බොදු බල සේනාව දෙස සුබවාදී ඇසකින්
බොදු බල සේනාව විසින් කරමින් සිටිනු ලබන දේශපාලනය වනාහි අමුතු දෙයක් නොවේ. සීමාන්තික උන්නතිකාමීන් වූ පහළ පංතිකයන් දේශපාලන හිනිපෙතේ ඉහළ ඒම සඳහා ඉතිහාසය පුරාම ජාතිවාදය වපුරා තිබේ. කේ.එම්.පී. රාජරත්නගේ හෝ ඊටත් පෙර සිට චම්පික රණවක, විමල් වීරවංශ හරහා ගලගොඩඅත්තේ සාදු දක්වා සම්බොඩීස් බවට පත් වූ මෙවැනි නෝබොඩීස් පිළිබඳ උදාහරණ ඕනෑතරම් සොයා ගත හැකිය.
මොවුහු අවංක ජාතිවාදීහුවත් නොවෙති. ඔවුන් වටා එක් රැස් වන මධ්‍යම පංතික පිරිස්ද සෝබනකාර දෙබිඩි චරිත වෙති. ඒ නිසා වියට්නාමයේ ක්වාන් ඩක් භික්ෂුව වැනි අය හෝ යාපනයේ තිලීපන් වැනි අය කවදාවත් මොවුන් අතරින් බිහි වන්නේ නැත.
බොදු බල සේනාව ඇතුළු ජාතිවාදී සංවිධාන මෙහෙයවෙන්නේ උන්නතිකාමී පුද්ගලයන් අතර ඇති බලය සඳහා වූ තරගකාරිත්වය මතයි. ඒ සමගම ජාතිවාදය සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් අතර කිසියම් අවබෝධයක්ද තිබේ. බොදු බල සේනාවට මහනුවර රැස්වීම කරන්නට ජාතික හෙළ උරුමය විසින් ස්ථානය වෙන් කර දීම සිදු වන්නේ මේ අවබෝධය තුළයි.
බොදු බල සේනාව සිය ආරක්ෂාව හා බලය වෙනුවෙන් ආණ්ඩුව සමග සිටින බව පැහැදිලිය. ආණ්ඩුවද ජාතිවාදී ව්‍යාපාර සිය පාලනය තුළ තබා ගැනීමට වගබලාගෙන තිබේ. නිදසුනක් ලෙස ඇමති චම්පික රණවක පැටලී ඇත්තේ ලිහාගන්නට බැරි උගුලකයි. පලා බෙදුවත් පලා යන්නට දැන් ඔහුට බැරිය. ගියොත් හිරේ යන්නට සිදු වේ. ඒ නිසා ආණ්ඩුවේම වාත වෙමින් සිටියි. ඔහු වැනි අයෙක් ඇමතිකමකින් තෘප්ත වේ යයි බලාපොරොත්තු විය නොහැකිය. ඔහුගේ සිහින බොහෝදුරට ජාතිවාදී උන්නතිකාමීන්ගේ උවමනාවන් සමග පෑහේ. සිංහල ජාතිවාදී, බුද්ධිමත්, ධනේශ්වර ඒකාධිපති නායකයෙකුට ලංකාවේ මිළක් තිබේ. දැන් සිටින අය තුළ මේ බුද්ධිමත් කොටස නැත.
බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන විසින් පාර කපමින් ඉන්නේ චම්පික රණවක වැනි අයෙකුට ආණ්ඩුවෙන් පිටතට පැමිණ ජාතිවාදයට නායකත්වය දිය හැකි වාතාවරණයක් නිර්මානය කරන්නටය. මන්ද, මේ ව්‍යාපාරවල නායකත්වය දැනට හිමි කරගෙන සිටින අයට එවැනි නායකත්ව කුසලතා නැත. ඒ සඳහා ඔවුහු ආණ්ඩුව දුර්වල කිරීම සඳහා එහි පදනමටම පහර දෙමින් සිටිති.
ආණ්ඩුවේ ශක්තියේ මූලධර්මය යුද්ධය අවසන් කිරීමයි. යුද්ධය අවසන් කිරීමත් සමග රට ස්ථායී වීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩුව ඉතා බලවත් විය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දී දෙමළ හා මුස්ලිම් ජාතික ව්‍යාපාර රාජ්‍යය සමග බද්ධ කරගෙන, තමිල්නාඩුව හා ඉන්දියාවත්, බටහිරත් සමග සංහිඳියාව ඇති කරගත්තා නම් මහින්ද රාජපක්ෂ ලංකාවේ සැබැවින්ම ඉතිහාසය නිර්මානය කළ නායකයකු වන්නට ඉඩ තිබිණි. එහෙත්, මෙහිදී මතු වූයේ අප අර කලින් කී බුද්ධිමත්කම පිළිබඳ ප්‍රශ්නයයි. කේවට්ට උපදේශකයන්ගේ උපදෙස් මත හා සිංහල ජාතිවාදීන්ගේ උපායික විරෝධය මැද අද නැවතත් ලංකාව දෙකඩ වන තැනට ආසන්න වී තිබේ.
අනෙක් පැත්තෙන් රාජපක්ෂ ආණ්ඩුවේ ශක්තිය රඳා තිබෙන්නේ අන් කිසිවක නොව ආර්ථිකය තුළයි. මහජන විරෝධය මැඩගෙන, අධික ලෙස බදු අය කරගෙන, සිය දූෂණ හා නාස්තිකාර ක්‍රියා කරගෙන යන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ විදේශ ණය, විදේශ රැකියා, සංචාරක ව්‍යාපාරය, අපනයන ආදී මාර්ග ඔස්සේ ලැබෙන ආදායම්වලිනි. සිංහල ජාතිවාදීන් සිය ප්‍රහාරය ඉලක්ක කර තිබෙන්නේ මෙතැනටය.
සිංහල ජාතිවාදීන් විසින් ඉතා හොඳින් කරමින් තිබෙන්නේද ඇත්තටම මේ පවුල් පාලනය නැත්තටම නැති කර දැමීම‍්‍සඳහා අවශ්‍ය දේය.ඔවුහු ආර්ථිකය බිඳවැට්ටීමේ සියුම් මෙහෙයුමක් දියත් කර ඇත. සියුම්ව නිරීක්ෂණය කර බලන්න. ඔවුහු රජයට ආදායම් ගෙන දෙන සියලු අංශවල අවුල් ඇති කර තිබේ. ඍජු විදේශ ආයෝජන රටට අහිමි වන අන්දමේ ජාත්‍යන්තර වාතාවරණයක් නිර්මානය කිරීමට දායක වූ ඔවුන් මුස්ලිම් ජාතිකයන් සමග ඇති කරගෙන තිබෙන අනවශ්‍ය මහා ගැටුම පිටුපස තිබෙන උවමනාව මැදපෙරදිග රටවලින් ලැබෙන රැකියා සංඛ්‍යාව අඩු කර, රජයේ ප්‍රධාන පෙළේ ආදායම් මාර්ගයක් ඇහිරීම වන්නට පුළුවන. එසේම, මේ ජාතිවාදීන්ගේ ක්‍රියාවන් සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපා තිබේ. එයද රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගයකි.
එනයින් ගත් කල ජාතිවාදී ව්‍යාපාර විසින් කර තිබෙන වැටලීම සුළුපටු එකක් නොවන බව පැහැදිලිය. ටම්වායේ ප්‍රතිඵල මේ වසර අවසන් වන්නට පෙර භුක්ති විඳින්නට ලැබෙනු ඇත. ජාත්‍යන්තර පීඩනය හමුවේ ලංකාව ආර්ථික සම්බාධක අවදානමකටත් මුහුණ දී තිබෙන සංදර්භයකදී මේ වැටලීමේ වාසිය සමස්තයක් ලෙස විපක්ෂයට අත් වනමුත්, එයින් මේ රටේ දිළිඳු ජනතාව පත් වන දුක සුවිසල් එකකි.
තෙවලා දම් කඳ – නොපිටට පදබැඳ
මිසදිටුවන් එක කඳවුරේ
නව යුගයේ නෙක බුදුවරු පහලව
ගෞතම බුදු හිමි කළුවරේ
බොදු බල සේනා ගීතයේ ඇති මේ කොටසින් නම් කියවෙන්නේ ඔවුන් ගැනම නොවේද?