එක්සත් ජනපදයේ මැතිවරණ වලට වන විදේශ තර්ජන, අනවශ්‍ය මැදිහත් වීම් සහ මැතිවරණ වල විශ්වසනීය භාවය සම්බන්දයෙන් සැක සංකා ඇතිකරන විදේශ බලවේග පිලිබඳ FBI පරීක්ෂන කන්ඩායම වහාම විසුරුවා හැරීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත්තේ පෑම් බොන්ඩි, ට්‍රම්ප් පරිපාලනයේ නව අධිකරණ දෙපාර්තුමේන්තු ලේකම් වරිය පත් කිරීමත් සමඟය . 2017 ඇතිකරන ලද මෙම විශේෂ FBI ඒකකය, රුසියාව ඇතුලු අනිකුත් සතුරු විදෙස් රටවලින් ඇමරිකානු මැතිවරණ වලට එල්ලවු තර්ජන රැල්ලකට පසුව ඇතිකරන ලදි. මෙම ඒකකයේ කාර්යභාරය වුයේ සියලු ආකාරයේ විදේස් මැතිවරණ තර්ජන වලට ප්‍රතිචාර දක්වීම සහ නිශේදනය කිරීමයි. විශේෂයෙන් 2016 ට්‍රම්ප් ජයගත් මැතිවරණයේදී රුසියානු මැදිහත් වීම් රාශියක් වාර්තාවිය.
Last edited:

