බෙන්ස් බඳෙනුත් එළිය ගනී

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    බෙන්ස් බඳෙනුත් එළිය ගනී

    mercedes-benz-vision-g-code-multi-voltaic-concept-car-640x356.jpg


    හරිත විප්ලවයකට යමින් සිටින ගමනට තවත් අලූත් දෙයක් එක් කරමින් බඳෙහි ආලේප කර ඇති තීන්ත වලින් පවා බලය සැපයෙන අපූරු මෝටර් රථයක් බෙන්ස් සමාගම පසුගියදා එළිදැක්වූවේය.
    මෙම රථයට ආලේප කර ඇති තීන්ත හිරු එළියෙන් ශක්තිය උරා ගන්නේයැයි පැවසෙන අතර එම ශක්තිය විද්‍යුතය බවට හරවා රථයේ එන්ජිම පණගැන්වීමට යොදාගන්නා බව සඳහන්ය.සාමාන්‍ය සූර්ය පැනලයකට එහා ගිය තාක්ෂණයක් මෙහි භාවිතා කෙරී ඇති බව නිර්මාපකයෝ කියති.
    එතැනින්ද නොනැවතී මෝටර් රථය ධාවනය වෙද්දී බඳෙහි වැදී ඇතිල්ලීගෙන යන සුළං දහරා වලින් නිපදවෙන ස්ථිති විද්‍යුතය පවා එක් රැස්කර ගත හැකි සේ මෙම රථය නිර්මානය කර ඇත.
    රථයේ පසුපස රෝද විදුලි මෝටරයකිනුත් ඉදිරිපස රෝද ජලකර වායුවෙන් දිවෙන එන්ජිමකිනුත් ජවගැන්වේ.
    රථයේ අභ්‍යන්තරය විද්‍යා ප‍්‍රබන්ධ කතාවක එන යානයක් සිහිකැදවන අතර වාතය තවත් පිරිසිදු කිරීමට යැයි කියා අමතර ඔක්සිජන් සැපයුමක්ද එහි ඇත.
    මෝටර් රථය පිළිඹද වැඩිදුර විස්තර තවමත් හෙළිවී නොමැති අතර නුදුරේදීම මෙය ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කළ පසු සියලූම තොරතුරු ලබාදෙන බව නිර්මාපකයින් පවසයිි.



    mercedes-g-code-3-640x426.jpg



    mercedes-g-code-2-640x426.jpg




    http://www.lankadeepa.lk/index.php/articles/273956
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    wahane hodai oowa ganna salli nathi ekane awla. podi ganan walin enneth nahane benz magul :S
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉස්සරහට එන සහ දැන් එන තනිකර ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් පිරුන වාහන නම් ඒ කාලේ අපු වාහන වගේ අවරුදු 20 30 පදින්න බැරි වෙයි අපේ රටේ ...අටවලා දුවන්න බෑ නේ.:no:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ඔය රථයේ යා හැක්කේ ලංකාවේ සිටින පුද්ගලයින් අතරින් බයියන්ගේ පුත්තුන්ට පමණි. :P
    අනෙකුත් අයට Tax ගෙවා යා හැකිය
    . :yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මෙහෙ තියන රස්නේ හැටියට බැටරිය චාර්ජ් වෙලා පිච්චේයිද දන්නේ නෑ.. :P