බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහ&#3505

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහ&#3505

    බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහනුවර දරුවෝ...




    සමන්ති වීරසේකර
    ශ්‍රී ලංකාවේ වායු දූෂණය සහිත වායු දූෂණයෙන් වැඩිම බලපෑමක්‌ ඇති දිස්‌ත්‍රික්‌කවලින් මුල් තැන ගන්නේ මහනුවර දිස්‌ත්‍රික්‌කයය. අතිශය ජනාකීර්ණ කොළඹ දිස්‌ත්‍රික්‌කයට වඩා තුන්ගුණයකින් ඉහළ අගයක්‌ ගන්නා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ වායු දූෂණ අගය මේසා උග්‍ර අතට පත්ව ඇත්තේ අලුයම සිට සවස්‌ වන තුර මහනුවර නගරය හා ඒ ආසන්නව යනෙන වාහනවලින් පිටවන දුමාරය නිසා බවද පරීක්‌ෂණවලින් සනාථව ඇත්තේය.
    මේ
    besama.jpg
    වන විට මහනුවර නගරාශ්‍රිතව ජීවත්වන පිරිස්‌ සහ එන යන පිරිස්‌ ද සිතට නිවනක්‌ නැති තැනට පත්ව ඇත්තේය. ඒ මහනුවර වායු දූෂණයේ ප්‍රතිඵලයක්‌ ලෙස මහනුවර වැසියන් නිතර ස්‌වසන රෝගවලට ලක්‌ව ඇති බවට පර්යේෂණ මගින් සනාථව ඇති නිසාය. මහනුවර රෝහලේ ස්‌වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා මෙම පර්යේෂණ වාර්තාහි ඇති දත්ත මෙන්ම රෝගී නිශ්චය තොරතුරු ද සමඟ පර්යේෂණ වාර්තා තොරතුරු ගෙන ආවේ මහජන හිත සුව පිණිසය.

    දැනට වසරක කාලයක සිට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස වගේ පුංචි රෝගවලට බෙහෙත් ගන්න පැමිණෙන කුඩා දරුවෝ ඒ බෙහෙත් වට්‌ටෝරුව අවසන් වුණ විගස නැවත එනවා. සෙම්ප්‍රතිශ්‍යාව සුව වෙලා නැහැ කියලා. මේ තත්ත්වය දිගින් දිගටම පවතින නිසා මාත් තවත් පිරිසකුත් එක්‌ව සොයා බැලුවා මෙම තත්ත්වය ඇති වෙන්න හේතුව කුමක්‌ද කියා. කාලයක්‌ පුරා පරීක්‌ෂණ සිදුකරද්දි දකින්න ලැබුණ දේ තමයි වාහනවලින් පිටවන දුම මහනුවර නගරයේ වාතය සමඟ එක්‌කාසුවෙලා එය නැවත පිරිසිදු වාතය බවට පත් නොවී කාබන් නයිට්‍රජන් අංශු ඉහළ අගයක පවතින තත්ත්වයක පැවතීම. මේ නිසා මහනුවර වැසියෝ ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ අපිරිසිදු දූෂිත වාතය. මේ වන විට කුඩා දරුවන් වයෝවෘද්ධ වැඩිහිටියන් බහුතරයක්‌ ම ස්‌වසන රෝග නිසා පීඩා විඳිනවා. මැදි වයසේ බොහෝ පිරිසක්‌ද ස්‌වසන රෝගවලින් පීඩා විඳිනවා වුවත් ඔවුන් තම තමන්ගේ කාර්යය බහුලත්වය නිසා ලෙඩ රෝග අමතක කොට සාමාන්‍ය බෙහෙත් වේලකින් සුව වූ බව සිතා ඉන්නවා. නමුත් ඔවුන්ගේ රෝග තත්ත්වය සුව වී නැහැ. ඔවුන් ගේ ප්‍රතිශක්‌තිකරණය හීන වූ අවස්‌ථාවල යළි ස්‌වසනාබාධ මතුවෙලා දරුණු රෝග තත්ත්වයකට වුවත් පත්වන්න පුළුවන්. ඒ නිසා මේ සෑම දෙනකුම තමන් සිරුරට ඇතුළුකර ගන්නා හුස්‌ම පිරිසිදු ද කියන එක ගැන දැන් අවධානය යොමු කරන්න වෙනවා.
    මහනුවර නගරයට දිනපතා ලක්‌ෂ තුනකට ආසන්න ජනතාවක්‌ යන එන අතරම ලක්‌ෂයකට ආසන්න වාහන ගමනා ගමනයක්‌ සිදු වෙනවා. නගරය ආශ්‍රිතව පාසල් විස්‌සක්‌ තිබෙනවා. මේ එක්‌ පාසලක දරුවන් තුන්දහස ඉක්‌මවලා ඉගෙන ගන්නවා. නගරාශ්‍රිතව පෙර පාසල් දිවාසුරැකුම් මධ්‍යස්‌ථාන විස්‌සකට වැඩි සංඛ්‍යාවක්‌ තිබෙනවා. ඒවායේ සිටින්නේ මේ රටේ අනාගතය. මේ දරුවෝ උදේ දවල් හවස විෂ දුම ආඝ්‍රාණය කරනවා.
    අධික වායු දූෂණයක්‌ පවතින මහනුවර ජනතාවගේ පෙනහලුවල ධාරිතාව හීන වීම ඇතුළු තවත් රෝග රැසක්‌ ඇතිවීමේ අවදානම සියයට හැටකට වැඩි බව දැන් අවබෝධ කරගත යුතු කාලය දැන් ඇවිත්. හුස්‌ම ගැනීමේ අපහසුතාවය කැස්‌ස පපුවේ තද ගතිය නිතරම ඇති වන බව දක්‌නට ලැබෙනවා. මෙම තත්ත්වය වැඩිවීමෙන් ගැටලු ඇතිවන්නේ ළදරුවන්ට ළමුන්ට නිදන්ගත පෙනහලු ආබාධ හෝ හෘදයාබාධ සහිත පුද්ගලයන්ට වගේම මහලු උදවියටයි.
    එළිමහනේ වායු දූෂණය මෙන්ම ගෘහස්‌ථ වායු දූෂණය යන දෙකෙන්ම මිදී තමන්ගේ සෞඛ්‍ය ආරක්‌ෂා කර ගැනීමට වායු දූෂණය වැඩි දිස්‌ත්‍රික්‌කවල ජීවත් වන සියල්ලෝම පාහේ හිතට ගත යුතුයි. මහනුවර නගරය ගත් විට දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා ඇති ක්‍රීඩාංගණ සියල්ලම පාහේ තිබෙන්නේ ප්‍රධාන මහාමාර්ග ආසන්නයේ. එවිට දවස පුරාම වාතයට එකතුවන වාහන දුම ආඝ්‍රාණය කරන්නට ලැබෙන අවස්‌ථාව වැඩියි. ඉන් දරුවන්ගේ පෙනහලු ආබාධ ඇතිවීමට තිබෙන අවස්‌ථාත් වැඩියි. දැනටමත් දරුවන් බොහොමයක්‌ පෙනහලු ආබාධවලට ලක්‌ව ඇති බවට මහනුවර රෝහල, ලය රෝහල පේරාදෙණිය සිරිමාවෝ ඇතුළු රෝහල්වල ලියාපදිංචි රෝගීන් සංඛ්‍යාත්මකව ගණන් බැලුවොත් දැකගත හැකියි.





     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇත්ත බං. මහනුවර විතරක් නෙවේ.
    හැමතැනම ඔහොම.
    ගමනක් ගිහිල්ලා ආවාම ඇඟට පණ නෑ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්ත බං. මහනුවර විතරක් නෙවේ.
    හැමතැනම ඔහොම.
    ගමනක් ගිහිල්ලා ආවාම ඇඟට පණ නෑ

    කොලඹ එහෙම අඩුයි බං මුහුදෙන් එන හුලඟට ඔක්කොම රට මැද්දට අරං යනව. කොලඹ දුමත් අන්තිමට සෙට් වෙන්නෙ මහනුවරට කඳු ටික හින්ද :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    Dan ithin kiyai dalada maligawa laga para ariyoth okkoma hari kiyala. Othanata thamai wate gihin awith anthimata nawathinne.

    Pihiteemai podi area ekak nisa wayu dushanaya wenna thiyena awadanama wadi. Oya hariye thel walin duwana wahana godak durata limit karala. Tax gahala hari kamak na. Electric wahana duwana pramanaya wadi karanna oone.
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    කොලඹ දුමත් අන්තිමට සෙට් වෙන්නෙ මහනුවරට
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ කතාවමමත් අහල තියෙනවා.එතකොට බදුල්ල, බණ්ඩාරවෙල, මාතලේ වගේ නගර වලට එහෙම බලපෑමක් වෙනවා අඩුද ?
    මේක විසඳුමක් නැද්ද ?හරි අපරාදයක්නේ. රටේ තියෙන ලස්සනම නගරයක් නේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මේ කතාවමමත් අහල තියෙනවා.එතකොට බදුල්ල, බණ්ඩාරවෙල, මාතලේ වගේ නගර වලට එහෙම බලපෑමක් වෙනවා අඩුද ?
    මේක විසඳුමක් නැද්ද ?හරි අපරාදයක්නේ. රටේ තියෙන ලස්සනම නගරයක් නේ.
    Nissan-Leaf-rendering-next-gen-3.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ නගරාශ්‍රිත ව හොඳ විසඳුමක් තමයි. හැබැයි තවම ලංකාවේ promote කරන්න අමාරුයි නේද ?
    නෑ මම අදහස් කලේ නගර සැලසුම් කරණයේ, තව තාක්ෂණයක් නැද්ද CO2 absorbe කරගන්න විදිහක්. මම මෙව්වා ගැන වැඩි යමක් දන්නේ නම් නෑ. :confused::confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ කතාවමමත් අහල තියෙනවා.එතකොට බදුල්ල, බණ්ඩාරවෙල, මාතලේ වගේ නගර වලට එහෙම බලපෑමක් වෙනවා අඩුද ?
    මේක විසඳුමක් නැද්ද ?හරි අපරාදයක්නේ. රටේ තියෙන ලස්සනම නගරයක් නේ.

    පයිං ගියා නං හරි :sorry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ නගරාශ්‍රිත ව හොඳ විසඳුමක් තමයි. හැබැයි තවම ලංකාවේ promote කරන්න අමාරුයි නේද ?
    නෑ මම අදහස් කලේ නගර සැලසුම් කරණයේ, තව තාක්ෂණයක් නැද්ද CO2 absorbe කරගන්න විදිහක්. මම මෙව්වා ගැන වැඩි යමක් දන්නේ නම් නෑ. :confused::confused:

    biogeochemical-cycles-natural-cycles-of-elements-15-638.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගස් හිටවන එක හරි. පුළුවන් තරම් නගරාශ්‍රිතව ගස් හිටවන්න ඕනේ, ඒත් පිටවෙන විෂ වායු ප්‍රමාණයට සාපේක්ෂව ඒ ඇතිද ?
    මට මතකයි පහුගිය අවුරුදු කිහිපයේ චීනේ, ඉන්දියාවේ, මෙක්සිකෝවේ වගේ රටවල් වලත් මීට වඩා දරුණුවට ම තත්වේ උදා වුනා නේද?
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Electric cars promote karana eka: e nagaraya thula wahana seema kirima, public transport godak wadi diyunu karala: buses ehema route time wadi karala :
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Foot cycle promote karamu :yes::yes:

    ඕන්නෑ බං තව ටික කාලයයි මිනිස්සු ගොඩක් මැරිල යනව ඊට පස්සෙ ඔය ප්‍රශ්න ගොඩක් දුරට අඩුවෙනව. ඒ වෙනකං ඉවසන්න