බෞද්ධ සාහිත්*යයෙන් පෝෂණය ලත් විශේෂ සිංහල &#351

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
බෞද්ධ සාහිත්*යයෙන් පෝෂණය ලත් විශේෂ සිංහල &

අප සමාජයේ පවතින සාම්ප්*රදායික ඇතැම් යෙදුම් කීපයක් දක්නා ලැබේ. ඒවා උගතුන් විසින් ම වාත්තු කර ගත් ඒවා නොවේ. හය-හතර, අටපහ යනූ එවන් යෙදුම් දෙකකි. මේ සංඛ්*යාවල අර්ථය මතුපිට අර්ථය නොවේ. ළදරුවකු කිසියම් වරදක් කළොත් එය ඔහූ හය-හතර නොදන්නා නිසා කළ වරදක් ලෙස නොතකා හරිනූ ලැබේ. මේ නොදන්නා හය-හතර කුමක් ද? මෙකී හය යනූ දිව්*යලෝක හයයි. සතර යනූ සතර අපාය යි. බූදුසමයේ පෙන්වා දෙන මේ කරුණූ කුඩා ළමයකුට දැන ගැනීමට වැඩි අවස්ථාවක් නොලැබේ. එහෙයින් හොඳ නරක බේරා ගැනීමට ද ඔහූගේ මනස මෝරා නැත.

අටපහ යන යෙදුම වැඩිහිටියන් සඳහා යෙදෙන්නකි. මෙහි අට යනූ සිල් පද අටයි, පහ යනූ සිල්පද පහයි. අටසිල් හා පන්සිල් ගන්නෝ වැඩිහිටියෝ ය. ඒවායේ ගැඹූර නොදන්නා, අධමයකු බව සමාජයේ පොදු පිළිගැනීමයි. ඒවා නොදන්නා ජනයකු ලෙස අවඥාවෙන් කීම සඳහා හේ අටපහ නොදත්තෙකැයි කියනූ ලැබේ. අටපහ නොදන්නා එකා තිරිසනූන් හා සමාන බව එදා රහතුන් වහන්සේලා දුටූගැමූණූ මහරජතුමාට කියා තිබේ.

මේ සංඛ්*යාත්මක යෙදුම් හැර බූදු සමයේ එන චරිත කථා අනූසාරයෙන් යම් යම් පූද්ගලයන් සමාජයේ හඳුන්වා දී තිබේ. අතිශයින් ත්*යාගවන්තයා වෙස්සන්තර ලෙස ද අතිශයින් දුර්ජනයා දේවදත්ත ලෙස ද ගුරුන්ට එරෙහි වන්නා මූසිලයෙකු වශයෙන් ද ව්*යවහාරයට පත් වී තිබේ. අතට පත් සැපත අතහරින්නා පිංගුත්තර ලෙස ද විශ්මිත වැඩකර පෙන්වන්නා විශ්මකර්ම ලෙස ද හඳුන්වනූ ලැබේ. මහබොරු ගොතා කියන්නා චේතිය බොරුවා ලෙස ද, සදා යහපත් වැඩ කරන්නා බෝසත් ලෙසින් ද හඳුන්වා දීමට අපි පූරුදුව සිටිමූ. මෙවැනි තවත් යෙදුම් බණින බසේ හා ග්*රන්ථගත බසින් තව තවත් සොයා ගත හැකි ය.

මේ විශේෂ ලක්ෂණය ගාම්*යයයි සිතා නොතකා හැරීම නොමැනවි. භාෂා පෝෂණයට මෙවන් යෙදුම් ඉවහල් වේ මැ යි.

මහාචාර්ය අබය ආර්යසිංහ විසිනි

දිවයින - 2008 දෙසැම්බර් 03
 
Last edited:

homoelectronics

Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    "ගුරුන්ට එරෙහි වන්නා ගුත්තිලයකු වශයෙන් ද ව්*යවහාරයට පත් වී තිබේ" Kollo, gurunta erehi wanna guththila nemei. Moosila (Musila)

    Mahaachaarya thumata 2 patalila wage :P :P Onna magen thawath sampradaaika yedumak
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    homoelectronics said:
    "ගුරුන්ට එරෙහි වන්නා ගුත්තිලයකු වශයෙන් ද ව්*යවහාරයට පත් වී තිබේ" Kollo, gurunta erehi wanna guththila nemei. Moosila (Musila)

    Mahaachaarya thumata 2 patalila wage :P :P Onna magen thawath sampradaaika yedumak
    paththare printing mistake ekak sorry