බොර තෙල් පැල්ලමක් මුහුද අවට.

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    ගිනි ගත් නැව ආශ්‍රිත මුහුදේ පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන බවට සහතිකයක්

    ගිනි ගත් නැව ආශ්‍රිත මුහුදේ පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන බවට සහතිකයක්
    September 9, 2020 05:46 pm



    “MT New Diamond“නෞකාවේ සිට කිලෝමීටර 04 ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන තාර වැනි ඝන තෙල් විශේෂයක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අද (09) නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
    අදාළ ඉන්ධන වර්ගය තහවුරු කරගැනීම සඳහා පර්යේෂණාගාර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
    ඊයේ (08) සහ අද (09) දිනයේ අවස්ථා දෙකක දී නෞකාව ආශ්‍රිත මුහුදේ ඉන්ධන පැල්ලම් නාවික හමුදාව විසින් නිරීක්ෂණය කළ අතර ඊයේ මතුව තිබූ ඉන්ධන පැල්ලම රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කර දැමීමට පියවර ගැණුනි.
    ඒ අනුව අද දිනයේ කිමිඳුම්කරුවන් අදාළ ඉන්ධන පැල්ලම් සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒවා නෞකාව සඳහා භාවිත කරනු ලබන ඉන්ධන බවට අනාවරණය වී ඇති බව සඳහන් වේ.
    කෙසේවෙතත් නෞකාවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති අතර, ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදුකෙරෙයි.
    අද සවස වනවිට නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 41 ක් දුර ගැඹුරු මුහුදේ රඳවා තිබේ.
    නෞකාවේ ගැලවුම්කාර සමාගම වන ස්මිත් සමාගමේ විශේෂඥයින් තිදෙනෙකු පළමුවරට අද නැවට ඇතුළු වූ බව නාවික හමුදාව සඳහන් කළේය.
    මේ අතර, නෞකාව අසල මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් තෙල් සාම්පල විශ්ලේෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත ලබාදෙන ලෙසටත් මුහුදු ජලයට තෙල් කාන්දුවීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසටත් නීතිපතිවරයා විසින් සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි
    නෞකාවේ සිට කිලෝමීටර 04 ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන තාර වැනි ඝන තෙල් විශේෂයක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අද (09) නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
    තාර වගේ තියෙන්නේ බොර තෙල්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    නිශාරා ජයරත්න මෙනවිය කිව්වා නම් ඉතින් අය ඕන දෙයක්
    :love: :love: :love:

    ගිනි ගත්ත වෙලාවෙම ඕක ඇදගෙන ගියනම් මෙලහකට පැනමාවටම ඇදගෙන ගිහින් බාර දීලා
    එහෙම කරන්ඩ බැරි ඇයි කියලා දවස් ගානක් කිව්වේ බන්
     
    • Like
    Reactions: D_Mad