බෝ මළුවේ මල්... සුවඳක පැටලී අම්මා පෙව්කිරි...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බෝ මළුවේ මල්... සුවඳක පැටලී අම්මා පෙව්කිරි...



    388694_264827766913595_228131663916539_737841_1594495006_n.jpg


    බෝ මළුවේ මල්...
    සුවඳක පැටලී අම්මා පෙව්කිරි...
    සුවඳ ගලා එන්නේ...

    සුපුරුදු උණුහුමකට සිත ඈඳී...
    ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ...
    දං බෝවිටියා කැළේ මැදින්...
    එන්න හිතයි නුඹ ලඟට සැනින්....

    එතෙර කරන්නම් හතර වරිගයම...
    සංසාරෙන් යන මේ ගමනේ...
    චුටිටක් සෙල්ලම් කරලා එන්නද...
    පුරුදු යාළුවන් හා සැනිනේ ...
    එහෙම ගියොත් ඒ අය පොඩි සාධු කියා...
    කියනවිට වැඳ වැටිලා ....

    කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ...
    වෙල් ඉපනැල්ලේ පැන නටලා....

    බෝ මළුවේ මල්...
    සුවඳක පැටලී අම්මා පෙව්කිරි...
    සුවඳ ගලා එන්නේ...


    භවයෙන් භවයේ පෙරුම් පුරා මම....
    බවුන් වඩා උපදින වාරේ....
    දිනයක මතුදා හතර වරිගයම....
    එතෙර කරන්නම් සංසාරේ....
    ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ...
    ඉන්නම් කිරි සුවඳේ එතිලා....

    කොහොමද අම්මේ එහෙම කරන්නේ....
    අම්මත් සසරින් එතෙර වෙලා.....


    424399_374715299207637_318576704821497_1565398_1908493701_n.jpg


    292976_398454483517737_123701504326371_1389052_419142838_n.jpg


    417116_362292373800615_123701504326371_1288600_1647273275_n.jpg


    166903_306595042703682_123701504326371_1139596_668560835_n.jpg



     
    Last edited: