බෞද්ධයාට අපහාස වන වයජ හිමිවරුන් ගැන අවදි&#3514

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බෞද්ධයාට අපහාස වන වයජ හිමිවරුන් ගැන අවදි&#3514

    බුදු දහමට හා සිංහල බෞද්ධයාට අපහාස වන හා භික්ෂූන්වහන්සේ කෙරෙහි බෞද්ධයන් කළකිරවන අදහසින් අන්තවාදී ආගමික කල්ලි විසින් කාලයක් තිස්සේ යම් යම් පුද්ගලයින්ට සිවුරු පොරවා බහුතර බෞද්ධයන් වෙසෙන දිවයිනේ විවිධ ප්‍රදේශ වලට පිටත්කර ඇති ඉතා සැළසුම් සහගත වැඩ පිළිවෙළක් දිවයින පුරා ඉතා සැළසුම් සහගතව සිදු කෙරෙමින් පවතින බවට සාක්ෂ්‍ය සහිතව තොරතුරු අනාවරණය වී ඇත.

    තවත් එවැනි පුද්ගලයකු පිළිබදව 2012-05-15 දින අපේ හාමුදුරුවන් වහන්සේලාට ලද තොරතුරක් අනුව මහරගම නගරයේ භික්‍ෂූන් වහන්සේලාට අගෞරවයක් වන අයුරින් හැසිරෙමින් අයාලයේ යමින් සිටි පුද්ගලයෙකු අල්ලා මිරිහාන පොලිස් ඒකකය වෙත භාර දුන්හ. ඔහු අල්ලා ගන්නා අවස්ථාවේ සිවුරක් පොරවා සිඟාකමින් සිටි අතර ඊට පෙර දින මහරගම නගරයේදීම ඔහු ගිහියෙකු ලෙස හැසිරී ඇත.

    මිරිහාන පොලිස් ස්ථානය තුලදී මානසික රෝගියකු ලෙස රගමින් එයින් පලා යන්නට තැත් කල මේකී පුද්ගලයා පසුව එහි සිටි භික්ෂූන් වහන්සේලාට තර්ජනය කරමින් කියා සිටියේ (අපේ කල්ලියේ අපි වගේ අය තව ඕන තරම් ඉන්නවා.... පුළුවන් නම් අල්ලාගනිල්ලා යනුවෙනි.) මෙහිදි පොලීසියේ ඇතමෙක් මේ චෞරයා නිදහස් කරන්නට මහත් උත්සහයක් දරනු දක්නට ලැබුන අතර මේ රටේ කුමන හෝ වේවා... ආගමක ගරුත්වය කෙළෙසන මේ අන්තවාදී පාපතරයන්ගේ මුදල්වලට කෑදරකමින් ඔවුන්ට බැලකම් කරන ජාතියක් ජන්මයක් නැති සිඟාලයන් කිහිප දෙනෙකු පොලීසිය තුල ලැග සිටීමද කණගාටුවට කාරණයකි.

    CIB2-252/146/2012.05.15 යන පැමිණිලි අංකය යටතේ ඉදිරි පරික්‍ෂණ කටයුතු සිදුවෙනවාදැයි අපි අවදානයෙන් පසු වන්නෙමු. එමෙන්ම සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවට මේ ගැන වාර්ථාවක් ලබාදෙන ලෙස පොලීසියට දන්වා ඇත.

    මෙවන් වංචනිකයන් ගැන අපේ හිමිවරුන් ඉදිරියටත් අවධානයෙන් සිටින අතර හැකි තරම් සමාජය දැනුවත් වීම තුලින් මේ කෙනෙහිළිකම් වලට වැට බැදිය හැකි බව අපේ විස්වාශයයි. එවන් පුද්ගලයන් ඔබගේ ගමේ, නගරයේ, යාචකයන් ලෙස හෝ වෙනත් අයුරකින් සිටිනු දුටවහොත් කරුණාකර කඩිනම් පියවර ගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස ශාසනාලයෙන් ඉල්ලමු.
    -----------------------------------------------
    0718401778 / 0718386644 / 0785813530

    -----------------------------------------------

    385700_235001959942461_100002979764103_441578_469851735_n.jpg

    Source:- Facebook.
     
    • Like
    Reactions: erozan

    damannaked

    Member
    Aug 3, 2007
    885
    2
    0
    Sri lanka, Wattala..
    blaming others for everything has become the typical type of Sinhalese currently. 2why dont we admit this is happening because of the corrupt unorganized selfish bikshu community in SL. all mahanakaya hamuduruwo doing is sleeping in their AC room. while other hamuduruwo do business n make temples vth weird names. good hamuduruwo dont even hv dana to eat. while some temples serve chicken for lunch. we hv to admit this is da fault of buddhis ppl and find solutions vth out complaining it as others fault.
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මහා රන්මැලි දාගැබ් අහසට බැදි රට....................ක්
    මහ රහතුන් හිග නොවනා උත්තම පින් බිම................ක්
    අහෝ කොහොම කල් යාවිද මේ විලසට හෙට.............ක්
    අනේ අනිච්චං දුක්කේ රටකට ගිය කල....................ක්

    :(:(:(:(:(:(:(:(:(
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    blaming others for everything has become the typical type of Sinhalese currently. 2why dont we admit this is happening because of the corrupt unorganized selfish bikshu community in SL. all mahanakaya hamuduruwo doing is sleeping in their AC room. while other hamuduruwo do business n make temples vth weird names. good hamuduruwo dont even hv dana to eat. while some temples serve chicken for lunch. we hv to admit this is da fault of buddhis ppl and find solutions vth out complaining it as others fault.
    Ageed...:yes::yes::yes: