>>> බොනවිස්‌ටා කොරල් පරය <<<
රූමස්‌සල කන්දේ එක් කොටසක් බොනවිස්‌ටාව කියල කියනවා. ඒ වගේම මේ කන්දේ මුහුදු තීරය ජන්ගල් බීච් කියලත් කියනවා. ඊට යාබද නොගැඹුරු - නිල් - කොළවන් නොගැඹුරු මුහුදු තීරය තමයි බොනවිස්‌ටාව කියල කියන්නේ. මේක කොරල් පරයක්. 1796 දී විලියම් කාර්මයිකල් ගිබ්සන් නමැත්තා "සොඳුර දසුන" යන අර්ථයෙන් මෙයට බොනවිස්‌ටා යන නම තිබ්බාලු. එය පෘතුගීසි වදනක්. ගාලු වරායේ එක් පැත්තක් වන බොනවිස්‌ටාව අප රටේ ඉහළම ජෛවවිවිධත්වය සහිත කොරල් පරය ලෙස සලකනවා. මෙයින් වාර්තා වී ඇති මසුන් සංඛ්‍යාව වන 491 ක් වෙනත් ලංකාවේ පරයකින් වාර්තා වී නැහැ.
වඳවී යැමේ මත්ස්‍ය විශේෂ 72 න් 36 ක් මෙහි දිවි ගෙවනවා. එසේම බොනවිස්‌ටාවට ආවේණික විශේෂ 64 ක් සිටින බව ද දැක්‌වෙනවා. හික්‌කඩුවේ කොරල් අතරින් 39% ක් සජීවී වෙද්දී බොනවිස්‌ටාවේ 71% ක් සජීවී ලෙස සලකනවා.
පෙර කී කාර්මයිකල්a ගිබ්සන්ගේ බිරිඳ මාර්ගයිට් මහත්මිය රූමස්‌සලහි පුණ්‍ය පාඨශාලාවක් ඉදිකළා. එය පසුව බොනවිස්‌ටා පාසල බවට පත්වුණා. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වැනි ප්‍රාඥයෝ මූලික අධ්‍යාපනය ලැබුවෙත් මේ විදුහලෙන්.
බොනවිස්‌ටාවට ඉහළ රූමස්‌සල කුළුණු කන්ද ගැනත් වචනයක් කිව යුතුයි. එහි පවතින ප්‍රදීපාගාරයක් වැනි කුළුණක් තියෙනවා. 1875 දී ඉදිකර ඇති මෙම කුළුණ එකල ඉංග්‍රීසීන් විසින් සතුරු නැව් මුලාකිරීම සඳහා හැදූ ව්‍යාජ ප්‍රදීපාගාරයක් කියලයි කියන්නෙ.