මචන්, ඇයි ප්‍රශ්නයක් ඇහුවම මෙහෙම හැසිරෙන්නේ? FAKE ලු, ගේම ඉල්ලනවලු..forum එකක් කියන්නේ ප්‍රශ්න අහන්න පුළුවන් තැනක්..කටත් කෞව්රුවත් දන්නේ නැහැ..මම ගේම ඉල්ලුවේ වත් අනිත් පිස්සු කෙලියෙවත් නැහැ. පැහැදිලිව මට ආපු ගැටළු ඇහුව.
උඹ එහෙනම් forum behavior දන්නෙ නෑ.. මේ අහපු ප්‍රශ්නම කීප මුහුණුවරකින් මීට කලින් අහල තියෙනව. උබ forum behaviorදන්න එකෙක් නම් කලින් ත්‍රෙඩ් කියවන්නෙ නැතුව එකම දේ ආයෙ ආයෙ අහන්නෙ නෑ.
What you are doing here is a from of Trolling (Its when someone asks a stupid question or they are a fake person asking a bunch of random stupid questions because there bored.LOl. Or someone not asking a serious question. Or posting answers that dont answer the questions like 'Thanks for the 2 points' or ' ....' or answering them not seriously. )
- මේක හැම ආගමකම කියන දේ..ඌ එහෙම කරනවානම් අපේ ආගමේ නෙවෙයි.එහෙනම් ඔය කියන්න ඔය දන්නා බෞද්ධයෝ අනිත් ආගම් ගැන කොහමද හිතන්නේ?
බෞද්ධ චින්තනය අනුව හිතන උන්, අනිත් ආගමිකයන් මරන්න වත්, උන්ගෙ ආගමික දෙ සමච්චලයට ලක් කරන්නෙ වත් නෑ.. මම දන්නා මිලියන ගණනක් වූ සිංහල බෞද්ධ අයගෙ ඒ චින්තනය නිසා තමයි ප්රභාකරන් කිරි දරුවො මරද්දි හින්දු අය කිසි ගේමක් නැතුව කෝවිල් ගියේ. දීඝවාපියෙ මුස්ලිම් ජනපද ඇතිඋනේ, කොටින්ම අන්‍යාගමික අය නිදහසේ පල්ලි, කෝවිල්, mosque යන්නේ ඇයි මේ රටේ ? අන්න ඒ තමයි උඹට තාමත් නොතේරුණ බෞද්ධ කම
- ඔබ හානියක් වෙලා නැහැ කියල හිතනවා නම් OK මම හමු වුන friendsla හා මේ forum එකේ ඉන්න බෞද්ධයෝ අතර ගොඩක් වෙනස්කම් තියෙනවා..කවුද ඇත්ත කවුද රංග පාන්නේ කියලයි මට දැනගන්න ඕනේ.
මම හිතනවා සැකය හිතේ තියාගෙන ඉන්න කල් කවදාවත් උඹට සත්‍යය තේරුම් ගන්න බැරි වේවි. අනුන් ගැන සොයන කලින් හිතපන් උඹ කවුද කියල. ඇයි උඹෙ යාළුවො උබව රවට්ටන්නෙ ? උඹ පිටිපස්සෙන් පිහියෙන් අනින එකෙක්ද ? නැතිනම් උඹට යාළුවො තොරගන්න තේරෙන්නෙ නැද්ද ?
- ඒ කියන්නේ බෞද්ධයින් නොවන යට කලයුතු දේද?
මචන් මිනිස්සු තමන් ආදරය කරන දේකට තර්ජනයක් සුළුවෙන් හෝ දැක්කම ඒකට විවිධ විදියට ප්‍රතිචාර දක්වනවා.. උඹෙ කරුමෙට උඹට මුණගැහිල තියෙන්නෙ කුණුහරුප කියන සෙට් එකක්. නමුත් කුණුහරුපෙන් බුදු දහම බේර ගත්ත බවක් මේ ඉතිහාසෙ නෑ.
ඔව් බුදු දහම බොහොම භයානක තර්ජන වලට ලක් උන වකවානු තිබුනා.. කාලින්ඝ මාඝ වැනි මිසදිටුවොත් සුද්දත් බුදු දහම මකන්න ට්‍රයි කල කාලෙ අපේ ආර්ය මහා සංඝරත්නය මේ රට ජාතිය ආගම බේරගත්තා.. උඹ දන්නෙ නැතුව ඇති, අදටත් එවැනි ශ්‍රෙශ්ඨ බුද්ධ පුත්‍ර පරපුරක් මේ රටේ ඉන්නවා. උන්වහන්සේලා අපිට මහා ශක්තියක්. කවදාවත් අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාවත් කුණුහරුපෙන් මේ ධර්මය බේරගන්න කිව්වෙ නෑ. නමුත් බුදු දහම ආරක්ශා කරනු වස් පෙළ ගැසුණ කට්ටිය ගෙන් ගේම ඉල්ලුවොත් ඉතින් ගේම ලැබේවි. ඒක ඒ ඒ අය ගෙ personality එක මිසක් බුද්ධ ඉගැන්වීම නෙවෙයි.
උඹ උබේ අම්මට ආදරෙයි නේද ? කවුරු හරි එකෙක් ඇවිත් අම්මට බැන්නොත් උඹ මොකද කරන්නෙ ? ඇත්තටම උඹ අම්මට ආදරේ නම් අරූට ගේම දෙනව නේද ? උඹේ ආගමට විරුද්ද ඇති මිනිස්සුන්ට බනින එක, ඒත් අම්මට බැන්නොත් උඹ කරබාගෙන ඉන්නවද ? අපේ මිනිස්සු ආදරය කරන මේ බුදු දහම ගැනත් මිනිස් ප්‍රතිචාර විවිධයි කිව්වෙ, ගේමෙන් නම් ගේම කිව්වෙ ඒකයි.
- ඉතින් ඔබමනේ කියන්නේ අනිත් යට බෞද්ධාගම නැති කරන්න බැහැ, එකට හානි වෙලා නැහැ..ඇයි එහෙනම් ඒ අයගේ අරමුණු බෞද්ධයන්ට කුණුහරුප කියන තරමට පහත කරන්නේ?
ඉහත කරුණු නැවත බලන්න.. මෙයටද පිළිතුර දී ඇත