බොදු බලේ කට වසයි

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
බොදු බලේ කට වසයි

නැගෙනහිර පළාත ඇතුළු මුස්ලිම් ජනතාවගේ ඡන්ද මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාගැනීමේ අරමුණින් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානීන්ට මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් නියෝග ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. [FONT=&quot]මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමග කලබල වූ බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටියේ තම සංවිධානයේ උපරිම සහයෝගය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට කටයුතු කරන බවය. එම ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ මුස්ලිම් නියෝජිතයින්ට ආණ්ඩුවෙන් ඉවත්ව පෙදු අපේක්ෂකයාට සහයෝගය ලබාදෙන ලෙස මුස්ලිම් ජනතාවගෙන් බලපෑම් එල්ල විය. [/FONT]
[FONT=&quot]ඡන්ද ව්‍යාපාරයේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බරපතල පසුබෑමකට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට තමන් වෙත ලබා ගතහැකි ඉතා සුළු ඡන්ද ප්‍රමාණයන් කෙරෙහි පවා දැඩි අවධානයක් යොමු කරමින් සිටී. බොදු බල සේනා සංවිධානය සමුළුවක් පවත්වමින් බෞද්ධ ඡන්ද ලක්ෂ පනහක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කර තිබුණද දැන් එම සංවිධානය උපක්‍රම ශීලීව ඈත් කර තැබීමට ක්‍රියා කරමින් සිටී. [/FONT]
[FONT=&quot]සුපුරුදු පරිදි මේ දිනවල ආගමික කටයුතුවල යෙදෙමින් අධිෂ්ඨාන පූජා ආදී වැඩසටහන් පවත්වමින් සිටින බවද ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.[/FONT]
[FONT=&quot]
[/FONT]
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10415546_1559809380923295_3488453607320340416_n.jpg
     

    Similar threads