බේකන් රෙසිපීස්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    බේකන් රෙසිපීස්

    බහුතරයක් දෙනා බේකන් නිකම්ම බැදල කනව ඇරුනම ඕකෙන් වෙන වෙන දේවල් හදන්න දන්නෙම නෑ. බිත්තරයක් පාන් පෙත්තක් එක්ක බේකන් බැදල කෑවට බේකන් දාලා පැණි රසට කෑම හදාගන්නත් පුළුවන් කියල ඔයාල් දන්නෙ නැතුව ඇති. පෝක් වලින් විතරක් නෙවෙයි දැන් චිකන් වලිනුත් හදන බේකන් පටි වෙලඳපොලේ තියෙන නිසා පෝක් කන්නෙ නැති අයට මේ රෙසපි චිකන් බේකන් වලිනුත් හදාගන්න පුළුවන්.

    1. Bacon Jam

    Bacon-01-768x403.jpg


    ඔන්න වෙනස්ම කෑමක්… උදේට බේකන් බැද බැද ඉන්නෙ නැතුව මෙහෙම හදල තියාගත්ත නම් පාන් එක්ක බර්ගර් එකකට වගේ ඕනෙම දෙයක් එක්ක කන්න ගන්න පුළුවන්. මේ විදියට හදල දවස් 4ක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්කම තියෙනව.


    • බැදගත් කුඩාවට කඩාගත් බේකන් 350
    • සුදු ලූනු බික් 4ක්
    • චොප් කරගත් ලූනු ගෙඩි 1
    • දුඹුරු සීනි මේස හැඳි 3
    • හොට් චිලි සෝස් මේස හැඳි 3
    • කළු කෝපි කප් 3\4 (සීනි නැතුව සාදාගත්)
    • විනාකිරි කප් 1\4 ( ඇපල් සයිඩර් වඩාත් සුදුසුයී
    • ගෝල්ඩන් සිරප් හෝ මේපල් සිරප් කප් 1\4
    • ගම්මිරිස් කුඩු
    • වතුර


    1. බේකන් ටික බැදගත් පෑන් එකේම ලූනු සහ තලාගත් සුදුලූනු ටික තෙල් ස්වල්පයක තෙම්පරාදු කරගන්න.
    2. පතුල ඝණකම බාජනයකට වතුර හැර අනෙක් සියළුම ද්‍රව්‍ය එකතු කරගන්න. බේකන් සහ ලූණු තෙම්පරාදුවද එක් කර මිශ්‍ර කරගන්න. එයට පැය බාගෙන් බාගයට වතුර කප් 1\4ක් බැගින් එක් කර අඩුම ගින්දරේ විටින් විට හැඳි ගාමින් පැය 2ක් පමණ ලිප තබා ගන්න.
    3. හොඳින් නිවුනු පසු බ්ලෙන්ඩරයක දමා තරමක් කෑලි සිටින ලෙස බ්ලෙන්ඩ් කර පිරිසිදු වියලාගත් වීදුරු බෝතලයක දමා ශීතකරණයේ තබාගන්න.

    2. Bacon & Cheese French Toast

    Bacon-02-768x403.jpg


    හැමදාම හදන් කන ෆ්‍රෙන්ච් ටෝස්ට් එකට මෙහෙම වෙනසක් කරල බලන්න. එකම විදියට කන්නෙ නැතුව වෙනස් රසක් එකතු කරගන්න.


    • බිත්තර 2
    • කිරි කප් 1\3
    • පාන් පෙති 6
    • චීස් ස්ලයිස් 3
    • බැදගත් බේකන් තීරු 3ක්
    • බටර් මේස හැඳි 2


    1. බිත්තර කිරි සමඟ මිශ්‍ර කරගන්න. බටර් මේස හැඳක් පෑන් එකක රත් වෙන්න තබන්න.
    2. පාන් පෙති 3ක් බිත්තර මිශ්‍රණයේ පොඟවා රත් වූ පෑන් එක මත තබා දෙපැත්තම ග්‍රිල් කරගෙන පසෙකින් තබා ගන්න.
    3. ඉතිරි බටර් මේස හැන්ද පෑන් එකට දමා අනෙක් පාන් පෙති තුනේද එක පැත්තක් පුලුස්සා අනෙක් පස හරවා ගන්න. ඒ මත චීස් සහ බේකන් අතුරා පෙර පුලුස්සාගත් පාන් පෙති තබා මදක් පැතලි හැන්දකින් තද කර පෑන් එකෙන් ඉවත් කරගන්න.

    3. Bacon Wrapped Chicken Breast

    Bacon-03-768x403.jpg


    මෙහෙම හදල රාත්‍රී හෝ උදේ කෑමකට පාන් එක්ක කන්න විතරක් නෙවෙයි බයිට් එකටත් මරු.


    • කටු රහිත චිකන් බ්‍රෙස්ට් 1ක්
    • බේකන් තීරු 4ක්
    • චීස් වෙජස් 4ක්
    • ලුණු කුඩු
    • පැප් රිකා
    • ගම්මිරිස් කුඩු


    1. රස අනුව ලුණු, පැප්රිකා සහ ගම්මිරිස් කුඩු එකට මිශ්‍ර කරගන්න.
    2. චිකන් බ්‍රෙස්ට් එක දෙකට පලා මදක් තලාගන්න. පිහියේ මිටෙන් මෙය කරගන්න ඔබට පුළුවන්. එයට සාදාගත් මිශ්‍රණය දෙපැත්තේම තවරා චිකන් එක සීසන් වෙන්න විනාඩි 30ක් හෝ පැයක් තබාගන්න.
    3. එක චිකන් කොටසක් මත චීස් වෙජස් දෙකක් තබා අතින් තඩ කරමින් ඔතාගන්න. එය වටේට බේකන් තීරු දෙක් ඔතාගන්න. අනෙක් චිකන් කොටසත් එසේ සකස ගන්න.
    4. උඩින් තෙල් ස්වල්පයක් තවරා බටර් තවරාගත් තැටියක දමා සෙල්සියස් 180ට පැයබාගයක් බේක් කරගන්න.

    4. Chicken & Bacon Fried Sandwich

    Bacon-04-768x403.jpg


    හරිම ලේසි රසම රස ෆ්‍රයිඩ් සැන්ඩ්විච් එකක්. හදන්න ලේසි නිසා ට්‍රයි කරලම බලන්න.


    • පාන් පෙති 8
    • බේකන් තීරු 8
    • චීස් ස්ලයිසස් 8
    • තම්බා පොඩි කරගත් චිකන් කප් 1
    • චොප් කරගත් ලූනු මේස හැඳි 1
    • තලාගත් සුදු ලූනු මේස හැඳි 2
    • මයොනිස් කප් 1\2
    • දෙහි යුශ මේස හැඳි 2


    1. බේකන් ටික බැදගන්න. වෙනම බඳුනක මයොනිස්, සුදු ලූනු, ලූනු, දෙහි යුශ සහ චිකන් ටික හොඳින් මිශ්‍ර කරගන්න.
    2. පාන් පෙති වල දෙපැත්තේම බටර් තවරා ඒ මත චීස් පෙත්තක් තබා එයට උඩින් සාදාගත් මිශ්‍රණය තවරාගන්න. මිශ්‍රණය මත බේකන් තබා තවත් චීස් පෙත්තකින් වසා ඒ මත පාන් පෙත්තක් තබා ගන්න.
    3. බටර් තවරාගත් පෑන් එකක තබා චීස් මෙල්ට් වනතුරු සැන්ඩ්විච් එකේ දෙපැත්තම පුළුස්සගන්න.

    5. English Muffin with Bacon

    Bacon-05-768x403.jpg


    මෙහෙම කෑමක් හදල තියෙන්වද මීට කලින්? නැත්නම් හදල බලමුද? ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි වගේ නේ…


    • බැද කැබලි කරගත් බේකන් තීරු 3
    • පාන් පිටි කප් 1 3\4
    • සීනි කප් 1\4
    • බේකින්ග් පව්ඩර් තේ හැඳි 2 1\2
    • ලුණු තේ හැඳි 1\2
    • ගසාගත් බිත්තර 1
    • යෝගට් කප් 1 1\2 (මෙශරින් කප්)
    • එළවලු තෙල් කප් 1\3


    1. මෆින් පෑන් එකක් බටර් තවරා සූදානම් කරගන්න. අවන් එක සෙල්සියස් 200ට රත් වෙන්න තබන්න.
      බිත්තර, කිරි, යෝගට් සහ තෙල් වෙනම බඳුනක මිශ්‍ර කරගන්න.
    2. පිටි, සීනි, බේකින්ග් පව්ඩර් සහ ලුණු වෙනම බෝල් එකක මිශ්‍ර කරගන්න. ඒ මැද වලක් සාදා පෙර සාදාගත් බිත්තර මිශ්‍රණය එයට දමා හොඳින් අනාගන්න.
    3. තෙත ගතිය මදි නම් කිරි ස්වල්පයක් එක් කරගන්න. කේක් මිශ්‍රණයට වඩා මදක් ඝණකම මිශ්‍රණයක් වන තුරු අනාගන්න. එයට කැබලි කරගත් බේකන් එක් කරගන්න. (වැඩි රසයකට මොසරැල්ලා චීස් කැබලිත් එක් කරගන්න පුළුවන්)
    4. මෆින් ට්‍රේ එකේ 3\4ක් වන තුරු පුරවා පෙර රත් කරගත් උඳුනේ දමා විනාඩි 20-25ක් හෝ රන් වන් පැහැ වන තුරු බේක් කරගන්න.
    http://www.aniwa.lk/2016/10/31/1610311-bacon-recipes/
     
    • Like
    Reactions: pathumdc