අපි ඔය සියල්ල දැකගෙන බලාගෙන තමයි පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ වැඩෙන්නේ. ඒ තමයි අපේ බෞද්ධ උරුව, බෞද්ධ සංස්කෘතිය. හැබැයි අපි ඔය පෙර කී සියල්ල යම් දවසක නැවත්තුවොත් අපේ රටේ බුද්ධාගම ඉතිරි වෙයිද. මොකද අපිට යමක් කමක් තේරෙන්නේ නැති පොඩි කාලේ අපි බෞද්ධ කම ඉගෙන ගන්නේ ඕවයින්. ඒක තනි කරලා ගන්න බැහැ. මුළු යාන්ත්‍රණයම අවශ්‍යයි හැම දේම ක්‍රියාත්මක වෙන්න. හැම බෞද්ධ රටකම අඩු වැඩි වශයෙන් ඔය සියල්ල ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ මිනිහෙක් උනත් බෞද්ධ රටකට ආවම පන්සලකට ගිහින් මලක්, පහනක් පත්තු කරනවා.
මේ කිසි දෙයක් නැති රටවල උනත් මිනිස්සු බෞද්ධ වෙනවා. හැබැයි ඒ දැනුම් තේරුම් තියෙන කාලේ අර මම පෙර කියපු ක්‍රමය ක්‍රියාත්මක වෙන රටවල හැදෙන පොත් පත් බලල, එහෙම නැත්නම් පෙර කී රටක ඉපදෙන මනුස්සයෙක්ගෙන් බෞද්ධකම ගැන අහල.
දැන් අපි ප්‍රශ්නෙට බහිමු. උඹ ඔය කියන විදියට සිංහල අවුරුදු නැකත් විදි නොනගත කිසිවක් නැතුව අපිට බොහොම හොඳින් අවුරුද්ධ සමරන්න පුළුවන්. හැබැයි විවිදාකාර අදහස් උදහස් ඇති ජන සමූහයක් පෙර කී සිරිත් විරිත් වලට අනුගත කරන්න, අර විදිහේ ක්‍රමවේදයක් අවශ්‍යයි. එකම වෙලාවක්, එකම ආරක කෑම බීම, මොන අදහස් තිබුනත් හැමෝම සිතින් ගතින් එක් වෙනවා වැඩේට. ඒක එහෙම සිද්ධ වෙන්නේ ඔය ඔය කියන නැකත හෝ එම වෙලාව මත. අපි හිතමු ඔය වෙලාවල් අයින් කරලා මිනිස්සුන්ට ඒ ඒ චාරිත්‍ර විදි කරන්න කියල කිව්වා කියල. එතකොට මිනිස්සු හිතනවා,
මම අම්මලට හැමදාම වන්දිනවනේ අද විතරක් විශේෂයක් මොකටද,
මම මාස දෙකකට කලින් ඇඳුම් අරන් දුන්නේ ළමයින්ට, අයෙත් අවුරුද්ද්හට මොකටද වෙනම ගනුදෙනුවක්,
මම ගිය සතියෙත් ගෙදර ගියානේ, ආයෙත් අවුරුද්ධක් මොකටද.
ඔන්න ඔය විදියට මිනිස්සු හිතන්න පටන් ගන්නවා. අන්තිමේදී අවුරුදු සිරිත් විරිත් කියන දේත් එහෙමම වියැකිලා යනවා.
මම නැවතත් කියනවා, මුළු රටක් එකම දේට ඇඳ බැඳ තබා ගන්නේ ඔය උඹ බනින නැකත කියන එක අමතක කරන්න එපා.