බෝතලේ ගුණය 18 +++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බේබදුකම හා කලාකාමය

    ශ්‍රී ලාංකීය කලා සංස්කෘතියේ සාඩම්බරකම් ගැන කතා කරන්නට අවැසි විසිඑක්වෙනි ශතවර්ෂය පසුකරමින් සිටින නුතන සමාජ පරපුරේ හිත මිත්‍රයා යැයි හුදෙක් මොලගෙඩි තුලට බලෙන් ඔබ්බවා ඇති සින්දු බෝතලය ගැන පිලිබදව විවිරණයක යේදීම භාගයකි .
    විවිධ සන්නම් නාම හා විවිධ මාද්‍යසාර ප්‍රතිශත වලින් සහිතව සමාජ තත්වය හුවා දැක්වීමේ උපක්‍රමයක්
    බව හගවමින් මත්පැන් බාවිතය ඉමහත්සේ ජනප්‍රියව ඇත .මල ගෙදරට ,මගුල් ගෙදරට ,කොට හළු ගෙදරට ,උපන්දිනයට ,අවුරුද්දට,නත්තලට ,දෙසැම්බර් 31 ට ,දන්සලට ,බන ගෙදරට ,විනෝද චාරිකාවට ,විරාහවට ,සතුටට ,පුරුද්දක් ලෙස ,වෙනසක් අත්විදීමට යන එකී නොකී මෙකි සියලු දෑ උදෙසා මත්පැන් බාවිතයට ශ්‍රී ලාංකීය සමාජය හුරුව තිබේ .මේ නිසාම ඇල්කොහොල් හා එතනෝල් බාවිතය අතින් ලෝකයේ ප්‍රමුක ස්ථානයක් දිනා ගැනීමට සිරිලංකාව සමත්ව තිබේ ,එතනට රට උසුලා තැබූ සැමදෙනාට තුති පිදීමට ද අපේ ඈයෝ සුදානම් ව සිටිත් .මක්නිසාද කුමකින් හෝ අංක 1 වීමේ උමතුවකින් රටේ සමහරක් පෙලෙන නිසා වෙනි ..
    මෙසේ සමාජය තුලට පිළිගැනීමක් සහිතව මත්පැන් භාවිතය අලෙවි කිරීම සදහා තෝරාගනු ලබන්නේ අවාසනාවකට මෙන් කලාකරුවන්ය .කලාකරුවන් තුලින් ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් කම් කරමින් සමාජය තුල අලෙවිකරනය කිරීම වඩා පහසු කාර්යකි .මේ නිසා කලාකරුවන්ට ඉතා අඩු මුදලකට විශේෂ ප්‍රචාරණ හා ප්‍රවර්දන ක්‍රම බාවිතය මගින් කලාකරුවන් අතර මත්පැන් ජනප්‍රය කරවීමට සමත්ව ඇත . මේ නිසා කලාකරුවන්ගේන් 90% පමණ මත්පැන් බාවිතයට ඇබ්බැහි වී ඇත...බොහෝ කලාකරුවන් තරුණ වියේදීම විවිධ රෝගාබාධ වලට ගොදුරුවී මරණයට පත්වූ අවස්ථා හිසේ කෙස් ගානටය ,එක්කෝ බිමත්ව රිය පැදවීම තුල අහිමි වූ කළා ජිවිත ගණන ඉමහත්ය .ඒ කලාකරුවන්ට බීමත්කම තුල ඇතිවූ හානිය යයි .
    නමුත් මේතුල සිදුවූ ප්‍රචාරණය නිසා සමාජයට සිදුවූ හානිය නිමක් නැත .විශාල වශයෙන් තරුණ කොටස් වලට කුඩා කල සිටම මත්පැන් බොන අය වීරයන් බව හුවා දැක්වීම නිසා මත්පැන් විශාල ලෙස වියාප්තියට රුකුලක් වී ඇත .සැම හන්දියක් හින්දියක් ගානෙම සැම පන්සලක් පාසලක් නුදුරේම සුරාසල් පිහිටා තිබීම ද අතිශය කනගාටුවට කරුණකි ..
    වැඩි පිරිසක් සිංහල බෞද්ධ යැයි කෑමොර දෙන මේ රටේ පංච ශීලයේ පස්වෙනි සිල්පදය බිද දමමින් එය මද පමණ ගැනීම ලෙස අරුත් ගන්වමින් ලේබල් බෞද්ධ අමුතු ජන කොට්ටාශයක් නිර්මාණය කරමින් පවතී ..කෙසේ වුවත් සින්දු බෝතලය කට වැටි මංගල උත්සවයයකදී මත්වූ තරුණයෙකු පොල් ගසක් උඩ සිට නටන අපුරු නැටුමක් පසුගිය කාලයේ අන්තර් ජාලය පුරා ප්‍රසිද්ධව තිබුණි .මෙසේ ශ්‍රී ලාංකීය සමාජය තුල බේබදුකම ඉහවහා යාමට තුඩුදුන් මුලික හේතුව වන්නේ ඉංග්‍රීසින් විසින් අපේ සංස්කෘතියේ විනාසය උදෙසා ඇටවූ උගුල මත්පැන් බාවිතය නිසාවෙනි ,මත්වූ බාපිබිල්ලෙකුට තම මව ,දුව ,බිරිද හා මිත්තනිය හදුනා ගත නොහැකි තත්වයන් තුල සිදිවු කේදවාචක අප්‍රමාණය ..

    මෙම ඇටවූ උගුල නිවැරදි කිරීමට තරම් නිවැරදි නායකත්වයක් ශ්‍රී ලංකාවට නොලැබීමට තුල තව දුරටත් විවුර්ත ආර්ථිකය හරහා මත්පැන් රට තුල වියාප්ත වීමට රුකුල් දීමට දීමට එම නායකත්ව සමත්ව තිබුණි ,මේ වෙනවිට සැම හන්දියක් හන්දියක් ගානෙම තැබරුමක් දක්නට ඇත .එසේ ඉහල බදු අදායමක් රජයට උත්පාදනය කරන ප්‍රධාන මුලාශ්‍ර අතරට සුරා බදු වලට ඉහල තැනක් හිමිවේ .


    මත්පැන් බාවිතය තුල පුද්ගලයා වීරයෙකු වන බවට ඔප්නැංවීම සදහා චිත්‍රපට නිෂ්පාදකයන්ට මුදල් දහස් ගණනින් වියදම් කිරීමට ඔවුන් සමත් විය .ඒ තුල කලාකරුවාන් ඩැහැගනිමින් ඔවුන් තුල බෝතලය සුපුරුදු දින චර්යාවක් බවට පත් කිරීමට සමත් විය .එයට කලාකරුවන් හසුවූයේ අවාසනාවකට හෝ කරුමයකට ය .අවසානයේ ජිවිතයේ වන්දිය ලැබෙන්නේ විශේෂයෙන් ම සංගීත ශිල්පින් ගේ මේ බිමත්කම හේතුකරගෙනය . ඊට උදාහරණ කප්පරකි .දේශපාලන හස්තයන් තුල යහපාලනය ඇතිකිරීමට පැමිනි ඈයෝ පවා තව දුරටත් මත්පැන් බලපත්‍ර නිකුත් කරනවා යැයි අසන්නට ලැබීම හාස්‍යට කරුණකි .
    කලාකමය හා බේබදුකම දැන් සබැදි වදන් දෙකක් බවට පත්ව ඇත. එය තව සුළු කාලයකින් එකක් වනු ඇත .මෙම ඛේදවාචකය නැති කිරීම සදහා අවශ්‍ය නායකත්වය හා බර සමාජයට දැනෙන ලෙස හැරවීමට හැක්කේ ද කාලාකරුවන්ටය .
    අනගාරික ධර්මපාල තුමන් වැනි උදාරතර නායකත්වයක් ශ්‍රී ලංකාව තුල වත්මන් බේබදුකම නැතිකිරීම සදහා අවශ්‍ය වේ .ඒ සදහා පුළුල් සමාජ මෙහෙවරක් කලාකරුවන් සතුවේ .නමුත් යමෙකු මේ සදහා උර දුන්නද ඒ සියලු දෙනා මුදලින් මිලට ගැනීමට මත්පැන් සමාගම් සුදානම්යි .කිසිදු ලොබකමකින් තොරව මුදල් විසිකිරීමට ඔවුන් සුදානම් ය .ඒ ඔවුන්ගේ වෙළදපල බේරා ගැනීමටය .
    මේ නිසාවෙන් ඔබ ඔබ තුල පෞද්ගලිකත්වය තුල ,පෞර්ශත්වය තුල ,ස්වාදීන මිනිසෙකු ලෙස ,සුභාවිත හැගීම් තුල සංවේදී පුද්ගලයකු ලෙස ඉදිරි අනාගතය වෙනුවෙන් බෝතලයට පිටුපැමට ඔබ හට ධෛර්යක් ඇතිකරගත යුතුය .ඒ තුල ඔබෙත් ඔබේ පවුලේත් මුළුමහත් සමාජයේත් සුරක්ෂිත බව ,ඔබ තුල රැදී පවතින බැවිනි ...

     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    old dumb story..if people are drinking because their favorite artists are drinking then it's sheer stupidity..that cannot be helped.

    art and self destruction go hand in hand anyways they always have..not saying that booze inspire arts but many artists are considered good artists cos they can tell us something deep and profound about life through their art..and drunks or drug addicts usually do it cos they have no other meaning of life, when an artistic person do these things, they sometime can use art as an output for their doubts and frustrations in life :D
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    1. rocat90 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මරුසිරා;18553032 said:
    බොහෝ කලාකරුවෝ බේබද්දෝ වෙති...:dull:

    බේබද්දෝද මනුෂ්යෝය :baffled::baffled::P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිත් කලාකාරයො දන්නෙ නෑ, මම දන්න ගායකයොනම් සේරම වගේ හොදටම ගහන උන්. උන්ට හොද ලයිව් පෙර්ෆොමන්ස් එකක් දෙන්න ශොට් එකක් දාගන්නම ඕනෙලු. :(
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බේබද්දා™


    බේබද්දෝද මනුෂ්යෝය :baffled::baffled::P

    අනිත් කලාකාරයො දන්නෙ නෑ, මම දන්න ගායකයොනම් සේරම වගේ හොදටම ගහන උන්. උන්ට හොද ලයිව් පෙර්ෆොමන්ස් එකක් දෙන්න ශොට් එකක් දාගන්නම ඕනෙලු. :(


    :(:(:(