බෝලෙ ඇගට ආවාම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලිංගික චෝදනා දාලා ක්‍රිකට් වනසන කුමන්ත්‍රණයේ සුලමුල - Exclusive Exposed

    කාක් පිහාටුවක් දැක්කහම කාක්කෝ 7 දෙනෙක් මැරිල කියල කතාව හදපු සෙට් එක පොල් ගෙඩියක් වැටුනහම ලෝකේ පෙරලෙනවා කියලා දිව්ව. ඒ දිවිල්ල දැක්ක වන්දිභට්ට පිටිස ඒකට එකතු වුණේ ලෝකේ පෙරලෙනව දැක්ක වගේ කතා ගොඩකුත් එක්ක. මේ කතාව මතක් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය අතරතුර කණ්ඩායමේ වෛද්‍යවරිය එක්ක ලිංගිකව එක්වූ කතාව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන වේගය දුටු විටයි. මේ අනුව කාසියේ දෙපැත්තම හොදින් නිරීක්ෂණය කර ඒ පිටුපස ඇති සත්‍ය කතාවේ අලගිය මුලගිය තැන් මෙතැන් සිට දිග හැරෙනවා.




    සමාජ මාධ්‍ය කතාවට අනුව ක්‍රිකට් ක්‍රීඩකයා වනිදු හසරංගයි. ඊට අනුව තරගය අතර ඔහු ලිංගිකව එක්ව ඇත්තේ කණ්ඩායමේ වෛද්‍යවරිය වන දමින්දා අත්තනායක සමගයි. ඇය මෙම ක්‍රීඩකයාගේ මවගේ වයසේ පසුවන්නියක්. එමෙන්ම එවන් අවශ්‍යතාවක් ඇතිවූයේ නම් කාලයක් පුරා කණ්ඩායම සමග සිටින ඔවුන්ට මාට්ටු නොවෙන්න මෙය කරගන්න බැරිවූයේද යන ප්‍රශ්න පළමුව මතු වනවා. මේ අනුව Lankasportsnews අප ක්‍රීඩකයින්, ක්‍රිකට් නිලධාරීන් හා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ තොරතුරු මූලාශ්‍ර සමගින් ගවේෂණාත්මකව මෙහි පතුලට කිදා බැස්සා. මෙම වෛද්‍යවරිය එක්දරු මවක් වන අතර මෙම මඩ ප්‍රහාරය නිසා ඇගේ පවුලට වන හානිය කිසිවෙකුත් තක්සේරු කර නැතිවීම කණගාටුවට කරුණක්. Lankasportsnews අපත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, අමාත්‍යාංශයත් හා ක්‍රිකට් නිලධාරීන්, ක්‍රිකට් ආයතනයත් කාම බෝගී තැනක් කර ගැනීම ගැන අවස්ථා රැසක කරුණු අනාවරණය කර තිබෙනවා. ඒ සාක්ෂි සහිත හා ඒ පිලිබද පරීක්ෂණ ඉල්ලමින් බව ඔබට මතක ඇති. එහෙත් මෙම කතාව පැතිරූවන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ ක්‍රීඩකයා හා වෛද්‍යවරියට මඩ ගසා ඔවුන්ගේ අනාගතය අනාථ කිරීමයි.



    ශ්‍රී ලංකා හා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු තරගයේදී වනිදුගේ මූණේ තුවාලයක් ඇතිවුණා. ඒ පාවහනක් මුහුණේ වැදීමෙන් එහි ඇණයකටයි. ඊට මැහුම් යෙදූ මෙම වෛද්‍යවරිය මැහුම් වැසෙන ලෙස ප්ලාස්ටරයක් දැමිය යුතු බව පවසා තිබෙනවා. ඊට රැවුල කපා දැමිය යුතුයි. ඒ බව දැනුම් දුන් විට මෙම ක්‍රීඩකයා පවසා ඇත්තේ රැවුල කැපීමට නොහැකි බවත් ප්ලාස්ටරයක් අවශ්‍ය නැති බවයි. එවිට මැහුම් පෑරී ලේ වහනය විය හැකි බව වෛද්‍යවරිය පවසා තිබෙනවා. එහෙත් ක්‍රීඩකයාට තුවාලය සුව කර ගැනීමට වඩා රැවුල ලොකුවී එය කපා දැමීමට එකග වී නැහැ. එලෙස පිටව ගිය ඔහු බිම වාඩිවී සිටියදී තුවාලය පෑරී මුහුණෙන් ලේ වහනය වී තිබෙනවා. එය දුටු සෙසු ක්‍රීඩකයෙක් වෛද්‍යවරියට මේ බව දැනුම් දීමෙන් පසු යලි ඇය පැමිණ ඔහු අසලින් දණ ගසා තුවාලයට ප්‍රතිකාර කර ඇතැයි සදහන්. මෙම සිදුවීම නොදත් පිරිස මෙය ප්‍රේමාලිංගණයක් ලෙස වාර්තා කර තිබෙනවා. මේ කතාවට පසුබිම වී ඇත්තේ එයයි.



    තරගය පැවැත්වෙන විට ඇතැම් ක්‍රිඩකයින් හොරෙන් වැසිකිළියට රිංගා දුම් පාණය කිරීම කලක සිට සිදු වනවා. නිරෝෂන් දික්වැල්ල, විනෝද් භානුක හා ලහිරු කුමාර රජ තුන් කට්ටුව මීට ප්‍රසිධයි. ඇයට මුල් දින කිහිපයේ හැර අනෙකුත් දිනවල ක්‍රීඩා පිටියේ වෙනම වැසිකිළියක් වෙන් කර දී තිබෙනවා. ඔවුන් තිදෙනාගේ නම් ඈදීමට හේතුව මේ වැසිකිලි කතාවයි. එමෙන්ම වෛද්‍යවරිය හා ක්‍රීඩකයින් හෝටලයේ කාමර තුලදී ද ලිංගිකව හැසිරෙන බව සමාජ මාධ්‍ය මඩ අතර වනවා. එය අලුයම ලූ කෙල පිඩක් ලෙස බැහැර කළ හැක්කේ හෝටලය පැය 24 ම CCTV මගින් ආවරණය වීම නිසා එවැන්නක කිසිදු සඳහනක් නැතැයි හෝටලයේ බලධාරීන් Lankasportsnews අපට තහවුරු කිරීම හේතුවෙනුයි.



    එසේ නම් මෙවන් සාහසික මඩක් නිර්මාණය කිරීම පසුපස සිටින පිරිස රටට අනාවරණය කළ යුතුමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරියා (liaison officer) ලෙස කටයුතු කරන්නේ උපාලි මනු කුලරත්නයි. ඔහු කලක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරිය සමගින් නොරිස්සුමකින් සිටි අයෙක්. ඒ මෙම වෛද්‍යවරිය කණ්ඩායම තුලට කොරෝනා ආසාධිතයින් ඇතුලු වීම වැලැක්වීමට නිමා වූ දකුණු අප්‍රිකා තරඟ සංචාරයේ සිට කටයුතු කිරීම හේතුවෙන්. සිතූ සිතූ තැන්වල යාමටත් ආගන්තුකයින් ඇසුරු කිරීමටත් පනවා තිබූ තහංචි හා ඒවා අධීක්ෂණය නිවැරදිව සිදු කිරීම මෙම කෝන්තරය පසුපස වනවා. ඉතින් ක්‍රීඩකයින් හා වෛද්‍යවරිය අතර ගල් පැලෙන බොරුවේ පළමු හා ප්‍රධාන නිර්මාතෘ ලෙස ඔහුව Lankasportsnews අප හදුනා ගත්තා.



    කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් බව ඔබ දන්නවා ඇති. ඔහු කණ්ඩායමේ විනය රැක ගැනීම වෙනුවෙන් හා ක්‍රීඩකයින් පිලිබද කටයුතු කරන්නේ ඇල් මැරුණු ස්වභාවයකින් බව රහසක් නොවේ. ඒ කාගෙත් හොද හිත දිනා සිය තැන රැක ගැනීමේ අරමුණ ඇතිවයි. ක්‍රීඩකයින් තරගය අතර ඕමි ක්‍රීඩා කරන ආකාරය රූපවාහිනියෙන් ලෝකයටම දැකගැනීමට ලැබුනේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. අසන්ත ද මෙල් යනු කඩදාසි ක්‍රීඩාවේ කප්පිත්තෙක් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. ඔහු බොහෝ කලකට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග වලද බ්‍රිජ් (ඕමි හා සමාන) ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවද නියෝජනය කර ඇත. මේ හේතුවෙන් ඔහු ක්‍රිකට් සේම ඕමිද බොහෝ ප්‍රිය ක්‍රීඩාවකි. සෞඛ්‍ය හේතු නිසා කලක සිට වෛද්‍යවරිය ඔහුටත් හිසරදයක් වී තිබීම හා මොහුගේ කළමණාකාරීත්ව නොහැකියාව ප්‍රදර්ශනය වීම මෙම බොරුව නිර්මාණය කිරීමේ දෙවන වග උත්තරකරු ලෙස ඔහුව හැඳින්වීමට හැකියාව තිබෙනවා. එමෙන්ම පරාජයන් රැල්ලකට යලිත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට මුහුණ දී සිටින්නේ අසන්තගේ වැරදි තේරීම් නිසා බව පසුගිය දිනවල සමාජ මාධ්‍ය මාතෘකාව වුණා. මෙම ලිංගික බොරුව ගොඩනංවා තමන්ට එල්ල වූ පීඩනයෙන් මිදීමට අසන්ත ඊට පෝර දැම්මා විය හැකියි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය Lankasportsnews අපට තහවුරු කළේ කණ්ඩායම් කළමනාකරු මෙවන් ලිංගික සිදුවීමක් ගැන මෙතෙක් දැනුම්දීමක් කර නැති බවයි.



    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පුහුණුකරු ගැන කලක සිට ප්‍රශ්න පවතිනවා. ඔහුගේ සම්බාහන වැරදි නිවැරැදි කිරීම්ද පසුගිය කාලයේ අප කතා නායිකා වෛද්‍යවරිය සිදුකර තිබෙනවා. සිය කටයුතු සදහා ඇගිලි ගහන බව පවසමින් ඔහුත් පෞද්ගලික කෝන්තරයක් තිබූ අය අතර සදහන් කළ හැක්කේ මෙම මුසාව සමාජගත කිරීමට දායක වූවෙක් ලෙස නම් කරමිනුයි. ක්‍රීඩා වෛද්‍ය ඒකකයත් මෙහි තිරය පිටුපස විශාල කාර්‍යක් සිදුකර තිබෙනවා. මෙම වෛද්‍යවරිය ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ සිට දකුණු අප්‍රිකා සංචාරයේ ගොස් මේ වන විට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටිනවා. මෙතෙක් දිනක් සංචාර සදහා කෙල හලමින් සිටි පිරිසට කොරෝනා මරු කටවලින් රිංගමින් ආ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක්ට තරගාවලිය අතර කොරෝනා ආසාදනය නොවීම ඇහැට කටු අනින්නාක් වී තිබුණා. ඒ එහි සම්පූර්ණ ගෞරවය මෙම වෛද්‍යවරියට හිමිවීම හේතුවෙන්. මේ අනුව ඔවුන්ද මෙම ටොම් පචය සමාජ ගත කිරීමට විශාල සහයක් ලබා දී ඇතැයි වාර්තා වනවා. ඒ අතර මාරුවට මේ තැනට රිංගීමට බලා සිටින වෛද්‍යවරු විශේෂ කාර්‍යක් ඉටුකර ඇතැයි සදහන්.



    මේ සියල්ල මෙසේ වෙද්දී නායකත්වයට මාන බලන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙම මුසාව නම්දැරූ මාධ්‍යවේදියෙක්ට පවසා ඇතැයි වාර්තා වනවා. ඒ ඔහු හරහා නායකත්වය රැක ගැනීමේ හා කණ්ඩායමේ බලය තහවුරු කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් හිතේ තබාගෙන බවයි කණ්ඩායමේ ක්‍රීඩකයෙක් Lankasportsnews අප වෙත කියා සිටියේ. එම ක්‍රීඩකයා වැඩිදුරටත් කියා සිටියේ පළමු තරගයේ දෙවන ඉනිමේ සාර්ථකත්වය හේතුවෙන් ක්‍රීඩකයින් දෙවන ටෙස්ට් තරගයේ පෙරළියක් කිරීමට බලාපොරොත්තු තබා සිටි බවයි. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන පීඩනය හේතුවෙන් කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාව බිද වැටී තිබෙනවා. තරගාවලියක් අතරතුර මෙවන් සිදුවීම් සමාජගතවීම කිසිසේත් අනුමත කළ නොහැකියි. ක්‍රිකට් පරාජයන් හේතුවෙන් ක්‍රිකට් ආයතනය පෙරලාවි සිතා මීට හුම්මිටි තබන පිරිසද නොදැනුවත්ව කරන්නේ අපේ ක්‍රිකට් යලි ගොඩ ගත නොහැකි ජාත්‍යන්තර අපවාදයකට තල්ලු කිරීම බව සටහන් කළ යුතුයි. එමෙන්ම මෙමඟින් අදාල වෛද්‍යවරිය පමණක් නොව අලුතින්ම සොයා ගත් තරුණ දක්ෂ ක්‍රීඩකයකුගේද අනාගතය සුණු විසුණු කර දැමීම මෙම කුරිරු ප්‍රයත්නයේ යටි අරමුණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද ටුවිටර් පණිවිඩයක් මගින් මෙම කතාව ගල් පැලෙන බොරුවක් බව ප්‍රකාශ කර තිබෙනවා.



    හිරු ලෝකයේ දකින්නේ එක පැත්තයි. Lankasportsnews අප දෙපැත්තම වාර්තා කළේ මෙහි ඇත්ත ඔබට දැනුවත් කිරීම වගකිවයුතු ක්‍රීඩා මාධ්‍යක වගකීම හේතුවෙන්. මේ පිලිබද කටයුතු කිරීමේ සම්පූර්ණ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශය සතු වනවා. ඒ මෙවන් අවලාද හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට වෙත එල්ල වන කැළල හා නිවැරැදි නිලධාරීන් පැන්නීමේ සංවිධානාත්මක අපරාධය යලි සිදු නොවීමටයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ඊට සිදු කළ යුතු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර මෙහි නිර්මාතෘවරු සොයා ගැනීම පමණක් නොවේ. ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීනට එල්ලවන චෝදනාවට අපක්ෂපාත පරීක්ෂණයක් සිදු කළ යුතුයි. එමෙන්ම ක්‍රීඩකයින්ට තරගාවලියක් අතර පරාජයන්ගේ පීඩනයට අමතරව මෙවන් මඩ ඉදිරි තරගයට යහපත් ලෙස පිවිසීමට ඇති අන්තිම අවස්තාවත් අහිමි කර තිබෙනවා. ඉතින් ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීන් බේරා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කුම්ඹකරණ නින්දෙන් අවධිවනතුරු රටම බලා සිටින බව අවසන් ලෙස මතක් කළ යුතුයි.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    "කාත් එක්කවත්ම මේ වෙනකන්ම ජීවිතේ එකම එක පාරක් වත් ලිංගික අවයව දෙක ගට්ටනය කරගෙන නැත්තං ඔයා පලවෙනි ගල වනිදුට ගහන්න.
    ඔයා කවදාවත්ම කාත් එක්ක වත්ම අනියම් ඇසුරක් පවත්වලා නැත්තං ඔයා දෙවනි ගල වනිදුට ගහන්න.
    කවදාවත්ම ඔයාට වඩා වයසින් වැඩි කෙනෙක් ගැන ලිංගික ආසාවක් පහල වෙලා නැත්තං ඔයා තුන්වෙනි ගල වනිදුට ගහන්න.
    ඔයා වැඩ කරන තැන ඉන්න ලස්සන අක්කලා, ඇන්ටිලා එක්ක ලිංගිකව හැසිරිලා හෝ හැසිරෙන්න හිතිලා නැත්තං ඔයා හතරවෙනි ගල වනිදුට ගහන්න.
    ඔයාට ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් ගන්න ගියාම චීස් කැල්ල වගේ දොස්තර නෝනා කෙනෙක් පපුවටයි කොන්දටයි වෙද නලාව තියනකොට ඒ දොස්තර නෝනා ගැන ආදරණීය හැගීමක් පහල වෙලා ලෙඩෙත් අමතක වෙලා සිහින ලෝකයකට පාවෙලා ගිහින් නැත්තං ඔයා පස්වෙනි ගල වනිදුට ගහන්න.
    ඔයාට මේ වෙනකන්ම ගෑණු ලමයෙක්ගෙ අතින් වත් අල්ලන්න හම්බෙලා නැත්තං අඩුම තරමේ බස් එකක වත් ගෑනු ලමයෙක් ලග ඉදගෙන යන්න හම්බෙලා නැත්තං ඔයා හයවෙනි ගල වනිදුට ගහන්න එපා

    එට දෙක තමා එකට වෙදිලා තියෙනවා.... යේක ඕකේද අයියා.....?
     
    Last edited:

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    "කාත් එක්කවත්ම මේ වෙනකන්ම ජීවිතේ එකම එක පාරක් වත් ලිංගික අවයව දෙක ගට්ටනය කරගෙන නැත්තං ඔයා පලවෙනි ගල වනිදුට ගහන්න.
    ඔයා කවදාවත්ම කාත් එක්ක වත්ම අනියම් ඇසුරක් පවත්වලා නැත්තං ඔයා දෙවනි ගල වනිදුට ගහන්න.
    කවදාවත්ම ඔයාට වඩා වයසින් වැඩි කෙනෙක් ගැන ලිංගික ආසාවක් පහල වෙලා නැත්තං ඔයා තුන්වෙනි ගල වනිදුට ගහන්න.
    ඔයා වැඩ කරන තැන ඉන්න ලස්සන අක්කලා, ඇන්ටිලා එක්ක ලිංගිකව හැසිරිලා හෝ හැසිරෙන්න හිතිලා නැත්තං ඔයා හතරවෙනි ගල වනිදුට ගහන්න.
    ඔයාට ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් ගන්න ගියාම චීස් කැල්ල වගේ දොස්තර නෝනා කෙනෙක් පපුවටයි කොන්දටයි වෙද නලාව තියනකොට ඒ දොස්තර නෝනා ගැන ආදරණීය හැගීමක් පහල වෙලා ලෙඩෙත් අමතක වෙලා සිහින ලෝකයකට පාවෙලා ගිහින් නැත්තං ඔයා පස්වෙනි ගල වනිදුට ගහන්න.
    ඔයාට මේ වෙනකන්ම ගෑණු ලමයෙක්ගෙ අතින් වත් අල්ලන්න හම්බෙලා නැත්තං අඩුම තරමේ බස් එකක වත් ගෑනු ලමයෙක් ලග ඉදගෙන යන්න හම්බෙලා නැත්තං ඔයා හයවෙනි ගල වනිදුට ගහන්න එපා
    mekane vaniduva hari vena kavhari oya sellam vena time ekaka karanam issue naha ,me time eka uge job karana velava . me time eke match ekata full focus wenna one... . issara hitapu ayath sellam damma habay thamage job ekaka patalava ganne nathuva.... anthimata ithin oya kathave atha natha danne unma thamay... oka boruvak vennath barinaha.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    "කාත් එක්කවත්ම මේ වෙනකන්ම ජීවිතේ එකම එක පාරක් වත් ලිංගික අවයව දෙක ගට්ටනය කරගෙන නැත්තං ඔයා පලවෙනි ගල වනිදුට ගහන්න.
    ඔයා කවදාවත්ම කාත් එක්ක වත්ම අනියම් ඇසුරක් පවත්වලා නැත්තං ඔයා දෙවනි ගල වනිදුට ගහන්න.
    කවදාවත්ම ඔයාට වඩා වයසින් වැඩි කෙනෙක් ගැන ලිංගික ආසාවක් පහල වෙලා නැත්තං ඔයා තුන්වෙනි ගල වනිදුට ගහන්න.
    ඔයා වැඩ කරන තැන ඉන්න ලස්සන අක්කලා, ඇන්ටිලා එක්ක ලිංගිකව හැසිරිලා හෝ හැසිරෙන්න හිතිලා නැත්තං ඔයා හතරවෙනි ගල වනිදුට ගහන්න.
    ඔයාට ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් ගන්න ගියාම චීස් කැල්ල වගේ දොස්තර නෝනා කෙනෙක් පපුවටයි කොන්දටයි වෙද නලාව තියනකොට ඒ දොස්තර නෝනා ගැන ආදරණීය හැගීමක් පහල වෙලා ලෙඩෙත් අමතක වෙලා සිහින ලෝකයකට පාවෙලා ගිහින් නැත්තං ඔයා පස්වෙනි ගල වනිදුට ගහන්න.
    ඔයාට මේ වෙනකන්ම ගෑණු ලමයෙක්ගෙ අතින් වත් අල්ලන්න හම්බෙලා නැත්තං අඩුම තරමේ බස් එකක වත් ගෑනු ලමයෙක් ලග ඉදගෙන යන්න හම්බෙලා නැත්තං ඔයා හයවෙනි ගල වනිදුට ගහන්න එපා
    හැමෝම උඹගේ ගානට දාල හිතන්නත් එපා. :lol: