බෙදුම්වාදයේ සංරචක

බෙදුම්වාදයේ සංරචක

බුකියෙන් හොයාගත්තේ.....ජනාධිපතිවරණයට කලින් ලියපු එකක්..අදට අදාළයි කියල හිතුන නිසා දැම්මා....මමත් මෛත්‍රිට දුන්නේ...හැබැයි මේක කලින් කියෙව්ව නම් දෙන්නේ මහින්දට

2015 ජනාධිපතිවරණය සහ බෙදුම්වාදයේ දේශපාලන සංරචකය
--------------------------------------------------------------------------
"රනිල් වික්ර-මසිංහ අගමැති ධූරය දරන ආණ්ඩුවකින් පහසුවෙන් බෙදුම්වාදයේ දේශපාලන සංරචකය දැනට වඩා සිය ගුණයකින් ශක්තිමත් විය හැකි බව අපේ හැගීමය. එහි පළමු පියවර 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්රිගයාත්මක කිරීම (ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබා දීම), උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණඩුකාරවරුන් මාරු කර බෙදුම්වාදයට හිතැති පුද්ගලයන් පත් කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලින් හමුදාව ඉවත් කිරීම වැනි දෑ විය හැකිය. ඇත්තටම මේ ඉල්ලීම් කාලයක පටන් ඉදිරිපත් වෙයි. පාර්ලිමේන්තු ක්රඉමය යටතේ එන රනිල්ගේ ආණ්ඩුවක්, විධායක ක්රආමය යටතේ ඇති මහින්දගේ ආණ්ඩුවකට වඩා මේ ඉල්ලීම්වලට එකග වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. මෙහි ඊළග පියවර අභ්යලන්තර ස්වයං පාලනය ඉල්ලීමයි. මේ අභ්ය්න්තර ස්වයං පාලනය අවුරුදු කිහිපයකින් ජනමත විචාරණයකින් වෙන් වීම පහසුවෙන්ම සිදුවිය හැක්කකි. චන්ද්රිිකාගේ පැකේජයේද එවැනි යෝජනා අන්තර්ගතව තිබිණි. ඇත්තවශයෙන්ම චන්ද්රි කා මෛත්රි පාලගේ මාධ්යව සාකච්ඡාවේදී තම පැකේජය ගැනද කිහිපවරක්ම මතක් කිරීම බළලා මල්ලෙන් එළියට පැනීමකි (මාධ්යි සාකච්ඡාවේදී ඇගේ එක් විවේචනයක් වූයේ මහින්ද මේවා ගැන ප්රලමාණවත් උනන්දුවක් නොදැක්වූ බවය). එසේම පොදු අපේක්ෂකයාගේ එකගතාවය අත්සන් කරන රැස්වීමේදී චන්ද්රිාකා කලකට පසු පොදු අපේක්ෂකයා මාර්ගයෙන් ‘සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන එක්සත් ලංකාවක්‘ පිහිටුවන බවට ප්රුතිඥා දුන්නාය. පොදු අපේක්ෂකයාගේ කර මතින් බිහිවන නව ආණ්ඩුව ඒකීය රාජ්යකය වෙනුවෙන් පෙනී නොසිටින බව පැහැදිලිය.
මේ ආකාරයට පියවරෙන් පියවර වෙනම රාජ්ය් බිහිවීම හිතලුවක් නොවන අතර නෝර්වේ මැදිහත්වීමෙන් දකුණු සුඩානයේද, එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමේන් නැගෙනහිර ටිමෝරයේදී සිදු වූයේ මේ ආකාරයට ස්වයං පාලනය සහ ජනමත විචාරණ හරහා වෙන්වීමකි. එම රාජ්ය්ය ඊශ්රායයල පන්නයේ දෙමළ ෆැසිස්ට්වාදී රාජ්යනයක් වනු ඇති. එම නව රාජ්යනය විසින් දේශසීමා පුළුල් කිරීම සහ ජනපදකරණය හරහා ලංකාවේ ඉතිරි ටිකත් ගිල ගැනීම හෙවත් ලංකාව දකුණු ආසියාවේ පලස්තීනය බවට පත්වීම කාලය පිළිබද ප්රුශ්නයක් පමණි. චෙල්වනායගම්ගේ ‘දැන් ටිකක්, පසුව හුගක්‘ න්යාරය චෙල්වනායගම්ට පමණක් අනන්යත වූවක් නොවේ. ඇත්ත වශයෙන්ම දෙමළ වර්ගවාදීන්ට මුලින්ම අවශ්යන වූයේ මධ්යගයේ එනම් ලංකා රාජ්ය යේ බලය ලබා ගැනීමය. ජී.ජී. පොන්නම්බලම් රාජ්යව මණ්ත්ර ණ සභාවේ 50ට 50 බලය ඉල්ලුවේ (මෙහිදි ඔහු කරේ සිංහල 50ක් සහ දෙමළ 50ක් ඉල්ලීම නොව දෙමළ 50ක් සහ සිංහල ඇතුළු අන් සියල්ලන්ටම 50ක් ඉල්ලීමකි) උතුරු නැගෙනහිර දෙපළාතට නොව මුළු ලංකාවටමය. චෙල්වනායගම් උතුරු නැගෙනහිර පළාත් සදහා වූ දෙමළ රාජ්යඉයක් යන ඉල්ලීමට පසු බැස්සේ සර්වජන ඡන්ද බලය ලැබිමත් සමග රාජ්යු මණ්ත්ර ණ සභාවේ බහුතරය සිංහල වූ පසු තව දුරටත් මධ්ය යේ බලය ලබා ගැනීම ප්රා යෝගික නොවන බව පැහැදිලි වූ පසුවය. යම් හෙයකින් උතුරු නැගෙනහිර දෙමළ රාජ්යසය සාක්ෂාත් වුවහොත් දෙමළ වර්ගවාදීන් නැවතත් මුලටම යනු ඇත. බෙදුම්වාදීන් සහ වර්ගවාදීන් කප්පම්කරුවන් වැනිය. කප්පම් දීමෙන් කප්පම්කරුවන් සැනසිය හැකියැයි යමෙක් සිතන්නේ නම් ඒ මුළාවකි. එයින් සිදුවන්නේ කප්පම්කරුවන් වඩාත් ධෛර්යමත් වී වඩ වඩාත් කප්පම් ඉල්ලීම සහ ලබාගැනීම පමණය. "

 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මමත් මෛත්‍රිට දුන්නේ...හැබැයි මේක කලින් කියෙව්ව නම් දෙන්නේ මහින්දට :rofl::rofl::D:D:lol::lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් ඉතිහාසෙ ඉදල රටට හොදක් කරපු එවුන් නෙවෙයි.... එන් ජී ඕ ඩොලර් වලට ආත්මය පාවාදිපු එවුන්