මේක වැදගත් වෙන්නේ බොන උන්ට විතරයි..(බොන්නේ නැති හිපාටුවෝ පලයව් යන්න..
)
බොනව නම් , බීලා වාහන එළවනවා නම් විතරයි මේ කියන්න යන දේ වැදගත් වෙන්නේ..
පළවෙනියටම කියන්න ඕනි බීලා වාහන එළවන එක මම දැඩිව ප්‍රතික්ෂේප කරන දෙයක් හා බීලා වාහන එළවන්න කිසිම අවස්ථාවක කිසි කෙනෙක්ව පොළඹවන්නේ නැති බව.මිනිස්සු බීලා ආතල් ගත්තට කමක් නෑ ඒකට වැරැද්දක් කියන්නේ නෑ.හැබැයි ඒ ආතල් එක වෙන කෙනෙකුට කරදරයක් නොවෙන්න ගන්න එකයි මිනිස්සු කරන්න ඕනි.දැක්කනේ අර ටියුෂන් ක්ලාස් ගියපු ලමයි ටිකක් යට කරපු මනුස්සයා..
මෙතන කියන්න යන්නේ බීලා පොලිසියට මාට්ටු වෙලා උසාවි දාන අවස්ථාවක වැදගත් වෙන කරුණු කීපයක්.
පළවෙනිම දේ තමයි උබ බීලා මාට්ටු වෙලා උසාවි දානවා කිව්ව නම් කරේ තියෙන මාලේ උකස් කරලා හරි අවම රුපියල් 25 000 ක් හොයාගෙන වරෙන්..මතක ඇතුව තව කවුරු හරි එකතු කරගෙන උසාවියට වරෙන්..(තනියම උසාවි ඇවිල්ලා දඩේ ගෙවලා එලියට ගන්න එකෙක් නැතුව කූඩුව ඇතුලේ වේලි වේලි ඉන්න උන් අනන්ත්වත් දැකලා තියෙනවා..
)
කලිනුත් බීලා මාට්ටු වෙලා උසාවිය නිකන් ගෙදර වගේ හුරු පුරුදු තැනක් නම් ලමයගේ පංචායුදෙත් උකස් කරලා සල්ලි අරන් පලයන්.
බීලා මාට්ටු උනාම රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන්න මහේස්ත්‍රාත්වරයාට බලය තියෙනවා..රියදුරු බලපත්‍රය අත්හිටුවන එක වළක්ව ගන්න නම් විනිසුරුවරයා හමුවේ කරුණු දැක්වීමක් කරන්න වෙනවා...අදාළ පුද්ගලයාගෙ සේවා ස්ථානය පිළිබඳව තොරතුරුයි හැමදාම වාහනයෙන් රැකියාවට යන්න වෙන බවයි පිළිබඳව පිළිගන්න පුලුවන් සාක්ෂි සහිතව කරුණු කියාපෑමක් කළොත් රියදුරු බලපත්‍රය අත්හිටුවන එක වළක්වගන්න පුළුවන්.හැබැයි ඕක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා..එක එක විනිසුරුවරයන්ට අනුවත් ඕක වෙනස් වෙනවා.
දැන් ඔය උඩින් කියලා තියෙන හැමදේම අදාළ වෙන්නේ තමන් බීමතින් වාහන එළෙව්වා කියලා වරද පිළිගන්න අයට විතරයි..වරද පිළිගන්න අකමැති අයට ඉතින් නඩු විභාගයට ගිහින් තමන් නිවරැදි කාරයා කියලා ඔප්පු කර ගන්න වෙනවා..ඇත්තටම මෙහෙම වෙලාවක වරද පිළි අරගෙන දඩය ගෙවන එක තමයි නුවණක්කාරම වැඩේ..තමුන්ගේ කාලයයි මුදලුයි දෙකම වැය කරගෙන නඩු කියනවට වඩා වරද පිළි අරගෙන දඩේ ගෙවන එක වාසියි..
අනිත් කාරණය තමයි මත්පැන් පානය කර වාහනය පැදවීමේ වරදට වරදකරු වෙන්න නම් අවම වශයෙන් චූදිතයාගේ රුධිරය මිලිලීටර් 100 කට ඇල්කොහොල් ග්‍රෑම් 0.08 ක් තියෙනවා කියලා පොලිසිය විසින් ඔප්පු කරන්න ඕනි..එහෙම නැතුව වරදකරු කියලා ඔප්පු කරන්න බෑ..පොලිසියෙන් අර බීලද කියලා චෙක් කරන්න දෙන බැලුම දීපු ගමන් පැනලා පුම්බන්න යන්න එපා එකවසරේ පොඩි එකෙක් අවුරුදු උත්සවේ බැලුම් පුම්බනවා වගේ..ඒ බැලුම් ක්‍රමය 100% ක් සාර්ථක නෑ.වරදින්න තියෙන සම්භාවිතාවය වැඩියි..ඒ නිසා බැලුම පුම්බන්න බෑ කියලා අධ්කරණ වෛද්‍යවරයා වෙත යොමු කරන්න කියන්න.ඒ කරලා වෛද්‍යවරයා වෙත යොමු කරනකන් පුළුවන් තරම් වතුර බොන්න..

)බොනව නම් , බීලා වාහන එළවනවා නම් විතරයි මේ කියන්න යන දේ වැදගත් වෙන්නේ..
පළවෙනියටම කියන්න ඕනි බීලා වාහන එළවන එක මම දැඩිව ප්‍රතික්ෂේප කරන දෙයක් හා බීලා වාහන එළවන්න කිසිම අවස්ථාවක කිසි කෙනෙක්ව පොළඹවන්නේ නැති බව.මිනිස්සු බීලා ආතල් ගත්තට කමක් නෑ ඒකට වැරැද්දක් කියන්නේ නෑ.හැබැයි ඒ ආතල් එක වෙන කෙනෙකුට කරදරයක් නොවෙන්න ගන්න එකයි මිනිස්සු කරන්න ඕනි.දැක්කනේ අර ටියුෂන් ක්ලාස් ගියපු ලමයි ටිකක් යට කරපු මනුස්සයා..
මෙතන කියන්න යන්නේ බීලා පොලිසියට මාට්ටු වෙලා උසාවි දාන අවස්ථාවක වැදගත් වෙන කරුණු කීපයක්.

පළවෙනිම දේ තමයි උබ බීලා මාට්ටු වෙලා උසාවි දානවා කිව්ව නම් කරේ තියෙන මාලේ උකස් කරලා හරි අවම රුපියල් 25 000 ක් හොයාගෙන වරෙන්..මතක ඇතුව තව කවුරු හරි එකතු කරගෙන උසාවියට වරෙන්..(තනියම උසාවි ඇවිල්ලා දඩේ ගෙවලා එලියට ගන්න එකෙක් නැතුව කූඩුව ඇතුලේ වේලි වේලි ඉන්න උන් අනන්ත්වත් දැකලා තියෙනවා..
)කලිනුත් බීලා මාට්ටු වෙලා උසාවිය නිකන් ගෙදර වගේ හුරු පුරුදු තැනක් නම් ලමයගේ පංචායුදෙත් උකස් කරලා සල්ලි අරන් පලයන්.