බූමිතෙල් කූපන් ෆන්

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    බූමිතෙල් කූපන් ෆන්

    පෙරේදා රාත්‍රී සොනූ නිගම්ගේ කොන්සර්ට් එකේ හූ පාරක් කාලා ඔලුව මඤ්ඤං වෙලා හිටපු අපේ ගරු වීරවංශ තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කඩුවෙල නගරයේ ලොකු උත්සවයක් තිබුනේය. ඒ ජනතාවට බූමිතෙල් කූපන් බෙදා දෙන්ටය. ලේසි පාසු නැත.සමෘද්ධි ආදාර ලබන පවුලකට රුපියල් දෙසීය ගානේම ෂහනාධාරේ දෙනවාය.

    සහනාදාරේ බෙදපු වීරවංශ තුමා කිව්වේ මේ ආණ්ඩුව දුගී දුප්පත් ජනයාට සලකනවාය. වෙන මොන ආණ්ඩුවක්වත් ඒ විදියට දුගීන්ට සැලකුවේ නැතිය. දුගී දුප්පතුන්ට ජීවත් වීම අමාරු නිසා මේ විදියට බූමි තෙල් සහන දෙනවාය ආදි වශයෙනි.

    බලන්ට කොච්චර හොඳ ආණ්ඩුවක්ද කියලා. ඉතිහාසේ වැඩිම ප්‍රතිශතේකින් ඉන්දන මිල වැඩි කරා තමයි. හැබැයි ඒකෙන් දුප්පතුන්ට පාර වැදුනා කියලා දැන ගත්ත ගමන් බෙදුවා කූපන් එකක්. ඉන්දන මිල වැඩි වීම හන්දා දුප්පතුන්ට මූණ දෙන්ට වෙන ඕනෑ ප්‍රස්නෙකට උත්තර මේ කූපන් එකේ තියෙනවා.

    මෙන්න බලන්ට ඒකෙන් කරන්ට පුලුවන් වැඩ.

    1. බස් එකේ යනකොට සීසන් ටිකට් එකක් විදියට පාවිච්චි කල හැකිය. කොන්දොස්තර මහතාට පෙන්වූ විට නොමිලේ යන්ට දෙනු ඇත.

    2. කඩේ ගොස් සීනි, පිටි , හාල් එලවලු මිලට ගැනීමට- මුදලාලි කූපන් එකේ චූටි කැල්ලක් කපා ගෙන බඩු ටික දෙනු ඇත.

    3. කොල්ලාගේ ටියුෂන් ගාස්තු ගෙවීම සඳහා ටියුෂන් මාස්ටර්ට යැවිය හැක.

    4. චැනල් සෙන්ටර් එකේ දොස්තර මහත්තුරු වැඩි කරපු ගාස්තු ගෙවීමට

    5. බාර් එකට ගොස් අඩියක් වුනත් ගහන්ට පාවිච්චි කරන්ට හැකිය. ( මල් මිටියක් වුනත්)

    කෙටියෙන් කිව්වොත් වීරවංශ මහත්තයා මේ බෙදපු කූපන් එක සුරබි දේනුව වගේය. ( වීරවංශ මහත්තයාගේ සුරබි දෙන නොවේය). හිතු හිතු සම්පත් දූප්පතුන්ට දෙනවාය.ඒක නිසා දැන් ඔය බටහිර බලවේග වල අතකොලු නොවී, එන් ජී ඕ කාරයෝ ලෑස්ති කරන දේශද්‍රෝහි උද්ඝෝෂණ වලට නොගොහින් ගෙවල් වලට වී , උස්මුරුත්තේ හැදෙන්ට කූපන් හාලේ බත් කා නිදා ගන්ට ඕනෑය.

    ප.ලි. – නිදන්ට කලින් මතක් කරලා කුප්පි ලාම්පුව නිවා ගන්ට ඕනෑය.

    ප.ප.ලි- ඔය කූපන් එකේ කෑල්ලක් රෙදි කෑල්ලක ගැට ගහලා මේ ජනහිතකාමි ආණ්ඩුව ආරක්සා කරලා දෙන්ට කියලා කැබලිත්තේ දෙවියන්ට බාරයක් වෙන්ට අමතක කරන්ටත් එපාය.