බෝල්ට්

24 lanka news

Member
Aug 6, 2014
163
5
0



ලෝක කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් පළමු වරට ලබන මසදී ඉන්දියාවේ සංචාරය කිරීමට සූදානම් වේ.ඔහු ඉන්දියාවට පැමිණෙනුයේ, ඉන්දියාවේ සිරි නැරඹීමට නොව අභියෝගාත්මක ක්‍රිකට් තරගයකට සහභාගි වීම සඳහා ය.

ඉන්දීය සුපිරි ක්‍රීඩක යුව්රාජ් සිංට අභියෝග කරමින් සැප්තැම්බර් 2 වන දා මෙම ප්‍රදර්ශන ක්‍රිකට් තරගය පැවැත්වෙන අතර තරග පැවැත්වෙන්නේ කෙසේ ද යන්න සංවිධායකයින් මෙතෙක් හෙළි කර නොමැත.මෙම තරගය නම් කර ඇත්තේ, ‘Bolt and Yuvi – Battle of the Legends’ යනුවෙනි.

තමන් මලල ක්‍රීඩාවෙන් සමුගත් පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට වේග පන්දු යවන්නෙකු ලෙස එක්වීමට කැමැත්තෙන් පසුවන බව කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.


SOURCE http://tinyurl.com/ohnygru