන්ගේ ඉන්ද්‍රියයන්ට අවබෝධ වුනු දේවල් විතරයි..

    එහෙම බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ සිත දියුණු කරලා කියන එකත් මතක තිය ගන්න...:)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි


    යොදන්නෙත් නැති නොයොදන්නේත් නැති අවස්ථා හම්බනොවෙන ද්වීකෝටික චින්තනයෙන් ගොඩනඟපු නොඩනැඟුනු විද්‍යාවෙන්, මාත්නොවෙන, වෙනකෙනෙකුත් නොවන ද්වීකෝටිකයට එහා ගිය චතුස්කෝටික චින්තනයක් තියෙන බුද්ධාගම කොහොමද ඔප්පු වෙන්නෙ

    :) :) :) තෙරුවන් සරණයි!!!!

    දිනක් ලක්‍ඛණ තෙරණුවන් සමඟ ගිජ්ජකුට පර්වතයෙන් බැස එන්නා වූ මුගලන් තෙරණුවෝ එක් තැනකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්‍ඛණ තෙරණුවෝ ඒ පිළිබඳව විමසූ කල්හි;
    “ඇවැත්නි, ඔබ වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මේ සුදුසු කාලය නොවේ. එය බුදු රජාණන් වහන්සේගේ ඉදිරියෙහි දී ම මාගෙන් අසන්න.”
    යැයි පවසා දෙදෙනා වහන්සේම බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එවිට ලක්‍ඛණ තෙරණුවෝ;

    “ඇවැන්ති ඔබ වහන්සේ සිනා පහළ කළේ කවර කාරණයක් නිසා දැ”යි ඇසූ කල්හි;

    “ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි
    මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;


    “මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේ ය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.”

    ආදී වශයෙන් දේශනා කොට ප්‍රේතයෙකු වී උපත ලැබීම සඳහා ඔහු විසින් කරන ලද අකුසල කර්මය දේශනා කොට වදාළහ.....

    මේ අවස්ථාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මෙන්න මේ ටික....

    ''
    එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි...''
    අපිත් හරිනම් මේ දේවල් නොකිය ඉන්න ඕනේ... සාක්ෂි කාරයෝ ඕනේ අපේ එඋන්ට ඔප්පු වෙන්න... එක නිසා අපිත් ඒ අයට අනුකම්පාව දක්වන්න ඕනේ... එදා ඒ අවස්ථාව අද සමාජයටත් හොදට ගැලපෙනවා...:)

     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    වෙනස..! :rolleyes:


    1959617_611563142242675_18453467_n.jpg
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    වෙනස..! :rolleyes:


    1959617_611563142242675_18453467_n.jpg
    විද්‍යාව කියන්නේ එක්තරා විදිහක සත්‍ය සොයා යමක්..... මෙතැනදී බුදු ඇසින් දැකපු විදියත් විදු ඇසින් දැකපු විදියත් දෙකක්... ටිකක් වෙනස් වෙනවා...බුදුන් දේශනා කරේ, විද්‍යාව සොයන සත්‍ය කවදාවත් හොයල නිම කරන්නබැරි සත්‍යයක්...බුදුහාමුදුරුවෝ ඒක බැහැර කරා...මොකද ඇතිවෙන ඇතිවෙන නැති වෙන දේවල් හොයල වැඩක් නැති නිසා කවදාවත් වෙනස් නොවෙන ඇති වෙන්නේ නැතිවෙන්නේ නැති ස්ථිර වන සතයක් සොයාගෙනයි බුදුහාමුදුරුවෝ ගියේ... ඒ නිවනයි...උතුම් නිර්වාණයයි....
     
    Last edited:

    Similar threads