බංකුවක් අරන් එන්න, 😕

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,045
    10,612
    113
    🔴 හලාවත ඉරණවිල
    වෙරළට ගොඩගැසූ
    ඉන්දියානු ධීවර යාත්‍රාව ගැන
    නාවික හමුදාවෙන් පරීක්ෂණ!

    කිසිදු ගල්පරයක ගැටීමකින් තොරව මෙම යාත්‍රාව වෙරළට ළඟා වී තිබීම හේතුවෙන්, මේ හරහා කිසියම් පිරිසක් ගොඩබසින්නට ඇතැයි ප්‍රදේශවාසීන් අතර දැඩි සැකයක් මතුව ඇති අතර, ආරක්‍ෂක අංශ විසින් වහාම ක්‍රියාත්මක වී අදාළ ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ලබා දී පරීක්ෂණ අරඹා ඇත.

    මෙම සිදුවීම හරහා මෙරට වෙරළබඩ ආරක්ෂාව සහ නීතිවිරෝධී සංක්‍රමණ හෝ අනවසර පිවිසීම් සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් පිළිබඳව යළිත් වරක් පුළුල් අවධානයක් යොමුව ඇති අතර, ඉදිරි විමර්ශන වාර්තා මත පදනම්ව නාවික හමුදාව විසින් අවශ්‍ය වැඩිදුර ආරක්ෂක පියවර අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Source - TTVnews