හිතනවාට වඩා වෙනස් bruce lee
"බෘෘස් ලී" කියන නම ඇහුණාම ඔබට එක්වරම මතක් වෙන්නේ මොනවාද? ඔව්... ඔබ හිතුවා හරි. ආත්මාරක්‍ෂක සටන් ක්‍රම. ඒත් එක්කම ඔහු රඟපෑ චිත්‍රපට, ඔහු විසින් සොයා ගන්නා ලද "ජිට් ක්වාන් ඩූ" කලාව වගේ දේවලුත් සිහිවෙනවා. නමුත් බෘෘස් ලී යනු කවියෙක්, ලේඛකයෙක්, එසේම දර්ශනිකයෙක් කියලා කිව්වොත් ඔව්... ඔබ පුදුම වෙන බවට හොඳටම විශ්වාසයි.
බෘෘස් ලී දර්ශනය හදාරන්න යොමු වෙන්නේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේදී. ඔහු දර්ශනය විෂයක් විදියට වඩාත් උනන්දුවෙන් ප්‍රගුණ කරනවා. ඒ වගේම බුද්ධ ධර්මයත් හදාරනවා. ඕනෑම විෂයක් වඩ වඩාත් ප්‍රගුණ කිරීමෙන් ඒ පුද්ගලයාට ස්වයං ඥානය ඇති කරගන්න පුළුවන් කියලා බෘෘස් ලී විශ්වාස කළා. බෘෘස් ලී දර්ශනය ගැන විශේෂයෙන් පොත් පත් ලියලා නැති වුණත් (ඔහු ලිව්වේ සටන් ක්‍රම සහ ආත්මාරක්‍ෂක සටන් කලාව ගැන) ඔහු විසින් මාධ්‍ය සාකච්ඡාවලදී ඉගැන්වීම් අතරතුර දී පළ කළ අදහස් මඟින් ඒ දාර්ශනිකත්වය කැපී පෙනෙනවා.
ඇත්තටම ඒ අදහස්වලට අපේ ජීවිතේට විශාල බලපෑමක් කරන්න පුළුවන් කියලා බොහෝ දේ දැනගත්තට පස්සේ ඔබටත් අවබෝධ වේවි.
කෙනෙක් තමන්ගේ අරමුණු කරා ළඟා විය යුත්තේ කොහොමද කියන එක ගැන ඔහු මෙහෙම කියනවා. "අපේ ජීවිතයේ අරමුණු සඳහා අපි සීමාවක් තබා ගත යුතු නැහැ. මොකද ජීවිතේ හරියට එක සමාන උසකින් තිබෙන භූමියක් වගේ. අපි එක තැන ඉන්න අවශ්‍ය නැහැ. අපි එහි කෙළවරක් හමුවෙන තුරුම ගමන් කළ යුතුයි."
ජීවිතේ අපට එන අභියෝගවලට, ප්‍රශ්නවලට මුහුණ දීම ගැන බෘෘස් ලී මෙන්න මෙහෙම කියනවා.
"ජීවිතේ ලබා ගත යුතු දෙයක් ගැන අපි වුවමනාවට වඩා කල්පනා කරනවා නම් ඒ දෙය කිසි දවසක අපට ලබා ගන්න බැහැ. හිතලා බලන්න ලෝකයේ සාර්ථක වුණු ගොඩක් මිනිස්සු ගැන. ඒ අය අතිශය බුද්ධිමතුන් නෙවෙයි. වුවමනාවට වඩා අපි දෙයක් ගැන හිතුවොත් ඒ දේ ගැන අපි තීරණය කරන්න ගණනය කරනවා, ගොඩාක් පරෙස්සම් වෙනවා. අන්තිමට ඒ හින්දාම අපට ඒ දේ නැති වෙනවා."
අද අපි ජීවත් වෙන්නේ හුඟක් තරගකාරී, කලබලකාරී, වේගවත් සමාජයක. ඒ වේගය අපේ ජීවිතේ ඉගෙනීම, විවාහය, රස්සාව වගේ හැම දේකටම බලපෑම් කරනවා. මේකට ලී දෙනවා ලස්සන උත්තරයක්.
"මම කවදාවත් අවස්ථා ලැබෙන කල් ඉන්නේ නැහැ. මම කරන්නේ අවස්ථා හදා ගන්න එකයි."
මඟහැරුණු අවස්ථා නිසා අඬා වැටෙන අයටත්, නොලැබෙන අවස්ථා හරි අවස්ථාවක් කකුල් දෙක ළඟට එනකල් බලන් ඉන්න අයටත් මේ අදහසින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
ස්වයං විවේචනය ගැන ලී නිතරම කතා කළා. ඇත්තටම එය ඉතා වැදගත් දෙයක්. මොකද අපි හුඟක් වෙලාවට කැමැති අපේ වරදින්, අඩුපාඩුවකින් වුණු දෙයක් වෙන කෙනෙක්ගේ පිට පටවන්න. ඒක සාර්ථක දෙයක් නෙවෙයි. බෘෘස් ලී හිතන විදියට කෙනෙක්ට තමන් වෙනුවෙන් ලබා ගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය තමයි ස්වයං විවේචනය කියන එක.
බෘෘස් ලී එදා මෙදා තුර බිහිවුණු
විශිෂ්ටතම ආත්මාරක්‍ෂක සටන් ශිල්පියා කිව්වොත් එහි කිසිම වරදක් නැහැ. එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී ඔහුගෙන් අහනවා දක්‍ෂ සටන්කරුවෙක් වීමේ රහස මොකද්ද කියලා. හිනාවෙමින් ඔහු දුන්නු උත්තරය තමයි "සාමාන්‍ය ඇඟක් සහ ලේසර් කිරණයක් වැනි තියුණු දැක්මක් පමණයි."
ස්වයං ඥානය ඇති කරගැනීම සහ කිසියම් ක්‍ෂේත්‍රයක පරතෙරට යන තෙක් හැදෑරුවහොත් එහි විශිෂ්ටයකු විය හැකි බව ඔහු තදින්ම විශ්වාස කළා. ඒ වගේම මිනිහෙක් සාර්ථක වෙන්න නම් ඔහු තමන්ට ගැළපෙන දේ මොකද්ද කියලා හොයා ගෙන එය ප්‍රගුණ කරන්න ඕන කිය දේත් විශ්වාස කළා. ඒ කියන්නේ "රැල්ලට" යමක් කිරීම නිෂ්ඵලයි කියන එක. මේක තාමත් ලංකාවේ ගොඩක් අපට නොතේරෙන දෙයක්.
ශක්තිමත් ඇඟත්, ආත්මාරක්‍ෂක සටන් විශිෂ්ට ලෙස ප්‍රගුණ කිරීමත් යන කාරණාවන්ට වඩා බෘෘස් ලීගේ දාර්ශනිකත්වය ඔහුගේ චරිතයට එකතු කරන්නේ පුදුමාකාර ලස්සනක්, ගැඹුරක්, ඔහුගේ එක කියමනක අපට හිතන්න දේවල් රාශියක් තියෙනවා. හැමෝම හිතන්නේ බෘෘස් ලී වගේ ගහගන්න විතරයි. කවුරුත් ඒ වගේ "හිතන්න" කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා බෘෘස් ලීගේ නියම වටිනාකම වෙනුවට ගොඩක් තැන්වල කතා වෙන්නේ සරල දේවල්. ඇත්තටම ඒකෙන් වෙන්නේ බෘෘස් ලීව කාර්ඩ්බෝඩ් වීරයෙක් වෙන එක.
කසුන් චාමර මුණසිංහ