~ බෝඩිමකට මාරු වුනෙමි ~

Nohim Ys

Well-known member
  • ~ බෝඩිමකට මාරු වුනෙමි ~

    වෙලාව හවස හතර පසුවී විනාඩි හතලිස් පහක පමන කාලයක් ගතවී තිබුන අතර, මා බාප්පා වැඩ කරන කන්තෝරුවේ පුටුවක වාඩී වී සිටි මට, එක්තරා රිද්මයකට කරකැවෙන සීලිමේ සවිකරන ලද විදුලි පංකාවේ ශබ්දය හැර අන් කිසිවක් නො ඇසුනි. වරින් වර කාර්යාලයේ වැඩ වලට අදාල දෙබස් හුවමාරු වුවද, ඒ වචන මා අවදානය ගැනීමට සමත් නොවූයේ, ඒ විෂය පිලිබඳ දැනුමක් මා සතුව නොතිබුනු නිසා විය යුතුය. මෙම දිනයේම උදේ වරුවේ යම් කිසි කටයුත්තක් සදහා මාතර දක්වා ගමන් කිරිමට සුදුවීමත්, හවස පහ වීමට පෙර නැවත පැමින, මා බාප්පා වැඩකරන කන්තොරුවේ පෙනී සිටිමට සිදුවීමත් නිසා, ඇඟේ යම් කිසි තෙහෙට්ටු ගතියක් තිබුනද එය සැලකිය යුතු තරම් එකක් නොවීය. එක් වරම කන්තොරුවේ ඉදිරිපස දොරෙන් ඇතුලට පැමිනි පුද්ගලයෙකු, "හරි දැන් යං" යයි මට පැවසුවේ, මා මෙතෙක් වෙලා යන්නට සුදානම් වී සිටි ගමන ඇරඹීමට කාලය පැමින ඇති බව මට හගවමිනි. ඒ පුදගලයාගේ නම හෝ වෙනත් විස්තරයක් මා නොදැන සිටියත්, ඔහුත් සමග මා යා යුතු බව මම දැන සිටියෙමි. කන්තොරුව පිහිටි ස්ථානයේ සිට ඔහුගේ කාර් රථය නවතා තිබූ ස්ථානයට මීටර් දෙසීයක පමන දුරක් තිබුනු බැවින් ඇවිදන් යන මග ඔහු, ඔහුගේ හඩ අවදි කලේය. ඔහු සංවාදයකදී ඔහුගේ භාෂාව හසුරන ආකාරය මා දකින දෙවන අවස්ථාව මෙයයි. පෙර මා කන්තොරුවේ වාඩි වී සිටින අවස්ථාවේ කවුරුන් හෝ සමග දුරකථන සංවාදයක යෙදුනු ඔහුගේ කතාකරන විලාශය අධ්‍යනය කර, යම් යම් නිගමන වලට මා එලඹී තිබුනත්, ඉතා නම්‍යශීලී හා මොලොක් කතා හරඹයකට මුහුන දුන් මා, පෙර දුන් අර්ථ කථනයන් යාවත්කාලීන කර ගත්තේ මනා කැමත්තෙනි. තවමත් නම නොදන්නා එම පුද්ගලයා සමග සාකච්චා කිරීමේදීත් තර්ක කිරීමේදීත්, ඔහුගේ උගත් බව සහ නිහතමානී බව මනාව පිලිඹිඹු වුනු අතර, එවැනි පුද්ගලයෙකු සමග කතා කිරීමේදී මට මහත් සතුටක් ගෙන දුන්නේ, තමන්ගේ මතය ගැන පමනක් සිතන, වෙනත් කෙනෙකුට ඇහුම්කම් දීමට අකමැති පුද්ගලයින් සිටින අද සමාජයේ, එවැනි පුද්ගලයින් දුර්ලභ හා අගය කල යුතු බැවිනි.

    පාරේ වාහන වල සහ පාරේ දෙපස විදුලි බුබුලු දැල්වෙමින් සවස් යාමයට සමු දී රාත්‍රියට ආරධනා කරන ඒ හයේ කනිසමට දෙවට හංදිය පසු කරමින් මාතර දක්වා පැයක ගමන අරඹන විට, මා සිත වෙලාගෙන තිබුනු අවිනිශ්චිත බවට හේතුව වූයේ, මේ ගමන අවසානයේ මාතරට ලගා වූ පසු මා මුහුන දෙන සිද්දි සමුදායත් සහ එය මා බාරගන්න ආකරයත්ය. සිතූ තරම් ඒ සිද්දි සමුදාය, ආගන්තුක නොවන බැවු මට මා ගමනාන්තයට ලගාවූ පසු වැටහුනි. සියල්ල ඉතා සැහැල්ලුවෙන් සිදුවුනි. මගේ ඇදුම් මළු සමූහය සහ මා, ගමනාන්තය දක්වා හැරලීම සම්බන්දයෙන් මම එම පුද්ගලයාට බෙහෙවින් ස්තූතියිවන්ත වුනු අතර, එම ස්ථානයේ පෙර සිට නැවතී සිටි, සීනියර් බැච් එකේ වැඩිමහල් සහෝදරයෙකුගේ පෙර ගමනින්, මා බොඩීම් දිවියට පිවිසුනෙමි. එම සහෝදරයාගේ පැවැත්ම මට බෙහෙවින් ශක්තියක් වුනේ යැයි මම පැවසුවොත් එය කිසි සේත් වැරදි නැත. පසුගිය වසර පුරාවට ඔහු සහ ඔහුගේම බැච් එකේ තවත් සහෝදරවරු හතර දෙනෙක් මෙම ස්ථානය නිවස බවට පත්කරගෙන තිබුනු අතර, මේ කාලය ඔවුන් බෝඩිම අතහැර ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා කොළඹ කරා යෑමට කටයුතු සූදානම් වී තිබුනි. මා බොඩිමට එන විට සිටි එම සහෝදරයාද සිටියේ, සතියක කාලයක් ඇතුලත නිවෙස කරා යෑමට සූදානමිනි. ඕනෑම දෙයක ප්‍රවීනයෙක් විමට පෙර එය අලුතෙන්ම ඉගෙන ගතයුතු මූලික, පලමු අවස්ථාවක් ඇත. එලෙසම මෙම ස්ථානයට හැඩ ගැසීමට අවශ්‍ය මූලික අඩිතාලම ට අදාල උපදෙස් මා පෙර සදහන් කල වැඩිමහල් සොහොයුරාගෙන් මට නොඅඩුව ලැබුනි.
    සීනියර් බැච් එකේ සොහොයුරන්ගේ නිර්දේෂ මත පදනම් ව තෝරාගැනුනු මේ බොඩිම ගැන ඔවුන් කියූ කතා බොරු නොවන බව මට මට එහි නැවති පලමු සහ දෙවන දින දෙක තුලදීම වැටහුනි. කරුනාවන්ත හදවත් ඇති එම නිවස අයිති මහත්මයා සහ ඔහුගේ බිරිද කිසිසේත්ම මුදල් පසුපස හඹායන පුද්ගලයන් නොවූහ. එහි ලැබුනු පහසුකම් හා කෑම ගැන සැලකීමේන් එය පැකිලීමකින් තොරව සනාථ කරගත හැක.එවැනි පුද්ගලයන් බෝඩිම් නිවාසයේ හිමිකරුවන් වීම මහත් භාග්‍යයකි.
    මම තෝරාගත් කාමරයේ ඇදන් දෙකක්, මේසයක් සහ පරන යකඩ ලාච්චු ලෝකරයක් ද කාමරය සදහා වෙනම නාන කාමරයක් ද සමන්විත විය. ඇදන් දෙකක් තිබුනද එම කාමරය සාමන්යයෙන් භාවිත කර තිබුනේ තනි පුද්ගලයෙකු විසිනි. ඊලග වසර පුරාවට එම තනි පුද්ගලයා මම වැනි හැගීමක් මා මනස තුල දොලනය වෙමින් තිබුනි. ඇදන් දෙකෙන් වඩා සුදුසු ඇද සීනියර් සොහොයුරාගේ අත්දැකීම් ඇසුරෙන් මා අසා දැනගත් අතර එය මා නිදාගැනීමට තෝරා ගතිමි. එක් පුද්ගල ඇදක් වූ එයට දෙපුත්ගල ඇදක කොහු මෙට්ටයක් දැමීම නිසා මෙට්ටයේ වැඩිපුර කොටස ඇදෙහි පැත්තෙන් එල්ලෙමින් තිබුනි. අනිත් ඇදෙහි කුෂන් මෙට්ටයක් තුබුනද, එය ඉතා තුනී එකක් විය. එම ඇද කපා හැරීමට ප්‍රදාන හේතුව එයයි. තිබුනු යකඩ ලාච්චු ඇති ලෝකරය යම් පමනින් මළ බැඳුන යම් තාක් පරන එකක් විය. එය ඇදුම් දැමීමට බාවිතා කිරීම නම් ඉතා අනුවණ ක්‍රියාවකි. එහෙත් පොත් වැනි දෙයක් සදහා නම් එයින් බලපෑමක් නොවන බැව් සීනියර් අයියාගේ මතය විය. නාන කාමරයද සුපිරිම ගනයේ එකක් නොවූවද සමහර තැන් වල ඇති ඒවාත් එකක් සසදන විට, හොද තත්ත්වයේ එකකි.
    උඩුමහලේ පිහිටි මෙම බොඩිම් නිවාසය කොරිඩොවක දෙපස කාමර පිහිටන ආකාරයෙන් පිහිටා තිබුනි. මම තෝරාගත් කාමරය සහ සීනියර් අයියා සිටින කාමරය හැරුනු විට, තවත් නිදාගැනීමට හැකි කාමර දෙකක් මෙහි තිබුනි. ඒ දෙකටම වෙන වෙනම නාන කාමරද එකකට කුඩා කුස්සියද තිබුනි. එම කාමර වල කවුරුත් වාසය නොකල නිසා, ඒවායේ සම්පත් ද අපි පරිහරනය කලෙමු. තව ටික දවසකින් සීනියර් අයියා බෝඩිම හැර ගිය පසු, මේ මුලු උඩුමහලම මගේ හුදකලා රාජධානියක් බවට පත්වනු ඇත.

    බෝඩිම් දිවිය අරඹා එහි ඇති වෙනස් බව මට දැනුනු මුල්ම අවස්ථාව මම මතක් කිරීමට කැමැත්තෙමි. නව නවාතැනට පැමින දින දෙකකට පමන පසු මම සහ තවත් මිතුරන් දෙදෙනෙකුට එක්තරා නිවෙසෙක යම් වැඩක් සදහා උදේ සිට හවස් වන තුරු රැදී සිටීමට සිදුවිය. දවල් එකට පමන, ආ කර්තව්‍යය අවසන් වූ පසු එක මිතුරෙකු නැවත කැම්පස් එක කරා ගියේ, පෙර පොරොන්දු වූ කුප්පියක් කිරීමට පරක්කු විය නොහැකි බව පවසමිනි. මම අනිත් මිතුරාත් සමග සවස පහට පමන හක්මන පාර දක්වා පයින් පැමින බස් රථයකට නැග මාතර ස්ටෑන්ඩ් එකට ටිකට් ගතිමි. සාමන්‍යයෙන් බස් රථයකට ගොඩ වූ පසු අපේ දෙනෙත් අප හදුනන කෙනෙක් සිටින්නේ දැයි උනන්දුවීම සුලබ කරුනකි. එහෙත් එය මම මගේ හැසිරීම් රටාවෙන් නොදුටිමි. බසයේ ගමනාන්තය දැන සිටියද, මනස තුල තුබුනේ ඒ ගැන ප්‍රශ්නාර්ථයක් හා කුතුහලයකි. මාතර ස්ටෑන්ඩ් එක වටා වටයක් කරකවා බසය නවත්වන නැවතුම් ස්ථානයට ලගා වුනි. බසයේ පසුපස මුහුද දෙසට එන ලෙසට බසය නැවැත්වූ අතර කිසිම කලබලයකින් තොරව මා බසයෙන් පිටතට පැමිනියෙමි. මාතර බස් නැවතුම් පොලෙහි සැකැස්ම හෝ එහි පිහිටි ස්වාභාවය පිලිබද ඉතා අල්ප දැනුමක් ඇති මා, සිටිනා ස්ථානය පිලිබද අවබෝධයක් ලගා ගැනීමේ අරමුනින් වැඩි දුරක් පෙනෙන සේ නැවතී සිටියෙමි. මා හට දැනුනේ අපූර්ව හැගීමකි. මා පමනක් නැවතී මුලු ලෝකයම දෙස බලා සිටින විට, අනිත් සියලු දෙනා ක්‍රියාකාරීව ගමන් කරනු දුටිමි. එය එක්තරා අකාරයක හිස්, එහෙත බොහෝ නිදහස් සිතුවිල්ලකි. මා ඊලඟට ගතයුතු තීරනයේ හිමිකරුවා මා පමණක්ම විය. සෙමින් සෙමින් පාද චලනය කලා මා දිගටම එම සිතුවිල්ලෙහිම රැදුනි. ශූන්‍ය කලබලයකින් බස් නැවතුම්පලින් පිටතට පැමිනි මම සනත් ජයසූරිය ක්‍රීඩාංගන අසලින් සෙමින් ඉදිරියට ඇදෙන විට, පෙර කවදාවත් නොදැනුනු නිදහස් බවක් මා හද ස්පර්ශ කලේය. කොටුවට ඇතුල් වී බෝඩිම දක්වා පයින් එනතුරුම ඒ නිදහස් බවේ සිතුවිල්ලෙන් මට මිදීමට නොහැකි විය.....:nerd::nerd::nerd:



    :):):)
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Bodimata giya mulma sathiye nam poddak wenas wage denuna... adi 12 x 16 room eke api 3k.... roof slab eka concrete, hawasata gini rasnei.... a 2002 di..

    but 2010/11 weddi... gedarin baninawa meka gedara enne ne, bodimatama wela innawa kiyala...

    6yrs campus jeevithayak saha in pasu badinakanma itin bodime tamai... ekath sira XP ekak tamai..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බෝඩිමකට යන එක අපිටනම් ඉතින් කියන්න තරම් දෙයක් ඇත්තෙම නේ.
    එත් උබ මේක ලියල තියන විදියනම් හරිම ලස්සනයි.:)
     

    Nohim Ys

    Well-known member
  • wt the heck..
    i thought it was a sex story :(

    :frown::frown::frown::frown::frown:

    Bodimata giya mulma sathiye nam poddak wenas wage denuna... adi 12 x 16 room eke api 3k.... roof slab eka concrete, hawasata gini rasnei.... a 2002 di..

    but 2010/11 weddi... gedarin baninawa meka gedara enne ne, bodimatama wela innawa kiyala...

    6yrs campus jeevithayak saha in pasu badinakanma itin bodime tamai... ekath sira XP ekak tamai..

    සිරාවටම ඒ මතකයන් මතක් කරනකොට පට්ට Feeling එකක් එනවා ඇති නේද මචං.... බෝඩිමේ කොල්ලෝ සෙට් වෙලා පිස්සු කෙලපුවා එහෙම...:D

    බෝඩිම් ජීවිතේ සමහර වෙලාවට හුදකලායි,, සමහර වෙලාවට කිසිම තනිකමක් නැති වෙන තරමට කටහඩවල් වලින් පිරිලා. මොනවා උනත්, තමන්ගේ වගකීම තමන්ට තදින්ම දැනෙන බෝඩිම් ජීවිතේ තියෙන්නේ අමුතුම රසක්:yes::)


    බෝඩිමකට යන එක අපිටනම් ඉතින් කියන්න තරම් දෙයක් ඇත්තෙම නේ.
    එත් උබ මේක ලියල තියන විදියනම් හරිම ලස්සනයි.:)

    ස්තූතියි සහෝ...
    සාමාන්‍ය සිදූවීම් පෙලක් ටිකක් විශේෂ කරලා හදවතට දැනෙන විදිහට ලියන්න උත්සහ කලා...:)