බොද මීදුම් කෝලිකුටිටු වර්ශන්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    එදා උදේ අහිංසකයා මැච් එකට යන නිසා අනුස්කා කීරමින් කරවල තෙල් දාලා, වට්ටකා කලු පොල් හැදුවේ කෝලි ආසම කෑමක් බව දන්න නිසා. වට්ටක්කා එකේ සුවඳට කොල්ලා ඇවිල්ලා කුස්සියට එබෙද්දී කෙල්ලගේ පපුව හෝස් ගාලා ගියා.

    බඩගිණිද මහත්තයෝ? කියලා අනුස්කා ඇහුවේ ඇස් අගින් ගලන ආදරේ චීත්ත ගවුමේ අතකින් පිහිදාන ගමන්. කෙල්ලගේ ආදරේ දැක්ක කෝලිට දරාගන්න බැරි වුනා. ඒ කඳුලු පිහිදද්දී තමයි කෝලිට මතක් වුනේ ලඟඳී කෙල්ලට ඇඳුමක් වත් අරන්දෙන්න බැරි වුනා නේද කියලා.

    මැණික අද මැච් එක බලන්න එන්න වත් අඳින්න එකක් නෑ නේද?

    කෝලි එහෙම අහද්දී අනුස්කා ආදරේ පිරුණු ඇස් වලින් කෝලි දිහා බැලුවා. අනේ මගේ මහත්තයා ඒ ගැන හිතන්න එපා රත්තරන් .. මට දීපිකා අක්කා එදා බෝධි පූජාව දවසේ ඇඳපු සුදු ගවුම දුන්නා .. මට ඒක අඳින්න පුළුවන්. මගේ මහත්තයා අද හොඳට ගහන්න.

    හ්ම්ම්ම්.. ගෙදර ඇවිල්ලද? කොල්ලා එහෙම ඇහුවේ වල් කමට නෙමෙයි. කෙල්ලගේ මූණේ හිනාවක් දැකලා යන්න. ඒ හිනාව දැක්කම පනහක් ගහන එක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා කොල්ලා දන්නවා.

    කෙල්ල ලැජ්ජාවෙන් අහක බලා ගනිද්දී කෝලි අනුස්කව පිටිපස්සෙන් ගිහින් තුරුල් කරගෙන කන් පෙත්තක් ඉම්බා.

    යන්න යන්න.. මැච් එකට යන්න කලින් නරක වැඩ කරන්න හොඳ නෑ.. කෙල්ල එහෙම කියන ගමන් එතනින් ඈත් වෙලා මේසේ ලඟට ගියා.

    මේසේ උඩ තියන අඟුන කොල ටික දැක්කම කෝලිගේ කටට කෙල ඉනුවා.

    උදේ පාන්දර අඟුන කොලත් කැඩුවද මැණික? කොල්ලා එහෙම ඇහුවේ මැල්ලුමට දාන්න කපලා තිබ්බ ළූනු කෑල්ලක් කටේ දාගන්න ගමන්.

    නෑ මහත්තයෝ.. මම එනකොට බුම්රා අයියා ගහේ හිටියේ. ඉතින් මටත් කොළ ටිකක් කඩලා දුන්නා. ඒක නෙමෙයි මහත්තයෝ..

    අනුස්කා එහෙම කියද්දී කෝලි හැරිලා බැලුවේ අනුස්කා මෙහෙම කියන්නේ මොනවා හරි වැදගත් දෙයක් කියන්න බව දන්න නිසා..

    මම ඊයේ නරක හීනයක් දැක්කා මේ ගෙදර ගිණි ගන්නවා. අනේ මහත්තයෝ කොහොම හරි මැච් එක දිනන්න. මේ අපි දෙන්නගේ දුක් මහන්සියෙන් හදපු ගෙදර. මේකේ ගඩොලක් , ගඩොලක් ගානේ තියෙන්නේ මගේ මහත්තයගේ දුක් මහන්සිය. මේවට ගිණි තියන විදියේ වැඩ කරන්නෙපා මහත්තයෝ.

    එහෙම කියන ගමන් උදේ රෝහිත්ලගේ කෙහෙල් ගහෙන් කපලා ගින්නේ තවලා හදපු කෙහෙල් කොලේට යහමින් බත් එක බෙදලා , බැඳලා අතට දීලා, දණ ගහලා වැන්දා. ඔක්කොම කන්න රත්තරං .. කෙල්ල නැගිට්ටේ එහෙම කියන ගමන්.

    කෙල්ල නැගිටිද්දී කෝලි ආදරෙන් ඒ නළල ඉම්බා. අනුස්කට දැනුනේ මුලු ඇඟ ඇතුලෙන්ම තමන් දියවෙලා යනවා වගේ.

    කෙල්ලට හදිස්සියේ දෙයක් මතක් වුන නිසා දිව්වා.

    කෝ .. අත දෙන්න මහත්තයෝ ..

    ඇයි..

    කිව්වම අහලා දෙන්නකෝ පන්ඩිතයා නොවී.

    කෙල්ල වෙලාවටකට වයසට වඩා චූටියි වගේ. කෝලි මේ දඟකාර කමට ආසයි.

    ආහ්.. කෝලි තමන්ගේ අත දික් කලා..

    මේ මහවෙමුනාවේ පොඩි හාමුදුරුවෝ පිරිත් කරපු පිරිත් නූලක්. මගේ මහත්තයගේ ඇම්ටේකට වත් බෝලයක් වත් වදින එකක් නෑ මේක බැන්දම..

    මට මෙච්චර ආදරේ කරන්නෙපා රත්තරං.

    කෝලි එහෙම කියන ගමන් ගෙදරින් එළියට බැස්සේ දකුණු කකුල පෙරට තියලා.

    අද නම් කෝලි ගහනවාමයි කියලා කෙල්ලට විශ්වාසයි.

    ©️Facebook

    IMG_4394.jpeg