බෝගන්විලා (Bougainvillea) 2024 මලයාලම් film 🫠😶🫨

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මලයාලම් සයිකෝ ත්‍රිලර් එකක්. ෆහද් ෆාසිල්, බෝබන් හා සිනමා දිවියේ විරාමයකින් පසු නැවතත් වැඩ අල්ලපු ජෝති වගේ කාස්ට් එකක කතාවක් මිස්කරගන්නේ කොහොමද

    Bougainvillea
    මලයාලම්
    Imdb 6+
    MV5BYzRiOWU3ZjYtMWUzNC00OTk4LWI2NDEtM2UzMjBhNzNmYTk0XkEyXkFqcGc@._V1_.jpg


    කතාව පටන් ගන්නෙම අනතුරකින්. වෛද්‍යවරයෙකු හා ඔහුගේ බිරිද ගමන් කල මෝටර් රථය අනතුරට පත්වෙන අතර පසුව එම කාන්තාව ඇම්නිෂියාවට ගොදුරු වෙනවා.

    ඇය එයින් පීඩා විදිමින් දිවි ගෙවන අතරතුර පලාතේ තරුණියක් අතුරුදහන් වෙනවා. මෙන්න පොලිසිය දොස්තර බිරිදගේ ගෙදරට එනවා...
    ඔතැනන් කතාව විවිධ පැති ඔස්සෙ ගලායනවා. හිමින් යන කතාව එක පාරට පුපුරා යනවා.

    බලං ඉන්න පුලුවන් මලයාලම් කතාවක්. මේ ආකාරයේ කතා ඇතිතරම් අපි මෙතන කතා කරලා තියන නිසාදො ප්ලොට්හෝල් පේනවා. සමස්තය ශේප්.

    ⁣සැටඩේ නයිට් මුවි එකට හොදා!

    අප මිත්‍ර @Reincarnator මහතා මෙහි සෘජු ලින්කුව දමා තිබෙනවා.