බෙන්ස්‌ දෙකක්‌

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බෙන්ස්‌ දෙකක්‌

    ලොක්‌කන් "දෙකක්‌" සහ බෙන්ස්‌ දෙකක්‌!

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැරදවීම සඳහා එකතුව සිටින පිරිස ගැන කල්පනා කරන විට දේශපාලනය ගැන හටගන්නේ පුදුමයකි. උදාහරණයක්‌ ලෙස මාදුළුවාවේ සෝභිත හිමි සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගනිමු. 1994 දී චන්ද්‍රිකා බලයට ගෙන එනු පිණිස සෝභිත හාමුදුරුවෝ මහත් දායකත්වයක්‌ ගෙන දුන්හ. එහෙත් බලයට පැමිණි පසු සෝභිත හාමුදුරුවන් කැමති පරිදි රට ආණ්‌ඩු කිරීමට අකමැති වූ චන්ද්‍රිකා උන්වහන්සේට බණින්නට පටන් ගත්තාය. චන්ද්‍රිකා තරහ කර ගැනීම, මංගල තරහ කර ගැනීම තරමටම නරක වැඩකි. අමනාප වූ පසු චන්ද්‍රිකා ඇතැම් විට සෝභිත හිමියන් හඳුන්වන ලද්දේ ".... කවුද මේ...අර...අර හාමුදුරුවෝ...·" යනුවෙනි. තම දරුවන්ට ආණ්‌ඩුවේ පාසලක්‌ ලබා දීමට අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේදී රනිල් උදව් නොකළේ යෑයි චන්ද්‍රිකා ප්‍රසිද්ධියේම කී අවස්‌ථා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ ආණ්‌ඩුවට 2002 දී බාල්දියක්‌ පෙරළා එය විසුරුවා හැරියේද චන්ද්‍රිකාය. ජනතා විමුක්‌ති පෙරමුණ සහ රනිල් අතර ලොකු අවුලක්‌ තිබිණි. එයට ප්‍රමුඛ හේතුව 88 - 89 දී ජ.වි.පෙ. සමූල ඝාතනය කළේ එජාපය වීමය. එහෙත් ජනාධිපති මහින්ද පැරදවීමට එජාපය හා එකතු වීමට අද ජ.වි.පෙ. කැමතිය. මෙය තමයි දේශපාලනයේ ස්‌වභාවය. අවසානයේදී "පොදු අපේක්‍ෂක" නමැති බිලී කොක්‌කට කරු ජයසූරිය මහතා අමුණන්නට යන බව දැන ගන්නට තිබේ.

    ඉහත සඳහන් ඡේදය දෙලොවටම පලක්‌ නැති බව අපිද දනිමු. කවුරු දිනුවත් මිනිස්‌සු පරාදය. ඒවා පැත්තකට දමා වඩා වැදගත් පුවතක්‌ ගැන කතා කරමු. ඒ පුවත ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව ගැනය. ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහත ගොස්‌ තිබෙන නිසා ඛනිජ තෙල් සංස්‌ථාව තෙල් මිල අඩු කරන්නට යන බව ඔබ දැන් හිතනවා ඇති. එහෙත් එබන්දක්‌ සිදු නොවේ. අපි ඔබට කියන්නට යන්නේ ඛනිජ තෙල් සංස්‌ථාවේ ලොකුම ලොක්‌කකුගේ (Transport) හෙවත් ප්‍රවාහනය ගැනය. රුපියල් කෝටි දෙකහමාරක්‌ වැය කර මේ ලොක්‌කාට බෙන්ස්‌ රියක්‌ ගෙන්වීමට කටයුතු යොදා තිබෙන අතර තවත් තෙල් ලොක්‌කෙකුට ඇනවුම් කළ බෙන්ස්‌ රියක පහසුකම් මදි බව කියා වඩා හොඳ රියක්‌ ගෙන්වන්නට යන බව දැන ගන්නට තිබේ. මේ මොන මඟුලක්‌ද? වැඩට යන එන කාර් එකේ රෝද කැරකුණාම මදිද? ඛනිජ තෙල් ලොක්‌කන් දිනපතාම උදේ, ගොඩබිම් මාර්ග දිගේ ප්‍රංශය, එංගලන්තය වැනි රටවලට රස්‌සාවට යන අයනම් බෙන්ස්‌ රියේ යම් යම් පහසුකම් තිබුණාට කමක්‌ නැත. කෑම පිස ගැනීමට හට්‌ටි මුට්‌ටි සහ රබර් දර හොණ්‌ඩර භාගයක්‌, වතුර නෑමට බාල්දියක්‌, කුණු අතුල්ලා ගැනීමට පොල් ලෙල්ලක්‌ සහ මගදී කෙටි කෑම (Shorteats) වශයෙන් ගැනීමට තණකොළ ස්‌වල්පයක්‌ වැනිදැ ගබඩා කර ගැනීමට පහසුකම් තිබුණාට කමක්‌ නැත. ඒ හැරෙන්නට නැවක හෝ යුද ටැංකියක තිබෙන පහසුකම් කොළඹ සිට දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් ප්‍රධාන කාර්යාලයට එන අයට වැඩක්‌ නැත. පහසුකම් අත්‍යවශයම නම් මේ දෙදෙනාට ලියර් ජෙට්‌ යානා දෙකක්‌ අරගෙන දුන්නොත් නරකද? අප නිකමට වගේ අහන මේ ප්‍රශ්න ගැන වරදවා නොසිතන්න.

    ඛනිජ තෙල් සංස්‌ථාව 1977 දක්‌වා ඉමහත් ලාභ ලද ආයතනයකි. 1977 න් පසුවද ඉමහත් ලාභ ලද ආයතනයකි. එහෙත් 1988 පමණ වන විට එහි ආර්ථිකය අඳුරු විය. අද වන විට ඛනිජ තෙල් සේවකයන්ට අතිකාල වියදම් ගෙවීමට පවා එම සංස්‌ථාවට බැරිය. ඉතින් කොහොමද බෙන්ස්‌වලට සල්ලි යට කරන්නේ? බිය නොවන්න. අතිකාල කොහොම වෙතත් බෙන්ස්‌ ගෙන්වන එකනම් ස්‌ථිරය.


    දිවයින කතුවකියෙනි
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බිය නොවන්න. අතිකාල කොහොම වෙතත් බෙන්ස්‌ ගෙන්වන එකනම් ස්‌ථිරය :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    යුද්දේ දිනපු නිසා එකට හව්ල් උණ උන් අපිව මැරුවත් කමක් නෑ බං යුද්දේ දින්නනේ