බොදු බලේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
෴බොදුබල සේනා කැඳවුම්කරු ඩිලන්ත විතානගේ හා චන්දිමාල් ගමගේ෴
මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති පුද්ගලික ආයතනයේ නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 12 ක් එහි පාලකයා ලෙස සැලකෙන චන්දිමාල් ගමගේ නැමැත්තෙක් හා මහනුවර මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන නිමල් පීරිස් නැමැත්තෙක් විසින් මහනුවර ඉහළම ප්‍රභූවන් වෙත අලෙවි කිරීමේ නින්දිත සිදුවීමක් වාර්තා වේ.

එම ලිංගික ගැනුම්කරුවන් අතර මහනුවර ප්‍රදේශයේ ඉහළම පොලිස් නිලධාරීන්, දේශපාලන බලවතුන් හා සුප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් වෙතැයි පැවසේ.

මේ අපරාධය හෙළි වී ඇත්තේ තමන්ට සිදුවන ලිංගික වද හිංසා දරාගැනීමට නොහැකිවූ සිසුවියන් සිව්දෙනකු ඊයේ (01) අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන හන්තාන ප්‍රදේශයේ කැලෑවක සැගවී සිට අනතුරුව අසල්වැසියන් මාර්ගයෙන් පැමිණ පොලීසියට පැමිණ සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමෙනි. ඔවුන් මෙසේ පැන එන්නට ප්‍රථම ආයතනයේ මත්පැන් සාදයක් සංවිධානය කර තිබේ. එම සාදයෙන් අනතුරුව සිදුවන සුපුරුදු ව්‍යසනයට බිය වූ මේ දැරියෝ එතැනනින් පැන ගොස් සැගවී සිට පොලිසියට පැමිණ ඇත.

ආයනයෙන් පැනවිත කැලයේ සැගව සිටියදී දැරියන් 119 අමතා තමන්ට වූ හානිය පොලිසිය වෙත දන්වා තිබේ. එහෙත් එම ස්ථානයට පොලිසිය පැමිණ ඇත්තේ පැය ගණනාවක් ප්‍රමාද වීමෙනි.

පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනීසිට අසමත්වූ සිසුසිසුවියන්ගේ මානසික තත්ත්වය වර්ධනයකර ඔවුන් විභායකට සූදානම්කරදීමේ හය මාසයක නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පලවූ දැන්වීමක් ඔස්සේ මෙම ළමුන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම ආයතනනයට භාර දී ඇත. ඒ රුපියල් 140000.00 ක පාඨමාලා ගාස්තුවක් ගෙවීමෙනි.

මෙහි නේවාසික පාඨමාලාව හැදෑරු සිසුවියන්ට ඔවුන්ගේ දෙමව්පියන් හමුවීමට අවස්ථාව ලබාදී ඇත්තේ මාසයකට එක්වතාවක් පමණි. මෙම ස්ථානයේ සිටි දරුවන් 17 දෙනා අතරින් 12 දෙනකු පමණ ලිංගික අපයෝජනයට ලක්ව තිබෙන බව හෙළි වී තිබේ. මේ පිළිබදව මහනුවර ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භකර කර ඇතත් පොලිසියේම ඉහළ නිලධාරීන් හා මාධ්‍ය ආයතනය මෙහෙයවන පුද්ගලයා විසින් එම පරීක්ෂණ සදහා බලපෑම් එල්ල කරමින් තිබේ. මේ සිදුවීම රටේ ප්‍රධාන මාධ්‍ය වාර්තා ලෙස ප්‍රකාශට පත්වීම වැලකී ගියේ ඒ නිසාය.

පොලිසීයට හා කෝටිපති ව්‍යාපාරිකයන්ට විකුණා දැමූ මේ දැරියන්ට සාධාරණයක් ඉටුවීමට ඇති ඉඩ කඩ අඩු බව පරීක්ෂණ සිදුකරන නිලධාරීහුම පවසති.

චන්දිමාල් ගමගේ සහ ඩිලන්ත ප්‍රමුක බොදුබල සේනා සම්බන්ධය විස්තර සහ ඡායාරූප සහිතව ඉදිරියේදී හෙලි කරන්නෙමු.