බෙහෙත් නැති විෂබීජ
Copied
මගේ රෝගියෙක්ට මුහුණ දුන්න අත්දැකීමක් ඔබත් එක්ක බෙදා ගන්න හිතුවා.කතා නායිකාව හෙවත් රෝගියා නම් අද ජිවතුන් අතර නැ.
රෝගියා අවුරුදු 25ක ගැණු ළමයෙක්.ගම් පළාත කියන්න හොද නැති නිසා නොකිය ඉන්නම්.මෙයාට මාසයකට කලින් හෙම්බිරිස්සාවක් හැදිලා.වෛද්‍යවරයෙක් පරික්ෂා කරන්නේ නැතුවම හෙම්බිරිස්සාවට පාමසියකින් බෙහෙත් අරං.දීලා තියෙන්නේ ප්‍රතිජීවක හෙවත් antibiotics.ගැටළුවක් නැතුව සතියක් විතර ඉදලා.ඔන්න සතියකට විතර පස්සේ හමේ තුවාල දද වගේ මතුවෙන්න අරං හුස්ම ගන්නත් අමාරු වෙලා.
ඔන්න එතකොට මෙයා ගම් පළාතේ තිබ්බ ප්‍රධානම රෝහලට ඇතුලත් වෙලා.ඒ රෝහලේ දී ලෙඩේ නිවැරදිම අදුරගෙන මුලින් ගත්ත ප්‍රතිජීවක නිසා ඇති වූ අතුරු අබාධයක් කියලා.ඔන්න එකට ප්‍රතිකාර අරන් ඉන්න ගමන් අපහු බලෙන්ම ටිකට් කපගෙන ආයුර්වේද ප්‍රතිකාර ගොයගෙන ගිහින්.
එතකොට හුස්ම ගන්න අමාරු වෙලා අපහු අපිට admit වෙනකොට ලෙඩාට තවත් විෂබීජයක් ඇතුළු වෙලා වගේ.තත්ත්වය බරපතල වගේ නිසා පරක්කු නොකරම ICU එකට ඇතුළු කළා.
ඇගේ විෂබීජ ඇතුළු වෙලා කියලා සැක කරනවා නම් ලේ,මුත්‍රා,සෙම පරීක්ෂාවන් කරනවා වයිරස්,බැක්ටීරියා,දිලිර වගේ විෂබීජ වලට.ඔය පින්තුරේ තියෙන්නේ අන්න ඒ වගේ කරපු පරීක්ෂාවක්.CULTURE කරනවා කියන්නේ අන්න ඒ පරීක්ෂණයට.තව ඔය විෂබිජයට සාමන්‍යයෙන් දෙන ප්‍රතිජීවක වලට උත්තර දෙනවද කියලත් බලලා තියනවා.එකට කියන්නේ ABST කියලා. ඔය R අකුරෙන් කියන්නේ resistance කියන එකයි.මේ රිපෝර්ට් එකට අනුව ලෙඩාගේ ඇගට ඇතුළු වෙච්ච විශ්බිජයට උත්තර දෙන්න කිසිම ප්‍රතිජිවකයට හැකිවෙන්නේ නැ. MULTI DRUG RESISTANCE කියන මාරාන්තික තත්වයක් තමයි ලෙඩාට ඇතිවෙලා තියෙන්නේ.ඉතින් විෂබීජය ඇග පුරා පැතිරිලා ලෙඩා මරණයට පත් වෙනවා.මේ රෝගියටත් උනේ ඒ දේම තමයි.
මෙතන සිද්ද උණු දේ ගැන පසුවිපරමක් කලොත් මට අඩුපාඩු 3ක් අදුරගන්න පුළුවන් උනා.
1.මුලින්ම ලෙඩා පමසියකින් බෙහෙත් ගන්න ගිය එක.පාමසි තියෙන්නේ වෛද්‍ය නිර්දේශයෙන් දෙන බෙහෙත් නිකුත් කරන්න මිසක් බෙහෙත් නිර්දේශ කරන්න නෙමේ. වෛද්‍යවරයෙක් නිසි පරීක්ෂාවකින් පසුව තමා ඖශධ නිකුත් කරන්න ඕන.
2.antibiotic හෙවත් ප්‍රතිජීවක හෙම්බිරිස්සවකට ලබා දීම.බටහිර රටක නම් බරපතල අපරාදයක් ලෙස සලකන අවස්ථාවක්.මොකද හෙම්බිරිස්සාව කියන්නේ වයිරස් ආසාදනයක් බොහෝ වෙලාවට.එතකොට බැක්ටීරියා අසාදන වලට ලබාදෙන ප්‍රතිජීවක ලබා ගැනීම කිසිම තේරුමක් තියන දෙයක් නෙමේ.අනික MULTI DRUG RESISTANCE කියන මාරාන්තික තත්ව වලට පාර කපන්නත් උදව් වෙනවා.
3.නිසි ප්‍රතිකාර ඇගට වැටෙනකොට බලෙන් ටිකට් කපාගෙන ආයුර්වේද ප්‍රතිකාර හොයාගෙන ගියපු එක.
අවසානයේදී සිද්ද උනේ තරුණ ජිවිතයක් නැති වෙච්ච එක.MULTI DRUG RESISTANCE කියන තත්වය පිළිකාවක් වගේ ලෝකය පුර පැතිර යනවා.දැන් ලෝකයේ අලුත් ප්‍රතිජීවක වර්ග සොයගන්නෙත් නැ.කාලයක් පුරාවටම රෝගීන්ට ලැබෙන්නේ එකම වර්ග වල ප්‍රතිජීවක.ඒවාට බැක්ටීරියා වර්ගත් හුරු වෙලා.
තව අවුරුදු 20-30 ලෝකේ වැඩිම මරණ වලට හේතුව MULTI DRUG RESISTANCE වෙන්නත් පුළුවන්.මේ ලිපිය ලියන මමත් කියවන ඔබත් මෙහි ගොදුරක් වෙන්න බැරි කමක් නැ.......

Last edited: