බෙසියර් හිටන් # වර කියවන්න

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බෙසියර් හිටන් # වර කියවන්න

    12410555_10153856247791171_6584760877960085113_n.jpg
     
    • Like
    Reactions: djminuka

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1463482_1287054304645396_6018650772414655575_n.jpg


    ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ගැන ජනතාවට ගැටළු කිහිපයක් පැන නගී. ජනාධිපතිවරයා ඒ ගැටළු ගැනද ප්‍රකාශයක් කළ යුතුය.

    1. එන්රික් බදා වැළඳ සිප ගත්තේ අම්පාරේ තරුණියන් නොව තමන්ගේම ගුවන් හමුදාපතිවරයාගේ දියණියයි. එසේනම් ගුවන් හමුදාපතිවරයා කැඳවා දුව හදා ගැනීම ගැන අවවාද කරන්නේ නැතිව අහිංසක අම්පාරේ ජනතාවට මේවා දෙසා බෑමේ ඇති ඵලය කුමක්ද?

    2. එන්රික් බදා වැළඳ සිප ගත්තේ අම්පාරේ තරුණියන් නොව සිරිසේන පවුලේ කළු සල්ලි සුදු කරන ජාවාරම්කාරයා වෑගපිටියගේ පුත්‍රයා සමග විවාහ ගිවිස ගත් තරුණිය බැවින් වෑගපිටිය කැඳවා තම ලේලිය හදා ගැනීම ගැන අවවාද කරන්නේ නැතිව අහිංසක අම්පාරේ ජනතාවට මේවා දෙසා බෑමේ ඇති ඵලය කුමක්ද?

    3. රුපියල් 5000 සිට 50,000 දක්වා මිලකට ටිකට් විකිණූ බව කියන්නේ නම් තම පුත්‍රයා දහම් විමලසේන මෙම සංදර්ශනය බැලීමට ආරක්ෂක ඩිෆෙන්ඩර් රථ 6 ක් පුරවා ගත් ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂකයන්ද සමග ගිය බව නොදන්නවාද? තම බෑණා තිලින සුරන්ජිත්ද ජනාධිපති ආරක්ෂකයන් සමග ගිය බව නොදන්නවා? (සේයාරුවේ දැක්වේ) ඔවුන් ගත් ටිකට් පත් වල වටිනාකම කීයද? නැතිනම් ඔවුන් ජනාධිපති පවර්ස් වලින් නොමිලේම සංදර්ශනය බැලුවාද? අද රෑට දහම් සිරිසේනට සහ තිලින සුරන්ජිත්ටත් මඩු වලිගෙන් ගහනවාද?

    4. සංගීත සංදර්ශනයක් සංවිධානය කළ පුද්ගලයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු යැයි කීම සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති වරයා කරන ලද බිහිසුණු තර්ජනයක් සේ සැලකිය යුතුය. මෙය සංවිධානය කළේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මහත්වරුන්ට අයත් ලයිව් ඉවෙන්ට්ස් පුද්ගලික සමාගම බව ජනාධිපතිවරයා නොදන්නවාද? අද මඩු වලිගෙයන් තලන්න යන්නේ එදා ජනාධිපති ලෙස ක්‍රීඩා පිටියට පැන එංගලන්තයේ තානාපති ධූරය බලෙන් ඇඟේ ගැසූ කුමාර් සංගක්කාරටද? මහේල ජයවර්ධනට ද? මහේලට සහ සංගාට මඩු වලිගෙන් ගහන්න යන්නේ දහම්ට සහ තිලිනට මඩු වලිගෙන් ගහන්න බැරි නිසා ද?

    5. මේ රටේ සංගීත සංදර්ශන සංවිධානය කිරීමට විධායක ජනාධිපතිගේ නිර්දේශ උපදෙස් අවශ්‍ය යැයි නීති පැනවූයේ කවදා සිටද?

    6. තමාගේ රෙද්ද අස්සේ දමා ගත් නයි තමා විසින් නටවා ගන්නවා විනා රටේම සිටින නයි නැටවිය නොහැකි බව නලා කාර නයි නටවන්නා දැන ගත යුතු නොවේද?

    7. මඩු වලිගෙන් තලන කතා වැනි ගොන් පාට් නොදමා වැඩිහිටියෙකු ලෙස තරුණ තරුණියන්ට නිදහස සහ ප්‍රීතිය භුක්ති විඳීමේදී තමන්ගේ සදාචාර සීමාවන් අමතක නොකරන්නැයි අවවාදයක් පමණක් දුන්නා නම් නොසෑහේද?

    සෑබෑ ප්‍රශ්න අමතක කර hook lock කිරීමට ගියහොත් මෛත්‍රීද රාජපක්ෂ මෙන්ම kick වීමට නියමිතය. ස්ත්‍රීන්ගේ ගැටලු විසඳිය යුත්තේ යුත්තේ රාජපක්ෂ කළා මෙන් ස්ත්‍රීන්ගේ අධි සංවේදී කලාප (දරුවන්) හුරතල් කිරීමෙන් නොවේ.

    ෆ්ඉස්සුවේ බුකියෙන්
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රටේ ජනාධිපති උනාම කථා කරන්න අවශ්‍ය දේවලුයි අවශ්‍ය නැති දේවලුයි තියෙනව මේ යකාට මෙලෝ හසරක් නෑ... එකට ඉදල බෙල්ල කපන එවුන් අනුමත කරන ලක්ෂ 62ක ජනතාවක් ඉන්න රටක් මේක ආයි ඉතින් මොනවද???
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මඩු වලිගෙ කතාව මෙහෙ උපමාවක් විදිහට පාවිච්ච්චි කරාට ඕක ඉංග්‍රීසියෙන් පරිවර්තනේ කරාම එන්නේ දරුණු අදහසක්. හරියට සෞදියේ ගෑනුන්ට ගල් ගහන එක වගේ. පිටරට එවුන් ඉතිං මොනව හිතනවද දන්නේ නෑ. :dull: