සපුගස්කන්ද දැවි තෙල් ගංවතුරට මුසුවෙයි.. කොළඹ, ගම්පහ පානීය ජලයට මුසුවීමේ අවදානමක්..
ක වර්ෂා තත්ත්වය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් වැසි ජලයට මිශ‍්‍ර වී තිබේ.නාවික හමුදාව සඳහන් කරන්නේ ඒවා කැලණි ගඟට එක් වීමේ අවදානමක් ඇති නිසා එම තත්ත්වය වැළැක්වීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
දැඩි වර්ෂාපතනය හේතුවෙන් තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ අඩංගු ගබඩා ටැංකි තුළට වැසි ජලය ඇතුළු වී පිටාර ගලා ගොස් ඇත.
එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
මෙම දැවිතෙල් කැලණි ගඟට එක් වුවහොත් එම ගඟේ ජලය ලබා ගන්නා බියගම සහ අඹතලේ ජල පවිත්‍රාගාර මඟින් පානිය ජලය බෙදා හැරීමටද යම් බලපෑමක් ඇති වනු ඇත.
