බෞද්ධ උපදෙසක්.

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද?
    මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
    (ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්‍යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)
    මේ ඔබතුමාගේ ප්‍රශ්නයට ඍජූ පිළිතුරක් නෙමෙයි, නමුත්;

    දැනට අවුරුදු දෙකකට විතර උඩදී මගේ ඥාති සහෝදරියකටත් මේ වගෙ අවාසනාවන්ත දෙයකට මූණ දෙන්න වුණා... ඇයට ලොකු විශ්වාසයක් තිබුණ ධර්ම දානය (බණ දේශනාව සහ දේශනා වලට උපකාරී වීම) සහ බන ඇසීම ලොකු පිං කම් කියල, ඒ වගේම ඇය විශ්වාස කලා මරුන කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ පිං අනුමෝදනාව කියල... ඇත්තටම මේ විශ්වාස දෙක සහ ඒ ඔස්සේ කටයුතු කිරීම තුලින් සිද්ධියෙන් මාස කීපයකට පස්සේ ඇයට ගොඩක් හොඳ මානසික තත්වයකට පත්වෙන්න පුළුවන් වුණා.

    තමන් ආදරය කරන කෙනෙක් වියෝ වුනහම ගොඩක් අයට දැනෙන දුකක් තමයි ඒ කෙනා වෙනුවෙන් යමක් කරන්න බැරිවීම. ඉතින් කෙනෙක් පිං අනුමෝදනාව විශ්වාස කරනව නම් එය නිතර කිරීම තුලින් ඔය යමක් කරන්න බෑ කියන අදහස නැතුව ගිහිල්ල ඒ මරුන කෙනාට යමක් කරනව යන හැගීම එනව. දුක තුනී කරගන්න ඒක ලොකු පිටිවහලක්...

    ධර්මය අවබෝධ නොවුණු කෙනෙක්ට දේවල් අනිච්ච, දුක්ඛ අනත්ත ලෙස දකින්න බැහැ, එහෙම කෙනෙක්ට තමන්ගේ දුක තුනී කරගන්න පාවිච්චි කරන්න වෙන්නෙ තමන්ගේම විශ්වාස සහ ඇදහිලි මත පදනම් වෙච්ච් දේවල් තුලින්මයි... එක එක්කෙනාට මේ දේවල් වෙනස් වෙනව, ඉතින් ඔබතුම ඔය කියන කෙනාගෙ එහෙම දේවල් මොනවද බලන්න... ඒ දේවල් ඔස්සේ කටයුතු කරන්න, මුලින් වැඩක් නැහැ වගෙ පෙනුනට සතියක් දෙකක් යනකොට ලොකු වෙනසක් දක්න්න පුළුවන් වේවි...
    තෙරුවන් සරණයි!
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද?
    මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
    (ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්‍යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)
    සංස්කෘතික වශයෙන් කොහොමද කරන්න ඕන හරියටම දන්නෙ නෑ. බෞද්ධයෙක් නං එහෙම වෙනසක් නෑ. ඒත් ආදාහනය කරනව දැකල නෑ පොඩි ළමයිව.
    කොහොම උනත් ධර්මයට අනුව ප්‍රාණය නිරුද්ද වෙච්ච පංචස්කංධයක් කොහෙ වැලලුවත් පොළවට පස් වෙනව කියන එකයි ධර්මයට අනුව පැහැදිලි කරගන්න තියෙන්නෙ.
    බුදුරජාණන්වහන්සේ ගෙ කාලෙ අමූ සොහෙනෙ රෙදි වල ඔතල නිකන්ම මිනිය දාල ආව කියලයි සදහන් වෙලා තියෙන්නෙ.
    ඒ නිසා ආදාහනය හරියට උනාද නැද්ද කියන එක ගැන ගැටෙන්න යන එක සුදුසු නෑ

    මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
    පොඩි දරුවෙක්ට නං දැන් කාලෙ කර්මය කර්ම පල ගැන තේරුන් ගන්න තරම් ශක්තිමත් නෑනෙ දැන් කාලෙ ඒ නිසා මොකද්ද වෙන්නෙ කියල හරියටම දන්නෙ නෑ පොඩි අය. ඒ නිසා හොදම දේ පිරිත් අහන්න සලස්වන එක.
    මොකද ධර්මය තේරුම් කරවන්න පුළුවන් වෙලාවක නෙමේනේ ඉන්නව ඇත්තෙ
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද?
    මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?
    (ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්‍යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)
    Danna aya kipa denek innawa, ipadenakotama lamaya nathi una, thamange lamaya puchchanna hitenne na mokada podi nisa, e arenna wena deyak na.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ආදාහනය කරන්නේ නෑ භුමධනය
    me gena nam danne ne

    මරණාසන්න දරුවෙක්ට
    daruwage therena mattama anuwa wenas wenawa
    puluwan tharam daruwa sathutin thiyanna uthsaha karana eka hondai kiyala thamai mata hithenne

    eka eka bana kathaa keewa kiyala daruwata wadayak wenawa vitharai
     

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද?

    ඔව් එහෙම සම්ප්‍රදායක් තියෙනවලු. ඒ ගැන බුදු දහමෙ සම්බන්ධයක් නැහැ. සමහරවිට ඉන්දියාවෙන් ආපු සංස්කෘතිය නිසා වෙන්න පුළුවන්.

    මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද?

    මරණාසන්නව හිටපු සමහර දරුවො බේරුණු අවස්ථා තියෙනව. වෛද්‍යයවරු අතහැරපු දරුවන් බේරුණු අවස්ථාත් ඒ අතර තියෙනව.

    https://www.dailymail.co.uk/health/...ously-survived-life-support-switched-off.html

    ඒ නිසා ඊළඟ ආත්මයට සෙත් පතන්න කලින් මේ ජීවිතයේදී බලපාන ප්‍රශ්නවලට සෙත් පතන එක වැදගත් වෙන්න පුළුවන්.

    දරුවා දෙස බලාගෙන ප්‍රාර්ථනා කිරීම වඩා හොඳයි. නැතිනම්, දරුවාගේ රූපය අරමුණු කරන්න.

    මෙම දරුවා, ඔහුට හෝ ඇයට බලපාන දුක්පීඩාවන්ගෙන් මිදේවා!
    රෝගී තත්වයන්ගෙන් මිදේවා!
    ආබාධිත තත්ත්වයන්ගෙන් මිදේවා!
    නැවත කිසි කලෙක මෙවැනි දුක්ඛිත තත්වයකට පත් නොවේවා!
    දුකට පත් නොවෙත්වා!
    රෝගාබාධවලට ගොදුරු නොවෙත්වා!
    දුගතියක උපතක් නොලැබේවා!
    ඉක්මනින් උතුම් නිවන් සැපය ලැබේවා!

    මෙවැනි සෙත් පැතීම් සිල්වත් ගුණවත් භික්ෂූණ්වහන්සේ නමක් කරන්නේ නම් බලය වැඩියි. සාංඝික දානය වැනි ප්‍රබල පින්කමක් කර ඒ පුණ්‍ය ශක්තිය භාවිතා කර ඉහත ප්‍රාර්ථනා කිරීම වඩා හොඳයි. පිරිත් කීමේදී කරන සත්‍ය ක්‍රියා උපකාර වෙන්න පුළුවන්. අසනීප තත්ත්වය අනුව කරන ප්‍රතිකර්මය හෙවත් පින්කම් තෝර ගන්න අවස්ථා තියෙනව.
     
    • Like
    Reactions: animation