මම සමාජයත් එක්ක බොහොම අඩුවෙන් ගනුදෙනු කළ කෙනෙක් බව කලින් ත්‍රෙඩ් වල කියලා ඇති.
ඒ නිසා චාරිත්‍ර වාරිත්‍ර ගැන මගේ දැනුම අඩුයි ගොඩක්ම.
හේතුව මඟල් ගෙවල්, අවමඟුල්, බණ ගෙවල්, දානේ ගෙවල්, පිරිත් ගෙවල් වලට හෙම යනවා අඩු නිසා.
දන්න අය මට ඒවා ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?
මං ළඟදි ගිය දානේ ගෙදරකදී දැකපු චාරිත්‍ර වාරිත්‍ර ටික කියන්නම් පටන් ගැන්මක් විදියට.
මේ විදියට දන්න චාරිත්‍ර වාරිත්‍ර කියාගෙන යමු...

උදේ 10:30 ට විතර බුද්ධ පූජාව අරන් පන්සලට ගියා.
පොඩි පොඩි අයිස් ක්‍රීම් කප් වල පොඩ්ඩ පොඩ්ඩ දාලා ලොකු ට්‍රේ එකක තියාගෙන සුදු රෙද්දකින් වහගෙන.
තැඹිලි ගෙඩියකුයි, තව මොකක් හරිත් ගෙනිච්චා.
සුදු රෙද්දකුත් ගෙනියනවා කරඬුව වඩම්මන්න හිසේ තියාගන්න.
හාමුදුරුවන්ට කියනවා.
පොඩි හාමුදුරුවෝ ඇවි්ත් බුද්ධ පූජාව කළා.
දෙන්නෙක්ට ඉන්න කිව්වා.
(1200 ට කලින් දානේ දෙන්න ඕනේලු.)
ලොකු හාමුදුරුවෝ කිව්වා වාහනයක් ගෙන්න ගන්න කියලා ගෙදරින්.
එන්න කියලා කරඬුව හිසට දෙනවා. සුදු රෙද්ද දාලා ඔළුවේ තියාගෙන අත්දෙකෙන්ම වඩම්මගෙන වාහනේට ඇවිත් හාමුදුරුවන්ට දෙනවා. පන්සලෙන් එළියට එනකොටම වාහනේ ළඟට යනකම් මුතු කුඩය දෙනවා ඒක ඉහලන්න ඕනේ.
ගෙදරට ගිහින් එතනින් බහිනකොටම මුතු කුඩේ ඉහළලා ගෙට යනකම් ඉහළන් ඉන්න ඕනේ.
පොල් කොළ වලින් වියපු කොටු හැඩ පාසිස්නාවක් වගේ තියනවා හාමුදුරුවන්ගේ පා දෝවනය කරන තැන.
හමුදුරුවෝ ඒකට වැඩියට පස්සේ වතුර දාලා අතින් අල්ලලා පා දෝවනය කරනවා.
එතන ඉඳන් පාවඩ දාලා ගේ ඇතුළට.
ආපසු වඩිනකම් ඒ පාවඩයි, පොල් කොළ වලින් වියපු එකයි තියනවා.
හාමුදුරුවෝ දානේ වළඳලා ඉවර වෙලා පිං දෙනවා.
ඊට පස්සේ ආපසු වඩිනවා.
ඊටපස්සේ ආව අයට දානේට ආරාධනා කරන්නෙ.
මේ විදියට දන්න චාරිත්‍ර වාරිත්‍ර කියාගෙන යමු...