භික්‍ෂූන් වහන්සේට ආරාධනා කරන්නේ මෙහෙමයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,322
    26,854
    113
    Kandy
    ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා
    එන්. කරුණාරත්න



    අපගේ බොහෝ බෞද්ධ සැදැහැවතුන් පිරිතකට, දානයකට හෝ වෙනත් ආගමික කාර්යයක් සඳහා භික්‍ෂූන් වහන්සේ නමකට ආරාධනය කරන පිළිවෙත නොදනී. බෞද්ධයන් වන මේ අය එවැනි කාරණයක් වත් නොදැන සිටීම කනගාටුවට කාරණයකි. බොහෝ අය තමන් දන්නා හඳුනන එසේම මිත්‍ර භික්‍ෂූන් වහන්සේ නමකට පිරිතකට හෝ පින්කමට ආරාධනය කරන්නේ “අපේ ගෙදර පිරිත් ටිකක් කියා ගන්න ඕනෑ හාමුදුරුවන්නට එන්න පුළුවන්ද?” යනාදී වශයෙනි.

    z_p15-Bikshun.jpg
    එයින් පැහැදිලි වන්නේ පිරිත හෝ පින්කම කරන්නේ ලෝක චාරිත්‍රයට අනුව බවයි. නැත්නම් තමාගේ වත් පොහොසත්කම භික්‍ෂූන් වහන්සේලාටත් අවට ජනතාවටත් පෙන්නා දීමටයි. ස්වාමීන් වහන්සේ නමකට ගෞරව බුහුමානයෙන් යුක්තව ආරාධනයක් කිරීමටවත් නොදන්නා එවැනි අයට පිරිතකින් හෝ වෙනත් පින්කමකින් ශාන්තියක් ලබා ගැනීමට හැකිදැයි නොදනිමි.

    මේ සඳහා අතර මගදී හෝ අන්‍ය නිවාසයකදී හෝ තමාගේ වාහනයෙන් ගමන් ගන්නා අතර දී හෝ ඉහත සඳහන් ආකාරයට ආරාධනය කිරීම ඉතා පහත් ක්‍රියාවකි. එයින් පෙනෙන්නේ ඔහුගේ බලය හෝ භික්‍ෂූන් වහන්සේ නමකට ආරාධනා කිරීමේ පිළිවෙත නොදන්නා බවයි. මේ සඳහා භික්‍ෂූන් වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයට යෑම කාලය නිකරුණේ නාස්ති කිරීමක් යැයි සිතෙනවා විය හැකි ය. පොත් පත් කියවන්නේ නම්, නිතර භික්‍ෂූන් වහන්සේලා සහ දායක මහතුන් ඇසුරු කරන්නේ නම්, කෙනකුට මෙවැනි කාරණා මතක් කර දීම අවශ්‍ය වන්නේ නැත. භික්‍ෂූන් වහන්සේ නමකට ආරාධනය කරන්නේ නම් ඒ සඳහා පණිවුඩ කරුවෙකු යැවීම ද සුදුසු නැත. නිවසේ ගෘහ මූලිකයාම ඒ සඳහා යා යුතු ය. එසේ යා යුත්තේ ද හිස් අතින් නොවේ. තමන්ට හැකි පමණින් දැහැත් වට්ටියක් පිළිගැන්වීමට අවශ්‍ය බුලත් කොළ කිහිපයක් වත් රැගෙන ය. මේ පිළිබඳව දන්නා බෞද්ධයෝ බුලත් පමණක් නොව භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සීනි, තේකොළ ටිකක් වත් රැගෙන යති.

    මේ ද්‍රව්‍ය සමහර විට පළාත් අනුව වෙනස්වීමට ද පුළුවන. බොහෝ අය මල් පහන් පූජා කිරීම සඳහා අවශ්‍ය දේ ද රැගෙන යති.

    ආරාධනයක් සඳහා සුදුසු වන්නේ සවස් කාලයයි. එම අවස්ථාවේ භික්‍ෂූන් වහන්සේලා විවේක සුවයෙන් සිටිති. අද තත්ත්වය අනුව බොහෝ විට එම අවස්ථාවේ ද නොසිටින්නට පුළුවන. එවිට වැඩවසන වෙනත් භික්‍ෂූන් වහන්සේ නමකට ආරාධනය පිළිගැන්වීමට පුළුවන.

    මෙහි දී තමා ගෙනගිය බුලත් දැහැත් වට්ටියක තබා එය සුදු ලේන්සුවකින් වසා ස්වාමීන් වහන්සේට පිළිගැන් විය යුතු ය. එම ලකුණින් භික්‍ෂූන් වහන්සේ මෙය ආරාධනයක් බව දැන ගනිති. එයින් පසුව තමා ආරාධනය කරන කරුණ ප්‍රකාශ කළ යුතු ය. දානයක් සඳහා නම් දිනය සහ අවශ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව ද දැන්විය යුතු ය.

    තවද මෙම ආරාධනය කළ යුත්තේ අවශ්‍ය දිනය ලබා ගැනීමට කල් වේලා ඇතිවය. දානයක් සඳහා නම් සර්වඥ ධාතු කරඬුව ද වැඩම කරවීම මතක් කිරීම යුතුකමකි. තමන්ට අවශ්‍ය භික්‍ෂූන් වහන්සේලා ගණන හතර නමක් නම් ධාතු කරඬුව සමඟ පස් නමක් වන බව සිතා ගත යුතු ය. මේ සමඟ ගමනා ගමන පහසුකම් පිළිබඳව ද සාකච්ඡා කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

    මියගිය කෙනකු ගේ පාංශුකූලය සඳහා ආරාධනය කරන විට බුලත් පිට පැත්තට හරවා තබා දැහැත් වට්ටිය පිළිගැන්වීම සිරිත ය. ඒ අනුව භික්‍ෂූන් වහන්සේ කාරණය අවබෝධ කර ගනිති. වස් ආරාධනය ද මේ කලින් දැක් වූ ආකාරයට ගිහියන් විසින් කරනු ලැබේ.

    සාංඝික දානය​

    විහාරස්ථානයට ගොස් හෝ භික්‍ෂූන් වහන්සේලා තම නිවසට වැඩම කරවා සාංඝික දානයක් පිළිගැන්වීමට පුළුවන. මේ සඳහා ද භික්‍ෂූන් වහන්සේට දැහැත් වට්ටියක් පිළිගන්වා ආරාධනය කළ යුතු ය. එම ආරාධනය කළ යුත්තේ ද දින ගණනකට කලිනි. සාංඝික දානයක් සඳහා උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා හතර නමක් වත් සිටිය යුතු ය. ගම්බද පෙදෙස්වල නිවස ඉදිරිපිට ආරුක්කුවක් නවා ගොක්කොළ සැරසිල්ලක් කරනු ලැබේ. නියමිත දිනයේ කල් වේලා ඇතිව භික්‍ෂූන් වහන්සේලා විහාරස්ථානයේ සිට වැඩමවා ගෙන එනු ලැබේ. ධාතු කරඬුව හේවිසි, හොරණෑ සහිතව පෙරහරින් වැඩමවනු ලබයි. භික්‍ෂූන් වහන්සේලා නිවස තුළට වැඩම කරවන්නේ පා දෝවනය කර පියවිලි මතින් ය. ධාතූන් වහන්සේලා සහිත කරඬුව ඒ වෙනුවෙන් සකස් කළ උස් අසුනක වඩා හිඳුවනු ලබයි.

    භික්‍ෂූන් වහන්සේලාට දානය පිළිගන්වන ස්ථානය උඩුවියන් බැඳ පිළියෙල කරනු ලබයි. උන්වහන්සේලා වැඩ හිඳින ආසනවලට සුදුඇතිරිලි (රෙදි) අතුරනු ලැබේ. ඉන්පසු භික්‍ෂූන් වහන්සේලා වැඩි මහලු පිළිවෙළට (උපසම්පදා අනුව) එම අසුන්වල වැඩ හිඳිති. භික්‍ෂූන් වහන්සේලාට පිළිගන්වනු ලබන පිරිකර සහ දාන වස්තුව ඒ ඉදිරියේ පැදුරු එළා ඒ මත සුදු රෙදි අතුරා තැබීම සිරිත ය.

    දැන් දානය සාංඝික කොට පූජා කිරීමට සුදුසු ය. මෙහිදී පළමුවෙන් රැස්ව සිටින පිරිස පංචශීලයෙහි පිහිටුවයි. ඉන් අනතුරුව ධාතු කරඬුව වෙත බුද්ධ පූජාව පිළිගන්වනු ලබයි. මෙම අවස්ථාවේ භික්‍ෂූන් වහන්සේ නමක් විසින් පිළිවෙළට පැන්, ආහාර සහ බුලත් පූජා කිරීමේ ගාථා ඛ්යවනු ලැබේ. රැස් වූ පිරිස ද ඒ අනුව ගාථා කියමින් බුද්ධ පූජාවේ යෙදේ. බුද්ධ පූජාවෙන් පසුව භික්‍ෂූන් වහන්සේ නමක් සාංඝික දානයක් දීමේ අනුසස් පදනම් කරගෙන කෙටි අනුශාසනාවක් කිරීම සිරිතය. ඊළඟට පිරිකර සහිත දාන වස්තු සාංඝික කොට පූජා කළ යුතු ය. මේ සඳහා ද නැවත නමස්කාරය කියවන ගිහි පිරිස භික්‍ෂූන් වහන්සේ විසින් කියවනු ලබන පාලි පාඨය කියවති. ඒ මෙසේ ය. “ඉමං භික්‍ඛං සසුපභ්‍යඤ්ජනං සපරික්ඛාරං බුද්ධ පමුඛස්ස භික්‍ඛු සංඝස්ස දෙම” (පිරිකර සහිත වූද, සුපව්‍යඤ්ජන සහිත වූද, මෙම භික්ෂාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වහන්සේට පූජා කරමු)

    මෙම වාක්‍යය තුන් වරක් කියවනු ලැබේ. ධාතු කරඬුව වැඩමවා නැත්නම් “බුද්ධපමුඛස්ස” යන වචනය ප්‍රකාශ කරන්නේ නැත. මෙම භික්‍ෂු පිරිස වන්නේ සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැමිණි භික්‍ෂූන් වහන්සේලාත් වර්තමානයේ වැඩ සිටින භික්‍ෂූන් වහන්සේලාත් සහ අනාගතයේ පහළ වන භික්‍ෂූන් වහන්සේලාත් ය. මෙයින් පසුව සියලුම භික්‍ෂූන් වහන්සේලා ප්‍රාර්ථනා ඉටුවීම පිළිබඳව පහත සඳහන් ගාථා සජ්ඣායනා කරති.

    1. ඉච්චිතං පච්චිතං තුය්හං - කිප්පමේව සමිජඣතු

    සබ්ඛේ පුරන්තු චිත්තං සංකප්පා - මණි ජොති රසොයථා

    “ තොප විසින් සිතන පතන ලද සියල්ල වහා සපිරේවා ජෝති රස මැණිකකින් මෙන් සියලු සිත් පිරේවා!”

    2. ඉච්චිතං පච්චිතං තුයිහං - කිප්පමේව සමිජ්ඣතු

    සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා - චන්දො පණ්ණ රසොයථා”

    “තොප විසින් සිතන පතන ලද සියල්ල වහා සපිරේවා! පසළොස්වක දින චන්ද්‍රයා මෙන් සියලු සිත් සපිරේවා! මෙයින් පසුව දුන්නා වූ දානයේ පුණ්‍ය ක්‍රියාවෙන් ලබාගත් පින් දෙවියන්ටත්, භූතයන්ටත් සියලු සතුන්ටත් මියගිය ඤාතීන්ටත් පැමිණ වීමෙන් සාංඝික දානමය පින්කම අවසන් කරනු ලැබේ. ආපසු වැඩම කරවීමට සූදානම් වන භික්‍ෂූන් වහන්සේලාට නමස්කාර කරන පින්වතුන්ට උන්වහන්සේලා

    “අභිවාදන සීලිස්ස - නිච්චං වඩ්ඩාපචායිනො

    චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති – ආයු වණ්ණෝ සුඛං බලං”

    යනුවෙන්, ආයුෂ, වර්ණ, සැප, බල වැඩේවායි ප්‍රාර්ථනා කරති.

    http://www.budusarana.lk/budusarana/2008/06/18/tmp.asp?ID=fea07
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    සාංඝික දානයක් සඳහා උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා හතර නමක් වත් සිටිය යුතු ය.
    This is wrong. Please read "Bauddayage Ath Potha" by Rev. Rerukane Chandawimala.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,322
    26,854
    113
    Kandy
    This is wrong. Please read "Bauddayage Ath Potha" by Rev. Rerukane Chandawimala.
    penwa dunnata bohoma pin .mama uputa gattha ekak

    https://pitaka.lk/books/bauddhayage-athpotha/index.html

    “භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍ර‍භූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි”

    යනුවෙන් ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍ර‍මණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි යි තථාගතයන් වහන්සේ සාංඝික දානයේ ආනිසංසය වදාළ සේක.

    සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසනාන්තයෙහි ඇති වන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදුසස්නෙහි පැවිදි වන සියල්ලෝ ම සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝරත්නයට අයත් පුද්ගල සමූහයා ඉතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනෙක කෝටි ගණනෙකැයි ප්‍ර‍මාණ නො කළ හැකිය. යටත් පිරිසෙයින් බත් සැන්දක් මුත් සංඝ රත්නයට දෙමිය කියා දුනහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ සංඝ රත්නයට ම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැතතේ ඉතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට දුන්නේ වේ. අන් අයුරකින් එපමණ මහත් පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නො කළ හැකි ය. පුද්ගලයන් බොහෝ දෙනකුන්ට දීමක් වන බැවින් සාංඝික දානය මහානිසංස වේ. දානය මහත් ඵල වීමට ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තිය ද කරුණක් වේ. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍රාදි එක් රහතන් වහන්සේ කෙනකුගේ ගුණය ද ප්‍ර‍මාණ කළ නොහෙන පමණට මහත් ය. එ බඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝ රත්නයේ ගුණස්කන්ධය ප්‍ර‍මාණ කළ නොහේ. සංඝරත්නයේ ගුණ මහන්තත්වය නිසා ද සාංඝිකදානය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ය.


    සාංඝික දාන සත​

    share
    1. එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.
    2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය.
    3. භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය.
    4. භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය.
    5. මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය
    6. එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය.
    7. එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය.
    මේ දාන සත අතුරෙන් මෙ කල දිය හැක්කේ තුන්වන, සවන දාන දෙක පමණයි. එක භික්ෂුවකට වුවද සවන සාංඝික දානය දිය හැකි ය. සවන සාංඝික දානය දිය යුතු සැටි මෙසේ ය. සංඝාරාමයකට හෝ සංඝයා වැඩ සිටින තැනකට හෝ ගොස් අසවල් භික්ෂූන් වහන්සේ ය කියා නියමයක් නො කොට මාගේ දානය පිළිගැනීමට මෙ පමණ ගණනක් භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන සේක්වායි සංඝ ස්ථවිරයන් වහන්සේට ආරාධනය කොට සංඝයා වෙනුවෙන් පැමිණෙන්නා වූ ඒ භික්ෂූන්ට දානය පිරිනැමිය යුතුය. තමාට දිය හැක්කේ එක් භික්ෂුවකට නම් ඒ මහා සංඝයාගෙන් එක් නමක් වැඩම කරන සේක්වා යි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට සංඝයා වෙනුවෙන් පැමිණියා වූ කවර භික්ෂුවකට හෝ සංඝරත්නයට දෙමිය යන අදහසින් දන් දුන් කල්හි සවන සාංඝික දානය දුන්නේ වේ. එසේ දීමේදී “ඉමං භික්ඛං භික්ඛුසඞ්ඝස්ස දේම” යන වාක්‍යය කියන්නට වුවමනා නැත. එසේ දෙන කල්හි සංඝයා වෙනුවෙන් පැමිණි භික්ෂුව “සිල්වතෙක්ය ගුණවතෙක්ය” කියා සිත සතුටු කර ගෙන හෝ “දුශ්ශීලයෙක අනුපසම්පන්නයෙක” කියා සිත නො සතුටු කරගෙන හෝ දෙන්නේ නම් ඔහුගේ දානය සාංඝික නො වේ. සාංඝික වන්නට නම් පැමිණෙන භික්ෂුවගේ ගුණාගුණ නො සිතා සංඝයාට දෙන අදහසින් දිය යුතු ය. පැමිණෙන පුද්ගලයා ගැන නොසලකා සංඝරත්නය ගැන ම සලකා දන් දීම බොහෝ දෙනාට අපහසු කාර්‍ය්‍යයෙකි. සඟින් එක් භික්ෂුවක් හෝ භික්ෂූන් වැඩි ගණනක් හෝ ලබා ගෙන දන් දෙන්නවුන්ට පිළිපැදිය යුතු සැටි දැන ගැනීමට අටුවාවෙහි එක් උපාසක මහතකුගේ පුවතක් දක්වා තිබේ. ඒ මෙසේ ය:

    පෙර සංඝාවාසයක දායකයකු වූ එක් උපාසක තුමෙක් සාංඝික දානයක් දෙනු පිණිස විහාරයට ගොස් සඟින් එක් නමක් ලැබෙන ලෙස නිමන්ත්‍ර‍ණය කෙළේ ය. ඔහුගේ දානය පිළිගන්නට පැමිණියේ දුශ්ශීල භික්ෂුවකි. උපාසකතුමා ද ඒ භික්ෂුව ගැන දන්නේ ය. එහෙත් ඒ උපාසකතුමා ඉතා ගෞරවයෙන් ඒ භික්ෂුව පිළිගෙන පා සෝදවා උතුම් අස්නක වඩා හිඳුවා සුවඳ දුමින් හා මලින් ද පුදා ඉතා ගෞරවයෙන් දන් දිණි. එදින සවස් කාලයේ පන්සලේ වැඩක් සඳහා උදැල්ලක් ලබා ගැනීමට ඒ භික්ෂුව ඒ උපාසක තැන වෙත පැමිණියේ ය. උපාසක තැන භික්ෂුව දැක හුනස්නෙන් නො නැගීම “ගෙන යනුයි” කියා උදැල්ල භික්ෂුව ඉදිරියට විසි කළේය. එය දුටු මනුෂ්‍යයෝ “මේ භික්ෂුවට දානයට පැමිණි වේලාවේ දී බුදුනට සේ ගරු බුහුමන් කොට දැන් මෙසේ කිරීමට කරුණ කවරේ දැ”යි විචාළහ. උපාසකතුමා, “මා ඒ වේලාවේ දී ගරු බුහුමන් කෙළේ මේ භික්ෂුවට නොව සංඝ රත්නයට ය”යි කී ය. සංඝ රත්නයෙන් නමක් දෙනමක් ලබා ගෙන සවෙනි සාංඝික දානය දෙන්නෝ මේ උපාසකතුමා මෙන් පැමිණෙන භික්ෂූන්ගේ ගුණාගුණ ගැන නො සලකා සංඝ ගුණය ම සලකා දන් දීම කෙරෙත්වා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ape nam ochchara process ekak awshya na. pansale nayaka hamuduruwange gani inne allapu gedara. apita danayak ho wenath awshyathawak athi welawa e ganita kivvama hari.
     
    • Haha
    Reactions: subspace

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    පස්සේ කාලේ හදාගත්තු සම්ප්‍රදායන් නිසා සද්ධර්මයත් විකෘති උනා. මිනිස්සුන්ට දානයක් දීලා පිනක් කරගන්න ක්‍රමත් ඇහිරුණා.