සබ්බ පාපස්ස අකරණං....
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
ඒතං බුද්ධානුශාසනං.....
සියළු පාපයන්ගෙන් මිදී
කුසලයට සිත යොදා...
සිත පිරිසිදු කොට දමනය කරගන්න...
ඒ සියළු බුදු වරුන්ගේ අනුශාසනයයි...
බුදුසරණයි
bump
හැමෝම මම කියා කෙනෙක් නැහැය මේ නිසා ඉස්රහටත් මම නැහැ පස්සටත් නැහැ කියලා යම් දුර්මතයක් හදාගෙන ඉන්නවා. මේක ස්වාභාවිකයි. මේකයි බුදු හාමුදුරුවෝ ධර්මයා සර්පයා හැටියට පෙන්නුවේ. මොකද එක දුර්මතයකින් සියල්ල කනපිට හැරෙන්න පුළුවන්. බුදු දහම බුද්ධියේ දහම වුනාට තර්කයේ දහම නොවෙන බව මතක තියා ගන්න. මොකද අපි හැමෝම යන්නේ දැනට අපි අතර කිසිවකුත් නොගිය පාරක. අළුත් අත් දැකීමක්. තර්කය තියෙන්නේ පරණ මතක දැනුම එක්ක. මේක අළුත් නිසා දැනුම තවම නැති නිසා තර්කය වරදිනවා. මේනිසයි බුදු දහම ප්රත්යක්ෂ කිරීමෙන් පසු ප්රත්යක්ෂ කල දේ තර්කනය කරන්නේ.
මම කියන කෙනා නැතිවන්නේ බෞතිකමය විදියට සිතිවිලි විදියට වෙනස් වෙන්නේ නැහැ. මොකද ජනක සිත ජීවිතය පුරාම ඒ ආකාරයෙන්ම පවතිනවා. වෙනස් වෙන්නේ ජවන සිත විතරයි. නිවන කියන්නේ ජනක සිත නැති කරන ක්‍රමය සොයා ගැනීම. මේ ක්‍රමයට නූපන් සිතිවිලි පාලනය කරන්න ලැබෙනවා. ඒකයි මහ රහතුන් හැමදා සතුටින් ඉන්නේ. ඒකයි උන්වහන්සේලාට උවමනා විට පිරිනිවන් පාන්න පුළුවන්. පිරිනිවන කියලා උන්වහන්සේලා කරන්නේ ජනක සිත නවැත්වීම. මේක සසර ජීවියකුට කරන්න පුළුවන් එක වරයි. මේ නිසා අත්දැකීම් නැති නිසා කාටවත් කියන්න බැහැ. කියන්න පුළුවන් සර්වඥ ඥානය ලබාගත් කෙනකුට විතරයි. ඒ සම්මා සම්බුදු කෙනකුයි.
මමකීවේ මම දන්න තරමට වැරදි ඇත්නම් දන්න වුන් කියන්න

ස්තුති සහෝදරයෝ!!! ඒ කියන්නේ අපි මේ ආත්මයේ කොතරම් පව් කලත් පින් කලත් වැඩක් වෙන්නේ නෑ මම කියන දෙය අතහැරියොත්. හිතෙන විදියට මට, බුදු හාමුදුරුවෝ පින් කරන්න කිව්වේ අපිට මේ මම කියන දෙය අතහරින්න ලේසි නොවන නිසාත් මම කියන දේ රැගෙන යන මීළඟ ලෝකේදීත් මම කියන දේ අතහරින්න මඟ පාදගන්න අවශ්‍ය නුවන/වටපිටාව සකසාගන්න විය හැකියි
![]()
![]()
තෙරුවන් සරණයි!!!!
දිනක් ලක්ඛණ තෙරණුවන් සමඟ ගිජ්ජකුට පර්වතයෙන් බැස එන්නා වූ මුගලන් තෙරණුවෝ එක් තැනකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්ඛණ තෙරණුවෝ ඒ පිළිබඳව විමසූ කල්හි;
“ඇවැත්නි, ඔබ වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මේ සුදුසු කාලය නොවේ. එය බුදු රජාණන් වහන්සේගේ ඉදිරියෙහි දී ම මාගෙන් අසන්න.”
යැයි පවසා දෙදෙනා වහන්සේම බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එවිට ලක්ඛණ තෙරණුවෝ;
“ඇවැන්ති ඔබ වහන්සේ සිනා පහළ කළේ කවර කාරණයක් නිසා දැ”යි ඇසූ කල්හි;
“ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි
මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;
“මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේ ය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.”
ආදී වශයෙන් දේශනා කොට ප්‍රේතයෙකු වී උපත ලැබීම සඳහා ඔහු විසින් කරන ලද අකුසල කර්මය දේශනා කොට වදාළහ.....
මේ අවස්ථාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මෙන්න මේ ටික....
'' එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි...''
අපිත් හරිනම් මේ දේවල් නොකිය ඉන්න ඕනේ... සාක්ෂි කාරයෝ ඕනේ අපේ එඋන්ට ඔප්පු වෙන්න... එක නිසා අපිත් ඒ අයට අනුකම්පාව දක්වන්න ඕනේ... එදා ඒ අවස්ථාව අද සමාජයටත් හොදට ගැලපෙනවා...
සබ්බ පාපස්ස අකරණං....
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
ඒතං බුද්ධානුශාසනං.....
සියළු පාපයන්ගෙන් මිදී
කුසලයට සිත යොදා...
සිත පිරිසිදු කොට දමනය කරගන්න...
ඒ සියළු බුදු වරුන්ගේ අනුශාසනයයි...