බොහෝ අය පටලවාගත් 'එන්ගේජ්මන්ට්', 'රෙජිස්ට්&#82

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63

    බොහෝ අය පටලවාගත් 'එන්ගේජ්මන්ට්', 'රෙජිස්ට්‍රේශන්' සහ 'වෙඩින්'. (Difference between 'Engagement', 'Registration' and 'Wedding'.)

    දන්නා අයට සහ නීති වෘත්තිකයන්ට මෙම වචන අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවුවද අද සමාජයේ වෙසෙන බොහෝ දෙනා මෙම වචන වැරදි ලෙස වටහාගෙන වැරදි ලෙස භාවිතා කරනු දක්නට ලැබීම සාමාන්‍ය කරුණක්. "මම එන්ගේජ්මන්ට් එක විතරයි අරගෙන තියෙන්නෙ. එයාගෙන් ඩිවෝස් වෙන්න නඩු දාන්න ඕනද?" "රෙජිස්ට්‍රේශන් එක විතරයි ගත්තෙ වෙඩින් එකට දින දා ගත්තා විතරයි නඩු නොදා අයින් වෙන්න බැරිද?" වැනි ප්‍රශ්න දිනපතාම පාහේ බොහෝ පිරිසක් අපෙන් විමසන සුලබ ගැටලුය. එබැවින් ඉතා සරල කරුණක් වුවත් මෙම වචන භාවිතයේදී ඒවායේ නියම අර්ථය දැනගෙන භාවිතා කිරීම වඩාත් සුදුසු නිසාත් නිවැරදි නීති උපදෙස් ගැනීමට පහසු කරවන නිසාත් නොදන්නා අයට පැහැදිලි වන ලෙස හැකිතාක් නෛතික යෙදුම් අඩුවෙන්, ඉතාම සරලව සහ කෙටියෙන් මේ පිලිබඳව ලිපියක් ලිවීමට සිතුවා.

    1. එන්ගේජ්මන්ට් (Engagement)

    එන්ගේජ්මන්ට් යනු විවාහ ගිවිස ගැනීමයි. එනම් අනාගතයේ යොදාගත් යම් දවසක විවාහ වන බවට දෙපාර්ශවයක් අතර ඇති කරගන්නා පොරොන්දුවක් මින් අදහස් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී මීට මුදු මාරු කර ගන්නවා කියාද යෙදෙයි. අද සමාජයේ සාමාන්‍යයෙන් මෙවන් අවස්ථා ඉතා උත්සවාකාරයෙන් විශාල පිරිසක් එක්රැස් කරගෙන විවාහ මංගල උත්සවයක ස්වභාවයෙන්ම පවත්වනු දක්නට ලැබීම සුලබ දසුනක් වුවද වටහාගත යුතු කරුණ වන්නේ එන්ගේජ්මන්ට් එකකදී විවාහය රෙජිස්ට්‍රාර්වරයකු හෝ දේවගැතිවරයකු ඉදිරියේ ලියාපදිංචි කිරීමක් සිදු නොවන බවයි. එය හුදු රැස්ව සිටින පිරිස (සාක්ශිකරුවන්) ඉදිරියේ විවාහ වන බවට පොරොන්දුවක් හුවමාරු කර ගැනීමක් පමණක් වේ. මෙහිදී මුදු හුවමාරුවක් කිරීම, නොකිරීම, උත්සවයක් ගැනීම, නොගැනීම තනිකරම තමාගේ කැමැත්ත මත කර හෝ නොකර සිටිය හැක. වටහාගත යුතු කරුණ වන්නේ එන්ගේජ්මන්ට් එකකදී විවාහය ලියාපදිංචි කිරීමක් සිදු නොවන නිසා අනාගතයේදී කැමති නම් නීත්‍යානුකූලව විවාහ වීමට හෝ එක් පාර්ශවයක් හෝ අකමැති නම් විවාහ නොවී සිටීමට හැකි වීමයි. දෙපාර්ශවය අනාගතයේදී යම් හේතුවක් මත වෙන් වන්නේ නම් විවාහය ලියාපදිංචියක් වී නැති නිසා ඩිවෝස් වීමට එනම් අධිකරණයක නඩු පවරා දික්කසාද වීමේ අවශ්‍යතාවයක් නැත. එසේම එක් පාර්ශවයක් හෝ විවාහයට අකමැති නම් විවාහ වන ලෙස බල කිරීමට අනික් පාර්ශවයට නොහැක. එසේම බොහෝ අය අතර පවතින ඉතාම වැරදි මතයක් වන්නේ එන්ගේජ්මන්ට් එකකින් පසු විවාහ වීම අත්‍යාවශ්‍ය බවත් විවාහ වීම ප්‍රතික්ෂේප කලහොත් නඩු දමා විවාහ වන ලෙස නියෝගයක් නිකුත් කරවාගත හැකි බවය. මොනම හේතුවක් මත හෝ අධිකරණයක් විසින් යම් පාර්ශවයකට විවාහ වන ලෙස අණ කරමින් කිසිසේත්ම නියෝග නිකුත් නොකරන බව වටහාගත යුතුය. විවාහ පොරොන්දුවක් කඩකිරීමේදී අවශ්‍ය නම් අධිකරණයක නඩු පවරා තමාට සිදුවූ මූල්‍යමය හා මානසික අලාභයන්ට පමණක් හානි පූර්ණ ලබාගත හැකි අතර නැවත විවාහ වන ලෙස නියෝගයක් නිකුත් කරවාගත නොහැක.

    2. රෙජිස්ට්‍රේශන් (Registration)

    රෙජිස්ට්‍රේශන් යනු විවාහය ලියාපදිංචි කිරීමයි. එනම් බලයලත් විවාහ රෙජිස්ට්‍රාර්වරයකු හෝ දේවගැතිවරයකු විසින් විවාහ වන දෙපාර්ශවය සහ සාක්ශිකරුවන් දෙදෙනෙකු සහභාගී කරගෙන නීත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කිරීමයි. මෙහිදී යම් නියමිත කාල සීමාවකට පෙර අපේක්ෂිත විවාහය පිලිබඳ රෙජිස්ට්‍රාර්වරයා දැනුවත් කල යුතු අතර එහිදී ඔහු විසින් අදාල විස්තර ලබාගෙන නම් ප්‍රසිද්ධ කිරීම සිදු කරනු ලබයි. එම කාල සීමාව තුල යම් පාර්ශවයකට අවශ්‍ය නම් එම විවාහයට එරෙහිව ප්‍රතිවිරෝධතා ගොනු කල හැක. එම කාලය ඉක්ම යාමෙන් අනතුරුව විවාහයට එරෙහිව නෛතික බාධාවක් නොමැති නම් එම විවාහය ලියාපදිංචි කිරීම සිදු කෙරේ. මෙහිදී විවාහ වන දෙපාර්ශවය, සාක්ශිකරුවන් දෙදෙනෙකු සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයා විවාහ ලේකම් පොතේ විවාහ ලේඛනයට අත්සන් කිරීම සිදු කරන අතර සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රාර්වරයා එම අවස්ථාවේදීම විවාහක යුවළ වෙත එක් විවාහ සහතිකයක් නිකුත් කරයි. අනතුරුව විවාහ රෙජිස්ට්‍රාර්වරයා අදාල විවාහය පිලිබඳ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ එම විවාහය ලියාපදිංචි කිරීම සිදු කරයි. ඒ අනුව නෛතික සුදුසුකම් සපුරා ඇති දෙපාර්ශවයක් රෙජිස්ට්‍රාර්වරයකු හෝ දේවගැතිවරයකු ඉදිරියේ නීත්‍යානුකූලව විවාහ ලේඛනයට අත්සන් තබා විවාහ වූ පසු එය ස්ථිර විවාහ බන්ධනයක් ලෙස සලකයි. එනම් ‍රෙජිස්ට්‍රේශන් එක යනු එක් වරක් නොව සිය දහස් වරක් සිතා නියම සිහිබුද්ධියෙන් කලයුතු ක්‍රියාවකි. මන්ද මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසුව අධිකරණයක් ඉදිරියේ නඩු පවරා නියෝගයක් ලබා ගැනීමෙන් තොරව දික්කසාද වීමට කිසිදු හැකියාවක් නොමැති වීමයි. ඇතමෙක් වරදවා සිතා සිටින අන්දමට කසාද සහතිකය සැගවීමෙන්, ඉරා විනාශ කර දැමීමෙන් විවාහය අවසන් කල නොහැක. එසේම මංගල උත්සවයක් නොගත්තා කියා හෝ දෙපාර්ශවය එක්ව ජීවත් නොවූවා කියා හෝ දෙපාර්ශවයම වෙන්වන්නට කැමති වූවා කියා හෝ විවාහය අවසන් වන්නේ නැත. විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරව එනම් රෙජිස්ට්‍රේශන් එකකින් අනතුරුව එක් පාර්ශවයක මරණය තෙක් හෝ අධිකරණයක් විසින් දික්කසාද නියෝගයක් නිකුත් කරන තෙක් එම විවාහය වලංගුව පවතින අතර එසේ වලංගු විවාහයක් පවත්නා අතරතුර තව විවාහයක් සිදු කර ගතහොත් එම දෙවන විවාහය ශුන්‍ය හා අවලංගු එකක් වන අතර දැන දැනම එවැන්නක් සිදු කරගන්නා අයෙක් ද්වී විවාහය නැමති අපරාධ වරද සිදු කරයි. නමුත් එක් පාර්ශවයක මරණින් මතු අනෙක් පාර්ශවයට නැවත විවාහයකට ඇතුළත් වීමට නෛතික බාධාවක් නොවේ. එබැවින් මෙම රෙජිස්ට්‍රේශන් ක්‍රියාවලියේ නියම ස්වභාවය මනාව දැන එසේ කිරීම ඉතා වැදගත් වේ.

    3. වෙඩින් (Wedding)

    වෙඩින් යනු විවාහ මංගල්‍යයයි. බොහෝ අය විශේෂ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බව සිතා සිටියද මෙහිදීද පැහැදිලි කරගත යුතු කරුණු කිහිපයක් පවතී. සාමාන්‍යයෙන් අප දන්නා පරිදි විවාහ මංගල උත්සවයක් තුලදී එක් එක් ආගම අනුව චාරිත්‍රානුකූලව නෑදෑ හිතමිතුරන්ගේ සහභාගීත්වයද ඇතිව අදාළ දෙපාර්ශවය විවාහ බන්ධනයට ඇතුලත් කිරීම සිදු කරයි. (උදාහරණ : පෝරු මස්තකාරූඩ කිරීම, මංගල දේව මෙහෙය, හින්දු, ඉස්ලාම් ආගමික චාරිත්‍ර) විවාහ මංගල උත්සවයක මුල් තැන ලැබෙන්නේ මෙම චාරිත්‍රානුකූල විවාහයට වන අතර ඇතමෙක් විවාහය ලියාපදිංචි කිරීම මංගල උත්සවය දිනයේම සිදු කරන අතර ඇතමෙක් රෙජිස්ට්‍රේශන් එක පෙර දිනයක සිදුකර චාරිත්‍ර පමණක් එම දිනයේදී සිදු කරයි. ඒ කෙසේ සිදු කලද මෙහිදී වටහාගත යුතු කරුණ වන්නේ විවාහය අත්සන් කර ලියාපදිංචි නොකෙරුවද ශ්‍රී ලංකාව තුල හුදු චාරිත්‍රානුකූල විවාහයක්ද (සාක්ශි සහිතව ඔප්පු කල හැකි නම්) නීත්‍යානුකූලව වලංගු විවාහයක් ලෙස පිලිගන්නා බවයි. එබැවින් විවාහය ලියාපදිංචි නොකෙරුවා කියා එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින පරිදි පොතේ අත්සන් නොකෙරුවා කියා චාරිත්‍රානුකූල විවාහයක් කිසිසේත්ම අවලංගු නොවේ. චාරිත්‍රානුකූල විවාහයක් සියලුම වෛවාහක අයිතිවාසිකම් ජනිත කරන අතර එවැනි විවාහයක දරුවන් විවාහජ සුජාත දරුවන් වේ. එබැවින් අද කාලයේදී මෙවැන්නක් සිදු වීම විරල වුවද චාරිත්‍රානුකූල විවාහයක් වලංගු විවාහයක් වන බව මතක තබා ගත යුතුය. දික්කසාද වීමට හෝ නැවත විවාහ වීමට අවශ්‍ය නම් රෙජිස්ට්‍රේශන් එකකදී මෙන්ම අධිකරණ නියෝගයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

    එබැවින් අර්ථය සහ සංකීර්ණ බව දැන විවාහ බන්ධනයකට ඇතුළත් වීම බුද්ධිමත් ක්‍රියාවක් වේ. විවාහය හා දික්කසාදය පිලිබඳ නිරන්තරයෙන් ප්‍රශ්න ඇසෙනා බැවින් සරල කරුණු වුවද නොදන්නා අයට මින් යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වූවා යැයි සිතමි. අමතක වූ කරුණක් වේ නම් සදහන් කරන්න සහ රෙප් එකක් දෙන්න අමතක කරන්න එපා..
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,992
    11,723
    113
    “ ඒ කෙසේ සිදු කලද මෙහිදී වටහාගත යුතු කරුණ වන්නේ විවාහය අත්සන් කර ලියාපදිංචි නොකෙරුවද ශ්‍රී ලංකාව තුල හුදු චාරිත්‍රානුකූල විවාහයක්ද (සාක්ශි සහිතව ඔප්පු කල හැකි නම්) නීත්‍යානුකූලව වලංගු විවාහයක් ලෙස පිලිගන්නා බවයි. එබැවින් විවාහය ලියාපදිංචි නොකෙරුවා කියා එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින පරිදි පොතේ අත්සන් නොකෙරුවා කියා චාරිත්‍රානුකූල විවාහයක් කිසිසේත්ම අවලංගු නොවේ. චාරිත්‍රානුකූල විවාහයක් සියලුම වෛවාහක අයිතිවාසිකම් ජනිත කරන අතර එවැනි විවාහයක දරුවන් විවාහජ සුජාත දරුවන් වේ.”

    Meka adai dana gatte. Mara case ekakne ban eka. Valid government document ekaka sign nokara marriage eka piliganna puluwanda? Podi podi ganu denu waladith muddarayak uda sign karana eke party1 damma paliyata eka piliganna eka nan anumatha karanna ba dan kale hatiyata nan
     
    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    Registration එකක් කරාට "දීග යාමක්" සිදු වෙලා නැත්තම් දෙපාර්ශවයම කැමැත්තෙන් විවාහය උසාවියෙන් අවලංගු කරගන්න පුලුවන්. දික්කසාද නෙමෙයි අවලංගු කිරීමක් විදිහටම කරගන්න පුලුවන්.
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    || BUMP ||

    “ ඒ කෙසේ සිදු කලද මෙහිදී වටහාගත යුතු කරුණ වන්නේ විවාහය අත්සන් කර ලියාපදිංචි නොකෙරුවද ශ්‍රී ලංකාව තුල හුදු චාරිත්‍රානුකූල විවාහයක්ද (සාක්ශි සහිතව ඔප්පු කල හැකි නම්) නීත්‍යානුකූලව වලංගු විවාහයක් ලෙස පිලිගන්නා බවයි. එබැවින් විවාහය ලියාපදිංචි නොකෙරුවා කියා එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින පරිදි පොතේ අත්සන් නොකෙරුවා කියා චාරිත්‍රානුකූල විවාහයක් කිසිසේත්ම අවලංගු නොවේ. චාරිත්‍රානුකූල විවාහයක් සියලුම වෛවාහක අයිතිවාසිකම් ජනිත කරන අතර එවැනි විවාහයක දරුවන් විවාහජ සුජාත දරුවන් වේ.”

    Meka adai dana gatte. Mara case ekakne ban eka. Valid government document ekaka sign nokara marriage eka piliganna puluwanda? Podi podi ganu denu waladith muddarayak uda sign karana eke party1 damma paliyata eka piliganna eka nan anumatha karanna ba dan kale hatiyata nan

    Ow bn lankawe oya wage tawa laws tiyenawa document nati unat lagal action ganna puluwan...

    Rep +
     
    +rrp