බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අනේ චිනේ දියුණු කම උඹ මට කියන්න ඕනේ නෑ. චිනේ කියන්නේ ලෝකේ තියෙන සක්කිලිම රටක්. පිටරට එකෙක් ගිහින් බඩුවක් ගත්තොත් ඉතුරු දෙන්නේ හොර සල්ලි. කන්න පුළුවන් මොන සතාද උ කනවා. මරල කනකොට වඩා පන තියෙද්දී ගිලින එක අතල් නම් එහෙම කනවා.ගොන්නු වකාරේ. චිනේ තියෙන සක්කිලි සංස්කෘතියද දැන් උඹට ඕනේ....
    උඹ හරියටම කිව්වා උඹ ඉගෙනගත්ත විදියේ තමයි අවුල තියෙන්නේ. තමගේ දේ මොකක්ද අන්‍යාගමික කුණුගොඩවල් මොකක්ද කියන එක තේරෙන්නේ නැත්තේ එකනේ.අවුරුද්ද ඕනේ නම් පවත්වමු. සුර්යාගේ දෙක මාරු වෙන එක සමරන්නේ නැතුව. කියන දේ තේරුම් ගනින්. මම කියන්නේ අලුත් අවුරුද්ද ගොඩනැගිලා තියෙන්නේ මිත්‍යා විශ්වාසයක් අනුව.හැබැයි එකෙන් ගොඩක් හොඳ දේවල් රැසක් ඇවිල්ලා තියෙනවා. හොඳ දේවල් තියා ගමු මිත්‍යාව දුරලමු.
    barney_stinson_-_thumbs_up_gif.gif
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජලනන්දන පිරිත බෞද්ධයින් පිළිගත යුතුද? ප්‍රතිෂේප කල යුතුද?

    අනිවාර්යයෙන්ම පිලිගත යුතුයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු 30-35 ඉක්මවූ ගැහැණු ළමුන් අවිවාහකව සිටීනම් දෙමව්පියෝ කට්ටඩි පසු පස දුවති. එසේ ගොස් වශී, ඉනා වැනි දේවල් හරහා තම අරමුණු බලපොරොත්තු වෙති.
    දැන හෝ නොදැන නිවසේ යුවතිපති දෙපල එවන් බන්ධනයක් හරහා එක්වී සිටීනම් නිවසේ ජලනන්දන පිරිත සජ්ජායනය කිරීමෙන් එම බල බිදී බන්ධනය නැතිවී ගොස් ප්‍රශ්න ඇති විය හැකිය.
    දෙවැන්න ජීවත්වන්නවුන්ට වඩා මලවුන් අදහන මිනිසුන් විවිධ යක්ෂ ප්‍රේත ආත්ම බැඳගෙන තබාගෙන ඉඳිති. එවන් තැනක වුවද ජලනන්දන පිරිත සජ්ජායනා කිරීමෙන් බුදුගුණ හැර වෙනත් බන්ධන මඟින් ඇතිකළ ඇති බැඳීම් නැතිවී යා හැකිය. ඒ හැර පන්සිල් රකිමින් ජීවත් වන බෞද්ධයින් අසීරුතවයට පත් වන දෙයක් බුද්ධ භාෂිතයක්ව දේශනා කළා යැයි ඇදහිය නොහැක.(Copy paste kirimaki)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනිවාර්යයෙන්ම පිලිගත යුතුයි
    :yes:අනිවාර්යයෙන්ම. ජලනන්දන පිරිත කියන්නේ බුද්ධ භාෂිතයක්.
    යන්ත්‍ර මන්ත්‍ර පැවත එන්නේ ඔය දියරකුස් කියන බමුණන්ගෙන් නේද?
    ඒ බමුණු මතවාද එකහෙලා මිත්‍යාවක් ලෙස ප්‍රතිෂේප කරනවානම් ඇයි බුදුහාමුදුරුවෝ ජලනන්දන පිරිත දේශනා කලේ?
    එහෙනම් මේ දියරකුස් කියන කතාවට සිංහල බෞද්ධයින්ට එකඟ විය හැකිද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යමෙක් බුද්ධ ආදී සත් පුරුෂයන් අප්‍රිය කොට දෙසැටක් මිත්‍යා දෘෂ්ඨි සහිත ධර්මයන් ප්‍රිය කරයිද එය පිරිහීමට හේතු වේ.පරාභව සූත්‍රය
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යමෙක් බුද්ධ ආදී සත් පුරුෂයන් අප්‍රිය කොට දෙසැටක් මිත්‍යා දෘෂ්ඨි සහිත ධර්මයන් ප්‍රිය කරයිද එය පිරිහීමට හේතු වේ.පරාභව සූත්‍රය
    දෙසැටක් මිත්‍යාදෘෂ්ටික ධර්ම පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes:අනිවාර්යයෙන්ම. ජලනන්දන පිරිත කියන්නේ බුද්ධ භාෂිතයක්.
    යන්ත්‍ර මන්ත්‍ර පැවත එන්නේ ඔය දියරකුස් කියන බමුණන්ගෙන් නේද?
    ඒ බමුණු මතවාද එකහෙලා මිත්‍යාවක් ලෙස ප්‍රතිෂේප කරනවානම් ඇයි බුදුහාමුදුරුවෝ ජලනන්දන පිරිත දේශනා කලේ?
    එහෙනම් මේ දියරකුස් කියන කතාවට සිංහල බෞද්ධයින්ට එකඟ විය හැකිද?

    වා උස්සගෙන ඉන්න එපා කියලයි රකුසා කියන්නේ.....තිරස්චින විද්‍යාවන් පසු පස යාම පිරිහීමේ කාරණයක් බව පරාභව සුත්‍රයේ දක්වල නේද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු 30-35 ඉක්මවූ ගැහැණු ළමුන් අවිවාහකව සිටීනම් දෙමව්පියෝ කට්ටඩි පසු පස දුවති. එසේ ගොස් වශී, ඉනා වැනි දේවල් හරහා තම අරමුණු බලපොරොත්තු වෙති.
    දැන හෝ නොදැන නිවසේ යුවතිපති දෙපල එවන් බන්ධනයක් හරහා එක්වී සිටීනම් නිවසේ ජලනන්දන පිරිත සජ්ජායනය කිරීමෙන් එම බල බිදී බන්ධනය නැතිවී ගොස් ප්‍රශ්න ඇති විය හැකිය.
    දෙවැන්න ජීවත්වන්නවුන්ට වඩා මලවුන් අදහන මිනිසුන් විවිධ යක්ෂ ප්‍රේත ආත්ම බැඳගෙන තබාගෙන ඉඳිති. එවන් තැනක වුවද ජලනන්දන පිරිත සජ්ජායනා කිරීමෙන් බුදුගුණ හැර වෙනත් බන්ධන මඟින් ඇතිකළ ඇති බැඳීම් නැතිවී යා හැකිය. ඒ හැර පන්සිල් රකිමින් ජීවත් වන බෞද්ධයින් අසීරුතවයට පත් වන දෙයක් බුද්ධ භාෂිතයක්ව දේශනා කළා යැයි ඇදහිය නොහැක.(Copy paste kirimaki)
    දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය.
    දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල 108 ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය 108 වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
    සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ.

    ජලනන්දන පිරිතේ පාඨ කිහිපයක් පහත දැක්වේ..

    *පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං
    *..... සයනේ බන්ධන විධ්වංසනං....
    *යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වා උස්සගෙන ඉන්න එපා කියලයි රකුසා කියන්නේ.....තිරස්චින විද්‍යාවන් පසු පස යාම පිරිහීමේ කාරණයක් බව පරාභව සුත්‍රයේ දක්වල නේද?
    ඒවා උස්සගෙන ඉඳීමක් , ඒවා පසු පස යාමක් වසරකට වරක් සිංහල අලුත් අවුරුද්ද සැමරීම මගින් සිදුවෙනවද???
    අනිත් කරුණ වසරකට වරක් අලුත් අවුරුද්ද සැමරීමෙන් බෞද්ධයෙක් පිරිහෙන්නේ කෙසේද?
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :yes:අනිවාර්යයෙන්ම. ජලනන්දන පිරිත කියන්නේ බුද්ධ භාෂිතයක්.
    යන්ත්‍ර මන්ත්‍ර පැවත එන්නේ ඔය දියරකුස් කියන බමුණන්ගෙන් නේද?
    ඒ බමුණු මතවාද එකහෙලා මිත්‍යාවක් ලෙස ප්‍රතිෂේප කරනවානම් ඇයි බුදුහාමුදුරුවෝ ජලනන්දන පිරිත දේශනා කලේ?
    එහෙනම් මේ දියරකුස් කියන කතාවට සිංහල බෞද්ධයින්ට එකඟ විය හැකිද?

    උඹේ බුදු හාමුදුරුවන් පිලිබඳ දැනීම ගැන ඉස්සෙල්ලම ලජ්ජා විය යුතුයි. බුදු හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර දේශනා කරා කියල උඹ කිව්වේ එකනේ. යන්ත්‍ර මන්ත්‍ර කියන්නේ මොනවද ගාතා කියන්නේ මොනවද කියලවත් තේරෙන්නේ නැති එක කනගාටුවක්.
    ජලනන්දන, රතන,කරණිය මෙත්ත ආදී සුත්‍ර දේශනා කලේ උඹ ඔය කියන අමනුෂ්‍ය බලවේග හා සම්බන්ද සිද්දීන් නිසා. හැබැයි ඒවගේ තියෙන්නේ අර්ථ යෙන් දෙන අවවාද ,බුද්ධාදී ගුණ සිහිකිරීම් වගේ දේවල් තමයි ඇතුලත් වෙන්නේ. නැතුව මන්ත්‍ර ලක්ෂණ ඒ කියන්නේ ශබ්ධයෙන් යකුන් ආදී අමනුෂ්‍යයන් භය කිරීමක් ගතා වල නෑ.බුදු හාමුදුරුවෝ දේශනා කල භාෂාව මාගධී කියන භාෂාව නැතුව පාලි නෙමෙයි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹේ බුදු හාමුදුරුවන් පිලිබඳ දැනීම ගැන ඉස්සෙල්ලම ලජ්ජා විය යුතුයි. බුදු හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර දේශනා කරා කියල උඹ කිව්වේ එකනේ.
    අදත් යන්නේ කොහෙද මල්ලෙ පොල්..:rofl::rofl:..
    මම කොතනද කිව්වේ බුදු හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර දේශනා කළා කියල?
    මම කිව්වේ බුදු හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කලානම් ඇයි බන්ධනයට ලක්වුණ ආනන්ද හාමුදුරුවන් වෙනුවෙන් ජලනන්දන පිරිත දේශනා කලේ. යන්ත්‍ර මන්ත්‍ර බල බින්දින්නනේ මේ පිරිත දේශනා කලේ..
    .සම්බුද්ධස්ස තේජෙන - වින බන්ධන ඩයිහතු
    තිණ්ණං රතනානු භවෙන - වින මන්ත‍්‍රානි විනස්සතු
    ඉතින් මේ කාරණයවත් නොදන්නා මමද උඹද ලජ්ජා විය යුතු. බුදු හාමුදුරුවන් ගැන මගේ දැනීම ගැන දැනගන්න ඕනේ නම් මගෙන් ප්‍රශ්න කරලා බලන්න පුළුවන් ඕනේ කෙනෙක්ට..

    ජලනන්දන, රතන,කරණිය මෙත්ත ආදී සුත්‍ර දේශනා කලේ උඹ ඔය කියන අමනුෂ්‍ය බලවේග හා සම්බන්ද සිද්දීන් නිසා. හැබැයි ඒවගේ තියෙන්නේ අර්ථ යෙන් දෙන අවවාද ,බුද්ධාදී ගුණ සිහිකිරීම් වගේ දේවල් තමයි ඇතුලත් වෙන්නේ. නැතුව මන්ත්‍ර ලක්ෂණ ඒ කියන්නේ ශබ්ධයෙන් යකුන් ආදී අමනුෂ්‍යයන් භය කිරීමක් ගතා වල නෑ.බුදු හාමුදුරුවෝ දේශනා කල භාෂාව මාගධී කියන භාෂාව නැතුව පාලි නෙමෙයි.නැතුව මන්ත්‍ර ලක්ෂණ ඒ කියන්නේ ශබ්ධයෙන් යකුන් ආදී අමනුෂ්‍යයන් භය කිරීමක් ගතා වල නෑ.
    ඔබේ බුදු දහම ගැන දැනුම ගැන ලජ්ජා විය යුතුයි.. ශබ්ධය ගැන සැලකිලිමත් වියයුතුයි කියා දේශනා කලේ බුදුහාමුදුරුවන්මයි. ඒ ගැනවත් නොදන්නා බෞද්ධයෙක් අනිත් බෞද්ධයන් කල නොකළ යුතු දෑ කීම මොනතරම් විහිලුවක්ද??
    පහල තියන ටික කියවලා බලන්න ශබ්ධය ගැන කොතරම් සැලකිලිමත් වියයුතුද කියා.
    "මහණෙනි, ආයත (වෘත්තයන් බිඳීම නිසා ඇතිවන ස්වර විශේෂයකි) ගීතස්වරයෙන් දහම් නො දෙසිය යුතු ය."
    "මහණෙනි, සරභඤ්ඤ නම් කර්ණරසායන මධුර මනෝහර ගීතස්වර විලාසයෙන් ධර්මය නො දෙසිය යුතු ය."

    "මහණෙනි, සරභඤ්ඤය අනුදනිමි. සරභඤ්ඤයෙන් ධර්මය කීම වටී.
    (සරභඤ්ඤය - තරංග වෘත්තය, දෝධක වෘත්තය, ගණක වෘත්තය, ආදී වෘත්ත 32 ඇත.)

    "මහණෙනි, සසුනේ ගායනය අඬාවැටීමකි." (චුල්ල වග්ග පාලි)

    [/QUOTE] "ආටානාටිය සුත්‍රය" ජලනන්දන, රතන, කරනියමෙත්ත සුත්‍ර වලට හාත්පසින්ම වෙනස් සුත්‍රයක්. ආටානාටිය සුත්‍රය දේශනාකරන්නේ අනිත් සුත්‍ර දේශනා කරන ආකාරයට නෙමෙයි. මම කියන්නේ නැහැ ඒක මන්ත්‍රයක් කියල(අන්තිමට මම එහෙම කිව්ව කියයි). නමුත් මේ සුත්‍රය දේශනා කිරීමේදී ශබ්ධත් යොදාගන්නා බව පිරිතක් අහන්න ගිය බෞද්ධයෝ නම් දන්නවා ඇති.
    බුදු හාමුදුරුවෝ දේශනා කල භාෂාව මාගධී කියන භාෂාව නැතුව පාලි නෙමෙයි.
    ඔයා ඔය එන්න හදන්නේ ත්‍රිපිටකයේ දැන් තියෙන්නේ නිවැරදි බුද්ධ දේශනාව නෙමෙයි කියන පොයින්ට් එකට නේද?? ධර්මය මතකයේ තබාගෙන හිටි රහතන්වහන්සේලාට එහෙම වරදින්න පුලුවන්ද?

    එතකොට මම කලින් අහල තිබුන "නක්ඛත්ත යක්ඛ භූතානං" ගාථාව කියන්නේ ඇයි ප්‍රශ්නයටත් මොනවහරි කියනවනම් හොඳයි.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    යන්ත්‍ර මන්ත්‍ර පැවත එන්නේ ඔය දියරකුස් කියන බමුණන්ගෙන් නේද?

    උඹට සිංහල තේරෙනවද නැද්ද කියල මට ලොකු ගැටළුවක් තියෙනවා. යන්නේ කොහෙද මල්ලේ පොල් නෙමෙයි .මෙන්න උඹ අහපු ගොන් ප්‍රශ්නේ.උඹ මේ ප්‍රශ්නය හරහා කියන්නේ. මන්තර පැවත එන්නේ බමුනෝ හරහා නෙමෙයි බුදු හාමුදුරුවොත් ඒවා කළා කියන එක බව පෙරපාසල් ළදරුවෙකුටත් තේරෙනවා.

    අදත් යන්නේ කොහෙද මල්ලෙ පොල්..:rofl::rofl:..
    මම කොතනද කිව්වේ බුදු හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර දේශනා කළා කියල?
    මම කිව්වේ බුදු හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කලානම් ඇයි බන්ධනයට ලක්වුණ ආනන්ද හාමුදුරුවන් වෙනුවෙන් ජලනන්දන පිරිත දේශනා කලේ. යන්ත්‍ර මන්ත්‍ර බල බින්දින්නනේ මේ පිරිත දේශනා කලේ..
    ඉතින් මේ කාරණයවත් නොදන්නා මමද උඹද ලජ්ජා විය යුතු. බුදු හාමුදුරුවන් ගැන මගේ දැනීම ගැන දැනගන්න ඕනේ නම් මගෙන් ප්‍රශ්න කරලා බලන්න පුළුවන් ඕනේ කෙනෙක්ට..
    එකම දේ නැවත නැවත කීමෙන් පලක් නෑ. උඹට මන්තර හා ගාතා අතර වෙනස තේරෙන්නේ නැ.උඹේ මතය බුදු හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර අනුමත කළා කියන එකනම් එක උඹේ අවභෝදයේ ගැටළුවක්.

    ඔබේ බුදු දහම ගැන දැනුම ගැන ලජ්ජා විය යුතුයි.. ශබ්ධය ගැන සැලකිලිමත් වියයුතුයි කියා දේශනා කලේ බුදුහාමුදුරුවන්මයි. ඒ ගැනවත් නොදන්නා බෞද්ධයෙක් අනිත් බෞද්ධයන් කල නොකළ යුතු දෑ කීම මොනතරම් විහිලුවක්ද??
    පහල තියන ටික කියවලා බලන්න ශබ්ධය ගැන කොතරම් සැලකිලිමත් වියයුතුද කියා.
    "මහණෙනි, ආයත (වෘත්තයන් බිඳීම නිසා ඇතිවන ස්වර විශේෂයකි) ගීතස්වරයෙන් දහම් නො දෙසිය යුතු ය."
    "මහණෙනි, සරභඤ්ඤ නම් කර්ණරසායන මධුර මනෝහර ගීතස්වර විලාසයෙන් ධර්මය නො දෙසිය යුතු ය."

    "මහණෙනි, සරභඤ්ඤය අනුදනිමි. සරභඤ්ඤයෙන් ධර්මය කීම වටී.
    (සරභඤ්ඤය - තරංග වෘත්තය, දෝධක වෘත්තය, ගණක වෘත්තය, ආදී වෘත්ත 32 ඇත.)

    "මහණෙනි, සසුනේ ගායනය අඬාවැටීමකි." (චුල්ල වග්ග පාලි)
    "ආටානාටිය සුත්‍රය" ජලනන්දන, රතන, කරනියමෙත්ත සුත්‍ර වලට හාත්පසින්ම වෙනස් සුත්‍රයක්. ආටානාටිය සුත්‍රය දේශනාකරන්නේ අනිත් සුත්‍ර දේශනා කරන ආකාරයට නෙමෙයි. මම කියන්නේ නැහැ ඒක මන්ත්‍රයක් කියල(අන්තිමට මම එහෙම කිව්ව කියයි). නමුත් මේ සුත්‍රය දේශනා කිරීමේදී ශබ්ධත් යොදාගන්නා බව පිරිතක් අහන්න ගිය බෞද්ධයෝ නම් දන්නවා ඇති.[/QUOTE]

    ඔන්න හරියටම යන්නේ කොහෙද මල්ලේ පොල්.බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විදිහ කිව්වා කියන එකෙන් තේරෙනවද යන්ත්‍ර මන්ත්‍ර අනුමත කල බව.
    උඹත් පිරිත් අහන්නට ගොස් නිදි කිරා වැටෙන විට අටනාටිය සුත්‍රය ට බෙර ගසා සද්ද දමා පටන් ගන්න විට සාදුකාර දෙන ගැලරියේ බෞද්ධයෙක් බව මේ ටිකෙන් පේනවා. බන් අටනාටිය සුත්‍රය කියන්නේ බුදු හාමුදුරුවෝ නෙමෙයි බුදුන් හමුවට ආපු සතරවරම් දෙවියන් කියන ප්‍රකාශයක්.එක බුදුන වහන්සේ අනුමත කරනවා භික්ෂුන්ට ඉගෙන ගැනීමට. එකෙන් කියන්නේ සතර වරම් දෙවියන් කොහොමද මිත්‍යා දුෂ්ටික අමනුස්ස්යනගෙන් ආරක්ෂා කරන්නේ කියන එක. අයේ රතින්ඥඥා සද්දෙට සදු කාර දෙන්නේ නැතුව තේරුම් පොඩ්ඩක් ඉගෙන ගනින්.

    [/QUOTE]ඔයා ඔය එන්න හදන්නේ ත්‍රිපිටකයේ දැන් තියෙන්නේ නිවැරදි බුද්ධ දේශනාව නෙමෙයි කියන පොයින්ට් එකට නේද?? ධර්මය මතකයේ තබාගෙන හිටි රහතන්වහන්සේලාට එහෙම වරදින්න පුලුවන්ද?[/QUOTE]

    ත්රිප්ටකය ප්‍රතික්ෂේප කරනවානම් උ කොහොමද බෞද්ධයෙක් වෙන්නේ?. මම කිව්වේ මාගධී භාෂාවෙන් බුදුන් වහන්සේ දේශනා කල බව විතරයි. මාගධී භාෂාවට අකුරු නොමැති නිසා පාලි භාවිතයෙන් තමයි පොත් වල ලිව්වේ. මම කියන්නේ අර්ථය වැරදි කියලා නෙමෙයි. ශබ්දය එවිට වෙනස් වෙනවා කියන එක.
    එතකොට මම කලින් අහල තිබුන "නක්ඛත්ත යක්ඛ භූතානං" ගාථාව කියන්නේ ඇයි ප්‍රශ්නයටත් මොනවහරි කියනවනම් හොඳයි.

    මම උඹට තවත් මේ වගේ තැනක් පෙන්නන්නද?
    රතන සුත්‍රයේ තියෙනවා "දිවාච රත්තොච හරන්තියේ බලිං " කියලා ,මේකේ තේරුම "දිවා රෑ යම් මනුස්සයෙක් තොපට බලි පුජා කරයිද ඔහු රකිනු කියලයි හදලා තියෙන්නේ. .එතකොට බුදුන් වහන්සේ භූතයන්ට බලි බිලි දෙන එක අනුමත කළා කියන එකද එකේ තේරුම?හිතන්න යමක්.පොඩ්ඩක් මේක ගැන comment එකක් දියන්.
     
    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    ඒක සංස්කෘතික අංගයක්. මේක ආගමක් එක්ක පටලවලා ගන්න එපා. මගේ යාළුවෙන් ඉන්නවා චෙන්නායි වල, මට මතකයි ඒ ගොල්ලොත් අපි සමරන විදියටම අවුරුද්ද සැමරුවා කියපු හැටි නමුත් අපි වගේ බෞද්ධාගම සම්බන්ධ කරගන්නේ නෑ ඒ වෙනුවට පුජාවක් තියෙනවා දෙවියන්ට.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන්, යමක් කියවා තේරුම් ගැනීමට නොහැකි වීමේ ගැටළුවක් උඹට තියෙන්නේ.

    "මන්තර පැවත එන්නේ බමුනෝ හරහා නෙමෙයි බුදු හාමුදුරුවොත් ඒවා කළා කියන එක බව පෙරපාසල් ළදරුවෙකුටත් තේරෙනවා"
    මම අහපු ප්‍රශ්නයෙන් මේ අර්ථය උඹ ගත්ත කියල දැක්කම පොඩි එවුනුත් හිනාවෙයි තමයි.

    මම කියපු දේ ආයෙත් උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

    දැන් උඹ යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ. උඹට කවුරුහරි කොඩිවිනයක් කළා කියල උඹට ආරංචි වෙනවා. යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස නොකරන උඹ ඒක ගණන් ගන්නවද? උඹට කරපු කොඩිවිනය වෙනුවෙන් උඹ මොකක් හරි පියවරක් අනුගමනය කරනවද?
    උඹ ඒක ගණන්ගන්නවා කියන්නේ, උඹ ඒ වෙනුවෙන් යම් පියවරක් ගන්නවා කියන්නේ, යන්ත්‍ර මන්ත්‍ර වල කිසියම් හෝ සත්‍යයක් තියනවා කියන දේ උඹ පිලිගන්නවා කියන දේ නේද?
    එසේනම් බුදුහාමුදුරුවන් බන්දනයට ලක්වූ ආනන්ද තෙරුන් වෙනුවෙන් ජලනන්දන පිරිත දේශනා කිරීමෙන් අදහස් වන්නේ යන්ත්‍ර මන්ත්‍ර වල සත්‍යතාවයක් තියනවා කියන දේ නේද?
    තවත් නම් ඒ ගැන පැහැදලි කරන්න සරල විදිහක් මම දන්නේ නැහැ.

    ජලනන්දන පිරිතේ එන "
    යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා විනාසං බුද්ධානුභාවතෝ" කියන එකේ තේරුම මම අමුතුවෙන් කියා දෙන්න ඕනෙද?

    "බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන විදිහ කිව්වා කියන එකෙන් තේරෙනවද යන්ත්‍ර මන්ත්‍ර අනුමත කල බව."
    ආයෙත් වැරදි අර්ථකතනයක් අරගෙන. උඹ කිව්වා මන්ත්‍ර වල වගේ ශබ්ධය භාවිතා කිරීමක් ගාථා වල සිද්ධ නොවෙන බව. ඒක පැහැදිලි කරන්න දාපු විස්තරය උඹ තේරුම් අරන් තියෙන්නේ "යන්ත්‍ර මන්ත්‍ර අනුමත කලබවක්" තහවුරු කරන්න යනවා කියලයි.
    පිරිතක් කියනකොට දීර්ඝ අක්ෂරයක් සඳහා මාත්‍රා 2 යි. කෙටි අක්ෂරයක් සඳහා මාත්‍රා 1 යි. හල් අක්ෂරයක් සඳහා මාත්‍රා භාගය යි වශයෙන් දේශනා කිරීමේ පිළිවලක් තියෙන්නේ ශබ්ධය හැසිරවීමේ පිළිවලක් තියන නිසයි.
    ආටානාටිය සුත්‍රය ගැන මම කියපු දෙයත් තේරුම් අරගෙන තිබෙන්නේ අනිත් පැත්තට. ආටානාටිය සුත්‍රය කිව්වේ කවුද, මොකටද කිව්වේ කියන එක නෙමෙයි මම පොයින්ට් කලේ. අටනාටිය සුත්‍රයේ දේශනා විලාශය ගැනයි. පිරිතක අර්ථය පමණක් නෙමෙයි, ඒ වචන ටික, ඒ දේශනා විලාශයත් වැදගත් බව පෙන්වන්නයි මම ඒ කරුණ ඉදිරිපත් කලේ.
    එසේ නැතිනම් පිරිත් අපිට ඕනේ භාෂාවකින් අපිට ඕනේ ශෛලියකින් දේශනා කරන්න පුළුවන්නේ. එහෙනම් ඕනෙනම් ඉස්සර ගිය "ඇඟිලි සලකුණ" වැඩසටහනේ නිවේදකයාගේ ශෛලියෙන් උනත් දේශනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතන අර්ථය වෙනස් වෙන්නේ නැහැ. තෙරුවන් ගුණ කියවෙනවා. නමුත් පිරිතට අවශ්‍ය ශබ්ධය එතන නැහැ.

    "මම උඹට තවත් මේ වගේ තැනක් පෙන්නන්නද?
    රතන සුත්‍රයේ තියෙනවා "දිවාච රත්තොච හරන්තියේ බලිං " කියලා ,මේකේ තේරුම "දිවා රෑ යම් මනුස්සයෙක් තොපට බලි පුජා කරයිද ඔහු රකිනු කියලයි හදලා තියෙන්නේ. .එතකොට බුදුන් වහන්සේ භූතයන්ට බලි බිලි දෙන එක අනුමත කළා කියන එකද එකේ තේරුම?හිතන්න යමක්.පොඩ්ඩක් මේක ගැන comment එකක් දියන්."

    අයියෝ.. ආයෙමත් වරද්දගෙනනේ..... ඔයා කොහෙන්ද ඔය "බිලි" කියන අර්ථය ගත්තේ?????
    මෙන්න පල්ලෙහා තියනවා "බලි" කියන එකට සින්හල පාලි ශබ්ධකොශයේ තියන අර්ථය.
    Pali-Sinhala-Dictionary.jpg

    දැන් තේරුණා නේද "බලිං" කිව්වේ පුජා කියන එකයි. මම දාපු කරුණු වල අර්ථය වැරදි විදිහට තේරුම් ගත්තා වගේ බුදු බණත් වෙනස් කරන්න යන්න එපා.
    බුදුහාමුදුරුවෝ ඔය සුත්‍රය කියන්නේ මනුෂ්‍යයින්ට නෙමෙයි. තමුන්ට පුජා පවත්වන මනුෂ්යින්ව ආරක්ෂා කරන්න කියල අමනුෂ්යින්ටයි ඔය දේශනාව කරන්නේ. "පුජා ගෙනන මිනිසුන් පමණක්" ආරක්ෂා කරන්න කියල මෙතන සඳහන් වෙන්නේ නැහැ.එහෙම කිව්වනම් අපිට හිතන්න පුළුවන් භූතයින්ට පුද පුජා කිරීම අනුමත කළා කියල. පුද පුජා පැවැත්වීම අනුමත කිරීමක් හෝ නොකිරීමක් නෙමෙයි මෙතන අරමුණ. ඒක තේරුම්ගනින්.මේ පාඨය සහ මම අහපු ප්‍රශ්නය අතර කිසිම සම්භන්ධයක් නැහැ. මම කියපු ගාථාවේ කෙලින්ම කියනවා "නැකත්, යක්ෂ, භූත, පාපී ග්‍රහ ආදී සියළු උපද්‍රව පිරිත් දේශනාවල ආනුභාවයෙන් නිවාරණය වේවා! " කියල. ඉතින් මෙතැනදී නැකත්, පාපී ග්‍රහයින්ගේ බලපෑමක් නැතිනම් ඇයි මේ වගේ ගාථාවක් කියන්නේ?

    ඉතින් මම අහපු ප්‍රශ්නෙට ඔයා දුන්නේ උත්තරයක් නෙමෙයි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. දැන් ආයෙත් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඇයි "නක්ඛත්ත යක්ඛ හුතානං" ගාථාව කියන්නේ? ඒ ගාථාවේ අරමුණ කුමක්ද?

    අනිත් එක තමයි මුල ඉඳන්ම ඔයා ගොඩක් ඒවල අර්ථ වෙනස් විදිහට තේරුම් අරගෙන තිබුනේ. ත්‍රෙඩ් එක ආරම්භයේදීම "බ්‍රහ්ම ජාල" සුත්‍රයේ පාඨ කිහිපයකුත් වැරදි විදිහටයි අර්ථ නිරුපනය කරලා තිබුනේ.

    මම තවත් ප්‍රශ්නයක් අහනවා.. නැකත් තිබෙන නිසා සින්හල අවුරුද්ද බෞද්ධයාට අකැපයි කියල ඔයා කියනවානේ. අන්‍යාගමිකයින් කියන දෙයක් තමයි පෙරහැරවල් වල අලි ඇතුන් ගෙනයාම සත්ව හිංසනයක් කියන දේ. ඒ නිසා ඔයා කියන විදිහට බෞද්ධයින් දළදා පෙරහැර පවත්වන එකත් වැරදි දෙයක්ද? බෞද්ධයින් දළදා කරඬුව ඇතු පිටින් ගෙන යාම වැරදිද? එය වහාම නැවැත්විය යුතුයිද?
     
    Last edited:

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    ත්‍රෙඩ් එක ඕපන් නොකර බැහැ මචන්. අපි මේවට විරුද්ද නොවුනොත් මුන් මේවා අහිංසක මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට බලෙන් ඔබනවා. මුන්ට ඕන අපේ සංස්කෘතිය විනාස කරලා බුදු දහමත් විනාස කරලා දාන්න.

    මූ මෙතන polwattacom කියලා දාමාගෙන හිටියාට, විවහාරයේ කියන්නේ මූට ගස් පොන්නයා කියලා.

    ස්පොන්යෝ..........................

    මුගේ අනිත් උන් දෙන්නා.

    images
    images

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa

    ඇයි මචන් නැත්තේ... ලංකාවේ තරම් නැකත් බලන්නේ නැතුව ඇති ඉන්දියාවේ වත් ... ඉපදුන පොඩි එකාගේ කොන්ඩේ කපන්නේ නැකතට ,ඉඳුල් කට ගාන්නේ නැකතට, ඉස්කෝලේ යවන්නේ නැකතට,ලොකු වුනාම නාවන්නේ නැකතට, බඳින්නේ නැකතට, පෝරුවට නගින්නේ හා බහින්නේ නැකතට. අන්තිමට නැකත් බලන්ඩ බැරි වෙන්නේ ඉපදෙන වෙලාවටයි මැරෙන වෙලාවටයි විතරයි.

    Hari den umba umbe podi ewuntai anik wedawalatai NEketh bala bala innethuwa umbata oni oni welawata karapanko ethakota iwarane.
    Bamunangennam sinhala awurudda pawatha enne Indiawe mita wada meka samarannepei ban. Umbata hithenawanam neketh onne kiyala umba e widihata karapan, Oni ewun e widihata karai.
     
    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    ත්‍රෙඩ් එක ඕපන් නොකර බැහැ මචන්. අපි මේවට විරුද්ද නොවුනොත් මුන් මේවා අහිංසක මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට බලෙන් ඔබනවා. මුන්ට ඕන අපේ සංස්කෘතිය විනාස කරලා බුදු දහමත් විනාස කරලා දාන්න.

    මූ මෙතන polwattacom කියලා දාමාගෙන හිටියාට, විවහාරයේ කියන්නේ මූට ගස් පොන්නයා කියලා.

    ස්පොන්යෝ..........................

    මුගේ අනිත් උන් දෙන්නා.

    images
    images

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම පිළිගන්නේ නැහැ ඕක කාලිංග මාගගේ කියල. හරි අපි එහෙම හිතමුකෝ මොහොතකට . ඉතින් අපි අවුරුද්ද නැකත් සමග සමරුව කියල අපේ රට කවද හරි තමිල්නාඩුවට අයිති වෙනවද, එහෙම නැත්නම් අපි අබෞද්ධ වෙනවද, එහෙමත් නැත්නම් අපි සිංහල අවුරුද්ද සමරුව කියල මේ රටේ හෝ වෙනත් රටක හෝ ජාතියකට හෝ තිරිසන් සත්ව කොටාශයටක හෝ එහෙමත් නැත්නම් පොදුවේ පරිසරයට හෝ හානියක් වෙනවද. නැහැ. ඉතින් මොකද. හැබැයි සිංහලය එකතු වෙලා කරන දේවල් පේන්න බැරි උන්ට නම් අවුරුද්ද පේන්න බැරුව ඇති.

    Sinhala new year is NOT for buddhists. This is Kalinga Magha's stuff