ඊයෙ රෑ 7.30ට රූපවාහිනියෙ බොරැල්ල කනත්ත ගැන මරු වැඩසටහනක් ගියා..
පියෝ ටීවි තියෙන උං බලපල්ල
මේකයි සීන් එක.. කනත්තෙ වැඩ කරන එවුං කිව්වනෙ බං, හොල්මං කියන්නෙ ඇත්ත, උං දැකල තියෙනව කියල
එක මහත්තයෙක් කිව්ව, ඇක්සිඩන්ට් වලින් මැරුණ අය, සියදිවිනාසා ගත්ත අය වල්ලන දවස් වලට පරිසරයෙත් වෙනස් කං වෙනව කියල. හයියෙන් හුලං එනවලු, වහිනවලු, එදාට එයාල සේවකයින්ටත් උපදෙස් දෙනවලු වැඩිය ඒ පැත්තෙ යන්ඩ එපයි කියල 
මම නං හොල්මං නෑයි කියන්නෙත් නෑ.. තියෙනව කියන්නෙත් නෑ.. මොකද මම දැකල නැති නිසා.. හැබැයි අම්බානෙකට බය තියෙනව
හොල්මන් කියල දෙයක් නැහැ...හොල්මන් කියන එකේ තේරුම අපේ මනසේ ඇතිවෙන දෙයක්..හැබැයි භූත ආත්ම තියෙන්න පුළුවන්...අපි මැරුණම අපේ ශරීරයෙන් ආත්මය පිට වෙනවනේ බන්..මම නම් එක විස්වාස කරනවා..අනිවාර්යෙන් අපේ ආත්මය අවට සැරිසරන්න ඕනේ අපි මැරුණම..ටික කාලයක් හරි..බුදු දහමට අනුව නැවත උපදින්නත් අපේ ආත්මය ශරීරයකින් වෙන එකකට යන්න ඕනනේ? එක්කෝ කතෝලික ආගමේ කියන විදිහට ස්වර්ගය, හෝ ශුද්දීක්ස්තානයට යන්න ඕනේ..ඉතින ඒ කියන්නේ අපේ ආත්මය ඉවත් වෙනවා...
අනිත් එක මම අහල තියෙනව බුදු දහමේත් කතා වල කියනවනේ භූතයෝ ගැන? රහත් වහන්සේලා දැකල තියෙනවා කියල? එක එක කතා වලත් එක එක පව් කරපු භූත ආත්ම ගැන කියනවනේ?
කතෝලික ආගමේත් එහෙම එකක් තියෙනවා...එක වතාවක ජේසුස් වහන්සේ යනකොට යක්ෂාවේශ වුනු මනුස්සයෙක් ව ගේනවා..ඒ යක්ෂ ආත්මය ඉල්ලනවා ඒ මිනිහව සුව කරනවානම් ඒ යක්ෂ ආත්මයට මොකුත් නොකර එතන ඉදපු ඌරන් රැලකට වැහෙන්නට ඉඩ දෙන්න කියල..ඊට පස්සේ ඒ ආත්මය ඒ ඌරු රැලට වැහෙනවා...
මම දන්නේ නැහැ හැබැයි භූතයෙක් ට අපේ පියවි ඇසට පෙන්න එන්න හරි, අපිට අනතුරක් හරි කරන්න පුලුවන්ද කියල නම්...ඔය කියන විදිහට තදට හුලන් හමන්න, අරව මේවා ඉතින් භූත ආත්මයකට කරන්න පුලුවන්ද කියලත් දන්නේ නැහැ..
මෙතන එළකිරියේ නම් භූතයෝ නැහැ, ආත්ම නැහැ, කනත්තවල් වල එළිවෙනකන් හිටිය, අනම් මනම් පොර ටෝක්ස් දෙන උන් ඉන්නවා ඕනේ තරම්...එවුන් ව දවසක එලකිරියෙන් ඔගනයිස් කරලා කනත්තක තියන්න ඕනේ එළිවෙනකන් බලන්න
