බොකෝ හරාම්ට ඇවන්ගාඩ් අවි
ආන්දෝලනයට තුඩුදී ඇති ඇවන්ගාඩ් ආරක්‍ෂක සමාගම අන්තර්ජාතික වශයෙන් සිදු කළ මෙහෙයුම් ගණනාවක් සහ විදේශ රටවල ක්‍රියාත්මක විවිධ සංවිධානවලට අවි ආයුධ සැපයීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිදරව් වෙමින් තිබේ.
මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග අනාවරණය කරන ආකාරයට ඊජිප්තුවට ආසන්න රතු මුහුදේ මේ ආරක්‍ෂක සමාගමේ ආයුධ ගබඩා සහිත නැව් දෙකක් ඇත. ඉන් එක් නැවක් වන ර්ඍ ඒතනඩධදඵච සෞදි අරාබියේ ජෙඩා නගරය ආසන්නයේ නවතා තිබේ. මේ නෞකාවලින් මැදපෙරදිග රටවල කැරැලිකරුවන්ට ආයුධ ලබා දුන්නේද යන සැකය මතුවී ඇති අතර, අදාළ නෞකා දෙක හරහා සිදු කෙරුණු මෙහෙයුම්වලදී සමාගමේ ආරක්‍ෂක නිලධාරීන් 15 දෙනකු මරණයට පත්වී ඇති බවටද සැකයක් තිබේ.
මේ අතර නයිජීරියාවේ බොකෝ හරාම් සටන්කාමීන්ටද මේ සමාගම මඟින් ආයුධ ලබා දී ඇති බවට තොරතුරු ඇතැයි අදාළ ආරංචි මාර්ග අනාවරණය කරයි. එසේම මාලදිවයින් ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට චෝදනා ලබා සිරගතව සිටින එරට හිටපු ආරක්‍ෂක ඇමැතිවරයාගේ නාවික බුද්ධි කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කළ ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා අදාළ කුමන්ත්‍රණයට අවශ්‍ය ආයුධ ලබා දුන්නේද යන සැකයද මතු වී තිබේ.මේ පිළිබඳ ආරක්‍ෂක අංශ පුළුල්
පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර, එය අන්තර්ජාතික මට්ටම දක්වා පුළුල් කර ඇත.
පණ්ඩුක දිසානායක
- http://www.mawbima.lk/31-83413-news-detail.html