කදිම ප්‍රාසාංගික හැකියාවකින් යුතු ජෙරම් ප්‍රනාන්දු නම් තරුණ ගිහි පූජකයකු බුදුන් වහන්සේට අපහාස කරන ලදැයි පැවසෙන සිද්ධියක් මුල් කොට මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. එහි දී ඔහු බුදුන් වහන්සේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ බුදුන් ආලෝකය සොයා ගිය බවත් ආලෝකය යනු ජේසුස් වහන්සේ බවත් ඒ අනුව වඩා වැදගත් ආලෝකය මිස එය සොයා ගිය පුද්ගලයා නොවන බවත් ය. ඔහු ඉන් අනියමින් පැවසීමට වෙර දරා ඇත්තේ බුදුන් වහන්සේ ද ආගමික වශයෙන් කිතුණු අනුගාමියකු බව ය.
ලොව ශාස්තෘ දේශනාවන් අතර බුදු දහම දියුණු බුද්ධිමය සංකල්ප සහිත ඥාන විමංසාවාදයක් ( Epistemology) බවට ලොව පුරා මානව හා සමාජ විද්‍යාඥයන් අතර පොදු පිළිගැනීමක් තිබේ. එවන් ඥාන විමංසාවාදී දහමක් දෙසූ බුදුන් වහන්සේ මැවුම්කාර දේව විශ්වාසය (ඉස්සර නිම්මානවාදය) පරම මිථ්‍යාවක් බව සෘජුවම දේශනා කොට ඇති පසුබිමක මෙම දේවගැති වරයා කළ ඉහත සඳහන් ප්‍රකාශය අනුව ඔහු අනුකම්පා කළ යුතු තත්වය නොඉක්මවන්නකු බව බව අපගේ වැටහීම ය. ත්‍රිපිටකයට අයත් අංගුත්තර නිකායේ නික නිපාතයේ තිත්ථායතන සූත්‍ර දේශනාව විමැසීමෙන් එම බුද්ධ දේශනාව විමසා බැලිය හැක.
සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයෙහි තුන්වන අක්කෝසක සූත්‍රය ක්‍රෝධ කිරීමෙහි සහ ක්‍රෝධ නොකිරීමෙහි අනුසස් දැක්වෙන උතුම් දහම් කොටසකි. බුදුන් වහන්සේ අක්කෝසක සූත්‍රය දේශනා කළේ රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයෙහිදී ය. කලන්දක නිවාප යනු ලේනුන් හට අභය දානය දුන් ස්ථානයක් බව පැවසෙයි. බමුණු කුලයේ භාරද්වාජ ගෝත්‍රයට අයත් අක්කෝසක බමුණා ගේ සොයුරු බමුණා ගිහිගෙයින් නික්ම බුදුන් වහන්සේ සමීපයෙහි පැවිදි වූ පුවත සවන් වැකුණු අක්කෝසක බමුණා තදින්ම කිපී බුදුන්වහන්සේ වෙතට අවුත් භික්ෂූන් ඉදිරියේ දීම බුදුන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින්නටත් අපහාස කරන්නටත් පටන් ගත්තේ ය. මෙලෙස ආක්‍රෝස පරිභව කොට අවසන් වන තුරු නිසොල්මන් ව බලා සිටි බුදුන් වහන්සේ බමුණා ගෙන් ඊට හාත්පසින්ම වෙනස් පැනයක් ඇසූහ. “බමුණු තුමනි, ඔබේ නිවසට මිතුරන්, ඇමැතියන්, ලේ නෑයන් ආගන්තුකයන් ලෙස එනවද?” නමුදු මෙම පැනයේ ඇති සුවිශේෂ බව නිසා ඒ වන විට කෝපය ද නිවී තිබූ බමුණා තුළ යම් විමතියක් ඇති විය. “භගවත් ගෞතමයන් වහන්ස, එහෙම අය ඉඳ හිට මාගේ නිවසට එනවා නම් තමයි” බමුණා පිළිතුරු දුන්නේ කුතුහළයෙන් යුතුව ය. "එවිට ඔවුන්ට ඔබ කන බොන දේවල් එහෙමත් දෙනවද?” බුදුන්ගේ ඊළඟ පැනයෙන් බමුණා තුළ පැවැති කුතුහළය තවත් ඉහළ නැංවිණි. "ගෞතමයන් වහන්ස, එසේ එන අයට මා සමහර දවසක කන බොන දේ දෙනවා තමයි” බමුණා පිළිතුරු දුන්නේ ය., "හොඳයි බමුණු තුමනි, කෑමට බීමට ඔබ දෙන දේ ඔවුන් නොපිළිගත්තොත් ඒවා කාටද අයිති වෙන්නෙ?” බුදුන්ගේ ඊළඟ පැනයෙන් බමුණාගේ කුතුහලය තවත් ඉහළ නැංවිණි. "භගවත් ගෞතමයන් වහන්ස, "ඔවුන් ඒ නොපිළිගත්තොත් ඒවා අයිති වෙන්නෙ? මටම නොවැ” බමුණා ද සන්සුන් ලෙසින් පිළිතුරු දුන්නේ ය. එසේ නම් බමුණු තුමනි යමෙක් යම් හෙයකින් ආක්‍රෝශ නොකරන අප කෙරෙහි ආක්‍රෝශ කරත් නම්, නොකිපෙන අප කෙරෙහි යම් හෙයකින් කිපෙත් නම්, කෝලාහල නොකරන අප කෙරෙහි කෝලාහල කිරීමට යොමු වෙත් නම් නම් ඒ බැණ වැදීම් අපට අයත් නොවීම මත ආපසු ඔහුටම අයත් වෙනවා. එසේම බමුණු තුමනි, ආක්‍රෝශ කරන තැනැත්තාට යමෙක් පෙරලා ආක්‍රෝශ කරත් නම්, කිපෙන තැනැත්තාට පෙරළා යමෙක් කිපෙත් නම්, කෝලාහල කරන්නා හා පෙරළා යමෙක් කෝලාහල කරත් නම් අන්න ඒක තමයි එකතු වී අනුභව කිරීම, යනුවෙන් බුදුන් වහන්සේ වදාළ හ.
අක්කොධස්ස කුතො කොධො දන්තස්ස සමජීවිනො
සම්ම දඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො
තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති
කුද්ධං අප්පටිකුඣන්තො සර්වගාමං ජෙති දුජ්ජයං
උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච
පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති
උභින්නං තිඛිත්ඡන්තං අත්තනො ච පරස්ස ච
ජනං මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අවේදා
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ විට මහත් ප්‍රඥා සම්පත්තියකින් යුතු අක්කෝසක බමුණා භාරද්වාජ බමුණා බුදුන් වහන්සේ ඉදිරියට එළඹියේ මෙසේ පවසමිනි. "භගවත් ගෞතමයන් වහන්ස ඉතාම යහපති. මම ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ ධර්මයත් ශ්‍රාවක සංඝයාත් සරණ යෙමි. ඔබ වහන්සේ ගේ ශාසනයේ මට ද පැවිද්ද හා උපසම්පදාව ලැබේවා".
ඒ අනුව භාරද්වාජ ගෝත්‍රයට අයත් අක්කෝසක බමුණා ද බුදු සසුනේ පැවිද්ද හා උපසම්පදාව ලැබීය. අනතුරුව වනගතව භාවනා වඩා අර්හත්වයට පත් ව භාරද්වාජ භික්ෂුව රහත් ඵලයට පත් වූ බව සංයුක්ත නිකායේ අක්කෝසක සූත්‍රයේ සඳහන් ය.
පවත්නා නීති රාමුව යටතේ ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ගත හැකි පියවර ගැනීම වෙනම කාරියකි. එහි ගුණ දොස් විවේචනය අපට අදාල කාරියක් නොවේ. නමුදු බුදු දහම සම්බන්ධ ධර්ම ශාස්ත්‍රීය පක්ෂය මුල් කොට ඔහුගේ එම "වැලි බතේ" රස බැලීම ඔහුටම භාර කොට බෞද්ධයන් ඉන් ඉවත් විය යුතුය යන්න අපගේ නිගමනයයි. මක් නිසා ද මෙවැනි නිරර්ථක දේවල් ජන සමාජය හමුවේ වපුරමින් දේශපාලන වාසි ලැබීමේ කූට උපාය මාර්ග වලින් අපට කිසිදු අඟ හිඟයක් නොමැති බැවිනි.
ධර්ම ශාස්ත්‍රීය විමසුමක්..
නමුත් මෙම පූජක වරයාගේ ප්‍රකාශය මුල් කොට බෞද්ධ ධර්මානුකූල විනිශ්චයකට එළැඹීමට මෙතෙක් කිසිවකුත් ඉදිරිපත්ව ඇති බවක් නොපෙනේ. අඩුම තරමින් මෙම ප්‍රකාශය මුල් කොට ජන මාධ්‍ය ඉදිරියට වැඩම කොට සිටින මෙවැනි සිදුවීම් හමුවේ විශේෂයෙන් කැපී පෙනෙන භික්ෂුන් කිහිප නම පවා මේ සම්බන්ධ ධර්ම ශාස්ත්‍රීය විමසුමක් කොට ඇති බවක් අපට නම් නොහැඟේ. ඒ කවරකු හෝ එලෙස විමසුම් කළේ නම් මෙය ද පසුගිය ජනාධිපතිවරණ සමයේ කැලණි විහාරය අද්දර කැලණි නදියෙන් මතු වී ප්ලාස්ටික් බෝතලයකට දමා ගත් නාග ලොවින් ආ නා රජුගේ කතාවටත් වැඩි වලම්බීත කතාවක් බව ඒ කාට වුව හැඟී යනු නියත ය.ආලෝකෝ උදපාදි Enlightenment...
ජෙරම් ප්‍රනාන්දු පූජක තැන මෙහි දී "ආලෝකය" යන වදන අහුලාගෙන ඇත්තේ සංයුක්ත නිකායට සච්ච සංයුක්තයට අයත් දම්සක් පැවතුම් සූත්‍රයේ එන "මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. (මහණෙනි, මෙය පෙර නො ඇසූ දහමක් ය. දෑස පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය) ආදී වශයෙන් බුදුන් වහන්සේ තමන් වහන්සේ ගේ මංගල ධර්ම දේශනාවෙන් සම්මා සම්බෝධිය විස්තර කිරීම පිණිස යොදා ගත් පාඨයේ එන ආලෝකෝ යන වදන මුල් කර ගනිමිනි. නූතන ඉංග්‍රීසි භාෂාවේ දී එය Enlightenment ලෙසින් සම්බුද්ධත්වය හඳුන්වන සංඥා නාමයක් ලෙස ද යොදා ගෙන තිබෙනු පෙනෙයි. නමුත් ඉන් සම්බුද්ධත්වය පිළිබඳ නිසි අර්ථ විග්‍රහයක් නොලැබේ. ඒ අනුව Enlightenment යන ඉංග්‍රීසි වචනය අනුව සම්බුද්ධත්වය විශ්ලේෂණය කිරීමට යාම සමනළ කන්දේ හැඩය සහිත තුඹසක් දැක ඊට සමනළ කන්ද සම්බන්ධ වැදගත්කම ආරෝපණය කිරීමට යාමකි.පච ගහ යට ජෙරම් ප්‍රනාන්දු..
ඕනෑම බොරුවක් සත්‍ය සේ ඉදිරිපත් කිරීමට හැකිවීම ප්‍රාසාංගික කලාව ප්‍රගුණ කළ දක්ෂයකු හට කළ හැකි සමත් කමකි. අප කුඩා කාලයේ "පච ගස් යට" තෙල් බෙහෙත් වෙළඳුන්ට ද ඒ හැකියාව නොමඳවම තිබිණ. මෙහි දී ජෙරම් ප්‍රනාන්දු දේවගැති තැන තම අනුගාමිකයන් හමුවේ ඉදිරිපත් කොට ඇත්තේ තමන් තුළ ඇති එම හැකියාවම බව අතිශයින් පැහැදිලි ය.බුදු දහම දියුණු බුද්ධිමය සංකල්ප සහිත ඥාන විමංසාවාදයක්..
ලොව ශාස්තෘ දේශනාවන් අතර බුදු දහම දියුණු බුද්ධිමය සංකල්ප සහිත ඥාන විමංසාවාදයක් ( Epistemology) බවට ලොව පුරා මානව හා සමාජ විද්‍යාඥයන් අතර පොදු පිළිගැනීමක් තිබේ. එවන් ඥාන විමංසාවාදී දහමක් දෙසූ බුදුන් වහන්සේ මැවුම්කාර දේව විශ්වාසය (ඉස්සර නිම්මානවාදය) පරම මිථ්‍යාවක් බව සෘජුවම දේශනා කොට ඇති පසුබිමක මෙම දේවගැති වරයා කළ ඉහත සඳහන් ප්‍රකාශය අනුව ඔහු අනුකම්පා කළ යුතු තත්වය නොඉක්මවන්නකු බව බව අපගේ වැටහීම ය. ත්‍රිපිටකයට අයත් අංගුත්තර නිකායේ නික නිපාතයේ තිත්ථායතන සූත්‍ර දේශනාව විමැසීමෙන් එම බුද්ධ දේශනාව විමසා බැලිය හැක.
අක්කෝසක බමුණාට බුදුන් දෙසූ දහම..
විවිධ පුද්ගලයන් විසින් බුදුන්ට බැන වැදීම, නින්දා අපහාස කිරීම් ආදී සිදුවීම් බෞද්ධ සාහිත්‍යයේ කොතෙකුත් ඇත. එහෙත් එසේ බැන වදින තැනැත්තාට ක්‍රෝධ නොකළ යුතු බව බුදුන් වහන්සේ පැහැදිලි ලෙසම අවධාරණය කොට තිබේ.සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයෙහි තුන්වන අක්කෝසක සූත්‍රය ක්‍රෝධ කිරීමෙහි සහ ක්‍රෝධ නොකිරීමෙහි අනුසස් දැක්වෙන උතුම් දහම් කොටසකි. බුදුන් වහන්සේ අක්කෝසක සූත්‍රය දේශනා කළේ රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයෙහිදී ය. කලන්දක නිවාප යනු ලේනුන් හට අභය දානය දුන් ස්ථානයක් බව පැවසෙයි. බමුණු කුලයේ භාරද්වාජ ගෝත්‍රයට අයත් අක්කෝසක බමුණා ගේ සොයුරු බමුණා ගිහිගෙයින් නික්ම බුදුන් වහන්සේ සමීපයෙහි පැවිදි වූ පුවත සවන් වැකුණු අක්කෝසක බමුණා තදින්ම කිපී බුදුන්වහන්සේ වෙතට අවුත් භික්ෂූන් ඉදිරියේ දීම බුදුන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින්නටත් අපහාස කරන්නටත් පටන් ගත්තේ ය. මෙලෙස ආක්‍රෝස පරිභව කොට අවසන් වන තුරු නිසොල්මන් ව බලා සිටි බුදුන් වහන්සේ බමුණා ගෙන් ඊට හාත්පසින්ම වෙනස් පැනයක් ඇසූහ. “බමුණු තුමනි, ඔබේ නිවසට මිතුරන්, ඇමැතියන්, ලේ නෑයන් ආගන්තුකයන් ලෙස එනවද?” නමුදු මෙම පැනයේ ඇති සුවිශේෂ බව නිසා ඒ වන විට කෝපය ද නිවී තිබූ බමුණා තුළ යම් විමතියක් ඇති විය. “භගවත් ගෞතමයන් වහන්ස, එහෙම අය ඉඳ හිට මාගේ නිවසට එනවා නම් තමයි” බමුණා පිළිතුරු දුන්නේ කුතුහළයෙන් යුතුව ය. "එවිට ඔවුන්ට ඔබ කන බොන දේවල් එහෙමත් දෙනවද?” බුදුන්ගේ ඊළඟ පැනයෙන් බමුණා තුළ පැවැති කුතුහළය තවත් ඉහළ නැංවිණි. "ගෞතමයන් වහන්ස, එසේ එන අයට මා සමහර දවසක කන බොන දේ දෙනවා තමයි” බමුණා පිළිතුරු දුන්නේ ය., "හොඳයි බමුණු තුමනි, කෑමට බීමට ඔබ දෙන දේ ඔවුන් නොපිළිගත්තොත් ඒවා කාටද අයිති වෙන්නෙ?” බුදුන්ගේ ඊළඟ පැනයෙන් බමුණාගේ කුතුහලය තවත් ඉහළ නැංවිණි. "භගවත් ගෞතමයන් වහන්ස, "ඔවුන් ඒ නොපිළිගත්තොත් ඒවා අයිති වෙන්නෙ? මටම නොවැ” බමුණා ද සන්සුන් ලෙසින් පිළිතුරු දුන්නේ ය. එසේ නම් බමුණු තුමනි යමෙක් යම් හෙයකින් ආක්‍රෝශ නොකරන අප කෙරෙහි ආක්‍රෝශ කරත් නම්, නොකිපෙන අප කෙරෙහි යම් හෙයකින් කිපෙත් නම්, කෝලාහල නොකරන අප කෙරෙහි කෝලාහල කිරීමට යොමු වෙත් නම් නම් ඒ බැණ වැදීම් අපට අයත් නොවීම මත ආපසු ඔහුටම අයත් වෙනවා. එසේම බමුණු තුමනි, ආක්‍රෝශ කරන තැනැත්තාට යමෙක් පෙරලා ආක්‍රෝශ කරත් නම්, කිපෙන තැනැත්තාට පෙරළා යමෙක් කිපෙත් නම්, කෝලාහල කරන්නා හා පෙරළා යමෙක් කෝලාහල කරත් නම් අන්න ඒක තමයි එකතු වී අනුභව කිරීම, යනුවෙන් බුදුන් වහන්සේ වදාළ හ.
අක්කොධස්ස කුතො කොධො දන්තස්ස සමජීවිනො
සම්ම දඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො
තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති
කුද්ධං අප්පටිකුඣන්තො සර්වගාමං ජෙති දුජ්ජයං
උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච
පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති
උභින්නං තිඛිත්ඡන්තං අත්තනො ච පරස්ස ච
ජනං මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අවේදා
ඇණුම් බැණුම් ඉවසිය හැකි නම්...
“මෙහි අක්කොධස්ස කුතො කොධං” යන පළමු ගාථාවෙන්, මනාව හික්මුණු හෙවත් ශාන්ත වූ සමාන පැවැතුම් ඇති, මනාව දැන සසරින් මිදුණු උප ශාන්ත කෙලෙසුන් නැසූ (තාදී) නො කිපෙන රහතුන් හට ක්‍රෝධයක් කොයින්ද? ඇත්තේම නැත යන අදහස පළ වෙයි.“තස්සේව තෙන පාපියො” යන දෙ වන ගාථාවෙන් පැවසෙනුයේ යමෙක් කිපුණ පුද්ගලයා කෙරෙහි පෙරළා කිපීමෙන් ඒ තැනැත්තාට ම පව් සිදු වන බවකි. යමෙක් තමා හා කිපුණ තැනැත්තාට පෙරළා නො කිපේ නම් ඒ තැනැත්තා දිනීමට අමාරු ක්‍රෝධ කිරීම නමැති යුද්ධය ජය ගන්නා බව ඉන් පැවසෙයි. යමෙකු අනෙක් තැනැත්තා කිපුණ බව දැන සිහියෙන් යුක්තව ඉවසයි ද? එය දෙදෙනාගේම යහපත පිණිස හේතු වේ යන්න “උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච” යන තෙ වන ගාථාවෙන් පැවසෙයි. “උභින්නං තිචිචිඡන්තං” යන සිවු වන ගාථාවෙන් ප්‍රකාශ වනුයේ තමන්ටත් අනෙක් තැනැත්තාටත් යන කිපුණු නොකිපුණු දෙදෙනාටම එනම් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් සිහි කල්පනාවෙන් යුතුව අනෙක් තැනැත්තාගේ ඇණුම් බැණුම් ඉවසිය හැකි නම් එය දෙදෙනාටම හොඳ ප්‍රතිකාරයක් බව ය.බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ විට මහත් ප්‍රඥා සම්පත්තියකින් යුතු අක්කෝසක බමුණා භාරද්වාජ බමුණා බුදුන් වහන්සේ ඉදිරියට එළඹියේ මෙසේ පවසමිනි. "භගවත් ගෞතමයන් වහන්ස ඉතාම යහපති. මම ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ ධර්මයත් ශ්‍රාවක සංඝයාත් සරණ යෙමි. ඔබ වහන්සේ ගේ ශාසනයේ මට ද පැවිද්ද හා උපසම්පදාව ලැබේවා".
ඒ අනුව භාරද්වාජ ගෝත්‍රයට අයත් අක්කෝසක බමුණා ද බුදු සසුනේ පැවිද්ද හා උපසම්පදාව ලැබීය. අනතුරුව වනගතව භාවනා වඩා අර්හත්වයට පත් ව භාරද්වාජ භික්ෂුව රහත් ඵලයට පත් වූ බව සංයුක්ත නිකායේ අක්කෝසක සූත්‍රයේ සඳහන් ය.
ජෙරම්ගේ වැලි බත ජෙරම්ටම ය...
ඉහත සඳහන් ප්‍රවෘත්තිය අනුව අපට නිගමනය කළ හැක්කේ ජෙරම් ප්‍රනාන්දු ගේ එම අර්ථ නිරූපණය ඔහුගේම සන්තකයක් මිස එය බුදුන් වහන්සේට, බුදු දහමට හෝ බෞද්ධයන්ට කෙසේවත් අදාල නොවන්නක් බැවිනි.පවත්නා නීති රාමුව යටතේ ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ගත හැකි පියවර ගැනීම වෙනම කාරියකි. එහි ගුණ දොස් විවේචනය අපට අදාල කාරියක් නොවේ. නමුදු බුදු දහම සම්බන්ධ ධර්ම ශාස්ත්‍රීය පක්ෂය මුල් කොට ඔහුගේ එම "වැලි බතේ" රස බැලීම ඔහුටම භාර කොට බෞද්ධයන් ඉන් ඉවත් විය යුතුය යන්න අපගේ නිගමනයයි. මක් නිසා ද මෙවැනි නිරර්ථක දේවල් ජන සමාජය හමුවේ වපුරමින් දේශපාලන වාසි ලැබීමේ කූට උපාය මාර්ග වලින් අපට කිසිදු අඟ හිඟයක් නොමැති බැවිනි.