බූරුවන් ඇදගෙන යන ජගුවර් Car eka

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    බූරුවන් ඇදගෙන යන ජගුවර් Car eka

    පවුම් 53000 ක් (රුපියල් 11713000) ගෙවා මිලදී ගත් ජගුවර් වර්ගයේ සුපිරි මෝටර් රථය නොනවත්වාම ‘‘ලෙඩ‘‘ දීම නිසා අලූත්වැඩියා කරමින් කාලය කා දමනවාට වඩා බූරුවන් එය ඇදගෙන යන ව්‍යාපාරිකයෙක් ඉන්දියාවේ සිටී.
    රාහුල් තක්රියම් නම් වන මේ ව්‍යාපාරිකයා තම සිහින මෝටර් රථය වුණු මේ ජගුවර් මෝටර් රිය මිලදී ගෙන ඇත්තේ මෑතකදීය.මිලදී ගත් දිනයේ පටන් ගරාජ ගානේ යනවා විනා තමන් කළ අන් දෙයක් නැතැයි ඔහු කියයි.
    ‘‘ගෙනල්ලා දවස් කිහිපයකින් විදුලි පහන් වැඩ කරන්නේ නැතිව ගියා.ගිහිල්ලා හදන් ආවා.ආයේ ටික දවසකින් ඉස්සරහා බම්පරය කඩා වැටුණා.ආයේ හදන්න ගියා.ඊළගට පණ ගැන්වෙන්නේ නැතිව ගියා,ඔය විදිහට දවසින් දවසට එක එක ලෙඩ.‘‘ ඔහු පවසයි.
    ‘‘මගේ පවුලේ අය කියනවා ඕක ගත්තට වඩා හොදයි බූරු කරත්තයක් ගත්තා නම් කියලා.ඉතින් මමත් කල්පනා කළා කාරයෙන් වැඩක් ගන්නත් බැරි එකේ ඒකට බූරුවන් හරි දාලා ඇදගෙන යනවා කියලා‘‘
    ‘‘ජගුවර් කරත්තය‘‘ ගැන ඇසූ ඉන්දියාවේ ජගුවර් මෝටර් රථ සමාගමේ නියෝජිතයින් ගැටලූව විසදා දීමේ අරමුණින් රාහුල් හා සාකච්ඡා පවතවමින් සිටින්නේයැයි සදහන්ය.



    article-2655098-1EA991DE00000578-421_634x474.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්දියන් කාරයන්ගේ දැනුම මොනවට පැහැදිලි වෙන තවත් අවස්තාවක්
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉන්දියන් කාරයන්ගේ දැනුම මොනවට පැහැදිලි වෙන තවත් අවස්තාවක්

    (labeta hadaganna yanna ati winkalekata thibba salli okkoma wiyadam karala car eka ganna ati :p :p)
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඕකට දැන් ජගුවර් කියන සතාගේ නම ගැලපෙන්නේ නෑ බං.ඕකට කියන්ඩ වෙන්නේ බූරුවා කියලා තමයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්දියන් කාරයන්ගේ දැනුම මොනවට පැහැදිලි වෙන තවත් අවස්තාවක්

    (labeta hadaganna yanna ati winkalekata thibba salli okkoma wiyadam karala car eka ganna ati :p :p)

    ඔව් ජගුවර් එක කැඩිල නෙවෙයි මූට තෙල් ගහන්න සල්ලි නැතුව ඇති :lol: