බොරු හා පට්ටපල් බොරු
උමා ඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු...
උමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට,
උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා..
දැනටත් උමා ඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ..??
උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ..
උමා ඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩා ඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවර වෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි...
හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ..
අලුතෙන් ජලාශ හදන්නෙ කුඩා ඔය, අලිකොටාආර, හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් )..
තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගා කරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට කන්න දෙකම වගා කරන්න වතුර දෙනවා..
දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත් සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි..
දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න..
ඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක.. උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.. රන්ටැඹේ කියන්නෙ රන්දෙණිගලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණ දෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය..
මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහි කාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇති වෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැබේට හැකියාවක් නෑ..ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමා ඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම අවධාරණය කළා වගේම රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්ර වුණා..
ඒ ජලාශ දෙක තමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ..
මීට පහලින් උමා ඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm) වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm) අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට..
මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ... උමා ඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව... අදටත් අපේ තියන අනෙක් ජල විදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරි නම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්..ඒක එහෙමයි, පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්..
මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණකින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ.. එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්...ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා..
මම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලි බලය නිපදවන්නත්, රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොන තරම් සාධණීය කාර්යයක් කරනවද කියන එක.
උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්...!!!
ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක් ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා..
ඒ අතරෙ බර ගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්.. ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3) ජල විදුලි බලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජල විදුලි බලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි.
ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑ ගහනවා... උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යට වෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසි කෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..
පරිසරයට "හානියක්" නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම... සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..
ඊලඟ එක නැවත පදිංචිකිරීම්...
මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරු කරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදන කොට වගේ තමයි...
මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචි කලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා... ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්.. බොහොම සාමාන්‍යයි..
අනෙක් මහා පරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ජලාශවලට යටවෙන ප්‍රදේශයෙන් ඉවත් කරන්න වෙන ප්‍රමානය සාපේක්ශව ඉතාම අඩු ගණනක් මේ ව්‍යාපෘතියෙ.. සංඛ්‍යාත්මකව නම් සම්පූර්ණයෙන්ම යටවෙන ප්‍රමානය ගෙවල් 200ක්. මේක අනෙකුත් මහා පරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ඉතාම අඩු ගණනක්..
පට්ටපල් බොරු ප්‍රශ්න තමයි උඩින් කිව්වෙ, හැබැයි උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා...
දැන් එමු ප්‍රශ්නෙට..
ප්‍රශ්නෙ එන්නෙ ටනල් හාරන්න යද්දි.. මේකෙ ටනල් 3යි. ඒ තුනෙන් පුහුල්පොල-ඩයරබා යා කරන ලින්ක් ටනල් එක හදලා ඉවරයි.. ඒකෙ දිග කිලෝමීටර් 4යි.. ඒක හදද්දිත් වතුර කාන්දු වුනා.. ඒ කාන්දු නවත්වගෙන සීල් කරගෙන ටනල් එක හදල ඉවර කලා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ..
තව ටනල් දෙකක් තියනවා හෙඩ්රේස් ටනල් එක සහ ටේල්රේස් ටනල් එක...
හෙඩ්රේස් කියන්නෙ ඩයරබා වලින් විදුලි බලාගාරෙට වතුර ගෙනියන්න හදන මේ ටනල් එකේ දිග කිලෝමීටර් 15ක්, ටේල් රේස් එකෙන් බලාගාරෙ ඉදන් අලිකොටආරට වතුර ගෙනියනවා ඒකෙ දිග කිලෝමීටර් 3.3ක්..
මේකෙන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ හෙඩ්රේස් එකේ..
ප්‍රශ්නෙ තමයි හාරද්දි භූගත ජලය කාන්දු වෙනවා.. ඒ නිසා ටනල් ට්‍රේස් එක උඩ තියන ප්‍රදේශවල භූගත ජල මට්ටම පහල යනව සහ ඒ නිසා පසෙහි සිදුවන වෙනස්කම් නිසා ඉහල පාංශු ස්ථරයේ ඉරි තැලීම් සිද්ද වෙනවා..
මේ භූගත ජල කාන්දු වලක්වන්න පුලුවන් වගේම නිවැරදි අධ්‍යනයක් කළා නම් මේ තත්වෙට නොගිහින් වළක්වගන්නත් තිබුණා.. මේකෙ වගකීම සම්බන්ධයෙන් ගත්තම විවිධ පාර්ශව වලට චෝදනා වෙනවා..
එතනින් ප්‍රධානම එකක් වෙන්නෙ ව්‍යාපෘතිය කඩිනම් කරන්න එවකට පැවති දේශපාලන අධිකාරියට තිබුණු හදිස්සිය හේතු වුණා කියන එක.මේක බැහැර කරන්න බැරි කාරණාවක්..!!!
ඊලග දේ ටනල් ට්‍රේස් එක ගැන දත්ත අඩු අවස්ථාවක TBM (tunnel boring machine) එක යන්න කලින් ඉදිරි කලාපය ගැන දත්ත ගන්න අධ්‍යනයන් කරන්න ඕන..ඒක කරලත් නෑ...!!!
මේ වෙද්දි අවස්ථා දෙකක දි දුර්වල පාංශු ස්ථර හමුවීම නිසා සැලකිය යුතු ප්‍රමාණයෙන් භූගත ජලය කාන්දු වුණා. පළවෙනි කාන්දුව අවම කරල තියෙන්නෙ.. (100%ක් ම වහන්න බෑ..) දැන් තියන කාන්දුවත් අවම කරන්න කටයුතු කරගෙන යනවා.. ඒවා ඉතාම වියදම් අධික ක්‍රියාවලි... සරලව කිව්වොත් මූලික අධ්‍යනයන් නොකර වගේම ටනල් එක හාරද්දි කරන්න ඕන අධ්‍යනයන් නොකිරීමෙන් ඇතිවෙලා තියන තත්වය පාලනය කරන්න යන වියදම අධික වීම නිසා ව්‍යාපෘතියෙ වියදම ඇස්තමේන්තුගත වියදම ඉක්මවා යන්න පුළුවන්...
ටනල් එක හදලා ඉවර වෙද්දි භූ ජල විද්‍යාත්මකව නැවත ඉහල ජල ස්ථරය යථා තත්වයට පත්වෙනවා.. ඒත් ඒ වෙනතුරු ආපදාවට ලක්වෙලා ඉන්න ප්‍රදේශවලට අදාළ වන්දි ලබාදීම වගේම ජල පහසුකම් ලබාදෙන්න ඕන.. ඉහල බිම් සදාකාලිකව නිසරු වෙන්නෙ නෑ මොන හේතුවකටවත්... මේක තාවකාලික තත්වයක්..!!
මේ ප්‍රොජෙක්ට් එක වගේම විදේශ ණය මත පදනම් වුණු සියළුම ව්‍යාපෘති වල තියන ප්‍රධානම ගැටලුවක් තමයි මේවා EPC(Engineering Procurement Contract) වීම.. එතනදි clientගෙ consultantට තියන බලය ඉතාම අවමයි. ඒ කියන්නෙ මේකට clientගෙ පැත්තෙන් ඉන්න CECB එකට ප්‍රොජෙක්ට් එකට අතදාන්න බෑ.. monitor කරන්න විතරයි පුළුවන්.. ඒක ලොකු පාඩුවක්.. මේ පාඩුව අපිට උමාඔය විතරක් නෙවෙයි මොරගහකන්ද,කතරගම රේල්වේ එකේ වගේම අනෙකුත් ව්‍යාපෘති වලත් මතු වෙනවා...
මේ තත්වයෙදි රටේ දේශපාලන අධිකාරියත් කන්ට්‍රැක්ටර්ගෙ පැත්ත ගන්නව නම් උන්ව පාලනය කරන්න බැරිම තත්වෙකට එනවා.. උදාහරණෙකට කතරගම රේල්වේ එකේ CECB ටීම් ලීඩර් අයින් කරන්න පවා අපේ වත්මන් ජනාධිපති කටයුතු කරල තිබුණා..
සාපේක්ශව ගත්තම ඉරාන් වැඩ චීන්නුන්ට වඩා ගොඩක්ම හොඳයි.. මොකද චීන සයිට් බලන්න යන්නවත් CECB එකට දෙන්නෙ නෑ, ගහනවා.!! .ඔව්.
ඒත් උමාඔය එහෙම තත්වයක් නෑ.. එතන තියන කන්ස්ට්‍රන්ශන් ප්‍රශ්න විසඳ ගෙන ඉස්සරහට යන්න කන්ට්‍රැක්ටර්ටම අව්ශ්‍යතාව තියනවා.. ඒකට හේතුව ඔවුන් ලෝකයෙ ජල විදුලිය සම්බන්ධ නමක් තියන සමාගමක් වීම සහ මේ ප්‍රශ්න ඔවුන්ගෙ කීර්තිනාමයත් හානියක් වීම..
උමාඔය තියෙන්නෙ විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි.. ඔය කියන විදියට ටනල් ට්‍රේස් එක උඩ සදාකාලිකව නිසරුවීමක්වත් පෝශක ප්‍රදේශ විනාශ වීමක්වත් වෙන්නෙ නෑ..
ලෝකෙ කොහෙවත් ටනල් එකක් නිසා එහෙම වෙලත් නෑ, දැනට තියන ඉංජිනේරුවිද්‍යාත්මක දැනුමෙන් එහෙම වෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න තාවකාලිකයි..නමුත් ඉන් ආපදාවට ලක්වෙන මිනිස්සුන්ට වන්දි ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි..!!
සටහන : නොතිර සසර
PS:
මහවැලි මහා සැලස්ම කඩිනම් කොට ක්‍රියාත්මක කලේ දිවංගත ගාමිණී දිසානායක මහතායි. එදා වාරිමාර්ග අමාත්‍යව සිටි සි පි ද සිල්වා සිහිනයක් වු මහවැලිය, සිරිමා මැතිනිය ආණ්ඩුවේ හිටපු වාරිමාර්ග විදුලිබල හා මහාමාර්ග අමාත්‍ය දිවංගත මෛත්‍රීපාල සේනානායක මහතා යෝජනා කොට තිබුණේ වසර 30 තුල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි.
එදා වලවේ හරහා ලුනුගම්වෙහෙරට ගාමිණී දිසානායක ජලය ගෙනගියේ මහින්ද රාජපක්ෂගේ ගම පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්ය නිසා නොව මහවැලි මහා සැලස්ම අනුව වියලි කාලාපය පෝෂණය කිරිමට අවශ්‍ය ජලයත් රටට අවශ්‍ය විදුලිබලය නිපදවීමෙ අරමුණෙනි.
2005 මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව මහවැලි මහා සැලස්මේ ඉතිරව තිබු ව්‍යාපති සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෑඩපිලිවෙල ඇතුලත් කොට තිබුණ අතර එදා මහින්දට කඩේ ගිය අද කෑගනහන සමන්ත විද්‍යාරත්නලා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සහෝදරයින් එම ප්‍රතිපත්ති ප්රකාශනය අනුමත කරමින් එම් ප්‍රතිපත්ති ප්රකාශනය ගමින් ගමට බෙදමින් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති කලේය.
එදා 2008 වසරේ මොරගහකන්ද යෝජනා ක්‍රමය ආරම්භ කලේ මහින්ද ජනාධිපතිවරයා විසින් එවකට මහවැලි ඇමති ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේනගේ ගමට වතුර ගෙනියන්න කියලා චම්පික වැනි ඉංජිනේරු වෘත්තීය හැදාරු අමාත්යවරයෙකක් කිව්වොත් එය පුදුමයකි. හේතුව මොරගහකන්ද ව්‍යාපතිය මෛත්‍රීගේ සැලසුමක් හෝ යෝජනාවක් නොව එය මහවැලි මහා සැලස්මේ කොටසකි, එහෙත් එදා එය අවසන් කිරීමට නොහැකි වුවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය දරුණුතම අවස්ථාවේ එනම් 2007 දි එය ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් සොයා ගත්තේ ඉරාන ජනාධිපතිගේ හිතවත්කම හරහා ය.
එදා උමාඔය ව්‍යපතිය සියලු උපදේශක සේවා සැපයුයේ මහවැලි අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය CECB මගිනි. එදා එහි සභාපති ලෙස සිටියේ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාගේ ලගම හිතවතකු වන ඉංජිනේරු නිහාල් රූපසිංහ ය. එදා ඔහුගේ නායකත්වයෙන් කණ්ඩායමක් කිහිපවරක්ම ඉරානයට ගොස් ඉරාන බලධාරීන් දැනුවත් කල අතර ඊයේ පෙරේදා නෝර්වේ රටට හියේත් ඒ නිහාල් රූපසිංහ වීම විශේෂත්වයකි.
අද ඔහු උමා ඔය වෙනුවෙන් ජනාධිපතිවරයා නෝර්වේ යැව්වේ හිටපු සභාපති ලෙස හෝ උමාඔය ව්‍යාපතියේ තාක්ෂණ කොමිටියේ සභාපති ලෙස නොව මෛත්‍රී ආණ්ඩුවේ චම්පික රණවකගේ මෙගාපොලිස් අමාත්‍යාංශයේ ලේකම් ලෙසයි.
ඒ සමඟම එදා සිට අද දක්වා මෙම ව්‍යාපතිය භාරව සිටින්නේ ආචාර්ය සුනිල් ද සිලවා ය ඔහු අදටත් ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි අමාත්‍යාංශයේ සේවය කරමින් උමා ඔය භාරව කටයුතු කරයි.
එමෙන්ම ඉරානය ඇමරිකාව විසින් දැමු සම්බාධක නිසා තරමක් පරක්කුව උමාඔය ආරම්භ කලේ 2013 වසරේදිය. එදා වාරිමාර්ග හා ජල කලමණාකරන අමාත්‍ය ලෙස කයුතු කලේ නිමල් සිරිපාල සිල්වාය. ඔහු අද මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු මෙන්ම උමාඔය ව්‍යාපතිය අයත් දිස්ත්‍රික්ය නියොජනය කරයි. අදටත් උමාඔය අයත්වනුයේ මහවැලි සංවර්ධනය අමාත්‍යාංශයටයි, එහි වර්තමාන අමාත්‍යවරයා ජනාධිපති සිරිසේන මහතා ය.
අද වනවිට මේ ආණ්ඩුවේ අමාත්‍ය චම්පික රණවක උමාඔය සම්බන්ධව තමා අමාත්‍යාංශයේ ලේකම් වන දීර්ඝ කාලයක් CECB සභාපතිව සිටි නිහාල් රූපසිංහ පසුගිය මාසයේදීත් තම අමාත්‍යාංශයට සම්බන්ධ කරුණකට පරිභාහිරව නෝර්වේ ගියේය. ඒ උමාඔය සම්බන්ධයවයි.
එමෙන්ම චම්පික අමාත්‍යවරයා තම අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ ගෙන් විමසිය යුත්තේ උමාඔය වතුර සැබැවින්ම මහින්ද රාජපක්ෂගේ ගෙදරට ගෙනිව්ච ද? එසේ නැත්නම් හම්බන්තොට, මොනරාගල. වැනි වියලි කාලප පෝෂණය කොට එහි වෙසෙන ගොවි ජනතාවට සෙත සැලසීම මහවැලියේ අරමුණ ද නොවන්නේ ද යන්න ය.
– FB

Last edited: