බොදුබලසේනාව අපේ රට හදන්න ආධ්‍යාත්මික නායකත්වය දෙන්නේ මෙහෙමයි!
ඝාතන තැනක් ගැන හිමිනමක් කියයි.
එක්තරා භික්ෂු සංවිධානයක් තමන් ඝාතනය කිරීමට උත්සාහ දරණ බවත් ඒ සඳහා හැකි විගස සහනයක් සලසා දෙන මෙන් ඉල්ලමින් මහියංගනය දිවුල්පැලැස්ස රොටලවෙල මහවැලි මහා විහාරයේ විහාරාධිකාරී මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර වටරැක විජිත හිමි කොළඹ කින්සි පාරේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට උපවාසයක් ඇරඹීය.
එම සංවිධානය කිහිප සැරයක්ම පහරදී ඝාතනය කිරීමට තැත් කළ බවත් මාස හයක් තිස්සේ සැඟවී සිට අද මෙසේ මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණීමට තීරණය කල බවත් පොලීසියට පැමිණිලි හයක් ඉදිරිපත් කළ බවත් වටරැක හිමියෝ පැවැසූහ.
ලංකාදීප පුවතකි


buddhagama kanna ipaduna un. bodubala senawe inna aya genath kiyanna thiyenne e tikama thamai. karana magulak karaganna one siwura galawala.