බෝධිරාජ කුමරුගේ කථා පුවත

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බෝධිරාජ කුමරු පොළෝ තලයෙහි අනෙක් ප්‍රාසාදවලට අසමාන අහසේ ගුරුළෙකු මෙන් "කෝකනද" නම් ප්‍රාසාදයක් කරවා එය කළ වඩුවාගෙන්..
    "ඔබ මෙයට පෙර මෙබඳු ප්‍රාසාදයක් කරන ලද්දේද? නැතහොත් මේ පළමු ප්‍රාසාදය ද" යනුවෙන් විමසීය.
    "දේවයන් වහන්ස මෙය පළමුවැන්නයි". පැවසුවිට මෙසේ සිතුවේය. ඉදින් මේ වඩුවා වෙනත් කෙනෙකුට මෙබඳු ප්‍රාසාදයක් කරන්නේනම් මෙහි ඇති ආශ්චර්යමත් බව නැතිවේ. මේ වඩුවා මැරීම අත්පා කපා දැමීම ඇස් උපුටා දැමීම හෝ කළ යුතු යයි සිතුවේ, අනෙක් කෙනෙකුට මෙබඳු ප්‍රාසාදයක් කළ නොහැකිවන ලෙසටය. මෙසේ සිතා එය ඔහුගේ හිතවත් මිතුරු "සඤ්ජිතා පුත්ත” නම් රජ කුමරුට පැවසීය. මානවකයා නිසැකවම මොහු මේ දක්‍ෂ ශිල්පියා මරවන්නේ යයි සිතා,
    "මා කෙරෙහි පැහැදුන මේ වඩු ශිල්පියා බේරා ගන්නට තොරතුරු කියන්නෙමි"යි සිතා, වඩුවා වෙත ගොස් ප්‍රාසාදයේ නිමවීම් අවසන් දැයි විමසා නිමාකළ බව පැවසූවිට
    "රජ කුමරු නුඹ මැරීමට සිතයි. නුඹ විසින් ආරක්ෂා විය යුතු" යයි කීය. වඩුවා
    "ඒ බව දැනුම් දීම හොඳ ය.. මම කළ යුතු දේ දනිමි"යි පවසා රජ කුමරු වැඩ අවසාන දැයි විමසූ අවස්ථාවේදී බොහෝ කටයුතු තව ඇතැයි කීය.
    "තව ඉතිරිව ඇත්තේ කවරේදැ"යි කුමරු ඇසීය.
    "දේවයන් වහන්ස පසුව කියන්නෙමි...දැව ගෙනත් දෙන්නැ"යි ඉල්ලා සිටියේය.
    "කුමක් සඳහාදැ"යි කුමරු විමසීය.
    "දේවයනි. අරටු නොමැති වියළි දැව ගෙනත් දෙන්න". ඔහු ගෙන්වා දුන්නේය.
    "දේවයනි මෙයින් පසු මා සමීපයට නොඑන්න. කුමක් නිසාද සියුම් කර්මාන්ත කරන විට අනෙක් අය හා කථාකිරීම මගේ කර්මාන්තයට බාධාවකි. කෑම වේලාවේ මගේ බිරිඳ කැම ගෙනෙනු ඇත". රජකුමරුද හොඳයයි පිළිගත්තේය. වඩුවා ද එක් කාමරයකට වී එම දැව රැස තමන්ගේ අඹු දරුවන්ට ඇතුළත වාඩිවිමට යෝග්‍ය සේ ගුරුලකුගේ ස්වරූපයට සාදා කෑම ගන්නා අවස්ථාවේදී බිරියට මෙසේ කිවේය.
    "ගෙදර විකිණිය හැකි සියල්ල විකුණා දමා රන් රිදී පමණක් එක් රැස් කරගන්න". රජ කුමරුද වඩුවාට නික්මීමට නොහැකි ලෙසට ගෙය වටකොට ආරක්ෂාව තැබීය වඩුවාද ගුරුලු පක්‍ෂියාගේ නිමකිරීම අවසන්කර, අද සියළු දරුවන් ගෙන එන්නැයි බිරිඳට කියා උදැසන ආහාරගෙන අඹුදරුවන් ලී පක්ෂියාගේ කුස වාඩිකරවා සුළං කවුළුවෙන් නික්මී පළා ගියේය.
    හේ දේවයිනි වඩුවා පළා යන්නේයයි පවසමින් ගොස් හිමවත් පෙදෙසෙහි බැස, එක් නුවරක් තනාගෙන කට්ඨවාහන රජු යයි ප්‍රසිද්ධ විය. රජ කුමරුද ප්‍රාසාද උත්සවය කරන්නෙමියි බුදුන්ට ආරාධනා කර අළුත් මැදුර සුවඳ වර්ග හතරකින් සුවඳවත් කොට පළමු මහලේ සිට පිරුවටයක් එලුවේය. මේ බෝධිරාජ කුමරුට දරුවන් නොමැති හෙයින් දරුවන් ඇතිවන්නේ නම් බුදුරජාණන් වහන්සේ මේ පිරුවටය පාගමින් වඩිනු ඇතැයි සිතුවේය. රජකුමරු බුදුන් වැඩමකළවිට පසඟ පිහිටුවා වැඳ
    "ස්වාමීනි පාත්‍රය දෙන්නැයි ඉල්වාගෙන ස්වාමීනි ඇතුළුවන්නැ"යි පැවසීය. බුදුහු නොපිවිසී සිටියහ. ඔහු දෙවන තුන්වැනි වරද ආරාධනා කළේය. තථාගතයන් වහන්සේ නොපිවිසම ආනන්ද තෙරුන් දෙස බැලුහ. තෙරුන්වහන්සේ බැලු සංඥාවෙන්ම පාවඩ වස්ත්‍රය නොපාගන බව දැන රාජ කුමාරය පාවාඩ වස්ත්‍රය අකුලන්න තථාගතයන් වහන්සේ එය පාගා නොවඩින්නේ යයි පැවසූහ. පශ්චිම ජනතාව බුදුන් බලා සිටියදීම වස්ත්‍රය බැහැර කළේය. ඔහු පාවඩ වස්ත්‍ර අකුළුවා බුදුන් ඇතුළු නිවසට වැඩම කරවා කැඳබත් ආදියෙන් සංග්‍රහකර එකක් පසෙක වාඩිවී
    "ස්වාමීනි මම ඔබ වහන්සේට උපකාර කරන කෙනෙක්මි. තෙවතාවක් සරණ ගිය කෙනෙක්මි.එක්වර මව්කුස සිටියදීය - දෙවන වර තරුණ අවස්ථාවේදී ද තෙවැනි වර මුහුකුරා ගිය කලද සරණ ගිය මගේ වස්ත්‍රය කුමක් හෙයින් පාවඩ වස්ත්‍රය මැඩ නොවැඩීදැයි විමසුවේය".
    "කුමාරය ඔබ කුමක් සිතාගෙන වස්ත්‍රය ඇතුරුවේද?"
    "ස්වාමීනි මම ඉතින් පුතෙක් හෝ දුවණියක් ලැබෙන්නේ නම් තථාගතයන් වහන්සේ මැඩගෙන යන්න කියා සිතුවෙමි".
    "එනිසා මම නොපෑගුවෙමි"යි බුදුහු පැවසුහ.
    "ඇයි ස්වාමීනි පුතෙක් හෝ දුවක් මට නොලැබෙන්නේද? කුමක් නිසාද ස්වාමීනි."
    "කුමාරය, පෙර ආත්මයක දී ස්වාමී දුවණිය සමග ඇතිවූ ප්‍රමාද දෝෂයක් හේතුවෙනි".
    "ස්වාමීනි කවර කාලයක ද" අනතුරුව බුදුහු අතීත සිදුවීම පෙන්වා දුන්හ. පෙර භවයක දී නොයෙක් සියගණන් මිනිස්සු මහත් නැවකින් මුහුදු ගියහ. ඒ නැව සාගරය මැදදී සිඳුනි. අඹුසැමි දෙදෙන එක් ලැල්ලක් අල්ලාගෙන කුඩා දිවයිනකට ගොඩබැස්සාහ. අනෙක් සියළුදෙන මුහුදේ ගිලී මළහ. එම දිවයිනේ මහත් පක්ෂි සමුහයක් විසූහ. මේ දෙදෙන වෙන කෑ යුතු දෙයක් නොමැති හෙයින් සාපිපාසාවෙන් යුතුව කුරුළු බිජු අඟුරුවල තම්බා කෑවාහුය. ඒවා අවසන් වු විට කුඩා කුරුළු පැටවුන් ගෙන කෑවාහුය. මෙලෙසින් පළමුවන දෙවන තෙවන අවස්ථාවලදී ද මේ දෙදෙනාම මේ පිළිබඳව සිතා අප්‍රමාදී නොවුහ. මේ පෙර කර්මය දක්වා
    "ඉදින් රාජකුමාරය එක් අවස්ථාව හෝ භාර්යාව සමග අප්‍රමාදී වුයේ නම් පුතෙක් හෝ දුවක් උපදින්නට තිබුනි. දෙදෙනාගෙන් එක් අයෙක් හෝ මෙසේ නොකළෙන් දරුවෙක් නොලැබුනි. මේ නිසා තුන් වයසින් එක් වයසකදී හෝ තමන් ප්‍රවේශම් වියයුතු ය"යි පවසා මේ ගාථාව දෙසුහ.
    --------------------------------------------------------------------------------------
    📍
    පාලි
    අත්තානඤ්චෙ පියං ජඤ්ඤා, රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං;
    තිණ්ණං අඤ්ඤතරං යාමං, පටිජග්ගෙය්‍ය පණ්ඩිතො.
    📍
    සිංහල
    ඉදින් ආත්මය තමහට ප්‍රියයයි දන්නේ නම් ඒ ආත්මය (තුන්වයස්හි) සුරක්ෂිත කොට රක්නේය. ප්‍රාඥතෙම තුන්වයසින් එක්තරා වයසක (අකුසලින් දුරුකොට ආත්මය රකින්නේය.)
    📍
    සරළ
    මිනිසකු සතුව පවතින තුන් විය අතර
    එක් වියකදී වත්පව් කළයුතු නතර
    තුන් විය තුළදීම පව් කළහොත් මෙම නිතර
    දුක් කරදර නොයෙක් පීඩා වෙයි සසර
    තමා තමන්ට ප්‍රිය වේ නම් ආත්මය සුරකින්නේය බාල තරුණ මහළු අවස්ථාවලදී නුවණැත්තා අකුසලින් මිදී කුසල් කරමින් රැකෙයි..
    --------------------------------------------------------------------------------------
    දේශනාව කෙළවර රාජ කුමාරයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි පිරිසටද දේශනය සාර්ථක ප්‍රතිඵල විය.
     
    • Like
    Reactions: kinkon and NRTG

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    මුං කොහොම මෙච්චර ලේසියෙන් සෝවාන් වුනාද මන්දා.
     
    • Haha
    Reactions: lastnevin

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මුං කොහොම මෙච්චර ලේසියෙන් සෝවාන් වුනාද මන්දා.
    දැන් අපේ ඉන්න බෞද්ධ උගත්තු set එක sylabus එක අමාරු කරල තියෙන්නෙ මහත්තය, ඒකයි දැන් අමාරු. :D