....බොරුව.....

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    බොරුවෙන්ම ගෙනියන රටක්... ගහේ ඉන්න වලිකුකුළ්ලු, යාල ඉන්න ලයන්ස්ල, බෙන්ගාලි ටයිගර්ල ගැන බොරු දාපුවහම, ඒ බොරු කියල කියන අය අපේ දේශපාලකයෝ කියන පට්ට බොරු ගාණක් නැතුව ඉවසනව! උන්ව සුද්ද කරන්නත් යනවා! බොරු කාරයන් පාලනය කරන රටක්. හොර නඩයකට අහු වෙච්ච ජාතියක්. නයබරින් පිරිච්චි, චාරයක් නීතියක් නැති, හොරුන්ට පිරිත් නූල් බඳින රටක්. ලැජ්ජැයි.. මොන තරන් ඉගෙනීමක් තියන, හික්මීමක් තියන ජාතියක්ද මේ හොර නඩේ විනාස කරන්නේ? අපේ දරුවෝ අපේ රටේ රැඳෙයිද? 'මම ආවේ ලන්කාවෙන්' කියල ආඩම්බරෙන් කියන්න පුලුවන් වෙයිද? පිස්සු. අපෙන් බිහිවෙච්ච හොඳම මොල අද ඉන්නෙ ඇමෙරිකාවේ, එන්ගලන්තේ, කැනඩාවේ, ඔස්ට්‍රේලියාවේ. උන් මේකෙ ඉන් නෑ. උන්ට තැනක් නෑ. හොර යක්කුන්ගෙන් පාලනය වෙන්න උන් කැමති නෑ.

    ඔය ටික කිව්වේ අපේ ලක් මෑණියන්ට අද වෙලා තියන ඇත්ත තත්වෙ කියන්න. ඒ රියැලිටි එක එහෙම වුනත්...

    හරිම ලස්සන රටක්. නැව් මාර්ගයක පිහිටීමක්. පුදුම සශ්‍රීක පොලොවක්. රටේ වටේ මාලු සම්පත පිරිච්ච මුහුදක්. හොඳ ඉගෙනීමක් තියන මිනිස්සු ගොඩක්. ප්‍රව්ඩ ඉතිහාසයක්! වැව් දාගැබ් හදල, ගල් කටුවෙන් විස්මිත බුදු පිලිම නෙළල මුලු ලෝකෙම පුදුමෙට පත් කරපු මිනිස්සු හිටිය රටක්. තුන් වේල බත් කාපු, සොසේජ්, චිකන් නොතිබ්බට වැව් මාලු, කරවල, දඩ මස් කාපු යකඩ වගෙ හයි හත්තිය තිබ්බ, කොලෙස්ට්‍රෝල් නොතිබ්බ, බියර් බඩවල් නොතිබ්බ කෙලින් හිටගත හැකි නියම පිරිමි හිටිය සමාජයක්. දරුවන් දහය පහලොව බිහි කරලත් ඇඟ නොවැහැරුණ, නාහෙන් නොඅඬන අම්මලා හිටපු රටක්. ට්‍රෙඩ් මිල් නෑ. කුඹුර කෙටුව. එරොබික්ස් නෑ වන්ගෙඩියේ වී කෙටුව. එයාකන්ඩිශන් නෑ හොඳ පිරිසිදු වාතය තිබ්බ. ස්විමින් පූල් නෑ ඇල දොලේ පීනුවා. පන්සල්, පල්ලි, කෝවිල් ගිහින් ඇවිත් එක පතේ බත් කාපු සමාජයක්. අරකා දෙමළා, මේකා මරක්කලය, අරූ සින්හලය කිය කිය අපහාස නොකෙරුන ලෝකයක්. මේ ඔක්කොටොම වඩා ආඩම්බරම දේ තමා 'අපිට ඕනෙ දෙයක් පුලුවන්' කියපු ආකල්පේ. වැව් හදපු සින්හලයා ඒක ඉගෙන ගන්න two-year ඩිප්ලෝමා එකක් කරන්න ජර්මනියට ගියෙ නෑ.. දාගැබ් හදන්න උගන්වන four year ඩිග්‍රී කරන්න ජපානෙට ගියෙ නෑ. අපිම හොයා ගත්ත ක්‍රම. අපිම ප්‍රගුණ කරපු ශිල්ප. අපිම අත්හදා බලපු විදි...

    කෝ ඒ සුන්ඳර සමාජේ? කෝ ඒ ප්‍රථාපවත් පිරිමි? කෝ ඒ නිරෝගි ගැහැණු? කෝ ඒ සශ්‍රීකත්වෙ? කෝ ඒ නියමුවෝ? කෝ ඒ දැනුම? කෝ ඒ සැහැල්ලුව? කෝ ඒ සනීප හුලඟ? කෝ ඒ නිල් කැටේ වගේ වතුර? කෝ ඒ සන්තෝශෙ??... අද අපේ කියල ඉතිරිවෙලා තියෙන්නෙ පු.. හෝදන එක විතරයි. ඒකත් ටික කාලෙකින් ටොයිලට් පේපර් වලින් පිහගෙන 'සුද්දෝ කරන්නේ එහෙමයි' කියල ආඩම්බරෙන් යයි! අද අපිව අපේම වහල්ලු කරල. හොර තක්කඩියො රැලක් මාරුවෙන් මාරුවට 'ආන්ඬු කරනව' කියල අපිව හිඟන ජාතියක් බවට හරවලා. අපේ කොඳු නාරටි බිඳල. අම්මලා අක්කලා මැද පෙරදිග වහල් සේවෙට යවල හම්ඹ කරන්න..'හොරකන් කරත් කමක් නෑ ඌ අනිත් හොරුන්ට වඩා හොඳයි' කියන පොන්න තත්ත්වෙට අපිව ගෙනල්ල. පොඩි පොඩි දේවල් වලින් සතටු වෙන බෙලහීන ජාතියක් බවට අපිව පත් කරලා. නීති නෑ. චාරයක් නෑ... නීතියානුකූලව සල්ලි හොයන, තවමත් හොඳ හිත් තියන මැජෝරිටි එක එකාට එකා කොටවලා. පාට පක්ශ වශයෙන් බෙදලා උන්ව ගොනාට අන්ඳලා. හොරු ටික අපේ රට කොල්ල කනව ලවක් දෙවක් නැතුව. අද අපේ කියලා ලෝකෙට දීපු එකම එක සාර්ථක උපකරණයක්, දැණුමක්, සාස්ත්‍රයක් කියපල්ලා? අර උදේ ඉඳන් tv චැනල් බදු ඇරන් අනාවැකි, හඳහන් කියවලා අපිව ගොනාට අන්ඳන සාස්තරේ විතරයි අපිට තියෙන්නෙ! ඔක්කොම ඉගැන්වීම් බටහිර, ජැපෑන්. චීන්නු ජාතියක් විදියට නැගිටිනව. අපි අපේ රට උන්ට විකුණනව! සපත්තු, කාර්, සන්ග්ලාස්, ඔරලෝසු, වලලු, ලිස්ප්ස්ටික්, කිව්ටෙක්ස්, ජෙල්, ෂර්ට්, බ්‍රා, කලිසන්, අන්ඩර් ස්කර්ට්, ටයි ඔක්කොම පිට රටින්! කන්නෙ ඔස්ට්‍රේලියාවේ ඇපල්. රෙන්නෙ චීනෙ පැපොල්. හැදෙන්නෙ එන්ගලන්තෙ කෝල්ඩ්. බොන්නෙ ස්කොට්ලන්තේ විස්කි..

    නිදහසින් පස්සෙ තාමත් අපි 'දියුණු වෙමින් පවතින' රටක්. ඒක අපේ සීයගෙ කාලෙත්, අප්පච්චිගෙ කාලෙත්, අපේ කාලෙත්, අපේ දරුවන්ගෙ කාලෙත්, අපේ මුණුබුරාලගෙ කාලෙත් එහෙමම තමා. පුලු පුලුවන් උන් මයිග්‍රේට් කරලා යනවා. අනිත් උන් මේ පට්ට හොර රැල විසින් යටපත් කරගෙන ඔහේ ජීවත් වෙනවා. ජාතියක් විදියට නැගිටින්න ගත්තොත් ජාතිවාදේ, ආගම්වාදේ ගෙනත් අපිව බෙදනවා. ඒවට අහු වෙන ගොන් රැල ඉන්නකන් අපිට අනාගතයක් නෑ. පක්ශ, ආගම්, ජාති, කුල විදියට බෙදලා සින්හලයා මොට කරල තියෙන්නේ. ඒ ඔක්කොම කරල තියෙන්නේ එක පැලැන්තියකට රට කොල්ල කන්න. උන් ආරක්ශා කරන මාධ්ය, නීති, උසාවි ඕනෙ තරන්. දේශපාලකයෙක් කෝටිගානින් හොරකන් කරල හිරේ ගිහින් තියනවද?? අපේ රට තව තවත් මුන් කුණු ගොඩකට ඇදන් යනවා. 'අපිට විකල්පයක් නෑ හොඳ හොරාට දෙනව මිසක්' වගෙ මන්ඳබුධ්දික තත්වෙට අපිව පත් කරල. ඇස් ඇරල බලපල්ලා. ස්ටැටිස්ටික්ස් ඇරන් බලපල්ලා. රටේ ණය ගැණ හොයපල්ලා. ඉතාමා සුපිරි කාර් එකේ, හෙලිකොප්ටරේ යන අර 'අප්පච්චිලාගේ, රජාලගෙ, ගොවි පුතාගේ, මිස්ටර් ක්ලීන්ගේ' ආඩම්බර බලපල්ලා..ආඩම්බරයි නේද? ප්‍රව්ඩ ජාතියේ එකම අනන්යතාවය තාමත් වතුරෙන් පු..හෝදන එක විතරයි. ඒකත් සුද්ද හදපු බිඩේ ෂවර් එකෙන්!

    ... සුසා ...
     
    Last edited: