බොදු බල සේනාවේ පිපිරීමක් අතලඟ!
බොදු බල සේනා සංවිධානයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර බල අරගලය එම සංවිධානය දෙකඩවීම දක්වා ව්‍යාප්තවී ඇතැයි වාර්තා වේ.
එම සංවිධානයේ නායක මට්ටමේ සිටින භික්ෂූන්වහන්සේලා කිහිපනමක් සහ එහි විධායක නිළධාරියා ලෙස පත්වූ ගිහි පර්ශවයේ නියෝජිතයා අතර ඇතිවී තිබෙන නායකත්ව බල අරගලය හේතුවෙන් නුදුරු අනාගතයේදි සංවිධානය දෙකඩවීමක් සිදුවනු ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මෙම බල අරගලයේ උච්ඡතම අවස්ථාවක් ලෙස මෙතෙක් කලක් එහි මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු මෙහෙයවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එයින් ඉවත් කොට එම වගකීම් දිලන්ත විතානගේ නැමැත්තා පවරාගැනීම පෙන්වාදිය හැකි යැයි එහි අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කරයි.
මේ අතර පසුගිය සතියේදී කොල්ලූපිටියේ පිහිටි සමාජ ශාලාවක් වැටලීමට බොදු බල සේනා සංගමය ගෙන තිබූ තීරණය එම සමාජශාලා පාලනාධිකාරිය පූර්ව දැනුවත් කර ඇත්තේ ද මෙම බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස යැයි එහි අභ්‍යන්තර තොරතුරු වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.